| බැලු බැලු අතේ මහා දියඹයි | පෙනෙන්නේ |
| පොල් ගස් තරම් උස රළ ගෙඩි | ගහන්නේ |
| සුළඟේ සැරට රුවලත් පණ | අදින්නේ |
| දෙව් මෑණියනි අප පිහිටට | වඩින්නේ |
| | |
| රළ පහරේ සැරට දිය ඔරුවේ | පිරිලා |
| දැලි බැඳි ලන්තෑරුමේ එළියත් හීන | වෙලා |
| මහා කරදියට අපෙ කඳුලත් එකතු | වෙලා |
| පැදපං මස්සිනේ තව වීරිය | යොදලා |
| | |
| මාළු අයින හමු වන තුරු | පදින්නේ |
| ගසන හැම හඹල් පහරම | වටින්නේ |
| විසිරෙන දියෙන් දරු පවුලයි | පෙනෙන්නේ |
| වැඩියෙන් මාළු ඇම ගිල්ලොත් | හොඳයිනේ |
| | |
| තෝරු මෝරු අපේ දැලට | අහුවෙනවා |
| පුංචි එවුන් අපේ දැලෙන් | රිංගනවා |
| මුහුදෙදි ලොකු මාළු අපහට | බියවෙනවා |
| වැල්ලෙදි ලොකු එවුන් අපහට | ඔරවනවා |
| | |
| වැල්ලේ පැලේ නිදනා මගේ | පෙම්බරියේ |
| හරියට දුටුවෙ නෑ එන විට | කඩිමුඩියේ |
| ගොඩ බිම ළඟා වෙමි මම හෙට | හිමිදිරියේ |
| ආ විට වැලඳ ගන්නෙමි ඔබ කිටි | කිටියේ |
| | |
| | |

Photo credit: abstravel.asia
No comments:
Post a Comment