Pages

Thursday 19 December 2019

හැලප අයියාගේ අහඹු හමුවීම...



දිනය පසුගිය මාසයේ 23 වෙනිදායස්ථානය මරදානේ සූරිය පොත් හල් පරිශ්‍රයයිමමත් දයාබරමිත්‍රවර චූලාත්ප්‍රවීණ ගත්කතුවරමාධ්‍යවේදී චූල්‍රාභය ශාන්ත කුමාර හේරත් මහතාසේනකමල්ලී විසින් සපයා දුන් අසුන් දෙකකට බරවී සතුටු සාමීචියේ යෙදී සිටියෙමු

හදිසියේම පොත්හලට ගොඩ වැදුනු මහත්මයෙකිහෙතෙම තමන් කරපින්නාගෙන පැමිණි පොත්බෑගය අසුනක් මතින් තබා ඉන් එක් පොතක් අතට ගත්තේය.ඉන්පසු සිදුවූයේදඩ කොලයක්ලියනා රාලහාමි කෙනෙකුගේ වැනි ජවනිකාවක රඟ දැක්මකිමහතා තමන් අත ඇති පොතේපිටකවරය දෙස බලයිඉන්පසු චූලා දෙස බලයිආයෙත් චූලා වෙතින් දෑස් ඉවත් කොට පොතේපසු කවරය දෙස බලයිනැවතත් චූලා දෙස බලයි.

මෙම ක්‍රියාවලිය විනාඩියක් පමණ එක ලෙසටම සිදුවියමටත් චූලාටත් කාරණය වැටහිනිමහතාට තමන් මිළඳී ගත් පොතේ කතෘවරයා ජීවමානව හමු වී ඇතඉඳින් නිහතමාණී චූලාමහත්තයාට අතට අත දී එතුමන් තුළ වූ කුකුස දුරු කරවාමහතා මිළ දී ගෙන තිබූ චූලාගේ"මාසහ " සඛී භාර්‍යායන පොත් වලට සිය අත්සන  යොදා දුන්නේය


 මහත්තයා පොත් කඩ පැත්තෙ ඇවිත් තිබුණෙ එයාගෙ නෝනා කොණ්ඩෙ හදාගන්න සැලුන්එකකට ගිය වෙලාවෙඒක එයා කිව්වෙ හරිම තාර්කික විදිහකට. " මගේ නෝනා ගියාකොණ්ඩෙ හදා ගන්න වෙලාවෙ මං ආවා මගෙ ඔළුව හදා ගන්න. " 

මම තවත් පිරිසක් සමඟ කතා බහේ යෙදෙද් දී යට කී මහත්තයා චූලා සමඟ කතා බහේ යෙදීසිටියේයගතවූයේ මිනිත්තු කිහිපයකිචූලා මා ඇමතීය
චන්දන ඔයා දන්නවද මේ මහත්තයා කවුද කියල," එවිට මම හිස හරවා ඔහු දෙස බැලිමිඋහු....මතකයට එන්නේම නැතඋපන්තේකට දැක නැතමම අන්ද මන්ද වී ඔවුන් අසලටගියෙමිචූලා කට හඬ අවදි කළේය
"මේ මහත්තයත් ඔයා කියල දන්නෙ නෑඒත් සඳුන් සෙවණ බ්ලොග් එක ලියන චන්දනඅවුෂ්විට්ස් හී පච්චකොටන්නා කියල පරිවර්තනයක් කළ බව දන්නවා.මං කිව්වා  චන්දන තමයිමේ ඉන්නෙ කියල. "

එවිට මට කාරණය වැටහිනි.'එහෙත් මේ කොයි බ්ලොග් එක ලියන කෙනාදඅහන්නත්මොකක්ද වගේය',මම ඔළුව කසමින් ඔහු දෙස බලා සිටියෙමිමහත්තයාට වැඩේ තේරිනි.
චන්දන මං තමයි ' හැලපයාබ්ලොග් එක කරන්නෙ."
තව ඊට වඩා කුමක්දමම ඔහුව ආදරයෙන් වැළඳ ගතිමිමීට වසර දෙකකට පමණ පෙරබ්ලොග් ලෝකයේ නිතරම කරක් ගසද්දීඅරූගෙ අඩවියතිලක සිතමාතලන් වැනි බ්ලොග්අඩවි අතර හැලපයා ගේ බ්ලොග් අඩවියටද නිරතුරුවම  පිවිසි අන්දම වහා සිතට ආවේ දැඩිලෙංගතුගමකින් හදවත පුම්බවාලමිනි

හැලප අයියා අහඹු ලෙස මට හමු වූයේ එලෙසිනිමේ  වෙනුවෙන් මා ලියූ සහෘද සටහනයිඑහෙත් මෙම සටහනේ මාතෘකාව ලිවීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතීමට මටසිදුවිය.එනම් "හැලප..යාගේ අහඹු හමු වීමලෙස ලියම්දෝ නොලියම්දෝ යන්නපිළිබඳවය.අවසානයේ කාගෙත් ඇඟට ගුණ ලෙසින් "හැලප අයියාගේ අහඹු හමු වීමලෙසින් ලියූවෙමි


චන්දන ගුණසේකර

Wednesday 23 October 2019

ඒ අහඹු හැන්ඳෑව....



ජීවිතයේ යම් යම් දේ සිදු වන්නේ ඉතාමත්ම අහඹු ලෙසිනිමා කළකුළුඳුල් පරිවර්තනය ඇයගේද කුළුඳුල් නවකතාව වියඇය තම කෘතියරසිකයින් වැළඳ ගනිතැයි නොසිතුවායපළමුවම පිටපත් සියයක් පමණක් මුද්‍රණය කළේ එහෙයිනිමම  මගේ කුළුඳුල් නිර්මාණය රසිකයින්මෙලෙසින් වැළඳ ගනිතැයි නොසිතුවෙමිඑහෙත් ඇයගේත් මගෙත් කෘතිපාඨකයින් නොසිතූ අයුරින් වැළඳ ගත්හ.

ඊයේ රාත්‍රියේ  ලංඩනයේ රාජකීය උත්සව ශාලාවට පැමිණියාය ඇයගේ දෙවැනි කෘතිය වූ Cilka's Journey ජනගත කිරීම උදේසායිඇය වෙන කවුරුන් හෝ නොව තම කුළුඳුල් නවකතාව වූ The Tattooist of Aushwitze කෘතියෙන් අන්තර්ජාතික කීර්තියට පත් හෙදර් මොරිස් මහත්මියයි.

මම මෙම උත්සවය ප්‍රවේශ පත්‍රයක් වෙන් කර ගත්තේ මීට දෙමසකකට පමණ පෙරයඑදා ඉදිරිපෙළේඉතිරිව තිබූ එකම අසුන වෙන් කර ගැනීමට මම සමත් විමිඑහෙත් ඊයේ රාත්‍රියේ එහි ගොස් අසුන් ගත්විට දෛවය අහඹු ලෙස මට කෙතරම් කාරුණික වී ඇතිදැයි අවබෝධ විය.වේදිකාව මත හිඳ  ඇයපැවැත්වූ සාකච්ඡවේදී ඇය අසුන් ගත්තේ මා හිඳ සිටි අසුනට කෙළින්ම ඉඳිරියෙන් තිබූ අසුනේයමටදශමයකින් හෝ ගෙල හැරවීමට අවැසි නොවිනිමා සිටි තැන සිට මීටර 4 ක්පමණ දුරින් ඇස්මට්ටමේම,මට හරි කෙළින්  වාඩි වී තම දෙසුම කරගෙන ගියාය

ඉතාමත් හෘදයාංගමවත්ආකාර්ණීයවත් පැවති සාකච්ඡාව පැය එක හමාරකින් අවසන් වියඉන්පසුඑළඹියේ රසිකයන් සතු කරගත් ඇයගේ පොත්  ලවා අත්සන් කරවා ගැනීමේ අවස්ථාවයිඉතාම සුන්දරහා අව්‍යාජ සිනාහවකින් මුව සරසාගත් හෙදර් මහත්‍මිය උදාසැන හිරු හා හිනැහෙන වතුසුදු මලක් සේපැහැබරව කා සමඟත් ලෙංගතුව කතා බහ කරමින් ඡායාරූපවලටද පෙනී සිටියාය

පැය එක හමාරක් පමණ පෝලිමේ සිටගෙන සිටීමෙන් අනතුරුව මගේ වාරය පැමිණියේයඑතරම්වෙලාවක් සිටගෙන හිඳීමෙන් කෙඩෙත්තු වූ පාද වල විඩාවද දිවා ආහාරයෙන් පසුබී කෝපි වඩියටඅමතරව කිසිත් නොවැටුනු කුසින් නැඟී අඳෝනාවද මොහොතකින් අමතක විය

මම ඇයට මුළින්ම මගේ පරිවර්තව කෘතිය පිළිගැන්නුවෙමිඑය දුටු වහාම ඇය හුනස්නින් විඳුලියක් මෙන්නැඟී සිටියායදෑස් සතුටින් දිලිසෙන්නට පටන් ගැනුනු අතර මුව පුරා නැඟුනේ තමන් වසර ගණනාවක් පුරාසොයමින් වුන් තම හදවතට කිට්ටුම අයෙකු හදිසියේම ඇස ගැටුනහොත් ඇතිවන අන්දමේ ආදණීයසිනහවකි

මා ඔබව හමු වේ යැයි ආසවෙන් බලා සිටියා," ඇය සිනා සෙමින් පවසා මගේ පොත ඇයගේ සහයකසහයිකාවන්ට හා ඇයගේ ප්‍රකාශකයින්ට ඉතාමත් ආඩම්බරයෙන් ගෙන හැර පෑවායමගේ උරහිසටආදරයෙන් තට්ටු කළ ඇය තම හෘදයාංගමබව හා කෘතවේදිත්වය පළ කර සිටියාය

සතුටට මගේ දෑස් බොඳ වී යන හැඩක් මට දැනුනිමට වදනක් හෝ මුවට නඟා ගත නොහැකි වියඉන්පසු  පොත ඇයට පිළිගන්වා අනෙක් පොත්වලට ඇගේ අත්සන ලබා ගතිමිමගේ පොත  සුරතෙහිහා ඇගේ පොත මා අත දරා වුන් ඡායාරූපයට ඇය ඉතාම ආදරයෙන් මුහුණ දුන්නායමම සමුගෙනයන්නට සැරසෙත්ම ඇය තම හදවතට සුරත තබා නැවතත් මට ආදරණීය සිනහවකින් සංග්‍රහ කළායඉන්පසු ඉතාමත්ම ලෙංගතව මා වැළඳ ගත්තාය.

මම ඉමහත් අමන්දානන්දයට පත් වීමිතමන් ලියූ පරිවර්තන කෘතියේ මුල් කතුවරිය හමු වීමම කොතරම්නම් භාග්‍යක්දකෙතරම් අසීරු කාරියක්දඑහෙත් එම අවස්ථාව ලැබීමට මම වාසනාවන්ත විමි.

ඇගෙන් සමුගෙන මඟට බට මට ලංඩනයේ සීතල නොදැනුනි.සතුටින් මුළු ගතම උණුසුම් වී තිබිණිදිඟුසුසුමකින් ළය සැහැල්ලු කරගත් මම වළාකුළු පිරි ලංඩන් අහස දෙසට නෙතු යොමු කළෙමිවළා අතුරින්එබී බලන සඳ මගේ නෙතු ගැටිනි අසලම වූ පුංචි තාරකාවක් නිහතමාණීව බැබලෙමින් තිබිණි

චන්දන ගුණසේකර

Thursday 5 September 2019

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා....



පූර්විකාව..

ලලී, තමන් වෙත පෑ ' කොළ කැබැල්ල ' ගැනීමට උත්සුක වූවා මිස හිස ඔසවා ඒ දෙස නොබැලීමට උත්සහ ගත්තේය. ඔහු එහි වූ ඉලක්කම් පහ, එය දුන් තරුණියගේ වම් බාහුවේ කෙටිය යුතු විය. ඇයගේ අතෙහි දැනටමත් අංකයක් වූවද එය දුර්වර්ණ වී මැකී යාමට ආසන්නව තිබිණි. ඔහු ඉතාමත්ම මෘදු ලෙස පච්ච කෙටීමට යොදා ගන්නා ඉඳිකටුව ඇයගේ වම් බාහුවට තබා තද කොට, තුනේ ඉලක්කම ඇන්ඳේය. ලේ දහරාවක් ඉන් පිටතට විඳිණි. එනමුත් ඉඳිකට්ට ප්‍රමාණවත් තරමට සම ඇතුළට නොගිය හෙයින් ඔහුට නැවතත් අංක තුන මතම කටුව යැවීමට සිදුවිය. ඇය වේදනාවෙන් හැකිළුනේ නැති වුවත් මෙය ඇයට හිරිහැරයක් බව ළලී හොඳින්ම දැන සිටියේය. නමුත් ඔවුනට අනතුරු හඟවා තිබුණේ, කිසිවක් නොකියන්න සහ කිසිවක් නොකරන්නටයි. ඔවුන් හුස්ම ගන්නා ඇවිඳින මළමිනී බඳු වූහ. ඔහු හනික ඇයගේ අතෙහි වූ ලේ පිසදමා තුවාලය මත කොළ පැහැ තීන්ත ඇතිල්ලුවේය.

" ඉක්මන් කරනවා" පෙපන් කෙඳිරීය.

ලලී, මේ කාරියට වැඩි වෙලාවක් ගත්තේය. මිනිසකුගේ අතේ පච්චයක් කෙටීම එක දෙයකි. එහෙත් තරුණ කෙල්ලකගේ සිරුර පච්චයකින් වුවද කෙලෙසීම ඔහු තුළ ඇතිකළේ තැතිගැන්මකි. හිස ඔසවා යාන්තමින් බැලූ ලලීට, පෝලිමට සිටගෙන සිටින තරුණියන් පසුකර හිමින්සීරුවේ ඉඳිරියට ඇදෙන සුදු කබායක් හැඳි මිනිසකු ඇස ගැටිණි. ඉඳ හිට මේ අමුත්තා නැවතී, බියෙන් තැතිගත් සුදු මැලි මුහුණින් යුතු තරුණියන්ගේ මුහුණු සහ අඟපසඟ පරීක්ෂාවෙන් බැලීමටද අමතක නොකළේය. අවසානයේ ඔහු ළලී වෙත ළඟා විය. ළලී තරුණියගේ අත, ඔහුට හැකි උපරිමයෙන් ඉතාමත්ම මෘදුව අල්ලාගෙන සිටිද්දී සුදු කබාකාරයා ඇයගේ මුහුණ ඉතා දැඩි ලෙස අල්ලා දෙපසට සෙලවීය. ළලී ඇයගේ තැතිගත් දෙනෙත් දෙස වහා හිස ඔසවා බැලුවේ එවිටය . ඇයගේ තොල් යමක් කීමට මෙන් සෙලවිනි. වහාම ක්‍රියාත්මක වූ ළලී ඇයගේ අත තදින් මිරිකා ඇයව ඉන් වලාකාලීය. ඇය ලලී දෙස බැලු විට, ඔහු මුවින් " ෂ්ෂ්..!!" හඬක් නගා ඇයට නිහඬ වන ලෙස ඉඟි කළ අතර එකෙණෙහිම වාගේ සුදු කබාකාරයාද ඇයගේ මුහුණ අතහැර දමා එතැනින් ඉවත් විය. 

" බොහොම අගෙයි!" යැයි මිමිණු ලලී, ඉතිරි ඉලක්කම සතර වූ 4 9 0 හා 2 ද ඇයගේ අතේ කෙටීමට සූදානම් විය. එම අංකද කොටා අවසන් කළ ඔහු, ඇයගේ අත උවමනාවටත් වඩා වැඩි කාලයක් අල්වාගෙන සිටිමින්ම නැවතත් ඇයගේ දෑස් වෙත එබී බැලීය. ඔහු මහත් ආයාසයකින් සිනාහවක් උපදවාගත් කල, ඇයද පෙරළා සිහින් සිනහවක් ඔහු වෙත පෑවාය. ඒ කෙසේ වෙතත් ඔහු හමුවේ පොපියන ඇයගේ දෙනෙත දුටු ලලීට , ප්‍රථම වරට තම හදවත නතර වූ බව සහ ඒ සමඟ ගැහෙන බවද හැඟී ගියේය. හදවත කෙතරම් තදින් හා වේගයෙන් ගැහුණාද කියතොත් එය පපු කුහරය ඉරාගෙන එළියට පැනීමේ අවදානමක පවා ඇති හැටියක් ඔහුට දැනිණි. ඔහු පොළොව දෙසට නෙතු හරවා ගත් අතර එය භ්‍රමණය වන්නා සේ විය. එවිටම තවත් ' කොළ කැබැල්ලක්' ඔහුට භාර දුනි. 

" ඉක්මන් කරනවා ලලී! " පෙපන් මහා හදිසියකින් මෙන් මිමිනූ අතර ඔහු නැවතත් හිස ඔසවා බලද්දී ඇය පෙනෙන්නට නොසිටියාය....

ඒ අද්වීතීය ප්‍රේම පුරාණයේ ඇරඹුම මෙයයි. මෙතෙක් කාලයට ලෝකයේ බිහි වූ ම්ලේච ඒකාධිපතියන් අතර ඉහළින්ම සිටනා ජර්මනියෙ මිනීමරු හිට්ලර්ගේ වධකාගාරයක නරා දුක් විඳි තවත් එක් යුදෙව්වකු පමණක් වුවත් ලලීට තිබුණේ කාටවත් නොතිබුණ ආකාරයේ කතාවකි. තමන්ගේ ජාතිය සිරගෙදරක දුක් විඳ මිය යාමට හේතුවක් වූ මිලියන ගණනක් මිනිසුන් අතර තවත් එක මිනිසකු පමණක් වුවත් ඔහුට අද්වීතීය ප්‍රේම කතාවක් තිබිණි.

කතාව ඇරඹෙන්නේ මෙලෙසිනි,

" අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා....

පළමුවෙනි පරිච්ඡේදය- 1942 බක් මාසය..

ලලී, ඉතා කඩිනමින් ගම් නියම්ගම් පසු කරමින් සිටියේය. ඔහු හිස කෙළින් තබාගෙන පසුවූයේ දැන් ඉතිං ඔහුට ඔහුම පමණක්ම නොවේදැයි සිතමිනි. මේ වයස 24 ක යෞවනයාට තමන් පසෙකින් වුන් ඉඳහිට ඔහුගේ උරහිසෙහි ඇතිල්ලුණු මිනිසාව පවා හඳුනා ගැනීමේ කිසිදු උවමනාවක් නොමැති බවක් පෙනෙන්ට තිබිණි. එහෙත් ලලී ඔහුව ඉවතට තල්ලුකර නොදැම්මේය. ඔහු, ඒ මොහොතේ ගොවිපළ සතුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා දුම්රිය මැඳිරියක් ඇතුළට ගාල් කළ අසීමිත මිනිසුන් පිරිසක් අතරින් එකෙකු පමණක් විය. ඔවුන් කුමන ගමනාන්තයක් වෙත යන්නේ දැයි නිනව්වක් නොවුනද , ළලී තමාගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් එනම්, රැල්ලක්වත් නොහිටින සේ ඉස්තිරික්ක කළ කලිසම, පිරිසිදු සුදු පැහැ කමිසය සහ ටයි පටියෙන් සැරසී සිටියේය. ඔහු කවදත් ඇන්ඳේ කැපී පෙනෙන ලෙසටය. 

තමන් සිර වී සිටින මැඳිරියේ දිඟ පළල හිතින් මැන ගැනීමට ළලී උත්සහ කළේ කාන්සිය පලවා හැර ගන්නට මෙනි. මැඳිරිය මීටර දෙකහමාරක් පමණ පළල වූ අතර එහි දිඟ සිතාගැනීමට එහි කෙළවර ඔහුට නොපෙනුණි. ඉන් පසු ඔහු, ඔවුන් යන මේ චාරිකාවේ, තමන් සමඟ ගමන් ගන්නා මිනිසුන් ප්‍රමාණය ගණන් කිරීමට කිහිප විටක්ම උත්සහ ගත් නමුත්, ආකාසේ වරින් වර දැල්වී නිවෙන තාරකා මෙන් තැනින් තැන, විටින් විට මතුවන ඔළු ගෙඩි නිසා ඒ කාරිය කිරීම ඉතාම අසීරු කටයුත්තක් බව ඉක්මනින්ම ඔහුට වැටහනි. අවසානයේ මිනිසුන් ප්‍රමාණය ගණන් කිරීමේ උත්සහය ඔහු අතහැර දැමුවේය. එපමණක් නොව මෙවැනිම දුම්රිය පෙට්ටි කොපමණ ප්‍රමාණයක් ඇතිදැයිද වත් ඔහු දැනගෙන සිටියේ නැත. එකතැනම සිර වී සිටීමෙන් ඔහුගේ පිට කොන්ඳ සහ පාද රිඳුම් දුන් අතර මුහුණෙ කැසීමක්ද ඇති වුණේ ඔහුව තව තවත් අසීරු තත්වයකට පත් කරමිනි. මුහුණේ වූ රැවුල් කොට, ඔහු මීට දින දෙකකට පෙර මේ දුම්රියට ගොඩ වූ දා පටන්, ඇඟපත සෝදා ගත්තේවත් රැවුල කැපූවේවත් නැති බව ඔහුට කියා පෑවේය. ඔහුට තමා අන්තම අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇති බව වැටහිණි.

ලලී සොකලෙව් ඒ ඔහුගේ නමයි( ඔහුට උපතේදී ලැබුණු නම ලුඩ්විග් අයිසන්බර්ග් වූවත්), ස්ලොවැකියාවේ යුදෙව්වෙකු ලෙස උපත ලැබීම ඔහුට මිනීමරු හිට්ලර්ගේ වධකාගාර අතුරින් තවත් එක් දරුණුම වධකාගාරයක් වූ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් හී වසර ගණනාවක් සිර වී අපාදුක් විඳින්නට සිදුවූ එකම සුදුසුකම විය. එහෙත් ඔහුට එක් අරමුණක් තිබිණි. එකම එක අධිෂ්ඨානයක් තිබිණි. එනම් කවදා හෝ දිවිය රැකගෙන මේ වධකාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිටවීමයි. 

වසර ගණනාවක් අවුෂ්විට්ස් හී ගත කළ දිවියේදී ඔහුට කිහිපවික්ම මරණය ළඟටම පැමිණ ඇරයුම් කොට ආපසු ගියේය. අන්තිම අමානුෂික දඬුවම් වලට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඒ එකකින්වත් ඔහුගේ කෙසේ හෝ දිවි රැකගනිමියි යන අධිෂ්ඨානයට අබමල් රේණුවක තරමින් හෝ බලපෑමක් කිරීමට නම් නොහැකි විය. 

ඔහු මිනිසුන් මරණ හැටි, මිය යන හැටි, අමානුෂික දුක් විඳින හැටි, දැඩි දඬුවම් ලබන හැටි සියැසින්ම දුටවේය. එහෙත් ඒ හැමවිටම තව තවත් ධෛර්‍යමත් වෙමින් ඔහු ජීවත් විය. හැකි හැම විටම ජාතියක් ආගමක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැමටම හැකි පමණින් උදව් කළේය. අති උතුම් බුද්ධ දර්ශනයේ උගන්වන ලෙස දිට්ඨ ධමම වේදනීය කර්මයක් ලෙස ඔහුට ඒ කළ උදව් ඒ අත්මයේදීම පළ දීම ආශ්චර්‍යක්ම විය. කිහිප විටක්ම ඔහු නිතරම මරණය අත වනන ඒ අඳුරු මිනීමරු වධකාගාරයේදී මරණයෙන් බේරුණේ ඒ අනුහසිනි. 

මේ අතර මේ සටහනේ මුලින්ම මා පූර්විකාව ලෙස ඉදිරිපත් කළ ලලීගේ දිවිය වෙනස් කළ ඒ දෑස හමු වීම ඔහුගේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක් කළ ස්වර්ණමය මොහොත විය. 

ගීටා නම් වූ ඒ තරුණියද ලලී උපන් බිම වූ ස්ලොවැකියාවේ උපන් ස්ලොවැකියානු ජාතික යුදෙව් තරුණියකි. ඇයද තවත් සිරකරුවන් පිරිසක් සමඟ අවුෂ්විට්ස් කඳවුරට ගෙන එන ලදී. අනෙක් සිර කටුවන්ට මෙන්ම ඇයගේ අතෙහිද අංකය කෙටීමට සිදුවූයේ ළලීටය. ඇයගේ අතේ පච්චය කෙටූ දාම ඇය ඔහුගේ හදවතට ඇතුළු වූවාය. ඒ සිදුවීම ලලී පැවසුවේ මෙලෙසින්ය. " I tatooed her number on her left arm and she tatooed her number in my heart , මම ඇයගේ වම් අතේ ඇයගේ නොම්බරය පච්ච කෙටීමි. ඇය මගේ හදෙහි ඇයගේ නොම්බරය පච්ච කෙටුවාය" යනුවෙනි. 

වසර ගණනාවක් මරණයෙන් බේරෙමින්, සමහර විට මරු තුරුලටම ගොස් ආපසු එමින් හා එකිනෙකාට උදව් කර ගනිමින් ඔවුන් ගත කළ ජීවිතය හා උත්තරීතර ආදරයක නාමයෙන් ඔවුන් එකිනෙකාට කරගත් කැපකිරීම් අති ප්‍රශංසනීයය. සැබෑ ආදරකට මෙයටත් වඩා තවත් උදාහරණ කොට දැක්විය හැකි කතාවක් ඇතැයි මටනම් නොසිතේ. මේ වධකාගාර තුළ ඇතිවූ , පැවතියා වූ සහ බොහෝවිට බහුරයකගේ මරණයත් සමඟම වැළලී ගියා වූ දහසකුත් එකක් කතාන්දර අතර ලලීගේ සහ ගීටාගේ කතාව සුවිශේෂී වන්නේ එහෙයිනි. 

ලලී ඉතාමත්ම ක්ෂූක්ෂම අයුරින් SS භටයෙකුගේ සිත දිනා ගත් ආකාරයත්, පිටතින් වැඩ සඳහා පැමිණෙන ශ්‍රමිකයන් හා එක්වෙමින් කළා වූ වික්‍රමයන්ද අද්විතීයය. ඔහුගේ අවංක, හොඳ හිත සැමවිටම ඔහුව නපුරින් රැකගත් පලිහක් විය.

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා එසේත් නැතිනම් " The taoooist of Auschwitz" පොතේ ගලා යන්නේ ඔවුන්ගේ ඒ සැබෑ ආදරයේ සත්‍ය කතා පුවතයි. වරෙක සංවේදීද වරෙක අඟේ ලොමුදැහැ ගැන්වෙන සුළු වූද මේ සත්‍ය පුවත ඉංගිරිසි බසින් අපට ගෙන එන්නෙ හීතර් මොරිස් නම් වූ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි නවසීලන්ත ජාතික කතුවරියයි. ඇය සරල හා ළගන්නා සුළු බසින් ගෙන එන මේ කතා පුවත අපට ගම්‍ය කරන්නේ මේ නපුරු සමාජයේ කෘරත්වය පරදා සැබෑ ආදරය හා ස්නේහය ජය ගත් තවත් එක් උත්තරීතර නිමේෂයක් විලසිනි. 

ලලී සමඟ කළ සම්මුඛ සාකච්ඡාව මෙතැනින්
https://youtu.be/u_hOwsy4AM8

හීතර් මොරිස්ට කීමට ඇති දේ මෙතැනින්
https://youtu.be/70pxBGXkm9E

පසු සටහන:

මම මෙතෙක් කලක් ලියූවේ මගේ සහෝදර ලේඛක ලේඛිකාවන් ලියූ පත පොත ගැනය. එහෙත් අද වෙනසක් ඇත. මම එය ඔබට පවසන්නෙමි. අද මා මේ ලියන්නේ මා විසින්ම කරන ලද පරිවර්තනයක් පිළිබඳව වීම ඒ මහා වෙනසයි. 

එදා මම මේ සටහන ලියනා මොහොතේ මෙම පොත මගේ මව්බිමේ පාඨකයින්ට සිංහලෙන් කියවීම සඳහා පරිවර්තනය කරමියි යන අදහස මගේ සිත තුළ පැවති සිහිනයක් පමණක්ම විය. එහෙත් එම සිහිනය සැබෑ වී ඇති මේ මොහොතේ එහි ප්‍රහර්ශයෙන් මත් වී මම මේ පසු සටහන ලියමි. එම හැඟීම විස්තර කිරීමට මට වචන නැත. එය තමන්ම විඳ බැලිය යුතුය. මම පොතේ නැවුම් පිටුවල ඇති ඒ කවදත් මම ප්‍රිය කළ තීන්ත සුවඳට ඉව කරමි. එයින් එන්නේ මගේ ආත්මයේම සුවඳයි. මා සුයාමයක පාවි යන්නාක් මෙනි. මම තවත් කිසිත් නොකියමි. මගේ පරිවරතනයේ ගුණ දොස් පැවසීම ඔබට භාර කරමි.

ඉඳින්, සහෘද හිතවතුනි, මගේ කුළුඳුල් පරිවර්තනය කියවා වචනයකින් හෝ ඔබගේ අදහසක් දක්වන මෙන් ඇරයුම් කරමින් මම නවතිමි.



චන්දන ගුණසේකර

Monday 26 August 2019

සහෘද ඔබට මගෙන් වචනයක් හද පත්ලෙන්ම නැගෙන.....



සාර්ථක හා පරිපූර්ණ මිනිසකුබවට පත්වීමට නම් කාරණා ත්‍රිත්වයක් සම්පූර්ණ කළ යුතුව ඇතිබව පත පොතේ කියවෙනා ප්‍රකට කරුණකි. පැවසෙනා ආකාරයට පූර්ණ මිනිසකු වීමට නම්, ඵලදායී ගසක් සිටුවා තිබිය යුතුය. සමාජයට වැඩදායී පුතෙකු තනා තිබිය යුතුය. අවසාන කාරණය නම් සමාජය යහපත් කරනා හා පාඨක මනසේ නැණ නුවන වඩනා පොතක් ලියා තිබිය යුතුය යන්නයි.

මින් පළ ඇති රුකක් සිටුවීමේ වාසනාව මගේ පියාණන්ට පිංසිදු වන්නට මට වයස අවුරුදු එකක් සපිරෙනදා උදාකර ගැනීමට මට හැකිවිය. අද එතුමන් අප අතර නැතත් එදා ඒ සිටවූ කොස් පැළය, අතු පතර විහිදා මහා වෘක්ෂයක් වී සිටිනා අද දින එතුමන්ව සිහි ගන්වන්නේ හද පිරි සතුටිනි. ඉන්පසුව ලක්බිමෙහි පමණක් නොව එංගලන්තයේද සිටුවා ඇති ගස් නම් රාශියකි.

මෙහි දෙවැනි කාරණය වූ පුතෙකු හැදීම, මට වයස අවුරුදු 32 සම්පූර්ණ වෙද්දී ඉෂ්ට සිද්ධ කරගැනීමට තරම්ද මම භග්‍යවන්තයකු වූයෙමි. අද වසර 19 ක ගැටවරයකු වන මා පුතණුවන් සමාජයට වැඩදායී පුද්ගලයකුවන බවට මා තුළ ඇත්තෙ තදබල විශ්වාසයකි.

එහෙත් පරිපූර්ණ මිනිසකු වීමට අවැසි තෙවනි කාරණය වූ පොතක් ලියා පළ කිරීමට නම්, මට වසර 51 ක්ම බලා සිටින්නට සිදු විය. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ මොහොත දක්වා ගලා ගිය මගේ දිවි ගංඟාවේ අන්දරයයි.

අලුතින් මුද්‍රණය කළ පොතක හෝ පත්තරයක අකුරු අතර රැඳී තිබෙන ඒ තීන්ත සුවඳට මම පෙම් බැන්ඳේ යන්තම් මා බහ තෝරන වයසේ සිටමය. එහෙත් අද මා මේ විඳින්නට යන ඒ තීන්ත සුවඳ, වෙනදා විඳි සුවඳට වැඩියෙන් වෙනස් බැව් මම දනිමි. ඒ මන්ද යත් අද මේ සුවඳ හමන්නේ මා විසින්ම ලියූ පොතකින් වීමය. මෙය මගේ කුළුඳුල් පරිවර්තන කෘතියයි.

මගේම කවි පොතක් හෝ නව කතාවක් ලියා මුද්‍රණද්වාරයෙන් පළ කිරීම කලක සිටම මගේ සිතේ පැලපදියම්ව තිබූ සැබෑ නොවුණු සිහිනයකි. එහෙයින්, ඒ සිහිනය සැබෑවක් වන අද දිනය මගේ දිවියේ සතුටුම සහ අමතක නොවනම දිනය යැයි මට සිතේ.

මට යමක් ලියන්නට හෝ කවියක් පබඳින්නට යම් හැකියාවක් ඇති බව මුලින්ම හඳුනා ගත්තේ මගේ සිංහල ගුරුතුමියන් වූ සුනීතා සහ සුජාතා යන ගුරු මෑණිවරුන්ය. එහෙයින් එතුමියන් දෙපළ, මෙම අවස්ථාවේ මම ගෞරවසම්ප්‍රයුක්තව පළමු කොටම සිහිපත් කරමි. ඉන් පසුව මගේ කියැවීමේ පිපාසය සංසිඳවීමට මට පොත පත රැගෙන දුන් මගේ ආදරණීය අම්මා සහ මට චිත්‍ර කතා පත්තර හා චිත්‍රපට බලන්නට සීමා වැටකඬොලු නොබැඳ ඒ සඳහා අනුග්‍රහය දක්වා මගේ පරිකල්පනය හා නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට රුකුලක් වූ මගේ ආදරණීය තාත්තාවද ඉතාමත්ම සෙනෙහසින් සිහිපත් කරමි.

අපොස සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් තෝරාගත් හෙයින් සිංහල , සිංහල සාහිත්‍ය හා නිර්මාණ රස විඳීම වැනි මා ඉතාමත්ම පෙම් බැඳි අංශ පිළිබඳව අධ්‍යනය, මගෙන් ගිලිහී ගියද ඉඳහිට නවකතාවක් කියවීම සහ නිරතුරුවම කලාත්මක සිනමා පටයක් නැරඹීම නම් මම අත් නොහැරියෙමි. එහෙත් 1995 දී මව්බිම අතැර එංගලන්තයට පැමිණීමෙන්, කලාව පැත්තෙන් මට බොහෝ දේ මඟහැරී ගිය බව මම ඉතාමත්ම දුකින් හා පසුතැවිල්ලෙන් යුතුව සිහිපත් කරමි. එසේ නිර්මාණකාරයේ නොයෙදී ගතවූ කාලය වසර විස්සකි.

එහෙත් 2013 වසරේ දී පමණ අහම්බෙන් මෙන් මුහුණු පොතට සම්බන්ධ වීමත් ඒ මඟින් පැරණි මිතුරන් හා සම්බන්ධ වීමට ලැබීමත් මගේ නිර්මාණ දිවියේ පුනරාගමනය සනිටුහන් කිරීමට දායකවූයේ වෙස්වලාගත් ආශීර්වාදයක් විලසිනි. විශේෂයෙන්ම මට මුහුණු පොතින් හමු වූ මා සමඟ පේරාදෙණිය සරසවියේ එකට අකුරු කළ තිලකසිරි ඒකනායක සොයුරාගේ මඟ පෙන්වීම යටතේ බ්ලොග් ලෝකයට අවතීර්ණ වීමත් හා කවි පිටුවලට සම්බන්ධවීමත්, කලාවට පණ මෙන් ආදරය කළ මගේ දෙවැනි උපත මෙන් විය. ඒ කාලයේම සිංහල යතුරු පුවරුවද ප්‍රචලිතවීම මගේ නිර්මාණ දිවිය නම්වූ පනින රිළවාට බැඳි ඉණිමඟක්ම වූයේ වසර 20ක් පුරා හදවතේ සිරව තිබූ හැඟීම් වාන කඩාගෙන ගලනා වැවක් සේ උතුරා යාම ඒ මඟින් සිදුවූ නිසාය. එහෙයින් මේ මඟට මා යොමු කළ මගේ සහෝදර තිලකේව ( තිලකසිරි ඒකනායකව) සහෝදරත්වයෙන් මුලින්ම සිහිපත් කරමි. ඉන්පසු මට කවි ලොවේ සහ බ්ලොග් අවකාශයේ බොහෝ පිරිස් හමු විය. ඒ අතුරින් සමුද්‍රා ජයලත් සොයුරිය, නේත්‍රා කපුරුසිංහ සොයුරිය, ගුණවර්ධන රත්නායක , ධර්මසිරි වීරක්කොඩි, ඥානතිලක හේවාගමගේ වැනි සොයුරන් සඳැස් කවියේ රීතීන්ගෙන් මා දැනුවත් කළෝය. මේ අවස්ථාවේ ඔවුනටද මගේ ප්‍රණාමය පුද කරමි.

ඉන්පසු මා වරින් වර මුහුණු පොතට ලියූ ලිපි අගය කරමින් මා දිරිමත් කළ පිරිස් නම් බොහෝය. ඔවුන් හැමවිටම මගෙන් විමසුවේ මේ කවි සහ ලිපි පොතක් විලසින් එළි දැක්වෙන්නේ කවදාකයද යන පැනයයි. ඒ මිතුරන් අතරින් ඉහළින්ම සිටින්නේ, මගේ සහෝදර සුදත් දේවප්‍රිය නම් වූ ඒ සුවිශේෂී මිනිසාය. ඉන්පසු, සම්මානනීය ලේඛක නෝබට් අයගමගේ, මංජුල වෙඩිවර්ධන, සමන් ආතාවුදහෙට්ටි, නයනසේන වන්නිනායක, තිලකසිරි ඒකනායක, ශ්‍යාම් මුණසිංහ,ලලිත් බෝපිටිය, මෙලනි තෙන්නකෝන්, චාන්දනී සමරකෝන්, මදාරා කුමාරී, නදීකා දේවනාරායන, කල්‍යාණි ගොඩමුල්ල, අසංගී විජේසූරිය, ජයසිරි අලවත්ත, පූජ්‍ය මේධානන්ද හිමි ඇතුළු බොහෝ පිරිස් මගේ මතකයට එයි. ඒ හැම නමක්ම මෙහි සඳහන් කිරීමට නොහැකි වීම පිළිබඳව මම කණගාටු වෙමි.

එමෙන්ම හැමවිටම මා දිරිමත්කරන මගේම නැඟෙණියන් දෙදෙනා වූ ශ්‍යාමා ගුණසේකර සහ සමන්තිකා ගුණසේකරවද මේ මොහොතේ සිහිපත් කරන්නේ ඉතාමත්ම ආදරයෙනි. මගේ ලිවීම් කියවා බලා බොහෝ වෙහෙස ගෙන ඒවායේ අඩුපාඩු පෙන්වා දෙමින් තම අවංක අදහස් හා යෝජනා මා වෙත ඉදිරිපත් කොට මගේ කුළුඳුල් කෘතියේ වටිනාකම තවත් වැඩි කිරීමට අනුග්‍රහය දැක්වූ මා හිතාදර වේදසමුද්‍ර නවරත්න සොයුරාවද සිහිපත් කරන්නේ හදවතේ ගැඹුරුම තැනින් පිදෙන භක්තියෙනි.

මේ හැමදෙයක්ම මෙසේ සිදුවෙද්දී, මට මෙම කෘතිය මුද්‍රණය කරවා ගැනීමට සහ ලංඩනයේ පිහිටි මුල් ප්‍රකාශකයින්ගෙන් මුද්‍රණ අනුමැතිය ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කිරීමට ලංකාවේ ක්‍රියාත්මකවන පිළිගත් ප්‍රකාශන සමාගමක් තෝරා ගැනීම කළ යුතු විය. ඒ සඳහා මුහුණු පොතින් හඳුනාගත් ග්‍රන්ථ ප්‍රකාශණ සමාගම් හිමි කිහිප දෙනෙකුටම කතා කොට ඔවුන් වෙත මා ඒ වනවිට පරිවර්තනය කර තිබූ කොටස් කිහිපයක්ද යැවූ මුත්, ඔවුන් මා ප්‍රවීණ ලේඛකයකු නොවන නිසාදෝ ඒ සඳහා වැඩි උනන්දුවක් නොදැක්වූහ. මෙයින් මගේ සිත තදින්ම රිදුනු අතර පරිවර්තන ක්‍රියවලිය අතහැර දැමීමට පවා සිත්විය.

මෙලෙස මානසිකව වැටී, කර කියාගත හැකි කිසිවක් නොමැතිව අසරණව සිටි පසුගිය පෙබරවාරියේ එක් අඳුරු සීතල සන්ධ්‍යාවක, මා මුහුණු පොතින්ම හඳුනාගත් ඉතා ශූර කතා මවන ලේඛකයකු වූ පැරීසියේ ජීවත්වන මංජුල සේනාරත්න මා ඇමතීය. මුහුණු පොතින්ම හඳුනාගත් තවත් අපූරුම මිතුරකු වූ මංජුල සමඟ මෙලෙසින් සතියකට සැරයක් හෝ දෙසැරයක් කතාබහ කිරීම සාමන්‍ය දෙයක් බවට පත් වී තිබිණි. අපි පොත පත ගැන කතා කළෙමු. සිනමා නිර්මාණ ගැන කතා කළෙමු. එහෙත් එදා මා දෙඩූ පළමු වදනින්ම ඔහු මගේ මානසික කඩා වැටීම හා ආතතිය හඳුනා ගැනීමට සමත් වූයේය.
" ඒයි චන්දන මොකද බං, මුළු ලෝකෙම එපා වෙලා වගේ? මොකක්ද අවුල?"
මම ඔහුට සියලුම විස්තර පවසා සිටියෙමි. එය ඇසූ ඔහු ගත් කටටම කීවේ මෙලෙසිනි.
" අයියෝ මචං. ඕවා ඔහොම තමයි. ඔය දේවල්වලට ඔහොම වැටුනොත් උඹට ලේඛකයෙක් වෙන්න බෑ. විනාඩියක් දීපං. මගේ යාළුවෙක් ඉන්නවා, ප්‍රියංකා කහවණුගොඩ කියල. එයාලගෙ මචං පබ්ලිෂින් කොම්පැනියක් තියෙනවා " අපූරු පොත්" කියලා. හිටපං මම එයාට කතා කරන්නම්. "
සියල්ල සිදු වූයේ එතැන් සිටය. සියල්ල ඇරඹුණේ එතැන් සිටය. මම ඔවුන්ට කතා කළෙමි. ඔවුන් ඉතාමත්ම කැමැත්තෙන් මා වෙනුවෙන් ලංඩනයේ ප්‍රකාශන සමාගමට ඊමේලයක් යැවීමටත් මගේ පොත පළ කිරීමටත් එකඟ වූහ. දෛවයේ සරදමකින්දෝ ප්‍රියංකාද මගේ පරිවර්තනයේ මුල් පොතක් මිලට ගෙන එය පළ කිරීම සඳහා පරිවර්තනය කිරීමට යමෙකුට දීමට අදිටන් කරගෙන සිට තිබේ. එහෙයින් ඇය පැවසුවේ මෙවැන්නකි,
" චන්දන නියම වෙලාවට වගේ ඔයාව අපිට හමු වුණේ."
එහෙයින් මගේ හද පත්ලෙන්ම නැඟ එන ප්‍රණාමය මගේ ආදරණීය මිතුරා මංජුල සේණාරත්නටය. ඔහු නොවන්නට මෙය සිහිනයක්ම පමණකි. ඉන්පසු අපූරු පොත්හී ප්‍රියංකා කහවුණුගොඩ සොයුරියටත් ඇගේ සොයුරු මංජුල කහවණුගොඩ සහෘදයාටත් මගේ හදපිරි කෘතඥතාවය පුද කරමි.

ඉන්පසු එළඹෙන්නේ මෙම පොත මුලින්ම මගේ ඇස ගැටුණු නිමේශයයි. ඉඳ හිට ඉංග්‍රීසි භාෂාවෙන් රචිත පොතක් දෙකක් මිලට ගෙන කියවීම මගේ බිරිඳගේ පුරුද්දක් විය. පසුගිය වසරේ ඔක්තෝබරයේ පමණ ඇය අතේ "The Tattooist of Auschwitz " නම්වූ මෙම පොත තිබෙනු දුටු බව මට මතකය. කවරය සහ එහි නම දුටු සැනින්ම, දෙවන ලෝක සංග්‍රාමය සමයේ සිදුවූ සත්‍ය සිදුවීම් කියවීමට හා ඒ අනුසාරයෙන් තැනූ සිනමා පට නැරඹීමට මා තුළ වූ පිස්සුව ඇවිස්සී ආවේ මද කිපී පරල වූ ඇතෙකු පරිද්දෙනි.

එවෙලේම ඇයගෙන් පොත ඉල්ලා ගත් මම පිටු කිහිපයක් කියවා බැලුවෙමි. එසැනින්ම එම කතාව මගේ හදවත පැහැරගත් අතර මෙය ලංකාවේ සිංහල පමණක් කියවන පාඨක ජනතාව අතරට පත් කළ යුතු අගනා කතාවක් බව මගේ සිතට නැගිණි. එතැන් සිට ඇය පොත කියවා නිමකරනතෙක් නොඉවසිල්ලෙන් පසුවූ මම ඉන් අනතුරුව එය කියවන්නට පටන් ගතිමි. ත්‍රාසය,භීතිය, කුතුහලය හා සැබෑ ආදරයේ මහිමය කැටිකරගත් මෙම වෘතාන්තය කියවා නිමකළ සැනින්ම එය පරිවර්තනය කිරීම ඇරඹුවෙමි. එහෙයින් මගේ හෘදයාංගම ප්‍රණාමය මගේ පෙම්බර බිරිඳ අමා ගුණසේකරටය. මන්ද, ඇය මෙම ග්‍රන්ථය මිලඳී නොගන්නට ඔබ අද මේ කියවන පරිවර්තනය මගෙන් බිහිවීම සිදුනොවීමට ඉඩ තිබුණු නිසාවෙනි. එමෙන්ම මාස දෙක තුනක් තිස්සේ කාමරයකට වැදී දිවා රෑ නොමැතිව පොතේ පරිවර්තන කාරියේ නිරතවෙමින් ඇය සහ දරුවන් වෙනුවෙන් මගේ කාලය වෙන් නොකිරීම පිළිබඳව ඇය මා සමඟ උරණ නොවුණාය. එහෙයින් ඒ පිළබඳවද මම ඇයට කෘතඥ වෙමි.

තවද මුහුණු පොතින්ම හඳුනාගත් ප්‍රවීණ පූරක, ලේඛක හා පරිවර්තක වරයෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා මා ඇසූ සැනින්ම ඉතාමත්ම නිරහංකාරව, මට පසු වදනක් ලියා දීමට එකඟ විය. එතුමන්ටද මගේ ප්‍රණාමය.

එමෙන්ම මට නන් අයුරින් සහය වූවන් අතර සැමවිටම මා දිරිමත් කළ සමිත් ලියනගේ හා චරිත් චන්ද්‍රසේන යන සොයුරන්වද ආදරයෙන් සිහිපත් කරමි.

මෙ හැමටම වැඩියෙන් සිහිපත් කළ යුතුම වූ තවත් කෙනෙකු ඇත. මම මහා පාන්දර ජාමේ අවදි වී නිවසේ සැවොම නිදිසුව විඳිනා මොහොතේ තනිවම මගේ ලියන මේසය ළඟට වී හුදෙකලාවේ ලිවීමේ යෙදී සිටියදි, තම සුවබර නින්දත්, සැපපහසු ඇඳත් පසෙකලා මා අසලම වැතිරී මගේ ලිවීම් අවසන්වන තුරුම මගේ තනිය මැකූ අපේ සුනඛ මිතුරා, ආදරණීය බෙන්ජීවද මේ අවස්ථාවේ ඉතාමත්ම ලෙංගතු සිතින් සිහිපත් නොකළහොත් මම මහා ගුණමකුවකු වනු ඇත.

මේ සටහන නිම කිරීමට මත්තෙන් තවත් එක් කාරණයක් පැවසිය යුතුමය. පිටු 275ක් පමණ වූ මෙම පොත පරිවර්තනයේදී මට වැයවූ කාලය හා වෙහෙස ගැන සලකා බැලීමේදී, යුද්ධය හා සාමය, අපරාධය හා දඬුවම සහ කර්මසෝ සහෝදරයෝ වැනි මහා පතරංග ජාතකය මෙන් විශාල පොත් ලිවීමේදී ඒ මුල් ලේඛකයන් සහ ඒවා තවත් බසකට පරිවර්තනය කිරීමේදී ඒ පරිවර්තකයන්ද කෙතරම් නම් කැප කිරීම් කරන්නට ඇතිදැයි මට සිතුණි. ඔවුන්ගේ ඒ කැපකිරීම් අප අගය කළ යුතුමය. ඔවුන්ගේ සත්ක්‍රියාවන් අප පිදිය යුතුමය. මන්ද එහි ඇති කැපවීම, වෙහෙස හා මහන්සිය අද මා ප්‍රායෝගිකවම අත්විඳ දන්නා බැවිනි.

අවසාන වශයෙන්, මගේ ආදරණීය සහෘද පාඨක මිතුරු මිතුරියනි, දැන් මගේ මේ පරිවර්තනය අයිති ඔබටය. මගේ කුළුඳුල් කෘතිය වූ මෙහි අඩුපාඩු බොහෝ තිබෙනු ඇත. එහෙයින් මෙය කියවා බලා මෙහි හොඳ, නරක හෝ වැඩි දියුණු කළ හැකි අංශ ගැන හෝ එක වදනකින හෝ මා හට පවසන්නේ නම් ඒ පිළිබඳව ඔබ සැමටම මම ස්තූතිවන්ත වෙමි.


පිටකවරය නිර්මාණය- දිනිඳු සිරිවර්ධන

පහත අංක අමතා ලබා ගත හැකියි. 

අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

පරිවර්තනය -චන්දන ගුණසේකර  

ප්‍රකාශනය - අපූරු පොත්

20% වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගැනීමට - 0703 539 311 

වට්ටම් සහිත මිල - රුපියල් 520/=


චන්දන ගුණසේකර
2019 නිකිනි මස 24 වෙනි දින
එංගලන්තයේ වොට්ෆඩ් පුරවරයේදීය. 







Regards 

Chandana Gunasekera 

Tuesday 29 January 2019

වීරයා ගෙදර ඇවිත්....


 

 

වීරයකුට වුවද තමන් ලද වික්රමයේ නියම සතුට දැනෙන්නේ තමන්ගේ ගෙදරට විටය. මෙලෙසින් බොහෝ වීරයෝ ගෙදර ආහ. එහෙත් සමහර වීරයෝ ගෙදරට ආවෙ පෙට්ටියෙනි. එසේත් නැතිනම් අත, පය හෝ දෑස් නොමැතිවය. සමහර වීරයන්ට, ගෙදරට පෙට්ටියෙන් හෝ ඒමට වාසනාව නැතිවිය. එහෙත් ඔවුන් සැමගේම හදවත් තුළ සැමදාම වීරයන් ලෙස ජීවත් වූහ.

 

එහෙත් සමහර වීරයෝ නම් ගෙදර ඒමටත් පෙර බලු වූහ. වීරයා කියන නමටත් නිඟා දුන් ඔවුන් කෙරෙහි ජනතාවගේ හදවත් වල වූයේ පිළිකුලකි.

 

ඉඳින්, අපේ මේ කථාවේ වීරයාද ගෙදර ආවේය. එහෙත් දෑස නොමැතිව අන්ධයකු ලෙසය. ඔහු වීරයකු වූයේ කෙලෙසද, ඔහුගේ දෑස අන්ධ වූයේ කෙලෙසදැයි තවම අප නොදනිමු. එහෙත් ඔහු කාලයක් අතුරුදන්ව සිටි බව පමණක අප දනිමු.

 

ඔබට මා මේ කියන අප්රභ්රංශය කුමක්දැයි දැන්නම් කුහුලක් ඇති බවට කිසිදු සැකයක් නැත. මදක් සිටින්න. මා මේ කියන්නට යන්නේ අපේ ආදරණීය නාමල් ජයසිංහ සහෝදරයගේ තිර රචනයෙන් මුවහත්ව, සම්මානනීය අධ්යක්ෂක ආනන්ද අබේනායකයන්ගේ මෙහෙයුමින් පණ පෙවී ජාතික රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ අපේ නිවසට එන වීරයා ගැනය. එනම් " වීරයා ගෙදර ඇවිත්" නම් වූ ටෙලි නාටකය ගැනය.

 

නාමල් ජයසිංහගේ වැඩ ගැන අපි දනිමු. ඔහු තිර රචනා ලියූ "බොහීමියානුවා" , "අප්පච්චී " වැනි නාට්යද තිර පිටපත ලියා අධ්යක්ෂණය කළ " සහෝදරයා" වැනි නාට්යද නරඹා ඇති පාඨකයාට ඔහුගේ ප්රතිභාව ගැන විස්තර කිරීමට මම වචන නාස්ති කළ යුතු නැත. මන්ද ඒවා නැරඹූ අය නාමල් ජයසිංහ යනු කවරෙක්ද යන වග හොඳින්ම දන්නා බැවිනි.

 

බැද්දේ කුලවමිය, බොහීමියානුවා ඇතුළු විශිෂ්ට ටෙලි නාට් රාශියක්ම ශ්රී ලාංකීය ප්රේක්ෂකයා හට තිළිණ කළ ආනන්ද අබේනායකයන් ගැන කීමට ඇත්තේද එලෙසින්මය. ඔහු කවුද යන්න නරඹන්නෝ හොඳින්ම දනිති.

 

මෙම කථාවේ අදහස ඉනෝකා සත්යාංගනී නම්වූ අපූර්වතම අධ්යක්ෂකවරියගේය. ඇයගේ වැඩ කිඩ සම්බන්ධවද මා කුමක් කියන්නද? එහෙයින් මේ ත්රිත්වය එකතුව තැනු මේ වැඩේ 'ගහේම බඩුවක්' යැයි කියනු හැර ඊට දෙන්නට වෙන නම් විශේෂණ පදයක් මා ළඟ නැත.

 

මෙහි තවම මා නැරඹුවේ පළමු කොටස පමණි. නිර්මාණයක හොඳ හෝ නරක තීරණය කිරීමට මෙය තවමත් හිරිමල් වැඩිය. මෝරා නැතිය. එහෙත් පළමු කොටසින්ම මගේ හදවත සසල වූ බව නම් නොකියාම බැරිය.

 

කථාවේ නාමාවලිය තිරයේ දිස් වන්නේ යමකුගේ බොඳවූ දෑසකින් පෙනෙනා පසු බිමකය. එතැනින්ම අධ්යක්ෂකවරයා ප්රේක්ෂක නාඩිය කර මුලින්ම අල්ලා ඇත්තේය. පසුබිමින් ඇසෙනා කේමදාසයානු සංගීතයද ඉතා අපූරුය. හදවතේ පතුලටම වදින්නේය. එය මෙහි සංගීත අධ්යක්ෂකවරයා වූ ගයාන් ගණකදාරගේ ප්රාතිහාර්යකි.

 


ඉන්පසු තිරයේ දිස්වන්නේ ශුෂ්ක වියළි කලාපයේ මහ මාර්ගයක ධාවනය වන හුදෙකලා බසයකි. මඟ දිගට පසු වී යන කටු පඳරු සහිත ලඳු කැලෑ අප මංඩියට රහසේම ගෙන යයි. බසයේ සිටින කළු කණ්ණාඩි පැළදි තරුණයෙකි. මේ චරිතයට පණ පොවන රොෂාන් රවීන්ද්රගේ වැඩ අපි දනිමු. එහිදී දෑස් නොපෙනෙනා ඔහුගේ බෑගයද නැති වී බසයෙන් බැස කඩයක් සොයාගෙන එහෙ මෙහෙ හැපී හැපී ගමන් කරනා ආකාරය ප්රේක්ෂක හදවත සසල කරන්නේ අකුණක් ගැසුවාක් වැනි ක්ෂණිකයෙනි. එහි දී එහි බස් නැවතුමක් හෝ කඩයක් ඇතිදැයි අන්ධ තරුණයා ඇසූ පැනයට පිළිතුරු ලෙස පාරෙන් පැන්න විටම වැසූ කඩයක් ඇතිබව පවසන ගමේම කාන්තාවක එහි නවතා තිබූ බයිසිකලයද පැදගෙන පිටව යන්නේ ඔහු දෙස බලා කම්පාවෙමිනි. මේ චරිතයට පණ දෙන චාන්දනී සෙනෙවිරත්නගේ රංගනය ගැනද ප්රේක්ෂකයා හොඳින් දනිති.

 


මේ තරුණයා එදා වැසි සහිත රාත්රිය පාළු කඩයේ පිළ මත ගත කරන්නේ තමාට සදහටම උරුම වූ අන්ධකාරයේ තනිවෙමිනි. ඔහුට තමා ඇස් අඳ වී පළමුවරට කාලෙකට පසු තම අක්කාගේ නිවසට එන අන්දම අඳුරු රැයේදී සිහිපත් වේ. ඔහුගේ සොයුරිය දරුවකුද සමඟ සැමියකු නැතිව වෙසෙන බව අපට ඒත්තු යයි. ඇය හමු වන්නට එන ත්රෙයිරෝද රථ මල්ලී කවුරුන්ද? වීරයා යැයි අප දැනට අනුමාන කරන මේ තරුණයාගේ දෑස් අඳ වූයේ කෙසේද? මෙහි චාන්දනී සෙනෙවිරත්නගේ භූමිකාව කුමක්ද? ප්රශ්ණ වැලකි. මේවාට පිළිතුරු සපයා ගැනීමට නම් සෑම සෙනසුරාදා සහ ඉරිඳා දිනයන් හී රාත්රි 8.30 ජාතික රූපවාහිනියෙන් විකාශනය වන " වීරයා ගෙදර ඇවිත්" නරඹන්නටම ඔබට සිදු වනු ඇත කියා පමණක් දැනට ලියා තබමි.