Photo credit: /weheartit.com
සුදු දියණියනි නුබ අප දිවියට | ලැබිලා |
පහලොස් වසක් ගොස් ඇත නොදැනිම | ගෙවිලා |
නුබ ලද දිනේ මගෙ හදවත තුල | පිරිලා |
ඉතිරුන පිය සෙනේ හැමවිට යයි | වැඩිලා |
නුබ කල දෑ සිහිවෙනවා සිඟිති | වියේ |
සුරතල් කිරි සිනාවෙන් ගේ පිරිලා | ගියේ |
මහන්සි වී ගෙට ගොඩ වන විටදි | රැයේ |
නුබ මුව කමල දැක්මෙන් හැම පහව | ගියේ |
මගෙ ලැම මත දිගාවී උණුසුමට | නුබ |
නිදනා විටදි බිම තැබුමට සිතෙයි | ලොබ |
පෙන්නා දෙමින් හැමවිට පැත්තක්ම | සුභ |
ටික ටික වැඩුණි කාගෙත් සුභ පැතුම් | ලැබ |
නුබ ගීතයක් ලියලා එය | ගයද්දී |
ගිටාරය වයා තව හැඩ | දමද්දී |
අම්මා එක්ක මා එය රස | විඳිද්දී |
උපන් කඳුළු සගවමි ඇස | පෙලෙද්දී |
මගෙ සුදු දුවේ මේ ඔවදන් | අහගන්න |
චරිතය නුබේ ජීවය මෙන් | රැකගන්න |
කිසිවිට දොසක් නැගුමට ඉඩ | නොතබන්න |
සිහි බුද්ධියෙන් යුක්තව දිවි ගෙන | යන්න |
නුබ දැන් යුවතියකි හැම නෙත් සිත් | බඳින |
මට නම් සිඟිති දුවමයි මගෙ හද | රැඳුන |
ලෝකය හරිම දරුණුයි දුදනන් | වසන |
දිවි මගෙ කැප කරමි ඉන් නුබ රැක | ගන්න |
මචං,
ReplyDeleteඋබේ ආදරනීය දියනියට ශුභ උපන්දිනයකට ආසිරි පැතූ බව කියපන්.
ඔවදන් පිරි ලස්සන කවි පන්තියම රස වින්දෙමි.
දෝනි ලියා වාදනයත් සමඟ ඉදිරිපත් කල ගීතය ගැන ලියවුනු කවිය කියවූ විට; උබලත් සමඟ එම ගීතය අපත් රසවින්ද බවක් තමා ඇගුනේ...
- චින්තක.
බොහෝමත්ම ස්තූතියි මචං සුභ පැතුමට හා මගේ කවි රස වින්ඳට!!!
Deleteතාත්තා ලියන කවි සුන්දරයි සුදු දුවේ
ReplyDeleteමිහිරිතම කවිවැලක් ඔබ නමිනි ලියලුවේ
ඒ හිතට කවි මැවෙන තරු මලක් වී දුවේ
දිලී දිලී බැබලෙන්න සුබ පතමි සුදු දුවේ
උඹට ගොඩක් ස්තූතියි තිලකේ!
Deleteසුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteස්තූතියි මධූ!!!
Deleteනිශාදි දුවට... සුභ උපන් දිනයක් වේවා... සියලු සිතුම් පැතුම් ඉටුවේවා...දිනෙන් දින දියුණුවට පත්වේවා...
ReplyDeleteගොඩක් ස්තූතියි ජගත් මහත්තයා!!
Delete