Photo credit: agridept.gov.lk
| පසලොස්වක ගෙවී දෙදොහයි ගත | වූයේ |
| කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ | ආයේ |
| එනමුත් මගේ හද තුල ඇති සිත් | යායේ |
| අමාවකයි නිතරම හොල්මන් | පෑයේ |
| කුරහං පීදිලා සුලඟේ ළෙල | දෙනවා |
| වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි | එනවා |
| වැටකොළු පතෝලත් මැහි වල | වැජඹෙනවා |
| මෙදා කන්නේ මගෙ අටු කොටු | ඉතිරෙනවා |
| දහවල භෝග පක්ෂින්ගෙන් රැක | ගන්න |
| රෑ තුන් යමේ වණ සතුනව | පන්නන්න |
| සීතල හිමේ මගේ මේ දුක දුරු | වෙන්න |
| මේ තනි හිතට කවි සිතිවිලි | පූදින්න |
| ඔබ කැන්දන් ඇවිදිල්ලා | සුන්දරියේ |
| මේ පෝයට එක සතියයි | ගතවුයේ |
| ගෙදර ඇඳේ ඉන්නා විට ඔබ | තනියේ |
| හේනේ පැලේ කෙලෙසක සැනසෙම්ද | රැයේ |
| කිසි දින නොදැණුනා මෙතරම් | සීතලයක් |
| ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ | අඩුවක් |
| ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නට | පිරියක් |
| ඇතිවී හිත හඬයි වෙන මා කරනු | කුමක් |
| හේනට නොආවොත් අටු කොටු හිස් | වෙනවා |
| ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි | වෙනවා |
| ආදර සිනා වා තලයට මුහු | වෙනවා |
| රැවුලයි කැඳයි රැකුමට පැල වෙත | එනවා |
| කුරහං කපන තුරු මැණිකේ | ඉවසන්න |
| එලවළු ටිකත් ළඟදිම හැක ගෙට | ගන්න |
| ඒ හැම විකුණලා මසුරං | උපයන්න |
| වණ සතුරනේ මෙහාට නෑවිත් | ඉන්න |
| ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුන | විටදී |
| ඔබ මුව කමල සිහිනෙන් හද තුල | උපදී |
| දෙණියේ ලිඳෙන් නා ගෙන හෙට | දහවලදී |
| මා එමි පතිනියේ ඉනු හොඳැහින් | කන්දී |



සරු එළවලු හා සරු කවි රස වින්දා
ReplyDeleteස්තූතියි තිලකේ!!!
ReplyDeleteසෑහෙන කාලෙකින් හතරපද කවි සෙට් එකක් කියෙව්වේ,,, දැන් කට්ටිය ලියන්නෙම නිසදැස්මයි නෙහ්...
ReplyDeleteඒක ට්‍රෙන්ඩ් එකද මන්දා.
මේ පැත්තේ හක්කලං කොරාට උබට ස්තූතියි මලේ!!
Deleteකෝ මගේ කමෙන්ටුව ?
ReplyDeleteකොමෙන්ටුව ලැබුනා ඔබට ස්තූතියි!!
Deleteෆලෝවර් ගැජට්ටුව දාන්න පුලුවන් නම් හොඳයි.. එතකොට දිගටම එන්න පහසුවක්..
ReplyDeleteමේ තියෙන ගැජට්ටුව නෙමේ ෆලෝවර් එක.. මේ ජී ප්ලස් ගැජට්ටුව නෙහ්..
මට ඒක දාගන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මම ට්‍රයි කලා. ඒක හොයා ගන්න බැරි උනානේ.
Deleteමේ ටියුට් එක බැලුවා නම් හරි !
Deletehttp://www.southernspeakers.net/2013/02/adding-followers-gadget-in-blogger-post.html
බොහොම ස්තූතියි මධුරංග! මම ෆලෝවර්ස් ගැජට්ටුව දා ගත්තා.
Deleteචන්දන........උඹ දිගටම ලියපන්.... අපි එන්නම් කියවන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි මචං! මට ලොකු දහිරියක් උබගේ කමෙන්ටුව..
Delete