Photo credit to srilankatoppicks.blogspot.com
| තිසා වැව් තලය පිස එන මඳ | පවන |
| ගත සිත පුබුදුවයි සිහි කරමින් | නිවන |
| හිරු රැස් වැටී දිලිසෙන ජල කඳ | රඟන |
| රැඟුමන් දෙවෙනි නැත මහා සයුරේ | මැවෙන |
| දුටුවිට ඉපිද මිය යන ජල | තරංග |
| සිහිකරනවා සිතුවම් මහා | අනර්ඝ |
| සතුටින් ඉපිල දඟලන මාළුන් | සමඟ |
| පිහිනා යන්න සිතෙනවා කරමින් | තරඟ |
| විලියෙන් බරිත ළඳකගේ මුහුණේ | පැහැය |
| වැටිලා රතුයි රඟදෙන මුළු ජල | තලය |
| වැව් තාවුල උඩින් හිරු බසිනා | විඳිය |
| මන බඳිනා සිත්තමකට නම් | හොඳය |
| දාගැබ් පෙළ පෙනේ මහා ජය ටැඹක් | ලෙස |
| මාර ගස්ද ඇත රණ සෙබළුන් | විලස |
| ඕළු නෙළුම් මල් ඇතිරුවා සේ | පලස |
| සුලඟේ නටයි වැඩි කරමින් බිඟු | පවස |
| පොරණේ රජවරුන් දිය කෙළියෙහි | යෙඳුන |
| දහසක් ගොවි රජුන්ගේ කෙත් අස් | වැදුන |
| ඉසුරැමුණිය අසබඩ රන් දිය | පිරුන |
| තිසා වැව් කොමළි මුළු දැයටම | අගන |
| රන් මසු උයණ දිස්වේ වැව | පාමුළම |
| ඉසුරුමුණියේ පෙම් යුවලත් ඇත | ළඟම |
| මහා පවුරක් සේ දිස්වන වැව් | බැම්ම |
| දැක්මට යන්න හිතෙනවා මට මේ | දැම්ම |

No comments:
Post a Comment