Pages

Sunday, 29 September 2013

ගැල් කරුගේ ඉරනම........



ගිරා රෑණ වැඩ අරඹන හෝරාවේ
ගමේ සිටින කුකුළන් හඬළන රාවේ
ඇසෙන්නටත් පළමුව අවදිව ආවේ
දුක මිස සතුට කොයින්ද මේ රස්සාවේ
   
පැඳුරටත් හොරෙන් නිවසින් පිට වෙනවා
ගොනුන් ගෙජ්ජි නාදෙන් ගම නැල වෙනවා
රෝද දෙකේ චිරි බිරි හඬ වැඩි වෙනවා
පොල් අතු වල බරින් ගොනු කුර මොට වෙනවා
   
තාර පරේ ගැල හෙමිහිට දක්කනවා
බෝන් ලීය උඩ හොඳ කල ගත වෙනවා
ගොනුන් හති වැටෙන තුරු හැල්මේ යනවා
ඊළඟ නැවතුමේ නැවතී හති ලනවා
   
මගෙ කරත්තෙ වේඟය ගොනුනගේසවියයි
ලොරි හා ට්රැක්ටරත් මා පසු කර ඉඟිලෙයි
යන්නට කලින් උන්ගේ අතු හැම විකුණයි
හැම විට වෙන්නේ මගෙ අතු ලාබෙට දෙන්නයි
   
හැමගේ දියුණුවෙන් අසරණ උනේ මමයි
පොල් අතු විකුණලා ජීවත් වී ඉවරයි
වෙන මොනවා කරන්නද මෙය මට පුරුදු දෙයයි
මම හිස් අතින් ගම එමි වෙන අත නොපෙනෙයි
   
ගොනුන් සමඟ මා අද වයසටයනවා
ගැලේ ආයුෂත් ටික ටික කෙටි වෙනවා
මගෙ දරු පවුල හාමතයෙන් මිරිකෙනවා
හැමටම මගේ සේවය අමතක වෙනවා

Friday, 27 September 2013

කැළෑ මල්.........



සේයා රුව මා හිත මිත්ර සිවානන්දන් ඉලන්දීරන් ගෙනි.......

එකම ඉරක උණුසුම විඳිමින්නේ
හැමටම පොඳු සඳෙන් සිසිල ගන්නේ
අන් හැම මෙන් පොලොවෙනි මතු වන්නේ
එහෙත් කිමද වෙනසක් පවතින්නේ
   
සුවඳෙහි කිසිම අඩුවක් හෙමදැනුණාද
පැහැයෙහි වෙනස්කම් වත් ඇස ගැටුණාද
පෙති ටික සිනිඳු නැති බව වත් හැඟුණාද
ඉපැඳුණු දේසේ නුඟුණක් වත් ඇසුණාද
   
සිදාධියේ මල් ගැන මැතදොඩවන්නා
මහා ඉහලින් නැති ගුණ කඳවපුරන්නා
ගම්මානය වල පල්ලටදක්කන්නා
කැළෑ මලව උපන් ගෙයිමවනසන්නා
   
කැළෑ මල් සුවඳ විඳිණට කෙනෙකුනැත
පෙති වල පැහැය දැක්මට කවුරුවත් නැත
සිනිඳු සුමුඳු බව කවුරුත් වින්ඳෙ නැත
කාටත් හොරෙන් කැළයෙම පරවෙලායත
   
රට කරවන මහතුනි මෙය දැන ගන්න
හැකිකම් සඟව මිලිණට ඉඩ නොතබන්න
කැළයේ මල් සොයා වන්නිය වෙත එන්න
නිසි තැන ලබාදී ඒ මල් රැක ගන්න

Wednesday, 25 September 2013

බුදුන් දුටිමි........



සිහින් සුලඟින් බෝධියේ පත් තාලයට                 සෙලවේ
දසත පැතිරෙණ සියුම් සිලි සිලි නද සවන්           නැලැවේ
දෙනෙත පියැවී රසය විඳිනට මුළු ගතම             හැඩවේ
සුමුදු වැල්ලේ බවුන් වැඬුමට මගේ සිත                නතුවේ

ගාථා නාදය මිහිරි ගීයක් විලස පැතිරී                      යයි
සුවඳ දුම් හා පිඳු මල් වල සුවඳ ලැම                  පුරවයි
සිහින් ඝන්ඨා හඬක් ඈතින් ලඹ සවන්                 සනසයි
මගේ ගත සිත සමඟ යාවී කොහේදෝ                 පියඹයි

දෙනෙත පිසඳා හැර බැලූයෙමි ඒ ඔබේ                  රැවමයි
කුළුණු ගුණයෙන් පිරැණු නෙතු යුඟ මා දෙසට      යොමුවෙයි
සිනා බර ඔබ වත කමල දුටු හදේ ගිනි                  නිමවෙයි
සියළු දුක් මිඳ නිවන් යන්නට ඔබ සරණ                පමණයි

විඳින සැප හා දුකද හැමවිට තාවකාලික                     වේ
සියළු බන්දන හා බැඳුණ හැම දමා යායුතු                  වේ
ලොවෙහි සිඳුවන එකම නියතය අපේ මරණය               වේ
සියළු අකුසල් ඉවත ලා වහා සත්ය සොය යුතු              වේ




Tuesday, 24 September 2013

මකුළුවා........







උදෑසන මීඳුමෙන්
මකුළුවනි, උඹේ දැල
මුතු ඇල්ලුවා මෙන්
දිස්නෙ දෙනවා පෙනේ

තවත් සුළු මොහොතකින්
දැඩි හිරැගෙ කිරණයෙන්
මුතු පලස වේලිලා
සඳහටම සමු දේවි

ඒත් මකුළුවාණනි,
මේ කිසිම දෙයක් ගැන
උඹට වගකුඳු නැතී
කොනෙක උඹෙ රජ දහනේ
සැඟවිලා ඉන්න උඹ
ගොඳුරක්ම ලැබෙන තුරැ
දෑස් දල්වනු ඇතී

ගෙඳුරක් ලැබේ නම්
මුතු පලස් කුමකටද
උදෑසන මීඳුමෙන්
තාවකාලිකව ලද.........

ජීවිතයට පාඩමක්.........


වෙළ ළඟ දෙණිය පාමුල ඇති මඩ         වඟුර
මහා වැසි වැටුන විට දිස් වෙයි සේ         සයුර
එහි රැස් කකා දඟලන තඩි ගෙඹි          අහුර
නංවන ශබ්ද පූජාවේ  රස                    මධුර

එක ගෙම්ඹෙකු ගසයි හරි තාලෙට       බෙරය
අනෙකා වයයි වීනාවෙන් එම              ස්වරය
ගායක කැලද වාදනයෙන් ලැබ              දිරිය
මියුරැ ගී ගයති යොදමින් හැම              විරිය

වැසි දින රාත්රිය උන්ගේ ජය             මඟුලයි
ගීත ගයා ප්රීතිය ඉහලින්                   සමරයි
මැදියම් රැයේ උන්ගේ රමණය             අරඹයි
පසු දින උදේ හා හූවක් නැති              තරමයි

මේ අයුරින් ජීවිත ගෙන යන                මිනිසුන්
පඩි පත ලැබුණු දින ගෙඹි රැල සේ      සතුටින්
ගයමින් නටති අහවර කර හැම          සතයන්
ඉන් පසු වසති වැසි නැතිදා සේ         ගෙඹියන්


කඬුපුල් මලේ වත.....







සේයාරැව: මා හිතාදර සරත් වීරසේකරයන්ගෙනි.........

කඬුපුල් මලේ මහ රෑ  මැදියම            පිපෙන
සුවද විහිදමින් සුළු මොහොතක්        රැදෙන
අරැණළු නැගෙන්නට පෙර මැලවී       වැටෙන
හිරැ හා හිනැහෙන්න කරගෙන නැතිද       පින......


Monday, 23 September 2013

මඳකට සිතන්න.........


මණරම් සිනිඳු තටු ඇති සමනල          දසුන
නෙත සිත සනසවයි කාගෙත් ලොව      වසන
එනමුඳු සමනලා මෙම තත්වෙට          මවන
පිළිකුල් දළඹුවකු බැව් සිහියට           ගන්න

ගෑවුනොතින් පලු ලන දළඹුවො             රෑන
ඉන්නා අහලකින් වත් පිය මැන            යන්න
අකමැති අයම මල් ගොමුවේ සැරි        සරන
සමනළුන්ට ළොල් මන්දැයි            පවසන්න


පියකරැ නෙලුම් මල් ගෙන යති මුණිඳු      පුදන්න
බඹරැන් කර කැවෙයි එ'මලින් රොන්     අරගන්න
මලෙහි උපත සිදුවූයේ කොහිද              සිතන්න
විල පතුලේ මඩෙන්ම බව සිහියට             ගන්න


සමනලාගේ ජන්ම අවධි නොසොයන        ජනයා
නෙලුම් මලේ උපත කොහිද නොසිතා       සිටියා
එහෙත් අනේ තම සඟයගෙ ජන්මයම      සොයා
ඇයිද මෙලෙස වෙහෙසෙන්නේ මිනිස්      වර්ගයා

බමුණකු වන්නේ නැත කිසිවකු            උපතින්ම
එලෙසින් උපන් ගෙයි ඇතිවෙද            වසලකම
ජීවත් වන'යුරින් පෙනෙනවා මේ              දෙකම
අප බුදු රජුන් වදාලෙ ධර්මය                එහෙම........

Sunday, 22 September 2013

වන බඹරා.....


මේ ලෝකයේ මල් නම් කෙතරම්          ඇතිද
මලක විපත ඵලයක ඇරඹුම          නොවෙද
බඹරකු නොදුටු මල් කිසි කල ඵල         දේද
එනමුඳු බඹරැ කිසි දින හොඳ        ඇසුවේද

බඹරැන් නිසා සැඳි ඵල වැලඳුවෙ         කවුද
උන් හදනා පැණි ටික නිම වුනෙ       කොහෙද
එනමුඳු කවුරැ කවුරැත් පැවසුවෙ         සබද
උන්ගේ තු'ඩඟ විස ගැන පමණක්     නොවෙද

හිරැටත් කලින් අවදිව මේ වන            බඹරා
පැණි ටික හදන්නට වෙහෙසෙයි නිදි   නොකිරා
උන්ගේ රැජිණ නසනට ආවොත්            සතුරා
තම දිවි කැප කරයි රැජිණගෙ දිවි         බේරා

මලින් මලට බඹරැන් පියඹා                 යනවා
රොන් ටික අරන් මලටත් ඵල බර         දෙනවා
උපන් ඵලින් හැම අටු කොටු           ඉතිරෙනවා
බඹරඟෙ සහය හැම හට අමතක        වෙනවා...........



17/09/13

ලන්ඩන් නුවරදී.....

Monday, 16 September 2013

බිරිද මගේ.......


එලැඹෙන 
 දහ අටට සුන්දර බිනර         මහේ
දහසය වසකි අරගෙන මා ඔබව            සහේ
දුක හා සැපත විඳගෙන මා එක්ක          ඔහේ
ආ ඔබ සිහි කරමි පුරවන් කඳුඵ            ඇහේ

ජීවන ඔරැව රඵ දියඹේ පැද                 යනවා
මහා වැහි කුණාටුත් ඉද හිට මතු         වෙනවා
තෝරැ මෝරැ සටන් බිමට              පිවිසෙනවා
ඔබ මා සමඟ විට ඒ හැම              මැඩලනවා

නා නා විදිහෙ වැල් මහා ගස් වල          එතෙතී
හරි වැල එතුනොතින් ගස දඵ ලා         වැඩෙතී
පියකරැ පළ උපද්දා ගස හැඩ                කරතී
ගසේ අඟය වැඩි කොට නිති රැක            ගනිතී 

වටිනා මැණික් වන් දරැ දෙදෙනෙකු             දීලා
ඔවුනගෙ සියඵ කටයුතු නිති ඉටු              කරලා
ජීවන බර මගේ හැම විට අඩු                 කරලා
කරනා මෙහෙය නිමකල හැකිදෝ           මැණලා

ඔබවන් බිරින්දෑවරැ ලොව සුලභ               නැත
එවන් කෙනෙකු ලද මා පින් කරලා               ඇත
දුටුවිට සිනාහවෙන් සැරසුණු ඔබගෙ           නෙත
සියඵ දුක් සුසුම් බියවී  පලා                       යත

කොතරම් තරැ ඇතත් සඳු නැති අඩුව   දැනෙනවා
ගහ කොළ මල් හිරැ නැතිදා මැලවී            යනවා
සාගර ජලින් නැත කිසිදා පවස               නිවෙනවා
ඔබ නැති දා හැම සිටියත් මා තනි             වෙනවා......

18/09/13 දා  ලන්ඩන් නුවරදී....

Sunday, 15 September 2013

පාළුව..........

වැහි වලාවෙන් පසුව ගඟන තල               මැළවිලා
වළාවෙන් තොර නමුඳු තවම නිදි බර             වෙලා
හිරැ කුමරැ වඩිණ මඟ ලකුණු වත් ඇත          බලා
නිදි යහනෙ තවම මම මුඵ ලොවම           නැවතිලා

උයනෙ මල් පෙර දිනේ හිරැ සමඟ            හිනැහුනා
වැහි කුණාටුව වැදී ඒ මල්ම                   ඇඹරැණා
වැහි දියෙන් තෙත් වෙලා පොලොවටම        බර උනා
මඟෙ හිතත් මෙලෙස දැයි නිකමටම           සිහිඋනා.....

25/08/13

Saturday, 14 September 2013

අළු කොබෙයි ප්රේමය........





ගිම්හාන කාලයේ එක් සැඳෑ                          සමයක 
කවුඵවෙන් පරිසරය විඳගමින් සිටි             කලෙක 
වසා සිටිනා අයුරැ අසල් වාසී                   වැටෙක 
ඇස ගැටුණි අහම්බෙන් අළු කොබෙයි     ජෝඩුවක 

වැට උඩ වසා ඇත එක ළඟටම                   වීලා 
පෙම් බස් මුමුණුවයි හොඳ රැඟුමන්              පාලා 
දකිනා විටදි උන්ගේ ආදර                            ලීලා 
ඉසුරැමුණියෙ පෙම් යුවලත්                     පැරදීලා 

උන් පෙම් කෙලති මුඵ ලොව අමතක           කරලා 
ගහ කොළ පවා එය නරබති               නොසෙලීලා 
මද නල නොහැමුවේ බාදා වෙයි                 කියලා 
මුඵ පරිසරය ඇත ප්රේමෙන් මත්                  වීලා 

හිරැ බැස ගියෙත් බොහොම දුකින්          මැලවීලා 
වෙනදාටත් කලින් සඳු ඇත                     මතුවීලා 
උන් දෙදෙනාව ආදර ලොව තනි                 කරලා 
වැසුවෙමි කවුළු පත් උන් හට සුභ             පතලා..... 

08/09/13

ජීවිතය නැවතිලා.....


Photo credit: blogs.sundaymercury.net

උදා හිරැ කිරණයෙන් නැහැවිලා මුඵ        ලොවම
කුරැඵ කිචි බිචි නදින් නැලවිලා සැම         දෙනම
මල් පිපී හිනැහිලා සුවඳ දෙයි දස               අතම
ඇයිද මේ කිසි දෙයක් නොම දැනෙන්නේ       මටම

දිය පොදක් බීවේ මා මොහොතකට          පෙරදියි
එහෙත් පිපාසය නම් තවමත්ම                එලෙසයි
මුවට ගත් බත් පිඩෙත් කිසිඳු රසයක්       නොවෙයි
මට මාම ගැටඵවකි පිළිතුරක් නොම         පෙනෙයි

වෙනදා ගේ පුරව ලන ලාම්පුවේ එලිය            නැත
කතර තනිවූ විලස කිසිදු හඩකුඳුද                නැත
ලිපේ නැති බත් හැලිය ලිප් බොක්කෙ වැතිර    ඇත
ඊයෙ අමනාප වූ ඔබ තවම මිතුරැ                  නැත...........

09/09/13

ලන්ඩන් නුවරදී....

Friday, 13 September 2013

නැඟෙණියනේ....

ලන්ඳේ ඇල දොළේ දුව පනිමින්           නැටුව
බොරැවට තරහා වී හූ කියමින්            ඇඬුව
මලයෙකු නැති අඩුව හොඳහැටි පිරි     මැහුව
නංගියෙ ඔබව සිහි වෙනවා හැම          වරැව

කෙතරම් අඬ දබර කර ගත්තත්           බාලේ
දෙදෙනට දෙදෙනා ඕනෑ විය හැම         වේලේ
එකමුතු වෙලා පොත් පාඩම් කල           තාලේ
ආදර්ශයකි හැදෙනා කාටත්                 රාලේ

බොරැ වරදකට පොලිසිය මා ගෙන       ගිය දා
හඬමින් සිටියා මතකයි අම්මාව              බදා
කෑමත් නොකා සිටි වග මුඵ දාම             එදා
දැනගත් විටදි බැරිවුනි හිත ගන්න           හදා

ඔබගේ සරණ මංගල්යය දිනයෙ               මට
එන්නට නොහැකි විය නොහිටිය නිසා        රට
කිසියම් උදව්වක්වත් දිය නොහැකි           විට
තනිවී කඳුඵ සැලුවෙමි රහසේ             සැමට

කාලය මෙලෙස මහා වේගෙන් ගත           වූවා
රටවල් දෙකක අපේ ජීවිත ඉදි                 වූවා
අවුරැඳු ගනනකින් දක්නට බැරි               වූවා
එනමුඳු සොයුරැ පෙම හැමදින  වැඩි        වූවා....


13/09/13
ලන්ඩන් නුවරදී.....