පතී මහත්තයාගේ නික්මයාම පිළිබඳ සංවේගයෙනි....
කතා කළේ පීඩිත පංතිය ගැන සිනමාවේ නව මඟක් දිගේ
තිරයේ කලු සුදු චරිත මැවූ හැටි නොමියෙන සටහන් විලස හැඟේ
බලකණු එක එක බිමට වැටී යයි අනාගතය ගැන බියක් නැගේ
ගංඟාවේ වම් ඉවුර බිදුණුදා ගලනු කෙලෙස පෙර දිනයෙ වගේ
හිරු සඳු නිසලයි තරුද අසරණයි ලොව නැවතී ඇත දුරුතු මහේ
අහස් ගව්ව තව තව දුර ඈතයි කඩුල්ල ළඟ වැට බැමිද ලිහේ
සයුර වියරු වී හඬා වැටෙන සඳ උඳුම්බරා හිනැහෙනු කෙලෙසේ
මල පර වුණු දා බඹරුනි ඵල නැත රොන් සොයමින් තව ඇවිත් මෙහේ
ආදරණීය පතී මහත්තයා..... ඔබට සුබ රාත්රියක්!!!