විසල් මුහුනේ පුංචි නෙතු අඟ කඳුළු බිඳු ඇත | වේලිලා |
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම | බෑවිලා |
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි | නෑසිලා |
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු | මානලා |
මගෙම පුතු ලෙස හැඳු නුඹ අද යන්න යනවද මා | දමා |
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක | මෙමා |
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්යය එය | තමා |
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුනේ මරුවා වෙත නොම වී | පමා |
රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා | එදා |
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අඟ හැඬුවා ඒ හෙණ්ඩුව | බදා |
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටියා මට සෙනෙහස | පුදා |
මතු භවේදිත් පුතුව ඉපැදී සනසපං මගෙ දිවි | සදා |
Saturday, 29 March 2014
නික්ම යෑම.....
Subscribe to:
Post Comments (Atom)
මොකෝ බන් කවිම ලියන්නෙ.. අපි වගේ උන් ගැනත් ගැනත් ටිකක් හිතහන්කෝ... :(
ReplyDeleteහර්ෂණ දිසානායකගේ සිංදුවක් තියෙන්නේ, "තාත්තා වගේ "කියලා, අහලා තියනවද ? ඒක මේකේ අනිත් පැත්ත...
ඇත්තමයි සෙන්නා කවියක් ලිව්වාම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ බං. ඊටත් කථා ලියන්න හොඳ රචකයෝ ඕන තරම් ඉන්නවානේ. හොඳ කථාත් ලියන්න ඕනේ තමයි.
Deleteමම ඒ සිංදුව අහලා නෑනේ. උඹට පුළුවන්නම් ලින්ක් එක දාපංකෝ. ජය!!
http://www.youtube.com/watch?v=Njxqxi6MeJQ
Deleteතාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ...
මා ඔය දිගේ නුඹේ මඩ සෝදා හැරලා
පොල් බෝඩ කිතුල් බෝඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහ දුක් විඳලා
අපේ දුක සැප බැලුවේ නුඹේ කුස ගිනි නිවලා
බත් පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපේ ලොවට
අප ගාවට කළින් එන්නේ නුඹ ළඟට
............................................................
ගායනය - හර්ෂණ දිසානායක
පබැඳුම - ජයතිලක දිසානායක
සත්සර - සුනිල් දයානන්ද කෝනාර
මේ ඔබේම කවි සිතුවිලි නේද? ඉතාම වටිනවා. ඉහල නිර්මාණයක්.
ReplyDelete\\ගල් වඩුව, නුඹට දොස් නොකියමි.......//
මෙම පෝස්ටුවේ සිට මම ඔබව කියවන්නට පටන්ගත්තෙමි.
http://masandumal.blogspot.com/
ගොඩක් ස්තූතියි ඔබට මනෝෂ්! මාව අගය කළාට... මගේම සිතිවිලි තමයි මේ. ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජය!!
Deleteලස්සණ යි හැම දා මත් වගේ.කුමාරගම ‘දරුවො‘ කියල සත්ත්ව පැටවුන්ට අමතනව වගේ මෙතන පුතේ කියපු එක සංවේදි යි.
ReplyDeleteඔබට ගොඩක් ස්තූතියි දිලිනි! ජයම වේවා!!
Deleteහෙණ්ඩු පහරට නොවෙයි රිදුනේ එහෙම අහිතක් හෙම නැතා
ReplyDeleteමතක් විය මගේ රැහේ උදවිය යන්නේ කවදද උන් වෙතා
දිනෙක උපදින තවත් බවයක වෙන්න උන්ගෙම ලොකු පුතා
දන්වා යවපන් මාගෙ මළගම අපේ උන්ගේ දුක සිතා
උඹේ අදහස හරි මචං! මේ සත්තු කොච්චර නම් දුකක් විඳිනවද? එයාලගේ නිදහස් කැලෑ ජීවිතය අහිමි කළේ මිනිසුන්ම තමයි.
Deleteඅගනා නිර්මාණයක්. ඔබේ කවි නම් සුපිරියි
ReplyDeleteස්තූතියි විශ්ව සහෝදරයා! ජය!!
Deleteරසවත් කවි පෙලක්.
ReplyDeleteඅලි බලා ගන්න අය අතරින් සැබෑවටම ඒ සතුන්ට කරුණාව දක්වන්නෙ බොහොම අතලොස්සක් කියලයි මට හිතෙන්නෙ. හැබැයි අලින් සතුව නම් ඇහැට කඳුලු එන හැසිරීම් තියනව.
ස්තූතියි මචං!
Deleteඒ සත්තුන්ගේ කැලෑ ජීවිතය අහිමි කළා මදිවට වැඩ ගන්නවා. පෙරහැරේ යන එක උනත් කොච්චර වඳයක්ද එයාලට.
ගිය පාරත් දාල තිබ්බෙ මීට සමාන එකක් නේද... මට මතකයි ඔයාගෙ පේජ් එකෙත් මේම එකක් තිබ්බ
ReplyDeleteලස්සනයි... අපූරුයි
ජයවේවා
ස්තූතියි මහේෂ්! ගොඩක් වෙලාවට මුහුණු පොතේ හා මගේ පේජ් එකේ පළ කරනවා බ්ලොග් එකට කලින්. ඒක තමයි ඔබ දකින්න ඇත්තේ. ජය!!
Delete// මතු භවේදිත් පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා// සතුන්ටත් දරුවන්ට මෙන් ආදරය කළ උත්තම මිනිසුන් ...
ReplyDeleteසංවේදීව දැනුන පද පෙලක්...
ස්තූතියි තුෂානි ඔබට මා ඇගැයූවට! ජය!!
Deleteහොඳට හිතට දැනුන පද පෙළක් චන්දන
ReplyDeleteස්තූතියි හැලප අයියට! ජය!
Deleteමොනව කියන්නද කියල හිතාගන්න බෑ..ඒ තරං මම මේ කවි පෙළ වින්දා..!! :(
ReplyDeleteජය වේවා...
ගොඩක්ම ස්තූතියි සංචාරකයෝ මාව අගය කළාට!
Deleteකවිටික බලන්න කලින් ටික වෙලාවක් මම බලාගෙන ඉදියේ පින්තූරේ දිහා.. ඒක වගේම කවි ටිකත් හිතට වැදුනා..
ReplyDeleteගොඩක්ම ස්තූතියි දිනේෂ් මල්ලී!!
Deleteහරිම සංවේදී ඡායාරූපයක්...ගොඩාක් සිතිවිලි හිතට එනවා...ඡායාරූපය කාගෙද කියලා දන්නවා නම් එයත් මේ සමගම පල කරන්න.
ReplyDeleteස්තූතියි සිරා මලේ. මේ පිංතූරේ මුහුණු පොතෙන් උපුටා ගත්තේ. කවුද ගත්තේ කියලා තිබුනේ නෑ. හරිම සංවේදී අවස්ථාවක් ඉතාමත් දක්ෂ විදිහට කැමරාවට හසුකර ගෙන ඇති අයුරැ අති විශිෂ්ඨයි...
Deleteඋඹට හුගක් ස්තුතියි මේ වගේ සංවේදි නිර්මාණ වලට. ඒත් මම නං ඔය හීලෑ ඇතුන් මැරුනම අඩන ශ්‍රද්ධාවන්තයෝ ගැන තකන්නේ නැහැ.
ReplyDeleteඋඹ නොතැකුවට අපි තකනවා....
Deleteස්තූතියි දේශකයෝ! අපි වැරදියි තමයි ඒ සතුන්ගේ නිදහස නැතිකරන එක. සංවේදීකමට මිනිසුන් ඇඬුවට කුඩා දරැවන්ගේ හා සතුන්ගේ ඇස්වල පමණයි අවංකම කඳුළු තියෙන්නේ. උඹට ජය!!
Deleteලස්සන කවි සිතුවිල්ලක්.. !
ReplyDeleteස්තූතියි මධු මලේ!
Deleteමේ දවස්වල අපි ඇත්ගොව්වන්ගේ කුරිරුකම්මනේ අහන්නේ. ඒක හන්දා ඔලුවත් ෆෝර්මැට් වෙලා තීයෙන්නේ. මේ පින්තූරෙට කවිය හැදුවද එහෙම නැතිනම් කවියට පින්තූරයක් හෙව්වද?
ReplyDeleteනෑ මචං මේ පිංතූරේ මුහුණු පොතේ පළ කරලා තිබුණා. දැක්ක ගමන්ම පළමු කවිය ඔළුවට ආවා. පිංතූරේ ගත්තු කැමරා කරැවා ගැන සදහනක් තිබුනේ නෑ. එතුමාටත් අපේ උපාහාරය පිදිය යුතුයි.,.,
Deleteඋඹේ කවිය මුහුණු පොතෙන් රස වින්දා . උපරිමයි. මට මතකයි අපේ ආච්චි ආදරෙන් හදපු එළදෙනක් මළාම මේ විදිහට අඬා වැළපුණු හැටි.
ReplyDeleteස්තූතියි තිලකේ! උඹ හරි සතුන්ගේ ආදරය අවංකයි. අපේ ගෙදර ඉන්න
Deleteසුනඛ සුරතලාත් පුදුම විදිහට පවුලට ලංවෙලා ඉන්නේ. එයා නැතිවුන දවසක පවුල ළමයි කොහොම දරාගනීද කියලා හිතා ගන්නවත් බෑ. උඔට ජය!!
මොකුත් නොකියමි නුඹට මං ......
ReplyDeleteපබැදුම විශිෂ්ටය ...
ගොඩක්ම ස්තූතියි කෙන්ජි උඹට!!
Deleteඅද මොනවා කියන්නද කියලා හිතුවේ , හැමදාම හොඳයි ,විශිෂ්ටයි කිය කියා ඉන්නවා මිසක් නරකයි කියන්න අඩුපාඩුවක් කියන්න චාන්ස් එකක් දෙන්නෙම නෑනේ මේ යෝදයා.......
ReplyDeleteහැමදාම වගේ ඇති විශිෂ්ටයි සර් ...........
හැමදාමත්ම වගේ ගොඩක් ස්තූතියි සහෝදරයා! උඹේ ඇගැයීම් මට විශාල හයියක්. ඒක නෙමේ ඉක්මනටම උඹේ රසවත් කෙටි කතා පොතක් විදිහට එළිදක්වපං... අපි බලාගෙන ඉන්නවා. ජය හා සතුට!!
Deleteබොහොම සංවේදී කවිපෙළක්.ඇත්තටම රූපයත් එක්ක අපූරුවට ගැලපෙනවා වගේම ඇස්වල කඳුළු ගෙනාවා.:( වෙන දේවල් එක්ක බලද්දි සත්තු මිනිස්සුන්ට වඩා අවංකවම හිතට ලං වෙනවා සහ සමහරවිටක මිනිස්සු ලඟ නැති උත්තම ගතිගුණ ඔවුන් ලඟ තියෙනවා කියා මට හිතෙනවා.එහෙම බැඳීමක් ඇතිවුණාම සත්වයෙක් වුණත් දරුවෙක් වගෙයි හිතට දැනෙන්නේ.
ReplyDeleteස්තූතියි තනි තරැවේ ඔබගේ ඇගැයීමට! සතුන්ගේ හා කුඩා ළමයින්ගේ කඳුළු පමණයි අවංක දෙමාපියන්ගේ ඇරැනහම. ඔයාට ජය!!
Delete