Pages

Tuesday 29 December 2015

අගය කළ යුතු චරිත - නුවන් ගුණවර්ධන



අසූව දශකයේ මුල් භාගයේ රූපවාහිනිය අපට ලැබීමත් සමඟම , සංගීත ප්රසංග නැරඹීමට ගොස් කොල්ලන් අතර පොරකා යාන්තමට බලා ගත හැකිවූ සහ පුවත්පතක පිංතූරයකින් මදක් ළඟට දැක ගත හැකිවූ , අප ආදරය කළ ගායක ගායිකාවන් හිතේ හැටියට අපගේ නිවෙස්වලම සිට දැකගැනීමේ වාසනාව අපට උදාවිය. එච් ආර් ජෝතිපාලයන්, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, අමරදේවයන්,වික්ටර් රත්නායකයන්, නිහාල් නෙල්සන්, එම් එස්, ලතා වල්පොල හා සුජාතා අත්තනායක වැනි මෙකී නොකී සෑම ගායක ගායිකාවක්ම පුංචි තිරයෙන් අපට , වෙනදා ගුවන් විදුලියේ මෙන් හඬින් පමණක් නොව රූපයෙන්ද ළංවූහ. සංගීත කණ්ඩායම්ද අපට ළඟටම සහ හිතේ හැටියට දැක ගත හැකි විය. ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් යන විහිළු තුන්කට්ටුව සුදුද කළුද කියා අප දුටුවේ රූපවාහිනියෙනි. ඇත්තම පැවසුවහොත් එකල අපට තිබූ අඟල් 12 කළු සුදු රූපවාහිනියේ පෙනුණේ නම් කළු සහ සුදුම පමණි. 

මේ කාලයේදී රූපවාහිනියේ මා දුටු අමුතු ශෛලියකට වේග රිද්මියේ ගීත ගායනා කළ කඩවසම් කොලු ගැටයෙකු කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් විය. ඔහුට තිබුණෙ අමුතුම කට හඬකි. එය හින්දි ගායකයෙකුගෙ කට හඬ අපට සිහියට නැගීය. මුලදී ඔහු හින්දි ගී ඉතා අපූරුවට ගැයූ අතර අපට දැනුණෙ ඒවා හින්දි ගායකයෙකුම ගයන අයුරිනි. 



එකල හින්දි ගී ගැයීමට කප් ගසා නමක් දිනා සිටියේ ටෝනි හසන් නම් ගායන වේදියාය. ප්රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි ගායකයකු විය. එසේම ඔහු මහ ඉහළින්ම වැජඹුණේ හින්දි ගී ගයන ලාංකීය හඬ වශයෙනි. එහෙත් මේ අතර ඉතා අපූරුවට හැගීම්බරව ගී ගයන මේ සුන්දර තරුණයා ගැනද රසිකයන් කතා බහ කරන්නට වූහ. 

මේ අතර ඔහු සිංහල ගීතද ගැයූ අතර ඒවාද හින්දි ශෛලියටම මදක් නෑකම් කීවත් ඒවයේ අමුතු නැවුම්බවක් තිබිණි. එමෙන්ම ඔහු ගැයූවේ හදවතින්මය. හැඟීම් ඒ හඬේ උතුරා හැළිණි. ඒ ගීත ජෝතිපාලයන්ගේ, මිල්ටන් පෙරේරාගේ හෝ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත මෙන්ම හැඟුම්බර විය. මේ හේතුවෙන් මේ නැවුම් තරුණ කට හඬ තම චිත්රපට ගීතවලට යොදා ගැනීමටද සිනමා අධ්යක්ෂකවරු ලෝභ නැතිවම පෙලබුණහ. 

මේ ගායකයා නම් වෙන කවුරුන් හෝ නොව අප එකල ආදරය කල ඒ අපූරු දගකාර කට හඬට හිමිකම් කියූ නුවන් ගුණවර්ධනම හැර වෙන නම් කවුරුන්ද? නම කියූ පමණින්ම ඔබගේ මතකයට , එදා අසූව දශකයේ ඔහු ගැයූ , ගැයුවා පමණක්ම නොව අප නැළවූ " කඳුළින්ම ගැයූ ඒ ගීතේ ....ඇසුවා ඔයා ..සිනාසි සිනාසී ...එමා ...හද ගිනි ජාලාවෝ" යන ගීතය සහ " කිරි මුහුදු වෙරළෙ " යන ගීතය නිතැතින්ම එන බව මම දනිමි. ඒවායේ වචන , මතකයේ රැඳුනා පමණක් නොව ඒ වචන ඔහු උච්චාරණය කළ ආකාරය සහ හැගීම්බරිත අයුරින් කළ ඔහුගේ රංගනයද ඔබගේ සිතේ ඇඳී යන බව මට විශ්වාසය. 

එහෙත් 1995 දී මම රටින් පිටවීමත් සමඟම මෑතක්වන තුරුම මට ඔහුව දැකගැනීමේ අවස්ථාවක් නොලැඹුණි. වසර විස්සකට පමණ පසු රූපවාහිනී වැඩසටහනක මෑතකදී  ඔහු දුටු මට මගේ දෑස් අදහාගත නොහැකි විය. එදා දුටු ඒ පිරිපුන් කොල්ලාගේ රුව මගේ සිතේ ඇඳී තිබුණත් නුවන් ගුණවර්ධන බාහිර පෙනුමින් බොහෝ වෙනස් වී තිබුණි. මුහුණ ඇදී ගොස් පුළුල් නළලතක් පෑදී මදක් වයසට ගිය ස්වභාවයක් මුහුණේ විය. එසේම දෑසේද වූයේ විඩාබර ස්වරූපයකි. එතුමා රෝගයකින්වත් පෙළෙනවාද එසේත් නැතිනම් මානසිකව කලකිරීද වැනි නොයෙකුත් ප්රශ්න මගේ සිතට නැගුණේ නිතැතින්මය. මට ඇතිවූයේ මහත් කණගාටුවකි. 

එහෙත් එතුමා කට හඬ අවදි කළ විට ඇසුණේ නම් එදා හඬමය. එදා ජවයම එහි තිබිණි. එනමුදු එතුමාගේ පෙනුම මා වෙත ගෙන ආවේ දුකකි. මා එතුමා ගැන යමක් ලිවිය යුතුයැයි සිතා ගත්තේ එදාය. එදා එතුමා සිය පුතු ගැන බොහෝ ආඩම්බරයෙන් කතා කළේය. නුවන් ගුණවර්ධනගේ පුත්රයාද පියා මෙන්ම නියම වැඩකාරයෙකු බව රසිකයන් දැනගැනීමට ඔහු ගැයූ ගීත කිහිපයම ප්රමාණවත් විය. අනාගතයේ ඔහු නුවන් ගුණවර්ධනයන්ගේ නම ඉදිරියටම ගෙනයනබව නම් ඒකාන්තය. 

එදා ලියන්නට සිතා ගත්තත් එක එක කරුණු නිසා මගහැරී ගිය මේ ලිපිය අද නම් ලිවිය යුතුමයි සිතුවේ පසුගිය ඉරිදාවේ " සිහිනයකි රෑ " වැඩසටහනට ලකී ඩයස් සමගින් ගීත දහය ගායනා කිරීමට පැමිණ සිටි නුවන් ගුණවර්ධනයන් දැකීමෙනි. 

එහි පළමු ගීය ලෙස එච් ආර් ජෝතිපාලයන් ගැයූ ඒඅසහාය මව්ගුණ ගීතය " මේ නොනිමෙන දිවි ගමනේ" නුවන් ගැයූ භාවාත්මක විලාසය දුටු කෙනෙකුගේ නෙතට කඳුළක් නොනැඟුණා නම් ඔහු හෝ ඇය හැගීම්සුන් කෙනෙකු බව මගේ විශ්වාසයයි. එය ඒ තරම්ම උපරිමයෙන්ම ඔහු ගැයීය. එමෙන්ම සනත් නන්දසිරි සූරීන්ගේ " එදා මෙදා තුර" , වික්ටර් රත්නායකයන්ගේ " සිහින් සුළං රැල්ලේ" හා ලතා වල්පොල සූරීන් ගැයූ " සිහින සතක් මැඳ" යන ගීත ඔහු මනා සංයමයකින් යුතුව ඒවාට ඉහළම සාධාරණක් දෙමින් ගැයුවේ ඒ ශෛලියේ ගීතත් තමන්ට හොඳින් ගැයීමට හැකිබව මුළු ලොවටම පසක් කරමිනි. ඒත්තු ගන්වමිනි. 

ජෝතිපාලයන්ගේ ඒ මව් ගුණ ගීතය නුවන් ගුණවර්ධනයන් ගයා අවසන් කළේ දෑත් එක්කොට තම මව්ට සිතින් සිතා වැඳ නමස්කාර කරමිනි. එසේම ඉතාමත්ම අව්යාජව තම අදහස් පළ කළේ ඔහු සොඳුරු හා අවංක කලාකරුවකු බව ලොවටම පෙන්වා දෙමිනි. 

ගතින් , විශේෂයෙන්ම බාහිර පෙනුමින් එතුමා වියපත් වී ඇති සෙයක් පෙනුනද කට හඬේ එදා ගාම්භීරභාවය හා ජවයම නොනැසී පැවතීම මගේ සිතට ගෙන ආවේ සැනසීමකි. මේ ලෝකයේ අප දිනින් දිනම වයසට යන එක අප කාහටත් වැළැක්විය නොහැකි සත්යයක් බව මම දනිමි. එහෙත් නුවන් ගුණවර්ධනයනී මම ඔබට මෙසේ පවසමි. තව බොහෝ කාලයක් ඔබගේ ගීත මෙලෙසින්ම ඇසීමට අපට අවශ්යය. එහෙයින් නිරෝගී සුවය නිරතුරුවම ලැබ අප හැම සනසාලන්නට මේ ලෙසටම ඔබට හැකිවේවායි යන්න මගේ ඒකායන පැතුමයි. ඔබට චිරං ජයතු!



චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Wednesday 23 December 2015

කවියෙකුට සවියක් වෙමු



ඊයේ රාත්රියේ මට ලැබුණු පණිවුඩයකි. පණිවුඩය වෙඩ්ඩාගෙනි. ( මංජුල වෙඩිවර්ධන) . ඔහු හඳුනාගෙන ගතවූ මේ වසර දෙකක පමණ කෙටි කාලයේදී මෙසේ ලැබුණු තුන්වන පණිවුඩ මෙයයි. මෙතෙක් ලද පණිවිඩ කිසිවක් ඔහු ගැන හෝ ඔහුගේ ප්රශ්නයක් ගැන නොවීය.

පළමු පණිවුඩය වූයේ ඔහුගේ විප්ලවකාරී සගයා " චූටි" ගේ රෝගී තත්වය පිළිබඳවයි. වෙඩ්ඩාගෙන් මම චූටි හඳුනා ගතිමි. ඔහු ඇමතීමි. සුළු උදව්වක් කළෙමි. 

එහෙත් අවාසනාවක මහත , ඒ තමන් ගැන නොව අනුන් ගැනම සිතූ චූටි නම්වූ ඒ අපූරු මිනිසාගේ අභාවය ගැන පුවත වෙඩ්ඩාගේ දෙවැනි පණිවුඩයෙන් ලදිමි. 

මේ හරහා වෙඩ්ඩාව දැන සිටි මම මෙයත් ඔහු ගැන නොව සමාජයේ තවත් මිනිසෙකු ගැනම විය යුතුය යන පූර්ව නිගමනයද ඇතිව ඔහුට ඇමතුමක් ගතිමි. මා සිතුවා හරිය. ඒ තවත් කවියෙකු ගැනය. තම දරුවාගේ රෝගී තත්වය නිසා අසරණවී සිටින කවිකාර තාත්තෙකු ගැනය. 

ඒ ඊයේ රාත්රියේය. අද උදෑසනම අවදිවී බැලු විට වෙඩ්ඩාගේ කවියකි. කවිය අර කවියා ගැනය. ඔහු ලියූ වචන ඊයේ දෙඩූ වචන පරයා ඊයම් බරු මෙන් මගේ හද තුළට ඇතුළු වුණි. 

වෙඩ්ඩා නිකරුණේ කා ගැනවත් හොඳ කියන්නේවත් කා ගැනවත් දොස් කියන්නේවත් නැති බව මේ කෙටි කලට මා ඔහු ගැන උගත් සත්යයයි. ඒ කවියා පියන්කාරගේ බන්දුල ජයවීරයි. ඔහු අපට තිළිණ කළ කාව්ය සංග්රහය නම් " උඩගෙදර යට කඩේ" නම් විය. මම මේ කවියාව පුද්ගලිකව දැන නොසිටියත් ඔහුගේ කවි සිත හැඳින සිටියෙමි. ඊයේ රාත්රීයේ වෙඩ්ඩාගෙන් පියන්කාරගේ බන්දුල ජයවීර නම්වූ ඒ කවි සිත අයත් සැබෑ මිනිසා ගැනත් උගත්තෙමි. හැඳින ගත්තෙමි. එහෙත් දැනගන්නට ලැබුණේ ඛේදයකි. 


පියන්කාරගේ අපූර්ව ජයවීර නම්වූ බන්දුලගේ දාහත් හැවිදිරි පුත්රයාගේ අසනීප තත්වයයි ඒ. තාත්තා කෙනෙකුට එහෙමත් නැතිනම් දෙමාපියනට තම දරුවකුගේ අසනීපයක් නිසා දැනෙන හැගීම තමන්ගේම දුකක් කරදරයක් මෙන් දැනීමට තමනුත් දෙමාපියෙකුම විය යුතු නැත. ඒ අවසනාවන්ත තත්වයට අද මේ කවියා පත්වී ඇත්තේය. යෞවනයේ දොරකඩ සිටින අපූර්ව , පැති කුදය( SCOLIOSIS ) නම්වූ පිට කොන්ද ආශ්රිත අස්ථි රෝගයෙන් පෙළෙන අතර ඒ සඳහා හැකි ඉක්මනින්ම කළයුතු ශල්යකර්ම සඳහා  මුදල රැපියල් ලක්ෂ 25 ක් පමණ වන බව දොස්තර වරුන් පවසා තිබේ. සාමාන්ය අප වැනි මිනිසෙකුට එතරම් මුදලක් කොයින්ද?

එහෙත් හිතවත හිතවතිය, අප සැම එකතු වුවහොත් මේ මුදල අපට පහසුවෙන්ම සොයා දී ඒ තාත්තාගේ ඇසේ නැගි කඳුළු පිසලන්නට පුළුවන. ඒ කවි සිත නැවත දල්වන්නට පුළුවන. 

මේ සුන්දර නත්තල් සමයේ ඔබ මිලදී ගන්නට සිතා සිටින එක තෑග්ගක මුදල මේ සඳහා කැප කළ හැක. එසේත් නැතිනම් මේස පිරෙන්නට ඉදෙන නත්තල් භෝජනයෙන් එක කෑමක් අඩුකොට ඒ මුඳල තාත්තෙකුගේ කඳුළ වෙනුවෙන් යෙදවිය හැක. ඔබ එසේ කළහොත් මේ නත්තලේ පමණක් නොව මුළු දිවියේම සිත සිතා සතුටු විය හැකි උතුම් ක්රියාවකට දායකවූයේ යැයි යන හැගීම ඔබ තුළ සදාකල්හිම පවතිනු ඇත. මම තව තවත් ලියා ඔබව වෙහෙස නෙකරමි. තීරණය ඔබට භාර කරමි. වෙඩ්ඩා ලියූ වැකියකින්ම මේ සටහන අවසන් කරමි. " මම ඔබගේ අත්තටු නොඉල්ලමි. ඉල්ලන්නේ ඉන් එක පිහාටුවක් පමණි. "

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

ඔබට පහත ගිණුමට ඔබගේ වටිනා ආධාරය යැවිය හැක. 

පී.බී. ජයවීර, 
උයන්වත්ත මහජන බැංකු ශාඛාව,
ගිණුම් අංකය 032-2-001-8-2498993
එතුමාගේ දුරකථන අංකය - 


එංගලන්ත වාසී මගේ සහෘදයනට ලංකාවේ ගිණුමට කෙළින්ම මුදල් දැමීම අපහසු නම් මගේ මෙහි ඇති ගිණුමට බැර කරන මෙන් ඉල්ලා සිටිමි. පවුම් 5 ක් වුවද කම් නැත. එකතු වූ පසු මට බන්දුල ජයවීරයන්ගේ ගිණුමට යැවිය හැක. සැමටම සුබම සුබ නත්තලක් වේවා!

Chandana Gunasekera
Santander bank 
EVERYDAY CURRENT ACCOUNT
09-01-28 

Thursday 10 December 2015

අප වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ ඒ සැබෑ සත්‍යවාදියාට කළගුණ සැලකීමේ අවස්ථාවයි මේ.....



ඔහු එදා කොළඹ යුගයේ වුන් මහා කවි මීමන ප්රේමතිලකයන්ගේ පුතුන් තිදෙනාගෙන් එක් පුතෙකි. ඒත් අප ඔහුව දැනගත්තේ එවකට ඉරිදා දිවයින සංග්රහයේ පළවූ ඔහුගේ තීරු ලිපියකින් මිස මීමන ප්රේමතිලකයන්ගේ පුත්රයා හැටියට නෙවේ. එය " සත්යවාදියෙකුගේ දිනපොතයි". භීෂණය හා කැලෑ නීතිය රජකළ ඒ යුගයේ , පවතින ක්රමයට විරුද්ධව කෙළ පිඩක් හෙළීම පවා මරණට අත වැනීමක් වූවත් ඉන්ද්රඛීලයක්සේ නොසැලී නොබියව තම පන්හිඳ මෙහෙයවූයේ ඔහුයි. සුනිල් මාධව ප්රේමතිලක නම්වූ ඒ සැබෑ සත්යවාදියා ලියූවේ ඔහුගේම ආත්මයයි. අව්යාජව ලියන්නෙකුට ලියැවෙන්නේ ඔහුගේ ආත්මයම පමණක්ම බව මම අත්දැකීමෙන්ම දනිමි. ඔහුගේ ලිවීම අප සැමගේම ලිවීම වූයේ එහෙයිනි. ඔහු ලියුවේ අපගේ කථාවය. දුක් විඳින පීඩිත පංතියේ විලාපයය. වෙඩි උණ්ඩයට , පොලිස් කූඩුවට හෝ පාලකයන්ගේ අදිසි හස්තයට හෝ පා පහරට එතුමා බිය වූයේ නැත. එතුමා සිරබත් කෑවෙත්, රස්සාවෙන් එළියට වීසී වූයේත් අප වෙනුවෙන් කතා කිරීමට යාමෙනි. එතුමා තම දිවියට කියා කරගත් දෙයක් නැත. කිසිවක් කර ගැනීමට කවුරුන් හෝ පිටුපස ගියේද නැත. සැමවිටම සිටියේ දුක් විඳින පීඩිත පංතිය පැත්තේය. 

එමෙන්ම , හඬණුමැන නිදහස හා කරොලිනාගේ දිනපොත-අන්ධකාරයේ දරුවා යන ශ්රේෂ්ඨ කෘති අනුවාදය කළෙත් එතූමාමය. 

එදා අප වෙනුවෙන් තම පන්හිඳ , අසිපතකටත් වඩා ප්රබලව මෙහෙයවූ එතුමා අද අසරණය. වයසට යාම නම් අපට වැළැක්විය නොහැක. එමෙන්ම අසනීපද එන්නේ අපට දන්වා නොවේ. ඒ අතරම ආර්ථිකය අඩාලවීමද මේවායේම ප්රතිඵලය. නමුත් අපට එය නගා සිටුවීමට සහය විය හැකිය. 

මසක් පමණ බොරැල්ලේ ආයූර්වේද රෝහලේ නේවාසිකව ප්රතිකාරගත් එතුමා දැන් නිවසට පැමිණ ඇත. මගේ දයාබර මිතුරියක් පසුගිය සතියේ දිනතුනකට ලංකාවට ගිය ඇසිල්ලේ එතුමාගේ සුවදුක් බැලීමට ගොස් තිබුණාය. 

එතුමාට දැන් කවුරුන්ගේ හෝ සහයක් නොමැතිව ඇවිදීමට නොහැක. අත්වල ඇඟිලි පන්හිඳ අල්ලා ගැනීමට පවා නිකමටවත් තමන්ට උවමනා ආකාරයට හැසිරවිය නොහැක. ලේඛකයෙකුට තම සිතෙහි උතුරන අදහස් ලියාගැනීමට බැරිවීම ගායකයකුට තම කටහඬ නැතිවූවාක් වැනිය. අප වෙනුවෙන් හඬක් නැගූ, ජනතාවගේ දුක් සුසුම් වචනවලට පෙරළු ඔහු මෙවැනි තත්වයක පසුවෙද්දී කළගුණ දන්නා එමෙන්ම කළගුණ සැලකීමේ ශ්රේෂ්ඨ අතීතයක් ඇති රටක පුරවැසියන් වශයෙන් අපට ඇස් කන් වසා සිටිය හැකිද?

එතුමා අසරණවී ඇති මේ අවස්ථාවේ එතුමාට ආර්ථික සවියක් වීමට, එතුමාගේ රෝගය ගැන පිළියම් යෙදීමට සහ රටක් වටිනා එතුමාගේ අදහස් පිටපත් කර පළ කිරීමට,  අප සුළුවෙන් ඇරඹූ අරමුදලේ වටිනාකම තවම රැපියල් අසූ දහසක් පමණි. එතුමාට මුදලින් රැපියල් ලක්ෂ දෙකක්වත් ලබා දීම මගේ අරමුණයි. එමෙන්ම අවශ්ය නම් රෝද පුටුවක් වුවත් එතුමාට ලෙඩ සුව වනතුරු අපට ලබා දිය හැක. 

මා ඇතුළු ඔබ අප සැමටම ආර්ථික අපහසුතා ඇති බව මම දනිමි. එහෙත් එසේයැයි කියා මෙවන් වටිනා මිනිසකු පසෙකට කර හැරදමා අපට කරබාගෙන සිටිය හැකිද? එතුමා කතා කළේ අප වෙනුවෙනි. කටයුතු කළේ අප වෙනුවෙනි. එතුමාට කියා කරගෙන ඇතිදෙයක් නැත. ඒ එතුමාගේ මහා මානවහිතවාදී ගුණය නිසාවෙනි. 

ඉතිං සහෘදයනී, මහා පරිමාණයෙන් උවමනා නැත. අප සැමගේම සුළු ආධාර එකතුවූ විට ලොකු උපකාරයක් අපට කළ හැකිවන බව මගේ විශ්වාසයයි. තමන්ට හැකි පමණින් රැපියල් සීයකින් හෝ සම්මාදම් වී මේ කටයුත්තට අප සමඟ එක්වන මෙන් අති උතුම් මානවහිතවාදයේ නාමයෙන් මම ඉල්ලා සිටිමි. මෙය ඔබට හිත හිතා නැවත සතුටු විය හැකි උදව්වක් වනු ඇත. 

දයාබර සුනිල් මාධවයනී, ආදර සුනිල් අයියේ අප ඔබව තනි නොකරන්නෙමු. අපට කළ හැකි උපරිමයෙන් සහය වී ඔබව නගා සිටුවන්නෙමු. ඒ සඳහා සහෘද ඔබ සැම අපට සහයවන බව මට ඒකාන්තයි. සැමටම ජය ශ්රී!
--///----////-----////


දින තුනක් වන් කෙටි කලකට ලංකාවට ගිය ගමනේදී එතුමා බැලීමට ගිය මා මිත්ර නිශාන්ත හා ලුම්බිනී යුවළ, එතුමා ගැන සැමවිටම සොයා බලන අසංගී විජේසූරිය නැගෙණිය සහ පීටර් පෙරේරා සොයුරාට මගේ ප්රණාමය පුදකරමි. 

එමෙන්ම මෙතෙක් අපට මුදලින් සහයවූ සැමටමත් ස්තූතියි. 

එතුමා වෙනුවෙන් බත්තරමුල්ල සෙලාන් බැංකුවේ ගිණුමක් ඇරඹීමට කටයුතු කළ චූලක බංඩාරවත්ත සහෝදරයාට මගේ ආචාරය. 

ගිණුම් අංකය :SM MR.Premathilake/ Mrs MP Premathilake


Battramulla Branch



දුරකථන අංකය

 නිවස : 0112789536

සුනිල් අය්යා: 071 - 1337557

මනෝරා අක්කා  : 071 - 8648866

ලිපිනය

සුනිල් මාධව ප්රේමතිලක
නො: 26, රිචර්ඩ් ද සොයිසා මාධ්ය නිවාස සංකීර්ණය, 
කොස්වත්ත, 
බත්තරමුල්ල.

සටහන - චන්දන ගුණසේකර එක්සත් රාජධානියේ සිට. 

සිහින තරුවක් නොවී සැබෑ තරු අතර සඳක්වූ සිහින කුමරා...........






ඒ 80 දශකයේ අග බාගයයි. අපේ තරැණ අවධියයි. අප උතුරේ හා දකුණේ ඇතිවූ නැඟිටීම් වලින් හෙම්බත් වී සිටියෙමු. අපට යන්නට විශ්ව විද්යාල ඇරී නොතිබුණි. විශ්ව විද්යාල වලට තේරී තිබීම පවා හිරේ යන හෝ මරණයට පත්වීමට සුදුසු වූ යුගයක අප බස්වල ගමන් කරද්දී හෝ කැසට් පටයකට, තිබෙන උණ නිසාම ඒවාට සවන් දෙද්දී ආදරය ගැන ගී ගැයූ ගායකයෙකු විය. මරණ බයේ ඇළලී අනාගතය ගැන කිසිදු නිගමනයක් නොතිබූවත්,  යෞවනයේ එළිපත්තේ සිටි අපට ආදරයේ සුවඳ මරණයේ සුවඳ පරයා දැනීම නොවැළැක්විය හැකි කරැණක් විය. ඒ නිසා ඒ ගී වලින් අප සැනසුනෙමු. නැළවුණෙමු. මරණ බිය මොහොතකට අමතක කොට සිහින ලොවකට පාවී ගියෙමු. 

ඔහුගේ ගී බොලදැයි කියා සමහරැන් විවේචනය කළත්,  යොවුන් පරපුර ඒ හඬට ආදරය කළහ. දැන් කාලයේ මෙන් සිහින ගායක ගායිකාවන් තෝරන වැඩසටහන් තියා එකල මිනිසුන්ට සිහිනයක් හෝ නොවුණි. එවන් යුගයක තමන්ගේ වෑයමින්ම ගීත ක්සේත්රයට පැමිණ රසික හදවත් තුළ ලැගුම් ගැනීමට නම් ලෙහෙසි පහසු කටයුක්තක් නොවීය. එහෙත් ඔහු ඒ අපහසු කටයුත්ත කළේය. නිකම්ම නොව රසික රසිකයින් අතරේ සිහින කුමාරයාද වෙමිනි. ඒ සඳහා ඔහුගේ මධුර මනෝහර කට හඩට අමතරව ඔහුගේ කඩවසම් පෙනුමද මහෝපාකරී වූ බව සැබෑවකි. ඒ සැමටම වැඩියෙන් ඔහු අති දක්ෂයකු විය. ඔහුගේ වැඩිමනක් ඉතාමත්ම ජනප්රියවූ ගීත ලියූවේත් , සංගීත තනු යෙදුවෙත් ඔහුමය. මේ සියලුම විකුම් පෑ ඔහු වෙන කවුරුන් හෝ නොව එකල තරුණියන්ගේ සිහින කුමරා වූ නාමල් උඩුගමයන්ය. 

ඒ දෙදහස් පහළොවේ ජනවාරියේ විසි පස්වනදාය. සීතල දුරුත්තේ සීතල පහවී රසික සිත් දුකින් ගිනියම්වූ එක්තරා පුවතක් , වර්තමානයේ ඉතාමත්ම ප්රබල සමාජ සංනිවේදන මාධ්යක් වූ මුහුණු පොත සිසාරා පැතිරෙන්නට විය. එයින් කියැවුණේ එවකට අසාධ්ය ලෙස අක්මාවේ රෝගී තත්වයකින් පෙළුණු නාමල් උඩුගමයන් මෙලොව හැර ගිය ශෝකනීය පුවතය. මුහුණු පොතේ මෙම පුවත ලැව් ගින්නක්සේ ඇවිලි ගියේ තප්පර කිහිපයකිනි. බොහෝසේ කලබල වූ නාමල්ට ආදරය කළ රසිකයන් එතුමන්ගෙ නිවසට සහ නෑදෑ හිතමිතුරන්ට දුරකථනයෙන් කතා කොට මේ ගැන සොයා බැලූහ. ඒ සැමගේම හදවත්වලට මහා සහනයක් ලබා දෙමින් ඒ පුවත බොරුවක් බව පසුව දැනගන්නට ලැබිණි. එතුමා සමඟ ක්රෝධයෙන් සහ ඊර්ෂ්යාවෙන් පසුවූ අමනයෙකු හෝ එවන් කණ්ඩායමක් ඔවුන් පැතූ මේ ව්යාජ ආරංචිය මුහුණු පොතට මුදාහැර තිබිණි. දිවියේ කෙනෙකුට තමන් ජීවත්ව සිටියදීම තමන් මැරුණු දිනයක තමන්ගේ හිතවතුන් හැසිරෙන ආකාරය දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව එතුමන්ට උදා විය. ඒ බොරුවෙන් සිදුවූ එකම සෙත නම් එපමණකි. 

මට පුද්ගලිකව එතුමන්ට උදව්වක් කිරීමට නෙහැකිවුවත් එතුමන්ගේ සහෝදර කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ ආධාරයෙන් එතුමා ඉංදියාවට ගොස් අවශ්ය ශල්යකර්මයට බඳුන් වී සුවපත් වී ආපසු සිය නිවස, තම ආදරණීය බිරිඳ, දරුවන් හා රසික රසිකාවියන් බලා ඒමටතරම් වාසනාවන්ත වූවේය. 

අසනීපය සුවවී පැමිණ පසු මට එතුමන්ව පසුගිය සතියේ මහේෂ් දෙණිපිටිය නම්වූ ඒ අපූරු සංගීත අධ්යක්ෂකවරයා විසින් ඉදිරිපත්කරනු ලබන " ඩෙල් ස්ටුඩියෝ" වැඩසටහනට නව සංගීත සංයෝජනයන් යටතේ ගී ගැයීමට පැමිණ සිටිනු දැක ගන්නට ලැබිණි. මහේෂ් දෙනිපිටියන් ගැනද මේ අවස්ථාවෙ යම් සඳහනක් කළ යුතුමය. ඔහු සිංහල සිනමාවට සහ ලාංකීය සංගීතයට අමිල සේවයක් කළ පැටරික් දෙණිපිටිය නම්වූ ඒ අසහාය සංගීතවේදියාගේ ආදරණීය පුත්රයාය. ඔහු ප්රවීණ ගායක ගායිකාවන්ව ඔහුගේ ඩෙල් ස්ටුඩියෝ වැඩසටහනට ගෙන්වාගෙන , ඒ පැරණි ගීතවලට නව සංගීතයක් හා නව ආරක් ලබාදී ඒවායින් රසිකයන්ට අමුතුම වින්දනයක් ගෙන දීමට දරන්නාවූ මේ උත්සහයට අපේ ප්රණාමය සහ කෘතඥතාවය හිමිවිය යුතුය. 

මෙහිදී නාමල් උඩුගමයන්ගේ මීට වසරකට පමණ පෙර තිබූ ඒ රෝගී පෙනුම වියැකී අප අසූව දශකයේ අග භාගයේ දුටු නාමල් දැක ගන්නට ලැබීම මගේ සිතට ගෙනාවේ මහත් සතුටකි. අස්වැසිල්ලකි. අප එකල පෙම් බැඳි ගීත රාශියක්ම නව සංගීතයට එහෙත් එදා මෙන්ම ඔහු ගැයීය. එකල මා තදින්ම පෙම් බැඳි " අප හමුවීම වෙන් වීම දෝ ආදරේ " හා " ලොවම නිදන රාත්රියේ" යන ගීතයන් ඇතුළු එකල අතිශය ජනප්රිය වූ " සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ" , " සිහිනෙන් සිහිනෙන්" , " බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ" හා " වෙස්සන්තර බිසෝ නුඹව දන්දෙන්න බෑ නාටකේ" යන ගීත සියල්ලම මට අසන්නට ලැබිණි. 

මගේ සිත මීට අවුරුදු විසිපහක පමණ අතීතයට ගියේ මටත් නොදැනීමය. මම නාමල් උඩුගමයන්ගේ "සමුගන්නේ නෑ " කැසට් පටය මිලදී ගෙන අපේ පුංචි කැසට් පටයේ දමා නංගිලා සමඟ දවස පුරාම ඒ ගීත අසමින් රස වින්ඳ ආකාරය මට සිහිවිය. එය මගේ දිවියේ මා මිලදී ගත් දෙවැනි කැසට් පටයයි. එමෙන්ම කොළඹ සිට හෝ නුවර සිට ගෙදර යන ගමන් සහ නැවත පෙරළා ආපසු යන ගමන් වලදී එවකට පුද්ගලික බස්රථවල නිරතුරුවම වාදනය වූ නාමල් උඩුගමයන්ගේ ගීත ඉතා ආශාවෙන් රස විඳිමින් ගමන් කරන්නටද එකල මම ඉතාම ප්රිය කළ කරුණක් විය. 

පසුගියදා ඩෙල් ස්ටුඩියෝවට පැමිණි නාමල් උඩුගමයන් තම සංගීත ගමන්මගේ ආරම්භය පිළිබඳව අව්යාජව සහ ඉතා විවෘතව කතා කළේය. මුලදීම තමන්ට යන්තමට ගිතාරුව පමණක් වැයීමට හැකියාව තිබූ බවත් ඒ දන්න ටිකෙන් තමා ලියූ ගීතවලට තනු දැමූ බවත් ඔහු පැවසුවේ තමන්ට අතීතයක් තිබුණාදවත් මතක නැති බොහෝ අයට ආදර්ශයක් වෙමිනි. තමන්ට තවමත් මුල අමතක නැතිබවේ උතුම් ගුණය හැමටම පසක් කරමිනි. ඔහු එදා , මා ඔහුව අසූව දශකයේ දුටු අන්දමටම ගීත ගැයීය. මට ඔහු ගැන ඇතිවූයේ මහත් ආදරයකි. 

සොඳුරු ගායකයාණෙනි, ඔබට තව තවත් නව නිර්මාණ කරමින් සංගීත ලොවට අනඟි සේවයක් කිරීමට ශක්තිය , ධෛර්ය හා නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා. ඔබට ආදර කරන සහෘද රසිකයන්ගේ ඒකායන ප්රාර්ථනය එයයි. ඔබට චිරං ජයතු!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Saturday 5 December 2015

අප වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ ඒ සැබෑ සත්‍යවාදියාට කළගුණ සැලකීමේ අවස්ථාවයි මේ.....



ඔහු එදා කොළඹ යුගයේ වුන් මහා කවි මීමන ප්රේමතිලකයන්ගේ පුතුන් තිදෙනාගෙන් එක් පුතෙකි. ඒත් අප ඔහුව දැනගත්තේ එවකට ඉරිදා දිවයින සංග්රහයේ පළවූ ඔහුගේ තීරු ලිපියකින් මිස මීමන ප්රේමතිලකයන්ගේ පුත්රයා හැටියට නෙවේ. එය " සත්යවාදියෙකුගේ දිනපොතයි". භීෂණය හා කැලෑ නීතිය රජකළ ඒ යුගයේ , පවතින ක්රමයට විරුද්ධව කෙළ පිඩක් හෙළීම පවා මරණට අත වැනීමක් වූවත් ඉන්ද්රඛීලයක්සේ නොසැලී නොබියව තම පන්හිඳ මෙහෙයවූයේ ඔහුයි. සුනිල් මාධව ප්රේමතිලක නම්වූ ඒ සැබෑ සත්යවාදියා ලියූවේ ඔහුගේම ආත්මයයි. අව්යාජව ලියන්නෙකුට ලියැවෙන්නේ ඔහුගේ ආත්මයම පමණක්ම බව මම අත්දැකීමෙන්ම දනිමි. ඔහුගේ ලිවීම අප සැමගේම ලිවීම වූයේ එහෙයිනි. ඔහු ලියුවේ අපගේ කථාවය. දුක් විඳින පීඩිත පංතියේ විලාපයය. වෙඩි උණ්ඩයට , පොලිස් කූඩුවට හෝ පාලකයන්ගේ අදිසි හස්තයට හෝ පා පහරට එතුමා බිය වූයේ නැත. එතුමා සිරබත් කෑවෙත්, රස්සාවෙන් එළියට වීසී වූයේත් අප වෙනුවෙන් කතා කිරීමට යාමෙනි. එතුමා තම දිවියට කියා කරගත් දෙයක් නැත. කිසිවක් කර ගැනීමට කවුරුන් හෝ පිටුපස ගියේද නැත. සැමවිටම සිටියේ දුක් විඳින පීඩිත පංතිය පැත්තේය. 

එමෙන්ම , හඬණුමැන නිදහස හා කරොලිනාගේ දිනපොත-අන්ධකාරයේ දරුවා යන ශ්රේෂ්ඨ කෘති අනුවාදය කළෙත් එතූමාමය. 

එදා අප වෙනුවෙන් තම පන්හිඳ , අසිපතකටත් වඩා ප්රබලව මෙහෙයවූ එතුමා අද අසරණය. වයසට යාම නම් අපට වැළැක්විය නොහැක. එමෙන්ම අසනීපද එන්නේ අපට දන්වා නොවේ. ඒ අතරම ආර්ථිකය අඩාලවීමද මේවායේම ප්රතිඵලය. නමුත් අපට එය නගා සිටුවීමට සහය විය හැකිය. 

මසක් පමණ බොරැල්ලේ ආයූර්වේද රෝහලේ නේවාසිකව ප්රතිකාරගත් එතුමා දැන් නිවසට පැමිණ ඇත. මගේ දයාබර මිතුරියක් පසුගිය සතියේ දිනතුනකට ලංකාවට ගිය ඇසිල්ලේ එතුමාගේ සුවදුක් බැලීමට ගොස් තිබුණාය. 

එතුමාට දැන් කවුරුන්ගේ හෝ සහයක් නොමැතිව ඇවිදීමට නොහැක. අත්වල ඇඟිලි පන්හිඳ අල්ලා ගැනීමට පවා නිකමටවත් තමන්ට උවමනා ආකාරයට හැසිරවිය නොහැක. ලේඛකයෙකුට තම සිතෙහි උතුරන අදහස් ලියාගැනීමට බැරිවීම ගායකයකුට තම කටහඬ නැතිවූවාක් වැනිය. අප වෙනුවෙන් හඬක් නැගූ, ජනතාවගේ දුක් සුසුම් වචනවලට පෙරළු ඔහු මෙවැනි තත්වයක පසුවෙද්දී කළගුණ දන්නා එමෙන්ම කළගුණ සැලකීමේ ශ්රේෂ්ඨ අතීතයක් ඇති රටක පුරවැසියන් වශයෙන් අපට ඇස් කන් වසා සිටිය හැකිද?

එතුමා අසරණවී ඇති මේ අවස්ථාවේ එතුමාට ආර්ථික සවියක් වීමට, එතුමාගේ රෝගය ගැන පිළියම් යෙදීමට සහ රටක් වටිනා එතුමාගේ අදහස් පිටපත් කර පළ කිරීමට,  අප සුළුවෙන් ඇරඹූ අරමුදලේ වටිනාකම තවම රැපියල් අසූ දහසක් පමණි. එතුමාට මුදලින් රැපියල් ලක්ෂ දෙකක්වත් ලබා දීම මගේ අරමුණයි. එමෙන්ම අවශ්ය නම් රෝද පුටුවක් වුවත් එතුමාට ලෙඩ සුව වනතුරු අපට ලබා දිය හැක. 

මා ඇතුළු ඔබ අප සැමටම ආර්ථික අපහසුතා ඇති බව මම දනිමි. එහෙත් එසේයැයි කියා මෙවන් වටිනා මිනිසකු පසෙකට කර හැරදමා අපට කරබාගෙන සිටිය හැකිද? එතුමා කතා කළේ අප වෙනුවෙනි. කටයුතු කළේ අප වෙනුවෙනි. එතුමාට කියා කරගෙන ඇතිදෙයක් නැත. ඒ එතුමාගේ මහා මානවහිතවාදී ගුණය නිසාවෙනි. 

ඉතිං සහෘදයනී, මහා පරිමාණයෙන් උවමනා නැත. අප සැමගේම සුළු ආධාර එකතුවූ විට ලොකු උපකාරයක් අපට කළ හැකිවන බව මගේ විශ්වාසයයි. තමන්ට හැකි පමණින් රැපියල් සීයකින් හෝ සම්මාදම් වී මේ කටයුත්තට අප සමඟ එක්වන මෙන් අති උතුම් මානවහිතවාදයේ නාමයෙන් මම ඉල්ලා සිටිමි. මෙය ඔබට හිත හිතා නැවත සතුටු විය හැකි උදව්වක් වනු ඇත. 

දයාබර සුනිල් මාධවයනී, ආදර සුනිල් අයියේ අප ඔබව තනි නොකරන්නෙමු. අපට කළ හැකි උපරිමයෙන් සහය වී ඔබව නගා සිටුවන්නෙමු. ඒ සඳහා සහෘද ඔබ සැම අපට සහයවන බව මට ඒකාන්තයි. සැමටම ජය ශ්රී!
--///----////-----////


දින තුනක් වන් කෙටි කලකට ලංකාවට ගිය ගමනේදී එතුමා බැලීමට ගිය මා මිත්ර නිශාන්ත හා ලුම්බිනී යුවළ, එතුමා ගැන සැමවිටම සොයා බලන අසංගී විජේසූරිය නැගෙණිය සහ පීටර් පෙරේරා සොයුරාට මගේ ප්රණාමය පුදකරමි. 

එමෙන්ම මෙතෙක් අපට මුදලින් සහයවූ සැමටමත් ස්තූතියි. 

චායාරෑපය : ලුම්බිනී විතාන. 

චන්දන ගුණසේකර