අම්මේ මෙතැන ඝන අදුරුයි හරි | සීතයි |
වෙනදා නාන ළිඳමද නොදැනෙන | ගානයි |
මගෙ ගත සැහැල්ලුයි සිත හැම අත | පීනයි |
කිසිවක් නොතේරෙයි දිවි ඔබහට | බාරයි |
මාවත් අතින් ගෙන ඔබ මෙහි | පැන්නාද |
කාටත් හොරෙන් එන්නට සිත | කිව්වාද |
ඊයෙත් තාත්තා හොඳටම | බැන්නාද |
ආයෙත් නෙතේ උණු කඳුළක් | නැග්ගාද |
අම්මේ මගේ ගුරුවරු මඟ බලං | ඇතී |
යවනට හිතයි පණිවුඩයක් පවනේ | එතී |
පවුලේ කවුරුවත් කිසිදා ගියපු | නැතී |
තැනකට යන්න තිබු සිහිනය මිලින | වෙතී |
මගෙ කෙටි දිවියේ ඇරඹුම ඔබමය | මව්නී |
එලෙසින් එහිම අවසන ඔබගෙන් | මැවුනී |
සිහි වී පියාණන් මට හොඳටම | හැඬුනී |
හිත පිරි පැතුම් ළිඳ තුල සැඟැවී | ගිලුනී |
Saturday, 1 March 2014
ළිඳේ හෙළූ දියණියගෙන්.........
අම්මා කෙනෙකු තම දියණියද සමඟින් ළිඳකට පැන දිවි තොර කර ගත් පුවතක් රජරට පෙදෙසින් අසන්නට ලැබුනා. එය අලලා මගේ සිතට නැඟුනු හැඟීමක් මෙසේ ලියා තබන්නට සිතුනා. මෙය හුදෙක් මගේ සිතිවිල්ලක් පමනයි.......
Subscribe to:
Post Comments (Atom)
උඹේ පට්ට සිතිවිලි වලින් අපේ හදවත් වලට හෙන ගහන්න දෙන සිතිවිලි හරිම අගෙයි බං ...
ReplyDeleteඋඹ,ඉවාන් & ඕමා දෙන කෙටි කවි සිතිවිලි මම හරියට රස විදිනව.
කෙටියි.....රසයි....සුපිරියි....
ස්තූතියි කෙන්ජි මචෝ උඹේ ඇගැයීමට! උඹගේ තිරය පිටුපස සිනමා කතාවත් මම ඉතාමත් ආසාවෙන් කියවනවා. ජය!!
Deleteසෑහෙන්න දැනෙන පද පෙලක් චන්දන අයියෙ.
ReplyDeleteස්තූතියි චතුරංග මල්ලී! ඔයාලට එහෙම දැනෙනවානම් මගේ උත්සහය සාර්ථකයි කියලා හිතට විශාල සතුටක් දැනෙනවා. ජයම වේවා මලේ!!
Deleteකවි ටික නම් ලෙසටම තියනව.. ඇත්තටම එවැනි සිද්ධි නම් හරිම කණගාටුදායකයි.. වැඩේ වැරදි වුනත්, ඒ තත්ත්වයට පත් වුනු කෙනානෙ තමන්ගෙ පීඩනය දන්නෙ.
ReplyDeleteස්තූතියි චන්දන! මේ සිද්ධිය පහේ ශිෂත්ව විභාගය හා සම්බන්ධ සිදුවීමක් නිසා හට ගත්තක් කියලයි කියන්නේ...
Deleteහ්ම්ම් හ්ම්ම්.... හිත පත්ලටම වැදුන.
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්... එහෙනම් මම සාර්ථකයි. ස්තූතියි නඟේ! ජය!!
Deleteගුණේ........සිද්ධිය නෙමේ මාව කම්පනයට පත්කලේ උඹේ කවි ටික. පපුව පසාරු කරගෙන ගියා බන්. අද අපේ දුව එනවා එයාට මේක පෙන්නන්න ඕන. වයිෆුත් කියවලා අප්සට් ගියා බන්. උඹ හරි සංවේදි කවියෙක්.
ReplyDelete///ඊයෙත් තාත්තා හොඳටම බැන්නාද
ආයෙත් නෙතේ උණු කඳුළක් නැග්ගාද/////////
මේ පද පේලිය මිනිස්සු නැවත නැවත හිතන්න ඕන.
+++++++
Deleteගොඩක්ම ස්තූතියි උඹට! උඹගේ මේ සොඳුරැ ඇගැයීම මගෙ හිතට එක්කරන්නේ විශාල සතුටක්. මගේ උත්සහය සාර්ථකයි කියලා මම ඉතාමත් නිහතමාණීව සතුටු වෙනවා. උඹට ජයම වේවා!!!
Deleteහරිම සංවේදිව දැනුනා ..
ReplyDeleteස්තූතියි තුෂානි!! ජය!
Deleteහිතේ ගැඹුරට වදින අමුතු කවි සිතුවිල්ලක්. මේකේ තුන්වැනි කවියේ පළවැනි පේලියේ . 'ගුරුවරු' වෙනුවට 'යාළුවො; කියල ආවනම් කොහොමද? හැබැයි එහෙම ආවොත් ඉතිරි තේරුමට හානියක් වෙයිද කියලත් හිතෙනවා.
ReplyDeleteස්තූතියි තිලකයෝ! යාළුවෝ කියලත් ගැලපෙනවා මචෝ. ඒත් මට ඕන උනා ඒ දැරිවිගේ ඉගෙනුමට තියෙන ආශාවත් පෙන්වන්න... උඹට ජය!!
Deleteඅයියෝ මේවා කියවන්න හිතෙන්නේවත් නෑ සඳුන් අයියේ... හැබැයි තව ටික දවසක් යනකොට් මිනිස්සු මේවට සංවේදී වෙන්නේ නෑ ..මේවත් සාමාන්‍යදේවල් බවට පත්වෙනවා . දැනටත් ගොඩක් දේවල් වලට වෙලා තියෙනවා වගේ .
ReplyDeleteඒකනම් ඇත්ත මලේ... හැම දෙයකම වටිනාකමක් නෑ දැන්. ඔක්කොම සුළු දේවල් විදිහට මිනිස්සු තකන්නේ. ඒ වගේම සියදිවි නසා ගන්න එකත් හරිම පහසු කාර්‍යයක් වෙලා.. ජය!!
Deleteකවි කියන ජාතිය මට එච්චර අල්ලන්නේ නැති වුනත් සමහරු ලියන සමහර කවිවල ආකශනීය ගතියක් තියෙනවා. මේකත් ඒ වගේ.
ReplyDeleteස්තූතියි හෙන්රි! ඔබ ඉන් තුටු වූවානම් මගේ සතුට එයයි!!!ජය වේවා!!
Deleteකවි ටිකනම් ලෙසටම ලියලා සංවේදී විදියට මෙය සැබෑ සිදුවීමක් මත ලියපු එකක්ද?
ReplyDeleteස්තූතියි කෝරලේ! ඔව් බං මේක රජරට පැත්තේ සිදුවූ සත්‍ය සිදුවීමක්. ජය!
Deleteහරිම ලස්සන කවි පන්තියක්.මමත් කවියට ආදරේ කරන කෙනෙක් ඒත් මේ විදියට ලස්සනට ලියන්න තාම බැරිවෙලා.
ReplyDeleteලිව් කවි වලින් මගෙ කවි සිත පුබුදිනවා
දන්නෙම නැතිව නෙතගින් කදුලක් එනවා
http://wewismatha.blogspot.com/
එන්න අඩුපාඩු පෙන්වන්න
අනේ මන්දා, හැම දාම කොහෙන් හරි දෙයක් ආරංචි වෙනවා.. කවිටික නම් වෙනද වගේම සංවේදියි අයියේ..
ReplyDeleteස්තූතියි මල්ලී! ලෝකය එන්න එන්නම මණුසත්බවින් දුරස්වූ අපායට කිට්ටු වෙනවා....
Deleteසංවේදි කවි පෙලක්... !
ReplyDeleteගොඩක් ස්තූතියි මල්ලි!! ජය!!
Deleteඅනේ මංද අපේ උන්ට මොනා වෙලාද කියල චන්දනය්ය... කවිය නං වෙනද වගේමයි ෆටේ ෆට්ටය.....
ReplyDeleteජයවේවා
ස්තුතියි මහේෂ් මලේ! මේවා මේ අපේ ගුණ ධර්ම පිරිහීමේ ලක්ෂණ. මොනවා කරන්නද? උඹට ජයම වේවා!!
Deleteඉස්තරම් ලෙස රස වින්දා අගෙයි
ReplyDeleteගොඩක් ස්තූතියි ශානු ඔබගේ ඇගැයීමට! ඒ වගේම සඳුන් සෙවනටත් ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා!!
Deleteබොහොම සංවේදී කවියක් චන්දන... ලොකු මිනිස්සුන්ගේ ලෝකේ ලොකු ප්‍රශ්න අතරේ පොඩි එවුන්ගේ පුංචි සිතිවිලි කොච්චර නම් මග ඇරෙනවා ඇද්ද කියලා හිතුණා... මේ පොඩි කෙල්ල කොච්චර නම් බය වෙන්න ඇද්ද? පුළුවන් විදිහට ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න ඇති... පිස්සු හැදෙනවා කල්පනා කරද්දිත්...
ReplyDeleteගොඩක් ස්තූතියි තිසර! ඒ දරැවා පහ වසරේ ඒ කියන්නේ අවුරැදු 11ක් විතර වෙන්න ඇති. උඹ කිව්වා වගේ කොච්චර බය වෙන්න ඇතිද? දිවි නසා ගන්න අදහසක් තුන්හිතකවත් නොතිබෙන්න ඇති. හරිම කාලකණ්නිකමක් මචං.
Deleteඋඹට ජය!!
දියණියගෙ හදවත කතා කරනවද කියලත් හිතෙනව..ඒ තරමටම සමීපව ලියල තියෙනව.
ReplyDeleteස්තූතියි උමේෂ් මල්ලී මාව අගය කලාට! ඇයගේ හදවතේ උපන් සිතිවිලි මවන්න කල උත්සහය ඔයාලගේ විචාරයන් දුටුවාම සෑහෙන දුරට සාර්ථකයි කියලා හිතෙනවා. මල්ලිට ජය!!
Deleteඇත්තටම චන්දන කියවපුම පපුවෙ ලොකු බරක් ඇතිවුනා,හරිම දුකක් ගෙනදෙන කවි පෙළක්.
ReplyDeleteස්තූතියි අයියේ උඹේ ඇගැයීමට! මට විශාල ශක්තියක්!!!
Deleteමේක නම් හරිම ප්‍රබලයි අයියෙ...ඉතාම සංවේදී ඉසව්වකට අපේ සිත් අරගෙන යනවා. කදිම නිර්මාණයක්.
ReplyDeleteස්තූතියි සිරා මලේ! මගේ වෑයම සාර්තකයි කියලා මම නිහතමාණීව ගොඩක් සතුටු වෙනවා... උඹට ජය!!
Deleteකාලෙකට පස්සේ හොයාගෙන ඇවිල්ලා රස වින්දේ මේ කවි රස අමතක කරන්න බැරි නිසා! අනේ මන්දා! දැන් මේ රටට මොනවා වෙනව ද කියලා :( හ්ම්ම්, පත්තරයක් බැලුවොත් ඔය වගේ සිදුවීම් කීයක් නං තියෙනව ද?
ReplyDeleteකොහේද නඟේ මෙච්චර දවස් ගිහින් හිටියේ. කිහිප දෙනෙකුගෙන්ම ඇහුවා. කවුරැත් දැනගෙන හිටියේ නෑ. නංගිගේ කථාවත් ඊට පස්සේ දැක්කේ නෑ. ජයම වේවා!!
Deleteපහුගිය දවස් ටිකේ වැඩවලට හිර වෙලා උන්නේ. විභාග, පාඩම් වැඩ, පන්ති පන්ති පන්ති :( ඉක්මනින් ම ආයෙත් ලියන්න ඕනේ. කට්ටිය හොයලා තිබුණ බව නං ආරංචි යි! අන්තිමේ දී මූණුපොතෙන් ඉවාන් අයියාට කතා කරා :) දැන් හෙමින් සැරේ වෙලාව තියෙන වෙලාවට ඇවිල්ලා මග ඇරිච්ච පෝස්ට් කියවනවා!
Deleteආ.... එහෙනම් කමක් නෑ. ඒත් ඉක්මනින්ම ලියන්න පටන් ගන්න. ජය වේවා!!
Deleteසංවේදී කවි පන්තියක් චන්දන.ඇත්තටම ලස්සනයි.............
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි ඔබගේ ඇගැයීමට!!
Deleteහරිම රහයි..
ReplyDeleteගොඩක් රස වින්ද..
ඒ වගේම දුකත් හිතුණා..
ඔබට ගොඩක් ස්තූතියි! මට විශාල හයියක් ඔබේ සොඳුරැ වදන්!!ජය!!
Delete