පළමුවෙනි
පරිච්ඡේදය- 1942 බක් මාසය..
ළලී,
ඉතා කඩිනමින් ගම් නියම්ගම් පසු කරමින් සිටියේය. ඔහු හිස කෙළින් තබාගෙන පසුවූයේ දැන් ඉතිං ඔහුට ඔහුම පමණක්ම නොවේදැයි සිතමිනි. මේ වයස 24 ක යෞවනයාට තමන් පසෙකින් වුන් ඉඳහිට ඔහුගේ උරහිසෙහි ඇතිල්ලුණු මිනිසාව පවා හඳුනා ගැනීමේ කිසිදු උවමනාවක් නොමැති බවක් පෙනෙන්ට තිබිණි. එහෙත් ළලී ඔහුව ඉවතට තල්ලුකර නොදැම්මේය. ඔහු, ඒ මොහොතේ ගොවිපළ සතුන් ප්රවාහනය කිරීම සඳහා යොදා ගන්නා දුම්රිය මැඳිරියක් ඇතුළට ගාල් කළ අසීමිත මිනිසුන් පිරිසක් අතරින් එකෙකු පමණක් විය. ඔවුන් කුමන ගමනාන්තයක් වෙත යන්නේ දැයි නිනව්වක් නොවුනද , ළලී තමාගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් එනම්, රැල්ලක්වත් නොහිටින සේ ඉස්තිරික්ක කළ කලිසම, පිරිසිදු සුදු පැහැ කමිසය සහ ටයි පටියෙන් සැරසී සිටියේය. ඔහු කවදත් ඇන්ඳේ කැපී පෙනෙන ලෙසටය.
තමන්
සිර වී සිටින මැඳිරියේ දිඟ පළල හිතින් මැන ගැනීමට ළලී උත්සහ කළේ කාන්සිය පලවා හැර ගන්නට මෙනි. මැඳිරිය මීටර දෙකහමාරක් පමණ පළල වූ අතර එහි දිඟ සිතාගැනීමට එහි කෙළවර ඔහුට නොපෙනුණි. ඉන් පසු ඔහු, ඔවුන් යන මේ චාරිකාවේ, තමන් සමඟ ගමන් ගන්නා මිනිසුන් ප්රමාණය ගණන් කිරීමට කිහිප විටක්ම උත්සහ ගත් නමුත්, ආකාසේ වරින් වර දැල්වී නිවෙන තාරකා මෙන් තැනින් තැන, විටින් විට මතුවන ඔළු ගෙඩි නිසා ඒ කාරිය කිරීම ඉතාම අසීරු කටයුත්තක් බව ඉක්මනින්ම ඔහුට වැටහනි. අවසානයේ මිනිසුන් ප්රමාණය ගණන් කිරීමේ උත්සහය ඔහු අතහැර දැමුවේය. එපමණක් නොව මෙවැනිම දුම්රිය පෙට්ටි කොපමණ ප්රමාණයක් ඇතිදැයිද වත් ඔහු දැනගෙන සිටියේ නැත. එකතැනම සිර වී සිටීමෙන් ඔහුගේ පිට කොන්ඳ සහ පාද රිඳුම් දුන් අතර මුහුණෙ කැසීමක්ද ඇති වුණේ ඔහුව තව තවත් අසීරු තත්වයකට පත් කරමිනි. මුහුණේ වූ රැවුල් කොට, ඔහු මීට දින දෙකකට පෙර මේ දුම්රියට ගොඩ වූ දා පටන්, ඇඟපත සෝදා ගත්තේවත් රැවුල කැපූවේවත් නැති බව ඔහුට කියා පෑවේය. ඔහුට තමා අන්තම අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇති බව වැටහිණි.
එහෙත්,
මිනිසුන් ඔහු සමඟ කතා බහේ යෙදීමට උත්සහ කළ විට, ඔහු ඔවුන්ගේ බිය, බලාපොරොත්තුවකට හරවන අන්දමේ උද්යෝගය වඩවන වචන වලින් ප්රතිචාර දක්වන්නට නම් වග බලා ගත්තේය.
" අප
අසූචි ගොඩක් මත සිටින බව සත්යකි. නමුත් අපි එහි ගිලී නොයන්නෙමු. " ළලී මිනිසුන්ට පැවසුවේ එලෙසිනි.
මේ
කාරණා කොයි හැටි වෙතත්, ඔහුගේ පෙනුම සහ හැසිරීම් රටාව පිළිබඳව නම් අපවාදාත්මක කටු කුටුවක් පිරිස අතරේ පැන නැගී තිබිණි. එමෙන්ම ඔහු ඉහළ පැළැන්තියෙන් පැවතෙන්නෙකු යනුවෙන්ද චෝදනා මතු වෙන්නට පටන් ගැනුණි. එහෙත් එයට ළලී තුළ වූයේ එකම එක නිදහසට කාරණයක් පමණි. " දැන් බලන්න එයින් ඔබට ලැබුණෙ කුමක්ද කියා" . ඔහු මේ වචන ගිල ගෙන ඒ වෙනුවට සිනහවක් මුවට නඟා ගත්තේය. මම කාවද මේ රවට්ටන්න හදන්නේ? මමද අනික් අය මෙන්ම බියට පත් වී ඇත්තෙමි' ඔහු මෙලෙස තමන්ටම කියා ගත්තේ තමන්ගෙම හිත සනසාගන්නා අටියෙනි.
තරුණ
මිනිසකු ළලී වෙත සිය දෑස් දල්වාගෙනම තමන් අසල වූ මිනිසුන් පොකුරක් ළලී දෙසට තෙරපා එවූ අතර සමහරෙක් ඔහුව තල්ලුකරමින් ඔහු දෙසට ඇදී ආහ. මේ ඉඩ කඩ තමන්ටම පමණයි එය තමන් අත්පත් කරගතහොත්.' ඔවුන්ට ඒ මෙහොතෙ සිතුණෙ එලෙසිනි.
හදිසියේම
" උඹ මෙතරම් සන්සුන්ව ඉන්නෙ කොහොමද?" කියා තරුණ මිනිසා ලලීගෙන් විමසා සිටියේය.
" ඔවුන්
අත රයිෆල් තිබුණා. ඒ අවජාතකයො ඒවා අප දෙසට මානාගෙන අපිව මේක ඇතුළට, මේ හරක් ගෙනියන කෝච්චි පෙට්ටි වලට දැක්කුවා."
ළලී
ඔහු දෙස බලා මද සිනහවක් පෑවේය.' මමත් බලාපාරොත්තු වුණේ මෙය නොවෙයි.'
' උඹ
හිතන්නෙ අපි කොහාට යනව කියලද?'
' කොහාට
ගියත් කමක් නෑ. එකක් විතරක් මතක තියා ගම්මු. ඒ තමයි අපි අපේ ගෙවල් වල ඉන්න පවුල් වල අයගේ ආරක්ෂාව සඳහා මෙතැන ඉන්න බව. '
' නමුත්
එහෙම නොවුණොත්....?'
' නොවුණොත්....??
එහෙම හිතන්න එපා. මම දන්නෙ නෑ. ඔබලා දන්නෙත් නෑ. අපි කවුරුවත්ම දන්නෙ නෑ. අපි, අපිට කියන ආකාරයකට කරමු. එච්චරයි.'
' මේ
දුම්රිය නවත්තපු ගමන්ම අපි උත්සහ කරමුද උන්ට එරෙහිව නැඟී සිටින්න..? මොකද අපේ පිරිස උන්ට වඩා වැඩි නිසා..'මෙලෙස ඇසූ තරුණ හාදයගෙ සුදුමැලි වූ මුහුණ ව්යාකූල වූ ක්රෝධයකින් මිරිකිනි. ඔහුගේ මිට මෙළවුණු දෑත දුක්ඛිත අයුරින් ඔහු ඉදිරියේ රැඳී තිබිණි.
" අපට
ඇත්තේ අත පය, ඔවුන්ට ඇත්තේ රයිෆල්- කවුද උඹ හිතන්නෙ මේ සටනින් ජය ගන්නේ කියා?"
තරුණ
මිනිසා නිශ්ශබ්දතාවයේ ගිලුනි. ඔහුගේ උරහිස ළලීගේ පපුව මතට තෙරපී තිබූ අතර ඔහුගේ හිස කෙස් වලින් හමා ආ තෙල් මුසු දහඩිය සුවඳ ළලීට දැනුණි. ඔහුගේ දෑත් ඔහු පසෙකින් එල්ලා වැටී තිබිණි.
" මම
ඇරන්" ඔහු කීය.
" ළලී"
ඔවුන්
දෙදෙනා වටා වුන් අනෙක් මිනිසුන් , තම හිස් ඔවුන් දෙසට හරවමින් දෙදෙනා අතර වූ කතාවට සවන් යොමු කළද සැනෙකින්ම ඔවුනොවුන්ගේ සිතිවිලි අතරටම ගිලී ගියේ නිරුත්තර සමාධියකට සමවැදෙමිනි. ඔවුන් සියල්ලන්ම බෙදා හදා ගත්තේ බියයි. යෞවනෝදයයි. ඔවුන්ගේ ආගමයි. ළලී, ඉදිරියේදී කුමකින් කුමක් සිදුවන්නට යන්නේද යන සිතිවිල්ලෙන් බැහැරව සිටින්නට නිරතුරුවම උත්සහ ගත්තේය. ඔහුට පවසා තිබුණේ, ඔහු රැගෙන යන්නේ ජර්මානුවන්ට වැඩ කිරීම සඳහා බව වූ අතර ඔහු සැලසුම් කරගෙන සිටියේ එයයි. ඔහු සිතුවේ මව්බිමේ සිටිනා තම පවුල ආරක්ෂා සහිත බවයි. ඔහු ඒ සඳහා සිය දිවිය කැප කළ අතර ඒ පිළිබඳව අබ මල් රේණුවක හෝ පසුතැවිල්ලක් නොවීය. ඔහුට එය නැවත නැවතත් තම පෙම්බරයන් වෙනුවෙන් කිරීම ගැටලුවක් නොවුණි.
හැම
පැයේදීම වාගේ මිනිසුන් එකම ප්රශ්නය ඔහුගෙන් අසනා බැව් පෙනෙන්නට තිබිණි. මෙයින් වෙහෙසට පත් ළලී ඔවුනට දුන්නේ එක් කෙටි පිළිතුරක් පමණි. එනම්, " පොඩ්ඩක් ඉඳලා බලමු" යන්නයි. මිනිසුන් ඔහුගෙන්ම මේ දේවල් විමසන්නේ මන්ද කියා ඔහු වික්ෂිප්තභාවයට පත් විය. ඔහුට විශේෂ දැනුමක් නොතිබිණි. ඔව්, ඔහු හොඳ ඇඳුම් කට්ටලයක් ඇඳ , ටයි පටියක් පැළඳ සිටිනා බැව් සැබවි එහෙත් ඔහු සහ ඔහුගේ ළඟ සිටින අනෙක් මිනිසා අතර වූ එකම දෘශ්යමාන වෙනස වූයේ නම් එයම පමණි. ' අපි සියල්ලෝම එකම නරා වළේ ගිලී සිටින්නෙමු.'
මිනිසුන්ගෙන්
පිරී ඉතිරී ගිය දුම්රිය මැඳිරියේ ඔවුනට වාඩි වී සිටීමට නොහැකි වූ අතර ඔවුන් යන්තම් වැතිර සිටියේ එක ගොඩටය. වැසිකිළි යාම සඳහා තිබුණේ බාල්දි දෙකකි. ඒවා පිරුණ විට පැතිරී ගිය මහත් දුර්ගන්ධයෙන් ඈත් වී සිටීමට පිරිස අතර ගැටුම් පැන නැගුණි. මෙයින් සමහර අවස්ථාවල බාල්දි පෙරළී ගිය අතර ඒවායේ වූ අපද්‍රව්‍ය හැමඅතම විසිරුණි. ළලී ඔහුගේ ගමන් මල්ලට ඇලී ගැලී සිටියේ එහි වූ මුදල් සහ ඇඳුම් වලින් ඔවුන් කොහේ හෝ යන තැනකදී හොඳින් සිටීමට ඔහුට හැකිවේය යන බලාපොරොත්තුවෙනි. එසේ නැතහොත් අවම වශයෙන් ඔහුට ආරක්ෂාකාරී රැකියාවක් හෝ ලබා ගැනීමට හැකිවේය යන විශ්වාසයෙනි. ' සමහර විට මට මගේ භාෂාව යොදා ගත හැකි රැකියාවක් ලැබේවි'
ඔවුන්
සිර වී වුන් පෙට්ටියේ කොනකට වී සිටින්නට ලැබීම තමන් ලද භාග්යක් සේ ළලීට සිතිණි. මැඳිරියේ බඳට ගසා තිබූ සිහින් පටි අතරින් ඔහුට තමන් පසුකර යන ගම්බිම් දෙස යාන්තමින් හෝ බලා ගැනීමට හැකි විය. එමෙන්ම ඒ තුළින් යම් තරමක පිරිසිදු වාතාශ්රයද ආඝ්රහණ කිරීමට ඔහුට ඉඩ ලැබිණි. එය වසන්ත සමය වුවද දවස් පිරී තිබුණේ වැස්සෙන් සහ ඝන වලාකුළු වලිනි. ඉඳ හිට ඔවුන් වසන්ත මලින් දිලිසෙන කෙත්වතු පසුකර යන බව ළලීට දැකගන්නට ලැබිණු අතර ඔහුට ඉබේම පහළවූයේ මදහසකි. මල්.... ඔහු, ඔහුගේ යොවුන් වියේදීම සිය මවගෙන් ගැහැනුන් මල් වලට ප්රියකරනා බැව් උගත්තේය. කවදාද ඔහුට නැවත යුවතියකට මලක් දිය හැක්කේ? ඔහු තමන්ගේ දෑස් ඉඳිරියේ දිස්නෙ දෙන ඒ මනරම් පුෂ්පයන් මනසින් විඳ ගත්තේය. පොපි මලින් ගැවසී ගත් රක්තවර්ණ කෙත් වතු හමනා මද නලේ දැවටී රැඟුම් රැඟීය. ඔහු ඊළඟට නම් මලක් දෙන්නේ තමන්ම සොයාගත් කෙනෙකුට බවට ප්රතිඥා දුන්නේය. මේ මල් මෙතරම් විශාල වශයෙන් පිපෙන්නේ කැලෑවට නිසා ඔහුට ඒ මලක් දීමේ අවස්ථාවක් තවම උදා වී තිබුණේ නැත. ඔහුගේ මව සතු පොපි මල් ගස් කිහිපයක් ඔවුන්ගේ ගෙවත්තේ තිබුණද ඇය කිසිම දිනෙක ඒවා නෙලා ගෙදරට නොගෙනාවාය. ඔහු හිසින්, තමන් කළ යුතු වැඩ ලැයිස්තුව පිළියෙල කිරීම ඇරඹීය. ' මම ගෙදර ගියැයින් පස්සෙ......'
තවත්
ගැටුමක් ඇවිලිණි. පොරකෑම්, අතින් පයින් ගුටි බැට දීම් සහ කෑ කෝ ගැසීම් ඇරඹිණි. ළලී ට කුමක් සිදුවෙන්නේදැයි හරිහැටි නොපෙනුණද පිරිසක් පණුවන් මෙන් දගලමින් එකිනෙකා තල්ලුකර ගන්නා බවනම් ඔහුට දැනුණි. ඉන්පසු එකවරම පැතිරගියේ නිශ්ශබ්දතාවයකි. අඳුර තුළින් මෙලෙසින් ඇසෙන්නට විය.
" උඹලා
ඔහුව මැරුවා."
" වාසනාවන්ත
අවජාතකයා " කෙනෙකු මිමිණීය.
' අසරණයා'
' මගේ
ජීවිතය මේ නරාවලේ අවසන් වෙන්න හොඳ වැඩියි'
************************************************
ගමනේ
බොහෝ නැවතුම් තිබූ අතර සමහරක් පැවතියේ මිණිතිත්තු කිහිපයක් වැනි කෙටි කාලයකි . සමහරක් නැවතුම් පැය කිහිපයක් දක්වා දීර්ඝ වූ අතර හැමවිටෙකම වාගේ ඔවුන් නතර වූයේ ගමක් හෝ නඟරයක් ආසන්නවය. ඉඳහිට ළලීට වේගයෙන් පසු වී යන දුම්රිය ස්ථානයන්හී නම් යන්තමින් බලා ගත හැකි විය. ඔස්ට්රාවා, මේ නඟරය චෙකොස්ලෝවැකියාව සහ පෝලන්ත දේශ සීමාවට ආසන්නව පිහිටි බැව් ඔහු දැන සිටියේය. සෙස්රිනා, ඔවුන් දැන් සිටින්නේ අනිවාර්යයෙන්ම පෝලන්තයේ බැව් තහවුරු කළේය. නමුත් නොදන්නා ගැටලුව වූයේ, ඔවුන්ගේ ගමනේ නිමාව කොහේද යන්නයි. ළලී, මේ ගමන අතරතුර බොහෝ කාලයක්, බ්රැටිස්ලාවේ වූ ඔහුගේ දිවිය පිළිබඳව වූ මතකයන් අතර අතරමංවී ගත කළේය. ඔහුගේ රැකියාව, ඔහුගේ නවාතැන, ඔහුගේ මිතුරන්, විශේෂයෙන්ම ඔහුගේ මිතුරියන්.....
දුම්රිය
නැවතත් නතර කරනු ලැබිණි. ඒ මොහොතේ අවට පැවතියේ කෑලි කැපිය හැකි ඝන අඳුරකි. සඳ සහ තරු ඝන වලාකුළු අතරේ සම්පූර්ණයෙන්ම සැඟැවිනි. මේ අන්ධකාරය ඔවුන්ගේ අනාගත ඉරණමේ පෙරනිමිත්තක්ද? 'සියලුම දේම ඇත්තේ ඒ තිබිය යුතුම වූ අයුරිනි. දැන් මම දකින දේ, මට දැනෙන දේ, ඇසෙන දේ සහ මා ආග්රාහණය කරන දේ. ' ඔහු දුටුවේ තරුණ සහ නොදන්නා ගමනකට අවතීර්ණ වූ ඔහු වැනිම වූ මිනිසුන් සමූහයකි. ඔහුට ඇසුණේ හිස් වූ කුසවල් වලින් නැඟෙනා කෙඳිරිලි හඬ සහ වියැළී ගිය උගුරු වලින් නැගෙනා රළු හඬය. ඔහුට දැනුණේ මුත්රා සහ අසූචි වලින් හමනා දුර්ගන්ධය සහ දිනගණනාවකින් දිය පොඳක් නොදුටු අපවිත්‍ර සිරුරු වලින් හැමූ අමිහිරි ගන්දයත් පමණි. ඔළු කිහිපයක්ම ඒ මොහොතේ ළලී මතට ඇලවී තිබිණි.
විශාල
ශබ්දයක් මැඳිරි කිහිපයකට එපිටින් ඇසෙන්නට වූ අතර එය ක්රම ක්රමයෙන් සමීපයටම ඇදී එන්නට විය. එහි සිටි මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් තිබූ අතර ඔවුහු නිදහස් වීම සඳහා උත්සහයක් දියත් කර තිබිණි. ඔවුන් විසින් ඒ මැඳිරි වල ලෑලි බිත්තිවලට තම සිරුරු වද්ධවමින් සහ අසූචි බාල්දි වලින් පහර දෙමින් නැඟූ හඬ සියලු දෙනාම අවදි කිරීමට සමත් විය. වැඩි වෙලාවක් යාමට මත්තෙන් සියඵම මැඳිරි ඊට එක් වුණි. එහෙත් පහරදීම් මැඳිරිය තුළටම පමණක් සීමා වුණි.
' අපට
උදව් වෙයන්! නැත්නම් පැත්තකට වෙයන්!!', විසල් මිනිසකු තමාගේ සිරුරින් මැඳිරියට පහර දෙන අතරේ ළලීට කෑ ගැසීය.
' උඹගේ
ශක්තිය නිරපරාදේ නාස්ති කරන්න එපා,' ළලී පිළිතුරු දුනි. ' මේ බිත්ති මෙහෙම කඩන්න හැකිනම් උඹලට හිතෙන්නෙ නැද්ද මේ වෙද්දි හරකෙක් මේවා කඩල ඉවරයි කියල?'
ළලී
දෙස තරහින් බලමින්, මිනිසුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ උත්සහය අතහැරියහ.
ඔවුහු
ඔහුගේ අදහස් සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට තිබිණි. දුම්රිය හදිසියේම ඉදිරියට යන්නට පටන් ගති. සමහර විට දුම්රිය ගමන් ඇරඹූ කළ මේ අසහනකාරී තත්වය සමනය වෙතැයි ඔවුන් සිතන්නට ඇත. මැඳිරි සන්සුන් විය. ළලී දෑස් පියා ගත්තේය. "
ළලී
ශොකළොව් ඒ ඔහුගේ නමයි( ඔහුට උපතේදී ලැබුණු නම ලුඩ්විග් අයිසන්බර්ග් වූවත්), ස්ලොවැකියාවේ යුදෙව්වෙකු ලෙස උපත ලැබීම ඔහුට මිනීමරු හිට්ලර්ගේ වධකාගාර අතුරින් තවත් එක් දරුණුම වධකාගාරයක් වූ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් හී වසර ගණනාවක් සිර වී අපාදුක් විඳින්නට සිදුවූ එකම සුදුසුකම විය. එහෙත් ඔහුට එක් අරමුණක් තිබිණි. එකම එක අධිෂ්ඨානයක් තිබිණි. එනම් කවදා හෝ දිවිය රැකගෙන මේ වධකාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිටවීමයි.
වසර
ගණනාවක් අවුෂ්විට්ස් හී ගත කළ දිවියේදී ඔහුට කිහිපවික්ම මරණය ළඟටම පැමිණ ඇරයුම් කොට ආපසු ගියේය. අන්තිම අමානුෂික දඬුවම් වලට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඒ එකකින්වත් ඔහුගේ කෙසේ හෝ දිවි රැකගනිමියි යන අධිෂ්ඨානයට අබමල් රේණුවක තරමින් හෝ බලපෑමක් කිරීමට නම් නොහැකි විය.
ඔහු
මිනිසුන් මරණ හැටි, මිය යන හැටි, අමානුෂික දුක් විඳින හැටි, දැඩි දඬුවම් ලබන හැටි සියැසින්ම දුටවේය. එහෙත් ඒ හැමවිටම තව තවත් ධෛර්යමත් වෙමින් ඔහු ජීවත් විය. හැකි හැම විටම ජාතියක් ආගමක් හෝ ස්ත්රී පුරුෂ භේදයකින් තොරව හැමටම හැකි පමණින් උදව් කළේය. අති උතුම් බුද්ධ දර්ශනයේ උගන්වන ලෙස දිට්ඨ ධමම වේදනීය කර්මයක් ලෙස ඔහුට ඒ කළ උදව් ඒ අත්මයේදීම පළ දීම ආශ්චර්යක්ම විය. කිහිප විටක්ම ඔහු නිතරම මරණය අත වනන ඒ අඳුරු මිනීමරු වධකාගාරයේදී මරණයෙන් බේරුණේ ඒ අනුහසිනි.
මේ
අතර මේ සටහනේ මුලින්ම මා පූර්විකාව ලෙස ඉදිරිපත් කළ ළලීගේ දිවිය වෙනස් කළ ඒ දෑස හමු වීම ඔහුගේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක් කළ ස්වර්ණමය මොහොත විය.
වධකාගාරයේ
පච්ච කොටන්නාවූ පෙපන්ගේ අභාවයෙන් පසුව එහි නිත්‍ය පච්ච කොටන්නා බවට පත් වූ ලලි, දහස් ගණනක් මිනිසුන් සහ ගැහැනුන්ගේ අත්වල පච්ච කෙටීය. එනම් ඔහුට ඒ සිරගෙදර තුළ ඔවුනට දෙනු ලබන සිරකරු අංකය කෙටීමට සිදුවිය. වධකාගාරයට දිනපතා ගෙන එන මිනිසුන් සහ ගැහැනුන්ගෙන් විශේෂ දක්ෂකම් හෝ ශරීර ශක්තිය නිසා ජීවත් වීමට (අ)වාසනාව ලැබූ අයගේ අතට ඔවුනට දෙනු ලබන අංකය පච්ච කෙටීම ළලීට පැවරුණු රාජකාරියි.
ගීටා
නම් වූ ඒ තරුණියද ළලී උපන් බිම වූ ස්ලොවැකියාවේ උපන් ස්ලොවැකියානු ජාතික යුදෙව් තරුණියකි. ඇයද තවත් සිරකරුවන් පිරිසක් සමඟ අවුෂ්විට්ස් කඳවුරට ගෙන එන ලදී. අනෙක් සිර කටුවන්ට මෙන්ම ඇයගේ අතෙහිද අංකය කෙටීමට සිදුවූයේ ළලීටය. ඇයගේ අතේ පච්චය කෙටූ දාම ඇය ඔහුගේ හදවතට ඇතුළු වූවාය. ඒ සිදුවීම ළලී පැවසුවේ මෙලෙසින්ය. " I
tatooed her number on her left arm and she tatooed her number in my heart , මම ඇයගේ වම් අතේ ඇයගේ නොම්බරය පච්ච කෙටීමි. ඇය මගේ හදෙහි ඇයගේ නොම්බරය පච්ච කෙටුවාය" යනුවෙනි.
වසර
ගණනාවක් මරණයෙන් බේරෙමින්, සමහර විට මරු තුරුලටම ගොස් ආපසු එමින් හා එකිනෙකාට උදව් කර ගනිමින් ඔවුන් ගත කළ ජීවිතය හා උත්තරීතර ආදරයක නාමයෙන් ඔවුන් එකිනෙකාට කරගත් කැපකිරීම් අති ප්රශංසනීයය. සැබෑ ආදරකට මෙයටත් වඩා තවත් උදාහරණ කොට දැක්විය හැකි කතාවක් ඇතැයි මටනම් නොසිතේ. මේ වධකාගාර තුළ ඇතිවූ , පැවතියා වූ සහ බොහෝවිය බහුරයකගේ මරණයත් සමඟම වැළලී ගියා වූ දහසකුත් එකක් කතාන්දර අතර ළලීගේ සහ ගීටාගේ කතාව සුවිශේෂී වන්නේ එහෙයිනි.
ළලී
ඉතාමත්ම ක්ෂූක්ෂම අයුරින් SS භටයෙකුගේ සිත දිනා ගත් ආකාරයත්, පිටතින් වැඩ සඳහා පැමිණෙන ශ්රමිකයන් හා එක්වෙමින් කළා වූ වික්රමයන්ද අද්විතීයය. ඔහුගේ අවංක, හොඳ හිත සැමවිටම ඔහුව නපුරින් රැකගත් පලිහක් විය.
අවසානයේ
ඇමරිකානු සහ රුසියානු මිත්‍ර හමුදාවල ප්රහාර හමුවේ හිට්ලර්ගේ බල බිඳී යද්දී ඉතාමත්ම දුෂ්කර ආකාරයෙන් වෙන වෙනම අවුෂ්විට්ස් කඳවුරෙන් පැන යාමට ඔවුන් සමත් වූහ. එහෙත් ආශ්චර්යමත් ලෙස හා ඒ උත්තරීතර සැබෑ ආදරයේ අනුහසින් ඔවුන් දෙදෙනාට එක් වීමට හැකිවිය. ඔවුන් පැතූ ලෙසටම විවාහ වී එකට දිවි ගෙවූහ.
අවුෂ්විට්ස්
හි පච්ච කොටන්නා එසේත් නැතිනම් " The
taoooist of Auschwitz" පොතේ
ගලා යන්නේ ඔවුන්ගේ ඒ සැබෑ ආදරයේ සත්‍ය කතා පුවතයි. වරෙක සංවේදීද වරෙක අඟේ ලොමුදැහැ ගැන්වෙන සුළු වූද මේ සත්‍ය පුවත ඉංගිරිසි බසින් අපට ගෙන එන්නෙ හීතර් මොරිස් නම් වූ දැනට ඕස්ට්රේලියාවේ පදිංචි නවසීලන්ත ජාතික කතුවරියයි. ඇය සරල හා ළගන්නා සුළු බසින් ගෙන එන මේ කතා පුවත අපට ගම්‍ය කරන්නේ මේ නපුරු සමාජයේ කෘරත්වය පරදා සැබෑ ආදරය හා ස්නේහය ජය ගත් තවත් එක් උත්තරීතර නිමේෂයක් විලසිනි.
ළලී
සමඟ කළ සම්මුඛ සාකච්ඡාව මෙතැනින්
හීතර්
මොරිස්ට කීමට ඇති දේ මෙතැනින්
චන්දන
ගුණසේකර