Pages

Tuesday, 28 March 2017

අපේ අයිස් ක්‍රීම් මාමා.....

Wednesday, 22 March 2017

තමරා මිස්......






" Que sera, sera
Whatever will be, will be
The future's not ours to see
Que sera, sera
What will be, will be"

මම මෙම ඇමෙරිකානු ජන ගීතය මුලින්ම ඇසුවේ ඇයගෙනි. එමෙන්ම තවත් එවැනිම අති ජනප්රිය ගීතයක් වූ,

" Country roads, take me home to the place I belong.
West Virginia, mountain mamma, take me home, country roads." 

ගීතයද මා උගත්තේ ඇයගෙනි.

1978 වසරයි. අනුරාධපුර ශාන්ත ජෝස්ෆ් විද්යාලයේ මගේ පාසල් දිවියේ ඇරඹුමයි. පුංචි පාසලක සිට මහා විද්යාලයකට පැමිණෙන ඕනෑම සිසුවකු මුහුණදෙන සංක්රාන්ති සමයේ මමද ගිලී ගොස් සිටියෙමි. විශාල සිසු පිරිසක්, නානාප්රාකාර ගුරුවරු, ගොඩනැඟිලි හා ක්රීඩාපිටි අතරේ මම අතරමං විමි. එහෙත් කල් ගතවෙත්ම මව්පියන් වන් ගුරුවරු හා හමුවූ කලණ මිතුරන් අතරේ පාසල් දිවිය සුන්දර ඉසව්වක් කරා ඇදෙමින් පැවතිණි.

අපගේ පංතිභාර ගුරුතුමිය ඉංග්රීසි බස හා සංගීතය හැරුණු  කොට අපට අනෙකුත් සියලුම විෂයන් ඉගැන්නුවාය. ,කුලතිලක ගුරු මෑණියන්වද මේ මොහොතේ මම, ඉතාමත්ම බැති සිතින් නමදිමි.

සංගීතය ඉගැන්වීමට ගුරුවරියන් දෙදෙනකු වූහ. පෙරදිග හා අපරදිග සංගීතය සඳහායි. මෙහිදී අපට අපරදිග සංගීතය ඉගැන්වූ ගුරුවරිය මට සිහිගැන්වූයේ මා කුඩා කල කියැවූ පොත්වල වුන් සුරංගනාවකි. ඇය තරම්ම ලස්සන වූවාය. බෝල දෙකක් වන් නිතරම දිලිසෙන, ගැස්සෙන, ඇහිපිය හෙළන මනරම් බළල් ඇස්( cat eyes) යුගලක් ඇය සතුවිය. පුංචි තොල් පෙති උල්කොට ඇය " කේ...සරා සරා..." ගයන අන්දම කුඩා අප බලා සිටියේ වශීවූ ආතුරයන් පිරිසක් විලසිනි. ඇය සාරි පොට ඉනේ ගසාගෙන ඉස්සෙකු මෙන් එහෙ මෙහෙ පනිමින් අපට සංගීතය ඉගැන්නුවාය. ඇයගේ පාදයක තිබූ පුංචි නොන්ඩිය ඇයගේ ස්ත්රී ලාලිත්යයට ගෙනආවේ මහා ආලෝකයකි. එයින් ඇයගේ ගමන තවත් හැඩ විය. අප ඇයගේ විෂය උගන්වන කාල වේලාව එනතෙක් ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. ඇය එනතුරුය. මේ ලිපියේ කතානායිකාව වූ " තමරා මිස්" එනතුරුය.

එකල පාසලේ ඉංග්රීසි ඉගැන්වූ සමහර ගුරුවරියන් ( හැමෝම නොවේ) අනෙකුත් සෙසු ගුරුවරියන්ගෙන් වෙන්වී ඔවුනොවුන් පමණක් වෙන්ව සිටි බවක් මගේ මතකයේ යාන්තමින් ඇත. ගුරු විවේක කාමරයේදී මේ වෙනස අපට හොඳින්ම පෙනිණි. විශේෂයෙන්ම ඔවුනගේ ස්වාමිපුරැෂයන් කළ රැකියාවල මානය ඔවුන් පළ කළාදැයි මම නොදනිමි. ඔවුන් සමාජ මට්ටමින් උසස්බව පෙන්නීමට වෙහෙසුණාදැයි දැන් මට සිතේ. ඔවුන් ඇන්දේ, කතාබහ කළේ වෙනස්ම අයුරිනි. ඔවුන්ගේ තොල් දිලිසුණි. මනාවට වවා හැඩයට කැපු නිය පෙළින් සුසිනිදු අතඟිලි තවත් හැඩ වැඩ වී පෙනිණි. ඔවුන් ළඟින් යනවිට හැමුවේ අනර්ඝ සුවඳ විළවුන්වල සුවඳය. මේ අතර මගේ පංතියේ( අපේ මව්පියන්ගේ සමාජ තත්වයේ) වූ ගුරුවරියන්ගේ වියළි තොල් සහ ගෙදර දොරේ වැඩපල කොට ගෙවී ගිය නිය හා ගොරෝසු වූ අත් මට මගේ මෑණියන්ව සිහි කැඳවීය. ඔවුන් වෙතින් හැමුවේ සුවඳ විළවුන් සුවඳ නොවේ.ආහාර පිසූ සුවඳය, කැපූ ලූණු වල සුවඳය. කොටින්ම අප පෙම් කළ අව්යාජ ජීවන සුවඳය.

එහෙත් අපගේ අපරදිග සංගීත ගුරුවරියගෙන්, තමරා මිස්ගෙන් අපට මා ඉහත විස්තර කළ පැලැන්ති දෙකේම ගුණ සුවඳ සම්මිශ්රව දැනුණි. ඇය සිටියේ දෙකම අතර මැඳ මාවතකය. එමෙන්ම දෙපිරිසම සමඟ එකට එක්වී වැඩ කළාය. ඔවුන් දෙපිරිස යාකරන පාලමක් වූවාය.

මගේ මතකයේ හැටියට අසූව දශකයේ මුල් භාගයේ දිනෙක අපේ පාසලේ "ඉංග්රීසි දිනයක්"(English Day) පැවැත්විණි. සෑම කටයුත්තක්ම ඉංග්රීසි බසින්ම කෙරුණු  මෙය අප විදුහල්පති ආර් ස්ටැනිස්ලෝස් ගුරු පියාණන්ගේ සංකල්පයක් වූ අතර ඉංග්රීසි බස උගැනුමේ වැදගත්කම සිසුන්අතරට ගෙනයාම මෙහි ඒකායන පැතුම විය. මෙහිදී රඟදැක්වූ අංගයන් වූ ඉංග්රීසි ගීත හා නාට් , සිසුන්ට පුහුණු කිරීමේලා තමරා මිස් ගත් වෙහෙස, මහන්සිය හා කැපකිරීම අති මහත් විශාලය.

මෙසේ කාලය ගතවී 1987 වසරේ මා පාසල් මව්ගෙන් සමුගත් පසු මට තමරා මිස් කවමදාකවත් හමුවූයේ නැත. එහෙත් මට එතුමියව විටින් විට සිහිවිය. කේ...සරා.සරා හෝ කන්ට්රි රෝඩ්ස් යන ගීත ඇසෙන විටය. එනමුදු පසුගිය සිකුරාදා එනම් මාර්තු 17 උදයේ සේවයට යන අතරතුර මට එතුමියව නැවත සිහිවූයේ දෛවයේ සරදමකින්දෝයි දැන් මට සිතේ. විශේෂයෙන්ම  මාර්තු 19   යෙදෙන  අප පාසල් මව්ගේ ජන්ම දිනයට යමක් ලිවිය යුතුයැයි සිතද්දීය. එහෙත් වෙනුවට අද මට මෙවැනි ශෝකජනක ලිපියක් ලිවීමට සිදුවෙතැයි නම් මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි.

පසුගිය වසරක මම පාසල් දිනය වෙනුවෙන් අප ගරු විදුහල්පති ආර් ස්ටැනිස්ලෝස් ගුරු පියා ගැන ලියූ නිසා මෙවර, එකල පාසලේ වුන් අති විශිෂ්ට ගුරුවර ගුරුවරියන් පිළිබඳ සිහිකොට යමක් ලිවිය යුතු යැයි මට සිතිණි. එහදී ඔවුන් ගැන මෙනෙහි කරද්දී තමරා මිස්වද සිහියට ආවේ නිතැතිනි. දිලිසෙන බෝල බළල් ඇස්, හුරැබුහුටි සිහින් සිරැර මගේ මනසේ ඇඳිණි.

එදා දිනයේම වැඩපොළේ කාර්යබහුලත්වය නිසා මට මුහුණු පොතට යාමට නොහැකි වූ අතර හැන්දෑවේ නිවසට පැමිණ මුහුණු පොතේ සැරිසරද්දී දුටු පුවතකින් මගේ හදවත කීරි ගැසිණි. මා එදාම උදේ මෙනෙහි කළ තමරා ගුරු මෑණියන් අප හැර ගොස් ඇතිබව කියැවුනු පුවතයි. මට එය අදහාගත නොහැකි විය. ඉපදුනොත් අප දිනෙක මිය යන බව සත්යයයි. එහෙත් මෙතරම් කලින් ඇය ගියේ ඇයි? මේ දැන්ද මගේ බොඳවූ දෑස් පියා ගත්විට මට පෙනෙන්නේ එදා යොවුන් වියේ සුපුෂ්පිත කුසුමක්සේ විකසිත වූ ඇයගේ සුන්දර වත මලයි. දිලිසෙන බෝල බළල් ඇස් යුගලයයි. ලාලිත් ගමනයි. පුංචි දෙතොල උල් කොට ගැයූ ඇයගේ ගැයුමයි. එහෙත් අද ඇය නැත. අප සැවොම දිනෙක යායුතු ගමන ඇය ගොසිනි.

එතුමියට සුබ ගමන් පතමින් ඇය මට ඉගැන්වූ ජන ගීතයකින්ම මෙම පුංචි සටහන අවසන් කිරීමට මට අවසර.....

" County roads take me home to the place I belong "

Saturday, 18 March 2017

දමිත් අසංක, බෞද්ධ දර්ශනය සහ කැළුම් ශ්‍රීමාල්..




සිංහල නාට් බැලීමට හෝ ගීත වලට සවන් දීමට වෙබ් අඩවි අද මෙන් සුලභ නොවූ කාලයේ හීනියට මධුවිතින් සැනසුණු සුන්දර සැඳෑවල අපගේ නොසිඳි ගී පිපාසාවට විසඳුම වූයේ ලංකාවෙන් ගෙන්වා ගන්නා එළිමහන් සංගීත සංදර්ශන සහිත ඩී වී ඩී පට නැරඹීම විය. ළබැඳි මිතුරන් කිහිප දෙනෙකු හා මගේම මස්සිනාලා සමඟින් ගෙවුණු සැඳෑවෝ මනසින් හදවතින් එකල අප කුඩා සංධියේදී නැරඹීමට ගිය සංගීත සංදර්ශන වෙත ගෙනගියේ නිතැතිනි. 

මේ ඩීවීඩී පට මඟින් මම නවමු සංගීත කණ්ඩායම් , නැටුම් කණ්ඩායම් මෙන්ම නව පරපුරේ එකල කරළියට ගායක ගායිකාවන්ද හඳුනා ගතිමි. අකාලයේ අපට අහිමි වූ සතිස් පෙරේරා, පොඩි ළමයා, ජොලි සීයා මගේ සිත් සතන් පැහැර ගත්තේ මා ගත කළ සුන්දර කුඩා කාලයේ මතක නැවත නැවතත් මා වෙත ගෙන එමිනි. ඔවුන් අතර මහා ගැඹුරු හඬින් ගී ගයන තවත් යොවුන් ගායකයකු වෙත අප සැමගේම අවධානය දිනෙක යොමු විය. ඔහුට තිබුණේම එකල අතිශය ජනප්රිය ගායකයකු වූ සේනානායක වේරලියද්දගේ හඬමය. "කවුද මේ හුරැබුහුටි කොල්ලා" එදින අප සැම තුළම වූ දැවෙන ප්රශ්නයයි. නිවේදක මහතා ඔහුව දමිත් අසංක කියා හඳුන්වා දුනි. එදා මා හඳුනාගත් දමිත් අසංකව මගේ හිතට කොතරම් තදින් බැඳුණාද යතොත් මා ඔහුගේ සීඩී පටයක් පවා මිලඳී ගතිමි. එහෙත් කාලයත් සමඟ මේ මධු සැඳෑවන්ද ටිකින් ටික අඩුවූ අතර සංගීත සංදර්ශන නැරඹීමේ පුරුද්දද මා අතින් ගිලිහිණි. 

එහෙත් යළිත් මට දමිත් අසංකව සිහිවූයේ පසුගිය මාර්තු 10 වෙනිදා දෙරණ නාලාකාවේ " මා නොවන මම" වැඩ සටහනේ ගී ගැයීමට ඔහු පැමිණ සිට වග දුටු විටයි. 

වසර ගණනාවකට පසුව මා දුටුවේ අමුතුම දමිත් අසංකයෙකි. ඔහු මහා සබකෝලයකින් මෙන්ම මහා කලකිරීමකින් සිටින බව මට හැඟිණි. සියල්ල අත හැර දමා ඉතා සැහැල්ලුවෙන් ජීවත්වන්නට වෙහෙසෙන බව මට සිතිණි. ඔහුගේ වයසේ බොහෝ රුනන්ගෙන් සිහිනයෙන් හෝ පැතිය නොහැකි මානයක ඔහුගේ හද සන්තානය රැඳී තිබිණි. 

ඔහු බුද්ධ දර්ශනයේ මැදුම් පිළිවෙතට අවතීර්ණව සිටියේය. එදා ගමේ පංසලේ ඔහු දුටු ගෞතම බුදුන් ඔහුගේ කලණ මිතුරා , මඟ පෙන්වන්නා බව වැඩසටහන ආරම්භයේදීම ප්රකාශ කළේය. ඔහු වැඩසටහනේ ගැයූ ප්රථම ගීතයද ෂෙල්ටන් පෙරේරා සූරීන් ගැයූ " බුදුනේ" ගීතය විය. ඔහුගේ මනරම් ගැඹුරු පිරිමි හඬින් එය අපූරුවටම ගායනා කළේය.

ඔහුට බොහෝදේ පැවසීමට ඇතිබව මට හැඟුණි. ඔහු විශිෂ්ට ලෙස ගැයූවද අදහස් ප්රකාශ කිරීමේ ශූරයකු නොවුණි. ඔහු ගායකයකු විනා පද රචකයකුවත් නිවේදකයකුවත් නොවූ නිසාවෙනි. 

ප්රේමය පිළිබඳව නිවේදක කැළුම් ශ්රීමාල් ඔහුගෙන් ඇසූවිට බුදු සිරිතේ භවයෙන් බවය පුරා දිවෙන යසෝදරා සහ සිදුහත් කුමරුන්ගේ පිරිසිදු ප්රේම පුරාණය සැබෑ ප්රේමයට හොඳම උදාහරණය බව ඔහුගේ පිළිතුර විය. භාවනාව හා සත් සොයා යෑමේ පිළිවෙත ඔහුගේ ඉදිරි දැක්ම හා ගමන් මඟ විය. 

දමිත් අසංක තටම තටමා ඉතාමත්ම අපහසුවෙන් තමාට කීමට ඇති දහසකුත් දෑ කීමට උත්සහ කළේය. එහෙත් එයට රුකුලක් හෝ සහයක් කතාවට දක්ෂ , වාග් මාලාවෙන් සන්නද්ධ නිවේදක මහතා දුන්නේද යන්න මට ඇති ගැටලුවකි. මෙවන් වැඩසටහන්වල ගුවන් කාලය සීමිත බවත් එය ඉතා මිල අධික බවත් මම දනිමි. එහෙත් මීට වැඩි සහයක් ඔහුට දීමට හැකියාව තිබිණි. මෙම වාතාවරණයම ජාතික රූපවාහිනියේ සිහිනයක් රෑ වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංකට ලැබුණානම් , ඔහුගෙන් මහා අනඟි සහයක් දමිත් අසංකට ලැබෙන බව මට විශ්වාසය. 

ඉතාමත්ම නිහතමානීව හැම ප්රශ්නයකටම ගෞරවාන්විත ස්වරයෙන් ඔහු " ඔව් අයියේ ! ඔව් අයියේ " කියූවේ නිවට කමකට නොවේ. මහත්මාකමටය. වචන කටට ආවේ ,ඔහු ප්රගුණ කර ඇති අතහැරීම, පිදිය යුත්තන් පිදීම හා වැඩිහිටියන්ට රු කිරීම වැනි ගුණයන් නිසාය.

ඔහු සංගීතයේ තවම අයන්න ආයන්න කියවන බව ඉකාමත්ම නිහතමානිව පැවසීය. එමෙන්ම සියලුම ප්රවීණ ගායකයිනට හා ඔහුගේ පාසල් ගුරැවරුනට ඉතාමත්ම බැතිබරිතව ආමන්ත්රණය කළේය. සිහිපත් කළේය. එය බොහෝ දෙනෙකු කැමරාව ඉදිරියේදී පමණක් කරන රඟපෑමක් නම් නොවීය. හැසිරීම ආවේ හදවතින්මය.

එපමණක් නොව වැඩසටහන අවසානභාගයේ කැළුම් ශ්රීමාල් " ඔබට තවම ලබා ගන්න බැරි වූ දෙයක් තිබෙනවාදැයි" ඇසූ පැනයට දමිත් දුන්නේ ඔබ අප කවුරැත් නොසිතනා අන්දමේ පිළිතුරකි. එම පිළිතුර අප බොහෝ දෙනෙකුට පොදු වුවද කවුරුවත් ප්රසිද්ධියේ නම් නොකියන බව ඉර හඳ මෙන් විශ්වාසය. එහෙත් දමිත් අසංක එය අව්යාජව ඉදිරිපත් කළේය. " මට අයියේ මම කියන්න උත්සහ කරනදේ අසන කෙනෙක් අපේ ගෙදරින්වත් සොයා ගන්න බැරිවුණා" යැයි ඔහු පැවසුවේ ඉතාමත්ම හැඟුම්බරවය. එය ඇසූ මට ඇතිවූයේ හද කකියවන තරමේ දුකකි. කණගාටුවකි. එහෙත් මම දමිත් අසංකට එක් දෙයක් කීමට කැමැත්තෙමි. 


ඔබට අද ඇහුම්කන් නොදෙන අය සත් වටහාගත් දිනෙක ඔබට ඇහුම්කන් දෙනු ඇත. ඔබට පමණක් නොව බුදුන් වහන්සේ, ක්රිස්තුස් වහන්සේ හා බොහෝ දාර්ශනිකයින් වැනි විශිෂ්ටයින්ටද සමහර මිනිසුන් ඇහුම්කන් නොදුන්නෝය. බොහෝ අයට තම මත පළ කිරීමට ගොස් දිවිය පවා අහිමි විය. එහෙයින් නොසැලෙන්න. ඔබ විශිෂ්ට දස්කම් දක්වන ගීතය ඔබගේ අදහස් ප්රකාශ කිරීමේ මාධ් කරගන්න. ගැඹුරු හඬට එය කළ හැකිය. ඔබට සඳහා අවැසි වන්නේ ගුණාත්මක හා හැඟුම්බර පද රචනා සහ විශිෂ්ට තනු රචනා පමණි. අනාගතයේදී ඔබට ඒවා ලැබී එමගින් ඔබට රටට සේවයක් කොට වැඩදායි ඵලදායී පණිවුඩයක්ද රසික ජනතාවට දීමට හැකිවේවායි සමුගැන්මට පෙර මම ප්රාර්ථනා කරමි. දමිත් අසංක, ඔබට ජය!

දමිත් අසංක සහභාගී වූ, මා නොවන මම වැඩසටහන   https://youtu.be/7c6NPF03jS4