හද
ගැබ සඟවලා සුරැකිව තබාගෙන
සිටි
ඒ පිරිමි රුව හැබැහින් පතාගෙන
හදිසියෙ
නෙත ගැටී හැඟුමන් වෙලාගෙන
හිත
ආතුරයි ඇයි වෙන අත බලාගෙන
මගේ
පියා සමඟින් අප ගම පැමිණී
එදා
ඔහුගෙ දිවි උඹ මහිමෙන් රැකුණී
මහා
මැණික් කන්දක හිමිකම ලැබුණී
උඹේ
කරින් දිව මාළිඟ ඉඳි කෙරිණී
මුඳලට
යටව ගුණදම් ඉවතට ඇඳුනී
සතුටින්
සිටිය දිවියද අමතක කෙරුණී
ළඟ
නැති මිරිඟුවක පසු පස්සේ වැටුනී
මට
හිමි වුණේ කඳුළක උරුමය පමණී
යුතුකම
හිස දරන් මා හැරදා ගියද
නැත
තුන් හිතක තරහක් උපනේ මහද
ප්රේමෙන් වෙලී තුරුලුව විඳි උඹෙ සුවඳ
මතකෙහි
රඳන් සැඟැවෙමි ගංදියෙ සබඳ
ඒත් අරනෝලිස්ට හැබෑ ලෙසම ආදරය කරන්නේ ලැයිසා කියලයි මට හිතෙන්නේ. සෙදෝනා අවස්ථාවාදීව අරනෝලිස්ව ග්‍රහණයට ගන්නවා.ලැයිසා ඇයගේ හැඟිම් හිත ඇතුලෙම හිරකරගෙන අරනෝලිස්ගේ සෙනෙහස ප්‍රාර්ථානවක් කරගෙන ජීවත් වෙනවා.
ReplyDelete