Photo credit: /weheartit.com
| සුදු දියණියනි නුබ අප දිවියට | ලැබිලා |
| පහලොස් වසක් ගොස් ඇත නොදැනිම | ගෙවිලා |
| නුබ ලද දිනේ මගෙ හදවත තුල | පිරිලා |
| ඉතිරුන පිය සෙනේ හැමවිට යයි | වැඩිලා |
| නුබ කල දෑ සිහිවෙනවා සිඟිති | වියේ |
| සුරතල් කිරි සිනාවෙන් ගේ පිරිලා | ගියේ |
| මහන්සි වී ගෙට ගොඩ වන විටදි | රැයේ |
| නුබ මුව කමල දැක්මෙන් හැම පහව | ගියේ |
| මගෙ ලැම මත දිගාවී උණුසුමට | නුබ |
| නිදනා විටදි බිම තැබුමට සිතෙයි | ලොබ |
| පෙන්නා දෙමින් හැමවිට පැත්තක්ම | සුභ |
| ටික ටික වැඩුණි කාගෙත් සුභ පැතුම් | ලැබ |
| නුබ ගීතයක් ලියලා එය | ගයද්දී |
| ගිටාරය වයා තව හැඩ | දමද්දී |
| අම්මා එක්ක මා එය රස | විඳිද්දී |
| උපන් කඳුළු සගවමි ඇස | පෙලෙද්දී |
| මගෙ සුදු දුවේ මේ ඔවදන් | අහගන්න |
| චරිතය නුබේ ජීවය මෙන් | රැකගන්න |
| කිසිවිට දොසක් නැගුමට ඉඩ | නොතබන්න |
| සිහි බුද්ධියෙන් යුක්තව දිවි ගෙන | යන්න |
| නුබ දැන් යුවතියකි හැම නෙත් සිත් | බඳින |
| මට නම් සිඟිති දුවමයි මගෙ හද | රැඳුන |
| ලෝකය හරිම දරුණුයි දුදනන් | වසන |
| දිවි මගෙ කැප කරමි ඉන් නුබ රැක | ගන්න |

මචං,
ReplyDeleteඋබේ ආදරනීය දියනියට ශුභ උපන්දිනයකට ආසිරි පැතූ බව කියපන්.
ඔවදන් පිරි ලස්සන කවි පන්තියම රස වින්දෙමි.
දෝනි ලියා වාදනයත් සමඟ ඉදිරිපත් කල ගීතය ගැන ලියවුනු කවිය කියවූ විට; උබලත් සමඟ එම ගීතය අපත් රසවින්ද බවක් තමා ඇගුනේ...
- චින්තක.
බොහෝමත්ම ස්තූතියි මචං සුභ පැතුමට හා මගේ කවි රස වින්ඳට!!!
Deleteතාත්තා ලියන කවි සුන්දරයි සුදු දුවේ
ReplyDeleteමිහිරිතම කවිවැලක් ඔබ නමිනි ලියලුවේ
ඒ හිතට කවි මැවෙන තරු මලක් වී දුවේ
දිලී දිලී බැබලෙන්න සුබ පතමි සුදු දුවේ
උඹට ගොඩක් ස්තූතියි තිලකේ!
Deleteසුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteස්තූතියි මධූ!!!
Deleteනිශාදි දුවට... සුභ උපන් දිනයක් වේවා... සියලු සිතුම් පැතුම් ඉටුවේවා...දිනෙන් දින දියුණුවට පත්වේවා...
ReplyDeleteගොඩක් ස්තූතියි ජගත් මහත්තයා!!
Delete