වෙස්ස ගිරිය පාමුල ඇති වන | අරණේ |
එක පවුලක් විලසින් සිටියා | පොරණේ |
නර පතිඳුගෙ අණකට නතු වී | දෙරණේ |
අම්මා ගෙන ගියා නැති වුනි තිබු | සරණේ |
කපා කොටා ඔප දමලා මවගෙ | වත |
මණරම් පෙම් වතුන් යුවලක් අඹා | ඇත |
නොදුටුව නමුඳු කඳුළින් පිරි ඇයගෙ | නෙත |
දුටු හැම දනෝ තම සිතු පහදවා | ගත |
| |
පියා හිරවුනේ මුර ගල් රුවට | වැසී |
සොයුරා වැතිර ගති සඳකඩපහණෙ | පිසී |
නැඟෙණිගෙ විලාපය ඇය ගෙන යද්දි | ඇසී |
හෙලුවා කඳුළු මිස වෙන මා කරනු | කිසී |
| |
නුඹගේ විස්කමින් හැම දන | තුටුවූවා |
උසස් කලා නිමැවුම් යැයි | පැසැසූවා |
එකටම සිටිය අප පවුලෙන් | වෙන්වූවා |
අප නැඟු දුක් සුසුම් ගල් තුල | සිරවූවා |
All the photos have been taken from the internet. |
Saturday, 22 March 2014
ගල් වඩුව, නුඹට දොස් නොකියමි.......
Subscribe to:
Post Comments (Atom)
I never taught such a thing. Marvellous..
ReplyDeleteමචං මේ වගේ දෙයක් මං කවදාවත් හිතුවේ නැහැ. ඇත්තටම ජීවිතේටම හිතල නෑ ඔය විදියට. නියමෙට තියෙනවා.. මට වටින්නේ මේ අදහස.. අගෙයි ගුණේ..
DeleteThanks machan!
Deleteගොඩක් ස්තූතියි දේශක තුමා. මට නිකමට හිතුනා එකට තිබුන ගල් පර්වතයක් මෙහෙම කෑලි වලට කඩලානේ එක එක නිර්මාණ කලේ කියලා. ඒ වගේම යටි අදහසකුත් අපට ගන්න පුළුවන් අසරණ පවුලකට සසඳලා. මං දන්නවා උඹ මේ නිර්මාණ දිහා හොඳ පුළුල් ඇහැකින් බලන බව.
Deleteඅනේ මන්ද මචෝ ...හැමදාම කියන එකම කොටලත් බැහැ ....
ReplyDeleteඋඹ මේ සරලව තේරුම් ගන්න හැකි විදියට කවි ලිවිල්ල නම් පස්ටය ...
දිගටම ඉඩ ලැබෙන පරිදි අපිට දීපන් රසට....
ස්තූතියි කෙන්ජි මචෝ! හැමදාමත් වගේ උඹගේ ඇගැයීම මට විශාල ශක්තියක්! ජය!!
Deleteඇත්තටම ඔයිට ආසන්න දෙයක් වුනා වෙන්නත් පුලුවන්. මට කොහොමත් ඔය රජ කාලේ වෙච්ච දේවල් එච්චර දිරවන්නේ නෑ.
ReplyDeleteස්තූතියි හෙන්රි මං මෙහි දෙන්න උත්සහ කරපු පණිවුඩය තේරැම් ගත්තට. ජයම වේවා!!
Deleteවෙනස්ම ඇහැකින් දකිනව විතරක් නෙමෙයි ඔයාගෙ වදන් වල සංවේදීකම ඇස් වලට කඳුලු ගේනවා
ReplyDeleteස්තූතියි නඟේ ඔයාගේ ඇගැයීම මට විශාල හයියක්!
Deleteනාලන්දා ගෙඩිගේ ගලවලා වෙනත් තැනක හයිකෙරුවා (එය ගොඩ නැගීමක් නෙවෙයි හයි කිරීමක්) මතකද? මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. මමත් හිතුවා මේ අපරාදය නොකර ඔය මහවැලි ජලාශය වෙන තැනකට හරවන්න බැරිද කියලා.
ReplyDeleteඒක ඇත්ත මචං! මේ ගල් පර්වතය එක තැනක තියෙන්න ඇති. අපි හිතුවට ඒවා අජීවි වස්තු කියලා ඒත් අපි සොබාදහම වෙනස් කරන එක තමයි කරලා තියෙන්නේ. ගල් කුළක් තුලට ආරෑඩ වෙලා ඒකයි මට සමාජයට දෙන්න ඕන උනේ. එය තේරැම් ගත්තට ස්තූතියි! දැන් මට හිතෙනවා මගේ උත්සහය සාර්ථකයි කියලා. උඹට ජය !!
Deleteනිර්මාණාත්මක සිතිවිල්ල හරිම අපූරුයි...
ReplyDeleteමාව අගය කලාට ඔයාට ගොඩක් ස්තූතියි තුෂානි! ජය!!
Deleteමම හිතාන උන්නේ කළුගල් වලට පණ දෙන්න පුළුවන් කැටයම් ශිල්පීන්ට විතරයි කියලනේ. බලාගෙන ගියාම එහෙම කරන්න පුළුවන් කවියන්ටත් අපේ චන්දන වගේ .
ReplyDeleteස්තූතියි තිලකේ උඹගේ සොඳුරැ ඇගැයීම ගැන ස්තූති කරන්න මට වචන නෑ මචං!!
Deleteසඳකඩපහනේ කොහෙද සොයුරෙක් ඉන්නෙ ?
ReplyDeleteමචෝ එකට තිබුනු ගල් කුළක් එක එක නිර්මාණ හදන්න කෑලි කෑලි අරන් ගියා කියලා උපකල්පනය කරලා මේක ලිව්වේ යටි අදහසක් ඇතිව. ඉතිං අයියා කියලා හිතන ගල් කෑල්ලෙන් තමයි සඳකඩපහණ හදලා තියෙන්නේ මුර ගල තාත්තා කියලා හිතන ගල් කෑල්ලෙන් වගේ.
Deleteදැන්නේ තේරුනේ බන්...මට ඔය ඉලව් කවි තේරෙන්නෙම නෑ බන්.. ස්තූතියි..
Deleteමරු අදහසක්..
ස්තූතියි සෙන්නා! දැන් තේරැනානේ. උඹට ජය!!
Deleteවෙනස්ම සිතුවිල්ලක්. හරිම අගෙයි සහෝදරයා..!
ReplyDeleteස්තූතියි සහෝදරයා ඔබගේ ඇගැයීමට!!
Deleteමේකෙ තියන Popular Posts ටික Lay out වලට ගිහින් දකුණු පැත්තෙ About Me වලින් පහලට ඇදල දාල Save කරන්න. දැන් තියන විදිහට තිබුනම කෙනෙක් ගෙ අවධානය යොමු වෙනව අඩුයි නේද ?
ReplyDeleteඑහෙම කරන්නම් මචං. ස්තූත්යි ඒ ගැන සැලකුවටත්!
Deleteකලාතුරකින් දකින්න වෙන විධියේ නිර්මාණයක් චන්දන.කළුගලකට පන දීලා තියෙන්නෙ අපූරුවට.........
ReplyDeleteමාව අගය කරාට ඔයාට ගොඩක් ස්තූතියි! ඔයාලගේ අදහස් දකින කොට මගේ උත්සහය සාර්ථකයි නේද කියලා නිහතමාණිව සතුටු වෙන්න පුළුවන්. ජය වේවා!!
Deleteහීනෙකින් වත් ගලක් දිහා මෙහෙම සංවේදීව බලන්න පුලුවන්ද අපට ? බෑ එත් චන්දන සහෝදරයාට පුළුවන් අදත් අති විශිෂ්ටයි සර්
ReplyDeleteහදවතින්ම මගේ ස්තූතිය පිළිගනින් මලේ! ජය!!
Deleteමේක නං ගින්දර නිර්මාණයක් කීවොත් මදිද මංද... ඒ තරං පස්ටයි...
ReplyDeleteසයුම් හැගීම් ගලපල ඇස් අග තෙත් කරන්න සමත් අගනා නිමැවුමක්
ජයවේවා
ගොඩක් ස්තූතියි මහේෂ් සහෝදරයා මාව අගය කලාට!!
Deleteපුදුම සිතුවිල්ලක් නොවැ මේක....මට ෂුවර් මේ වගේ අප්‍රාණික පාශානයක් ගැන කවුරුවත් මීට පෙර විස්සෝප වෙලා නෑ කියලා...කදිමයි....
ReplyDeleteගොඩක් ස්තූතියි සිරා මලේ මාව ඇගැයූවට!!
Deleteඅගයන්න වචන නෑ අප්ප.. ඒතරං ලස්සනයි..!!
ReplyDeleteගොඩක්ම ස්තූතියි සංචාරකයා මාව අගය කළාට. ඒ වගේම ඔබව ඉතාමත්ම සෙනෙහසින් සඳුන් සෙවනටත් පිළිගන්නවා. ජය!!
Deleteඅපුරුයි.. :)
ReplyDeleteගොඩක් ස්තූතියි මොණරි නඟේ ඔයාට!!
Deleteමේක ගුණේ අයියාගේ කවි බෙදනා කාමරේ...
ReplyDeleteතවත් සියුම් සිතිවිල්ලක්..ඇත්තටම කළුගල් පර්වතයක් දිහා මේ තරම් හෘදයාංගම ඇහැකින් බලන්න පුළුවන් නිර්මාණයක් කරපු එකා උඹ විතරද මන්දා..මෙහි යටි අරුත තුලින් කියාපාන්නේ උඹේ සංවේදි මිනිස් හිතයි.
ගොඩක්ම ස්තූතියි මචං! උඹගේ වදන් මට අතිමහත් ශක්තියක්! මම සාර්ථකයි කියලා නිහතමාණීව සතුටු වෙන්න පුළුවන්... උඹට ජය!!
Deleteඔබ බොහොම අපූරුවට කෙනෙකුට අසුනොවෙනා වර්ගයේ නිමිති කවියට පාදක කරගන්නවා.කියවද්දි ඇත්තටම සී සී කඩ විසුරුවපු පවුලක් ගැන අහද්දි වාගේ හිත සංවේදී වෙනවා.ජයම වේවා!
ReplyDeleteගොඩක්ම ස්තූතියි තනි තරැවේ ඔබගේ ඇගැයීමට!!
Delete