Photo credit: paulchong.net
| නුවර වැව උඩින් මළ හිරු බැස | යනවා |
| කැදලි කරා සියොතුන් පෙළ | පියඹනවා |
| සුපුරුදු රැහැයි හඬ සවනඟ රැව් | දෙනවා |
| මා සිත පාළුවේ හස්තෙන් මිරි | කෙනවා |
| පහුගිය දිනේ මෙවැනිම සැන්දෑ | වරුව |
| ගත කල අයුරු සිහි වෙයි සතුටින් | යුතුව |
| ඔබගේ සුමුඳු අතැඟිලි පහසින් | තුටුව |
| සිටි මා තනි වෙලා ඔබ නෑ මා | සතුව |
| වැව් ඉවුරේ ගල් පොත්තක මා | ළඟම |
| හිටියා එදා අමතක කර මුළු | ලොවම |
| ගොම්මං අඳුර වට පසුවත් සමු | ගැනුම |
| බැරි වුන අයුරු මට සිහිවෙනවා | තවම |
| මා නොමැතිව එක් දිනයක් වත් | විසුම |
| කරනවා තබා ඒ ගැන නිකමට | සිතුම |
| බැහැ කිව් ඔබම අමතක කර හැම | පැතුම |
| මා හැර ගොසිනි පොඩි කර පිපි පෙම් | කුසුම |
| මුළු ලෝකයම ඔබ ගැන බොහො දේ | කිව්වා |
| එනමුඳු එක හදින් මා මගේ පෙම | පිදුවා |
| මා දැනුවත්ව කිසි විට නෑ හිත | රිදුවා |
| ඒත් ඔබ ගියා මහදේ දුක | රඳවා |
| නියඟලා අලය වස බව මා දැන | දැනම |
| පියකරු මලට පෙම් කෙරුවෙමි හැම | විටම |
| නටුවේ ඇතත් සම විද යන විස | කටුම |
| තුරුලට ගතිමි මල විඳගෙන හැම | රිඳුම |
| මා ඇදැහුවේ ඔබගේ වචනය | පමණයි |
| මිරිඟුව හඹා ගිය බව දැන් මට | වැටහෙයි |
| ඔබ පෙම් නොකල බව හොඳටම | විශ්වාසයි |
| සිත මගේ හදා ගමි පසු තැවුමක් | නොමවෙයි |
No comments:
Post a Comment