| අනුරුධ ඇමතිගේ නාමෙන් පිඳුම් | ලද |
| වීර විකුම් පෑ නරනිඳු පහස | විඳ |
| සිංහල පොරණෙ තුන්වැණි අග නුවර | සොඳ |
| අනුර පුරය නමැඳිමි ඔබෙ දෙපා | වැඳ |
| | |
| නගරය මැදින් මල්වතු ඔය ගලා | බසී |
| හමනා මඳ පවන් වැව් හා පොකුණු | පිසී |
| ඉසුරුමුණියෙ පෙම් යුවලත් දකිනු | රිසී |
| යන්නට අ'පුර අකමැති නම් කවුරු | කිසී |
| |
| එක් පසෙකින් නුවරවැවේදසුණ | පෙනේ |
| අනෙක් පසින් තිසා වැවේ සිසිල | දැනේ |
| මහා කනදරා නාච්චාදූ වැව් | පොරණේ |
| මහා රජවරු කල විස්කම් වල | ඵලනේ |
| |
| ජය සිරි මහා බෝධිය මහා මෙවුණා | වේ |
| ලෝවා මහා පායත් පසෙකින් දිස් | වේ |
| රත්නමාලි සෑ රජුනගෙ වට මළු | වේ |
| පිය මැන යන්න ආසාවක් හිත ඇති | වේ |
| |
| සමාධි බුද්ධ ප්රතිමාවේ ඉදිරි | පිට |
| වාඩි වෙලා දැහැනට සම වැදුණ | විට |
| ශුද්ධ නගරෙ පිස හමනා සුළඟ | මට |
| ළඟා කරයි මනසින් තව් | තිසාවට |
| | |
| ශුද්ධ නගරෙ යන විට නටබුන් | අතර |
| මගේ සිතත් අතීතයට යයි | නිතර |
| පොරණේ රජුන් කල කී දෑ වී | නතර |
| බලා සිටිමි ඇති නම් නොම වෙයි | මිතුර |
| | |
| වැවකින් හොඳින් දිය නා පිරිසිදු | වීලා |
| අටමස්ථානේ සිත් සතොසින් වැඳ | පුදලා |
| මිහින්තලේ කන්දත් තරණය | කරලා |
| කර ගමු පිනක් යන තැනකට සෙත | සදලා |
All the photos have been taken from the web. | |
අනර්ගයි අයියා
ReplyDelete