වාහන පෙරහැරේ එනවා | නංගියේ |
නවතන හැඩක් නොපෙනේ මේ | වංගියේ |
මල් ටික විකුණුමට නොමදී | හංදියේ |
රතු එළියේ ඇයි නුඹ විගැහින් | ගියේ |
රතු පැහැ නිවී කොළ එළියක් මතු | වෙනවා |
නිමි රතු එළිය නුඹෙ මුහුණට | රිංගනවා |
දුහුවිලි වැදිවතේ ගෝමර ඇති | වෙනවා |
කළු දුම් වලාවෙන් හිසකේ රැලි | වෙනවා |
දවසම හිටන් සිට පා යුඟ | රිදෙනවද |
දුහුවිලි වැදී නෙතු යුඟ කිති | කැවෙනවද |
දුම් රොටු පිරී හුස්මත් හිර | කරනවද |
මලටත් කලින් නුඹ පරවී | වැටෙනවද |
යුඟලය පාවහන් හොඳටම ඉරී | ගිය |
මතු කරවයි රතු පැහැගත් සිහින් | පය |
වැරහැලි ඇඳුම් දුහුවිල්ලෙන් වැසී | ගිය |
පෙන්වා දෙවයි නුඹෙ අසරණ | ජීවිතය |
මල් වල නැවුම් බව රැකුමට පැන් | ඉසිමින් |
දුහුවිලි වදින්නට නොමදී රැක | ගනිමින් |
වාහනයක් නවතන තුරු | ඉවැසිල්ලෙන් |
නුඹ ගෙන යන යුද්ධයෙ කෙලවරක් | කොයින් |
වෙළදම් උනත් නොවුනත් යලි හෙට | එනවා |
ඇවිදින් පුරුදු චරියාවෙම | නියැලෙනවා |
කොළ එළි දකින විට ඇස් දෙක රතු | වෙනවා |
මහ මඟ හංදියේ නුඹෙ හොඳ කල | යනවා |
Thursday, 3 October 2013
වීදියේ මල් වෙළෙන්දිය........
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment