දස මසක් මගේ බර නොඳැරුවට | තාත්තේ |
අප සැමගේ දිවි බරම වැටුනෙ ඔබෙ කර | මතේ |
මව් කිරට වහං වී කිරි වුනේ ලෙය | ගතේ |
අපව උණුහුම් කලේ ගැලූ දහඩිය | වතේ |
හිම ශිඛරෙ ශීත නෑ උණුසුමින් ඔබෙ | සුසුම් |
ඔබේ එක වදනකින් පිපෙයි අප හද | කුසුම් |
සෙවනැල්ල යට ඔබේ සිසිලසයි හරි | නැවුම් |
ළඟ සිටින විට දැනෙයි රැකවරණෙ අති | උතුම් |
ජීවිතේ සියළු බර සොම්නසින් | ඉසිලුවා |
ආදරේ අඩු නැතිව අප සැමට | පැතිරුවා |
කාගෙවත් හොඳම මිස දොසක් නොම | පැවසුවා |
කාටවත් ණය නොවී දිවි ඔරුව | පැදැවුවා |
දිවි මඟේ සැදෑ යම ගෙවනවා අද | දිනේ |
ඔබේ ගුණ සුවඳ කඳ වැඩිවෙමින් මට | දැනේ |
හැමගෙන්ම හොඳක්මයි ඔබ නමට පිට | වුනේ |
අපෙත් ආයුෂ රැගෙන අප ළඟම ඉනු | මැනේ |
Thursday, 6 February 2014
තාත්තේ ඔබට සුභ උපන් දිනයක්......!
Subscribe to:
Post Comments (Atom)
මගෙනුත් සුබ පැතුම්..!
ReplyDeleteස්තූතියි චන්දන ඔබට!!
Deleteචන්දන අයියෑ අප්පච්චිට නිදුක් නිරෝගී චිර ජීවණය පතමි !!
ReplyDeleteගොඩක් ස්තූතියි මධූ මලේ!!
Deleteඅපෙනුත් සුබ පැතුම්
ReplyDeleteස්තූතියි ඔබට!
Deleteමගෙනුත් සුබ පැතුම් අයියේ http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html මේ මගේ තාත්තගේ උපන්දිනේ දා ලියපු එක
ReplyDeleteස්තූතියි නඟේ! ඔයා ලියපු එක ටිකක් බැලුවා. දුක හිතෙනවා. වෙලාව මදි
Deleteදැන් වැඩට යන්න ලෑස්ති වෙනවා. පසුව කියවන්නම්.
ගුණේගේ පියාට නිදුක් නීරෝගි සුවම පතමි... පින්තුරේ දැක්කම මට මතක් උනේ ලාවට වගේ අරූන් ඩයස් වගේද කියල...
ReplyDeleteස්තූතියි දේශක තුමා! තාත්තා හරි හැන්ඩියා. තරැණ කාලේ හිංදි නළුවෙක් වගේ. අරැන් ඩයස් වගේද මන්දා. උඩු රැවුල නිසා වෙන්න ඇති. මේ පිංතූරෙනම් 2005 ගත්තු එකක්. දැන් නම් වයසයි. ඒත් ෆෝන් එකෙන් කථා කරන කොට මට මැවෙන්නේ ඒ තරැණ තාත්තව. ඒ තරැණ කට හඬ මචං. මම හිතන්නේ උඹලටත් උඹලගේ තාත්තලා ගැන එහෙම හිතෙනවා ඇති....
Deleteඋඹට ජය!
ම්ම්ම්.....සතුටුයි මචෝ....
ReplyDeleteතාත්තාට නිරෝගිමත් දිවියක් පතමි....
අදටත් පියා සමග මිතුරෙකු හා සමව විසීම කියල වැඩක් නැහැ බන්.
අම්ම නංගිලා තුන් දෙනයි,මල්ලිලා දෙන්නයි එක්ක ...
තාත්ත එදා ඉදන් අද වෙනකම් මා එක්කමයි...
ස්තූතියි කෙන්ජි මචෝ! තාත්තලාගේ ඇස් කඳුළින් තෙත් නොවුනට එයාලා අපට කොච්චර ආදරේද?
Deleteමමත් තාත්තා කෙනෙක් උනාම මට ඒක වැඩි වැඩියෙන් හැඟුනා.
උඹට ජය!!
තාත්තාට නිරෝගී සුව සහ දිගායු පතමි!!!
ReplyDeleteගොඩක් ස්තූතියි නංගී! ඔයාව සඳුන් සෙවනටත් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා..
Deleteමටනම් පෙනේනේ තාත්තා සිංහයෙක් වගේ වාඩිවෙලා ඉන්නවා කියලා. දැන් වයසට ගියා උනත් එහොල්ලෝ වැඩ කලේ යෝධ ශක්තියකින්. උඹේ ආදරණීය තාත්තාට ශුබ උපන් දිනයක් පතනවා .
ReplyDeleteඒක ඇත්ත තිලකේ! එයාලා හැමදාම අපේ ජීවිතයේ පතාක යෝධයෝ. මේ ෆොටෝ එක තාත්තලා 2005 නංගිව බලන්න කැනඩාවට ගිය වෙලාවේ ගත්තු එකක්. උඹට ජය!!
Deleteනිදුක් නිරෝගී සුව
ReplyDeleteස්තූතියි මචං! කොහේද බං අන්ත්රස්දහං වෙලා හිටියේ. පෝස්ටු මොකුත් දැක්කේ නෑ.
Deleteමේ සති අන්තේ ලිපියක් පලකරනවා. වෙන වැඩ වලට හිරවෙලා හිටියා.
Deleteනිදුක් නිරෝගී සුව.
ReplyDeleteඅපේ තාත්තත් උපන් දිනය මේ මාසයේම සමරනවා....හිතුනොත් යමක් ලියන්නම්....ඔබේ පියතුමාට දීර්ඝායුෂ පතමි....
ReplyDeleteස්තූතියි සිරා මලේ! මොනවා හරි ලියපං එතකොට තාත්තා සතුටු වෙයි...
Deleteනිදුක් නිරෝගී අනාගතයක් ප්රාර්ථනා කරනවා අයියේ තාත්තට..
ReplyDeleteගොඩක් ස්තූතියි දිනේෂ් මල්ලී!!
Deleteඅපෙනුත් සුභ පැතුම් චන්දන අයියගෙ තාත්තට..
ReplyDeleteස්තූතියි උමේෂ් මල්ලිටත්!!!
Deleteචන්දනගේ පියාට චිරං ජයතු කියා ප්රාර්ථනා කරනවා.
ReplyDeleteස්තූතියි මචං! ඒවගේම උඹව සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා.....
Deleteඅඩෝ ලොකු ගුණසේකර මහත්තයා මාර හැන්ඩියෙක් නේ බන්...අපි මොක්කුද කියලා හිතුනා!
ReplyDeleteඑතුමාට නිදුක් නිරෝගී සුවය හද පතුලින්ම ප්රාර්ථනා කරනවා!!!
ගොඩක් ස්තූතියි මචං! හරි හැංඩියා තරැණ කාලේ. මට මතකයි ඉස්සර තාත්තා ටවුමට යන්නේ නැශනල් එක ඇඳලා, කොණ්ඩේ ක්රීම් දාලා පීරලා ජැංඩියට. ජීවිතය හොඳට විඳපු මිණිස්සු මචං... හිතේ මොකුත් නෑ.... පොට්ටනි ගහපු සල්ලිත් නෑ.... හොඳ හිත විතරයි.....
Deleteඅපෙනුත් සුබ පැතුම්... නිදුක් නිරෝගී අනාගතයක් ප්රාර්ථනා කරනවා ...
ReplyDeleteස්තූතියි තුෂානි! ඔබව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා...
Deleteදීර්ඝායුශ පතමි!
ReplyDeleteදුලාගේ අඩවිය ලියන දුලා
ස්තූතියි දූලා! ඔබව සඳුන් සෙවනට ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා! ජය!!
Delete