ජීවිතයේ යම් යම් දේ සිදු වන්නේ ඉතාමත්ම අහඹු ලෙසිනි. මා කළකුළුඳුල් පරිවර්තනය ඇයගේද කුළුඳුල් නවකතාව විය. ඇය තම කෘතියරසිකයින් වැළඳ ගනිතැයි නොසිතුවාය. පළමුවම පිටපත් සියයක් පමණක්ඈ මුද්‍රණය කළේ එහෙයිනි. මම ද මගේ කුළුඳුල් නිර්මාණය රසිකයින්මෙලෙසින් වැළඳ ගනිතැයි නොසිතුවෙමි. එහෙත් ඇයගේත් මගෙත් කෘතිපාඨකයින් නොසිතූ අයුරින් වැළඳ ගත්හ.
ඊයේ රාත්‍රියේ ඈ ලංඩනයේ රාජකීය උත්සව ශාලාවට පැමිණියාය. ඒ ඇයගේ දෙවැනි කෘතිය වූ Cilka's Journey ජනගත කිරීම උදේසායි. ඇය වෙන කවුරුන් හෝ නොව තම කුළුඳුල් නවකතාව වූ The Tattooist of Aushwitze කෘතියෙන් අන්තර්ජාතික කීර්තියට පත් හෙදර් මොරිස් මහත්මියයි.
මම මෙම උත්සවය ප්‍රවේශ පත්‍රයක් වෙන් කර ගත්තේ මීට දෙමසකකට පමණ පෙරය. එදා ඉදිරිපෙළේඉතිරිව තිබූ එකම අසුන වෙන් කර ගැනීමට මම සමත් විමි. එහෙත් ඊයේ රාත්‍රියේ එහි ගොස් අසුන් ගත්විට දෛවය අහඹු ලෙස මට කෙතරම් කාරුණික වී ඇතිදැයි අවබෝධ විය.වේදිකාව මත හිඳ ඇයපැවැත්වූ සාකච්ඡවේදී ඇය අසුන් ගත්තේ මා හිඳ සිටි අසුනට කෙළින්ම ඉඳිරියෙන් තිබූ අසුනේය. මටදශමයකින් හෝ ගෙල හැරවීමට අවැසි නොවිනි. මා සිටි තැන සිට මීටර 4 ක්පමණ දුරින් ඇස්මට්ටමේම,මට හරි කෙළින් ඈ වාඩි වී තම දෙසුම කරගෙන ගියාය.
ඉතාමත් හෘදයාංගමවත්, ආකාර්ණීයවත් පැවති සාකච්ඡාව පැය එක හමාරකින් අවසන් විය. ඉන්පසුඑළඹියේ රසිකයන් සතු කරගත් ඇයගේ පොත් ඈ ලවා අත්සන් කරවා ගැනීමේ අවස්ථාවයි. ඉතාම සුන්දරහා අව්‍යාජ සිනාහවකින් මුව සරසාගත් හෙදර් මහත්‍මිය උදාසැන හිරු හා හිනැහෙන වතුසුදු මලක් සේපැහැබරව කා සමඟත් ලෙංගතුව කතා බහ කරමින් ඡායාරූපවලටද පෙනී සිටියාය.
පැය එක හමාරක් පමණ පෝලිමේ සිටගෙන සිටීමෙන් අනතුරුව මගේ වාරය පැමිණියේය. එතරම්වෙලාවක් සිටගෙන හිඳීමෙන් කෙඩෙත්තු වූ පාද වල විඩාවද දිවා ආහාරයෙන් පසු, බී කෝපි වඩියටඅමතරව කිසිත් නොවැටුනු කුසින් නැඟී අඳෝනාවද මොහොතකින් අමතක විය.
මම ඇයට මුළින්ම මගේ පරිවර්තව කෘතිය පිළිගැන්නුවෙමි. එය දුටු වහාම ඇය හුනස්නින් විඳුලියක් මෙන්නැඟී සිටියාය. දෑස් සතුටින් දිලිසෙන්නට පටන් ගැනුනු අතර මුව පුරා නැඟුනේ තමන් වසර ගණනාවක් පුරාසොයමින් වුන් තම හදවතට කිට්ටුම අයෙකු හදිසියේම ඇස ගැටුනහොත් ඇතිවන අන්දමේ ආදණීයසිනහවකි.
" මා ඔබව හමු වේ යැයි ආසවෙන් බලා සිටියා," ඇය සිනා සෙමින් පවසා මගේ පොත ඇයගේ සහයකසහයිකාවන්ට හා ඇයගේ ප්‍රකාශකයින්ට ඉතාමත් ආඩම්බරයෙන් ගෙන හැර පෑවාය. මගේ උරහිසටආදරයෙන් තට්ටු කළ ඇය තම හෘදයාංගමබව හා කෘතවේදිත්වය පළ කර සිටියාය.
සතුටට මගේ දෑස් බොඳ වී යන හැඩක් මට දැනුනි. මට වදනක් හෝ මුවට නඟා ගත නොහැකි විය. ඉන්පසු ඒ පොත ඇයට පිළිගන්වා අනෙක් පොත්වලට ඇගේ අත්සන ලබා ගතිමි. මගේ පොත ඈ සුරතෙහිහා ඇගේ පොත මා අත දරා වුන් ඡායාරූපයට ඇය ඉතාම ආදරයෙන් මුහුණ දුන්නාය. මම සමුගෙනයන්නට සැරසෙත්ම ඇය තම හදවතට සුරත තබා නැවතත් මට ආදරණීය සිනහවකින් සංග්‍රහ කළාය. ඉන්පසු ඉතාමත්ම ලෙංගතව මා වැළඳ ගත්තාය.
මම ඉමහත් අමන්දානන්දයට පත් වීමි. තමන් ලියූ පරිවර්තන කෘතියේ මුල් කතුවරිය හමු වීමම කොතරම්නම් භාග්‍යක්ද? කෙතරම් අසීරු කාරියක්ද? එහෙත් එම අවස්ථාව ලැබීමට මම වාසනාවන්ත විමි.
ඇගෙන් සමුගෙන මඟට බට මට ලංඩනයේ සීතල නොදැනුනි.සතුටින් මුළු ගතම උණුසුම් වී තිබිණි. දිඟුසුසුමකින් ළය සැහැල්ලු කරගත් මම වළාකුළු පිරි ලංඩන් අහස දෙසට නෙතු යොමු කළෙමි. වළා අතුරින්එබී බලන සඳ මගේ නෙතු ගැටිනි. ඒ අසලම වූ පුංචි තාරකාවක් නිහතමාණීව බැබලෙමින් තිබිණි.
චන්දන ගුණසේකර