Pages

Saturday, 22 February 2014

සිංහල සිනමාව සහ මම 2.....





පසුගිය සතියේ යෙඳුනු වැලන්ටයින් දිනයට යමක් නොලියාම ඉන්නට බැරිව මට හැදුනු දොළදුක නිසා සිංහල චිත්රපට පිළිබඳ මගේ මතකයේ දෙවැනි කොටස තව සතියකින් කල් ගොස් මේ සතියට තල්ලු විය. එයට සමාව භජනය කරත්වා. දැන් එදා නැවැත්වූ තැන සිට....



සිත්තම්පලම් ශාලාවේ බිත්ති යටකරන් නැඟී ඇති රූස්ස ගස් කඳන් දකිනවිට මගේ නෙතට කඳුළක් එක්වන්නේ නිරායාසයෙනි. මේ සම්පත් අපට අහිමි කල ඒ ජාතිවාදීන්ට ශාප වේවා.


ඒ කාලයේ තැනූ චිත්ර පට බොහොමයක් සත්ය සිද්ධීන් අලලා කෙරුනු බැව් මට මතකය. සිරිපාල සහ රංමැණිකා හා මරුවා සමඟ වාසේ චිත්රපට එකල රජරට පෙදෙස දෙවනත් කල මරුසිරා නමින් ප්රකට සමාජය විසින් දාමරිකයෙකු කල සිරිපාලගේ ජීවිත කථාව අලලා නිර්මාණය වුනි.


මෙහි මරුවා සමඟ වාසේ වානිජ චිත්රපටයක් ලෙසත් සිරිපාල සහ රංමැණිකා සම්භාව්ය කෘතියක් ලෙසත් ඉදිරිපත් කෙරුනි.


මරුවා සමඟ වාසේහී විජය කුමරණතුංග මරුසිරා ලෙස රඟ පෑ අතර විමල් කුමාරද කොස්තා රඟ පෑ භූමිකාව කෙසේනම් අමතක කරම්ද? විකට නළුවකු ලෙස රඟපෑම ඇරඹි කොස්තා අපට අමතක නොවන රඟපෑම් රාශියක් දායාද කලද කිසිඳු ඇඟැයීමකට ලක් නොවූ චරිතයකි. ඔහු සරුංගලේ චිත්රපටයේ කල රංගනය මහත් සේ අඟය කල යුතුය.


 මරුවා සමඟ වාසේහී පච්ච කොටන පච්චේගේ චරිතය මගේ ළපටි සිතට තදින් කාවැඳුනි. අම්මාගෙන් බැණුම් අසමින් අසල වනරොදක තිබූ වැල් වල කිරි වලින් නංගී හා මම පච්ච කොටා ගත් අයුරු මට අද මෙන් මතකයේ ඇත. වරෙක මම මරුසිරා වු අතර ඇය පච්චේ වූවාය. චිත්රපටයේ මරුසිරා දරුනු වීමට පෙර පපුවේ "අම්මා බුදු වේවා" යි කොටා ගත් අතර සමාජය විසින් ඔහුව දාමරිකයකු කිරීමෙන් අනතුරුව " මරුවා සමඟ වාසේ" යන පච්චය කොටා ගත්තේය. මේ සිදුවීම් මගේ සිතේ තඳින්ම තැන්පත් විය.






බිනරි සහ සුදුබංඩා, මොණර තැන්න හා මුවන්පැලැස්ස ආදී චිත්රපට නැරඹීමෙන් පසු මට කොටි දත් මාලයක් පලදින්නට ඕනෑම විය. මගේ අම්මා එයට කිසිසේත්ම ඉඩක් නොදුන්නාය. අනුරාධපුරයේ පොසොන් සමයේ කඩ වන්දනාවේ යද්දී මා අම්මාට ඇවටිලි කරමින් හඬා වැටුනු භාන්ඩ දෙකක් විය. එකක් ඔය කොටි දත් මාලය වූ අතර අනෙක සෙල්ලම් පිස්තෝලයකි. පොසොන් සමයේ අසිරිය සමඟ මගේ අත්දැකීම් වෙනම පෝස්ටුවකින් ඔබ වෙත ගෙන එමි.


ඒ කාලයේ රූපවාහිණි නොතිබුන අතර අපගේ අනෙක් විනෝදාංශය වූයේ ගුවන් විඳුලියට සවන් දීමයි. එහි විකාශනය වූ හංදියේ ගෙදර, මුවන් පැලැස්ස ආදී නාට්යයන්ට සවන් දීම අප කිසිවිටෙක අමතක නොකලෙමු. උදා ගී, හින්දි ගී හා ඉරිදා දහවලේ විකාශනය වූ බයිලාද මාගේ ප්රියතම අංගයන් විය. පිබිදෙන ගායක පරපුරද එවැනිම මා රස විඳා වැඩසටහනකි.


ඉතිං මෙකල සති අන්තයේ වෙළඳ සේවයේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට සවන් දීම මා කිසිවිටෙක අතපසු නොකලෙමි. චිත්ර පටය නරඹා ගුවන් විඳුලියෙන් එහි සිංදු හා ජවනිකාවල දෙබස් කණ්ඩ වලට නැවත නැවත සවන් දුනිමි. එකල පැවති ජේ ආර් ගේ ආණ්ඩුව විජය කුමාරණතුංගයන්ව නැක්සලයිට් වාදීයෙකුයැයි හංවඩු ගසා එතුමාව වාරණයට ලක් කොට තිබූ කාළයයි. විජය රඟපෑ චිත්රපට වල දෙබස් ගුවන් විඳුලියේ ප්රචාරය වූයේ එතුමාගේ හඬ ඇති කොටස් වලට වෙනෙකෙකුගේ හඬක් යොඳා සංසකරණය කිරීමෙන් අනතුරුවය. මෙම ලැජ්ජාසහගත බාලාංශ පංතියේ ක්රියාව දෙස එකල ළමා වයසේ පසුවූ මා පවා බැලුවේ අවංඥා සහගතවය. මෙවැනි බලු වැඩ නිසා විජයට තිබූ ජනතා කැමැත්ත සිය දහස් ගුණයෙන් වැඩිවිය.


ගුවන් විදුලියේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට නිරතුරුව සවන් දීමෙන් රටේ බොහෝ සිනමා ශාලා වල නම ඒ ඒ නඟරයත් සමඟම මට කට පාඩම් විය.


විජිත-රත්මලාන, මානෙල්-  දෙමටගොඩ,සඳ ලංකා-සඳ ලංකාව,මෙට්රෝ -නුඟේගොඩ, අනුර- අම්බලංගොඩ,එස් කේ සිනමා-මාතර, ජීවනී -පානදුර,රොක්සි-වැල්ලවත්ත,නැශනල්- මහරගම,මිහිර-මීරිගම,ජානකී-මතුගම,රීගල්- කොළඹ, එල්ෆීන්ස්ටන්-මරදාන,තුසිත-පේරාදෙණිය,වෙම්බ්ලි-මහණුවර
ඉන් කිහිපයක් පමණි.



යකඩයා මරදංකඩවල විසූ අසාමන්ය ශක්තියකින් හෙබි මිනිසකු පිළිබඳව කල නිර්මාණයකි. එහිදී යකඩයාට රඟපෑ ගාමිණී ෆොන්සේකා සිර මැඳිරියේ යකඩ කූරු නවන දර්ශනය නරඹා ප්රීතියෙන් ඔකඳව ඔල්වරසන් නැඟූ අයුරු මට අද මෙන් මතකය.


මේ කුඩා වයසේදී මෙවැනි චිත්ර පට නැරඹීමෙන් ළමා මණස විකෘති විය හැකි බැව් යමෙකු තර්ක කල හැක. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මට එසේ නොවුනි. මම ජීවිතයට විශාල පන්නරයක් මේ වටිනා නිර්මාණ හා ජීවත් වීමෙන් එක් කර ගතිමි. මගේ දරුවන්ද මා හා බිරිඳ මෙන්ම චිත්රපට නැරඹීමේ රුසියෝය. දරුවන්ට ගැලපෙන චිත්රපට නැරඹීමට කිසි විටෙක මා වාරණ පනවා නැත. කුඩා කාළයේ චිත්ර පට නැරඹීමෙන් මා ලද ආශ්වාදය ඔවුනද විඳිනු බලා මම අහිංසකව සතුටු වෙමි.


එහෙත් ඔවුනගේ වයසට වඩා මුහුකුරා ගියවුන්ගේ සංගමයෙන් ඔවුහු ඈත් කිරීමට නම් මා නිරතුරුවම වෙහෙස වෙමි. මන්ද එයින් විය හැකි හානිය මා අත්දැකීමෙන්ම දන්නා බැවිනි. ඊටත් පෙර මෙන් නොව සියළු දුසිරිත් ඇස් මානයේ අතේ දුරින් ඇත. සයිබ අවකාශයේ බැරිවීමකින් හෝ පී ඕ ආර් එන් ටයිප් වුවහොත් තප්පරයක් යෑමට පෙර ලැබෙන ප්රතිඵලය මා අමුතුවෙන් ඔබ හට කිවයුතු නැති අප සියල්ලෝම අතවිඳ ඇති සත්යකි.

එහෙත් අපේ කාලයේ නිල් චිත්රපටියක් නැරඹීම වනාහී කණ කැස්බෑවා විය සිදුරින් හඳ දෙස බැලීමටත් වඩා අසීරු කාර්යයක් විය. එහි බැරෑරුම් හා අපහසුතාවය මා විස්තර නොකලත් දන්නෝ දන්නා බැව් මා දනිමි. ඒ කර්තව්යයෙහි ලා මට ඇති අත්දැකීමකුත් මේ අවස්ථාවේ සඳහන් නොකලහොත් චිත්රපට හා බැඳුණු මගේ අතීතයට කරනා මදිපුංචි කමක් යැයි මට සිතේ.


එකල අප නමය හෝ දහය වසරේ ඉගෙණුම ළබමින් සිටියෙමු. පංතියේ සිටි නෙවිල් මෙවැනි වැඩවල ප්රමුකයා විය. ඉගෙණීම හැරුනු කොට අනෙක් හැම වැඩකින්ම ඔහු මට ඉදිරියෙන් සිටියේය. ධනවත් මුදළාලි කෙනෙකුගේ පුතකු වූ ඔහුට අපට නැති බොහෝ දේ තිබුනි. පංතියේ මුලින්ම අත් ඔරලෝසුවක් බැනදේ ඔහුය. අපට සිහිනයක් පමණක් වූ ගියර දහයේ ස්පෝට්ස් බයිසිකලයක් ඔහු සතු විය. එය අතගා බලා අප සතුටු වීමු. කෙල්ලක හා ප්රේම සම්බන්ධයක් තිබුනේ ඔහුට පමණි. අපේ ගේ ඉස්සරහ පාරේ ඔහු ඇය හා කථාකරමින් යනු මහත් දුකකින් මා බලා සිටි අයුරු මට අදද සිහිවේ. කොට කලිසම් ඇඳ රබර් සෙරෙප්පු පය ලෑ මා දෙස කිසිවකු බැලුවේ නැත.
 
ඔය කියන දවසේ නෙවිල්ට ඔහුගේ වැඩිමහළු යහළුවකු විසින් නිල් චිත්රපටයක් දී තිබුනි. වී එච් එස් කැසටයක් වූ එය නැරඹීමට ඩෙක් යන්ත්රයක්, ටී වී යන්ත්රයක් හෝ මූලික වශයෙන් තැනකුඳු නොවීය. බොහෝ පුද්ගලයන් ඇසුරු කල නෙවිල් රෙකෝඩ් බාරයකින් ඩෙක් යන්ත්රයක් කුළියට ගැනීමට සමත් විය. ටී වී යන්ත්රයක් සමඟ ස්ථානයට විසඳුමද ඔහුගෙන්ම ලැබිනි. එය නම් ඔහුගේ ගෙදරට ඉස්සරහ ගෙදරයි. ඒ ගෙදර මලයා අපට අවුරුදු කිහිපයකින් බාල වූ අතර චිත්ර පටය නැරඹීමට රහ වැටී දෙමාපියන් එලියට යන වේලාවක් බලා අපට එහි යාමට කැමැත්ත දුනි.


ඒ ගෙදරට ගොස් ඩෙක් යන්ත්රය සමිබන්ධ කොට එය ටී වී යන්ත්රයට ටියුන් කිරීම ඊළඟ බාරදූර කාරිය විය. නෙවිල් ඒ කාරියටද කර ගැහුවේය. පැයක් පමණ වෙහෙසවීමෙන් අනතුරුව අපගේ කුතුහලය හා ආශාව සංසිඳවමින් මා කිසිදින දැක නොතිබුනු රූප හා ක්රියාවන් තිරය මත දිස්වන්නට විය. ඒත් එම චිත්ර පටය පටං ගෙන තිබුනේ මැඳිනි. අපට එය මුල සිට බැලීමට උවමනා වූයෙන් නෙවිල් එය නවතා රිවයින්ඩ් කෙරුමට පටන් ගති. මහත් බියකින් පසුවූ ගෙදර අයිති මළයා රූපරාමු කිහිපය නැරඹීමෙන් ඔකඳව ගිය සිත් ඇතිව ආයෙත් යමක් සිදුවී ආමාරුවෙන් සාඳාගත් නිල බැලීමට නොලැබේවි යැයි බය වී හදිසියේම " කල්පනාවෙන් රිවයින් කරන්න" යැයි පැවසුවේ අප සියළු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි.


මගේ නිල් චිත්රපට අත්දැකීම එසේ ඇරඹිනි. ඉන්පසු තව එවැනි චිත්ර පටයක් නැරඹීමට අවස්ථාව උදාවුනේ විශ්ව විද්යාලයටත් ගිය පසුයි. අප පලමු වරට නිල බැලූ ගෙදර මලයාට ටී වී යන්ත්රයේ චැනල් සියල්ල මාරු කලා යැයි ඔහුගේ පියා හොඳටම දෙහි කැපූ බැව් පසුව ආරංචි විය. මට අදටත් පරිස්සමින් රිවයින් කරන ලෙස කියූ ඔහුගේ ඉල්ලීම සිහිවී මුවඟ සිනහවක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි.


අදට මෙතනින් නවතින්නම්. ඊළඟට මෙම මතකයේ අවසාන කොටසින් හමුවෙමු. සැමටම ජය!!



42 comments:

  1. හ්ම්ම්..හොද මතක සටහනක් චන්දන...
    ඔබ චිත්‍රපට බලා අවසන් ලිපිය ලිව්වලින් පස්සෙ මම ලියන්න යන්නේ චිත්‍රපටි රූපගත කරනව ඇස් දෙකින් දුටු දේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං ! ඒක ඉක්මනින්ම ලියපං... මට කවදාවත්ම ඒ අවස්ථාව ලැබිලා නෑ. අපි ආසාවෙන් බලා ගෙන ඉන්නවා.
      කෙතරම් නම් සුන්දර ඇද්ද?? හ්ම්!!

      Delete
    2. ලියයි ලියයි ,,අර ලියලා තියෙන්නේ ෂෝ,,ඇසින් දුටු ෂෝ :(

      Delete
  2. චිත්රපට.....? සත්ය....?
    Esc key 1ට පහලින් තියන `~ සිම්බල් 1 තියන key 1 ්‍ර(රකාරාංශය)ලියන්න ගන්න... Shift +H ගහල හිටං යංශය ගන්න...
    අැත්තටම අර ගිනි තිව්ව 1 නං ජාතික අපරාධයක්... අපි පත්තර වලිං විතරයි කියවල තීන්ෙන... ඒ්ක හින්ද ඒ්ව ෙනාදකින්න අපි පිං කරල තිබ්බ කියල හිතනව...
    ඉදිරියටත් ලියන්න ෙම් වයි වැදගත් වන ෙපා්ස්ටු .... දිගටම ෙම් අහ රැෙදන්නම්...
    ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් මල්ලී! මම සිංහල ටයිප් කරන්නේ අයි ෆෝන් එකේ තියෙන සිංහල කියන ඇප් එක භාවිතා කරලා. ටයිප් කරන කොට ඒ වචන හරියට එනවා. ඒත් පළ කරාම වෙනස් වෙනවා. උඹ කිව්ව ක්‍රමේ
      කරලා බලමු.
      ඉතිං ඔය ඊනියා ජාති ආලයෙන් අපට නැතිවූ තව දේ බොහොමයි. චිත්‍රපට කළාව අතින් බැලුවොත් හොඳ ශිල්පීන් මැරැනා, බොහොමයක් රටින් පලා ගියා, චිත්‍රපට ශාලා හා ශබ්දාගාර අළුත්ම සිනමා පට සමඟින්ම ගිනිබත් වුනා. රටට ඇතිවුන කැලල. ඕවා කියලා වැඩක් නෑ මලේ. ජය!!

      Delete
  3. ගුණේ.......මමත් ඔය චිත්‍රපටි සියල්ලක්ම නරඹා තියෙනවා. ඒ සියල්ලක්ම අඩුවක් නැතිව මතකයේ තියෙනවා. උඹ කිව් පරිදිම විමල් කුමාර් ද කොස්තාට නිසි ඇගයුමක් ලැබුනේ නැහැ තමයි. කොස්තා දක්ෂ අභිරූපන ශිල්පියෙක්. බඹරු ඇවිත් මම කොස්තා දුටු තවත් හොඳ චිත්‍රපටියක්. සමහර චරිත වලදි කොස්තා ඕවර් ඇක්ටින්ග් ගතියක් දැක්වූවා කියාත් මට හිතෙනවා. මම හිතන්නේ..ඔහු තුලවූ අභිරූපන ශිල්පියා ඔහුටත් නොදැනීම එලියට පැමිණීම විය යුතුයි. මම මෑතකදි කොස්තාගේ අති සාර්ථක රංගනයක් දුටුවා අමුතු මිනිස්සු නැමති ටෙලියේ. එය මා නැරඹූ අගනා ටෙලි නාට්‍යයක්.

    උඩම ෆොටෝ එකේ ඉන්නේ ඩී.ආර්.නානායක්කාර. අනිත් කෙනා බර්ටි ගුණතිලක විය යුතුයි. ඩී.ආර් කොළොන්නාවේ මගේ වයිෆ්ගේ ගෙවල් කිට්ටුවමයි. ඉස්සර අමුඩයක් ගහගෙන කොළොන්නාවේ හන්දියේ පාරේ පයිප්පෙන් නානවා. අහිංසක මිනිස්සු. හොඳම නළුවාට සම්මානත් ලැබුනා බයිසිකල් හොරා ෆිල්ම් එකේ රඟපෑම් වලට සහ සිකුරු තරුවේ රඟපෑම් වලට මගේ හිතේ.අති දක්ෂ චරිතාංග නළුවෙක්. පසුව මිය ගියා. පුතා රංජි මගේ යාළුවෙක්. කොළොන්නාවේ හන්දියේ ත්‍රීවීලර් එකක් දුවනවා. සුන්දර මිනිස්සු බන්.

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචං ඒ චිත්‍රපට කවදාවත් අපේ මතකයෙන් යන්නේ නෑ. කොස්තා හොඳම අභිරෑපන ශිල්පියෙක්...
      උඩ පිංතූරේ මචෝ ඩී ආර් එක්ක ඉන්නේ දොන් සිරිසේන. උඹට මතකද දොන්. අහිංසක චරිත.
      ඒවාගේ චරිත සිනමාවට නොඑන එක අපේ කරැමේ. උඹට ජය !!!

      Delete
    2. උඹට ෂුවර්ද ඒ දොන් සිරිසේන කියලා...

      දොන් සිරිසේනගේ අක්කා අපේ ආච්චිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඉස්සර විජේරාමේ අටේ කනුවේ හිටියේ. මම ආච්චිත් එක්ක යනවා පොඩි එකා කාලේ. සමහර වෙලාවට දොන් ඉන්නවා අක්කා බලන්න ඇවිල්ල.

      Delete
    3. ඔව් මචං මට ගොඩක් ෂුවර්... උඹනම් හරි වාසනාවන්තයි මචං ඒ අයව ළඟට දකින්න ඇසුරැ කරන්න ලැබීම ගැන. මම කලින් පෝස්ටුවේ කිව්වා වගේ බංධුල ගලගෙදර නම් අපි පොඩි කාලේ අපේ ගේ ඉස්සරැහින් පයිං යනවා දැකලා තියෙනවා. දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ...

      Delete
  4. උඹට ගොඩාක් පින්, පරණ මතකය අළුත් කලාට.. දැන් මොන සෝද.. ඒ කාලේ නේ සෝ තිබ්බේ.. විසිල් ගගහා බැලුවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් ගොයියෝ! දැන් ඒවා බැලුවාම මළු සංහතියම එපා වෙනවා. ඒ කාලේ කොච්චර ලස්සනද? ලස්සන සිංදු, රඟපෑම්. නළු නිළියෝ උනත් කොච්චර සුන්දරද? උඹට ජයම වේවා!!!

      Delete
  5. නියමයි අපිට ඉතින් මේ වගේ පෝස්ට් වලින් තමයි දැනගන්න වෙන්නේ , ස්තුති අයියේ , යකඩයා ගැන කියවද්දී මතක් උනේ අපේ මාමල බලල තිබ්බා, එයාල ඉස්සර ෆිල්ම් බලන්න නිතර යනවලු මොකද දැන් වගේ tv ඉන්ටරනෙට් නැහැනේ ගෙදර ඉදන් බලන්න ,

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී! ස්තූතියි ඔයාට! මේවා ඔක්කොම මම මතකයෙන් ලිව්වේ. ඒ කාලේ කොච්චර සුන්දරද? ෆිල්ම් එකක් බැලුවාම නිකං රටක් රාජ්‍යක් දිණුවා වගේ.
      රෑපවාහිණියේ සංක්‍රමනයත් අපේ සිනමාවේ විනාශයට බලපෑවා. ඒවගේම ඒවායේ ගුණය නැතිවීමත් ප්‍රේක්ශක ජනතාව ඉන් ඈත් කිරීමේ සාධකයක් වුනා. නංගිට සුභ දවසක්!!

      Delete
  6. "අම්මා බුදු වේවා" ඔය පච්චය ගහ ගත්තු අය ගම් වල තාම ඉන්නව. මං දැකපු හැම කෙනෙක්ම වගෙ අවුරුදු පනහට වැඩි වගෙ අය. සමහර විට ඒ ෆිල්ම් වලට තිබ්බ ආසාව නිසා වෙන්න ඇති.

    ඔයිටත් ඉස්සර ෆිල්ම් බලන්න ගියා කියල කියනව වයසක මිනිස්සු. වැඩේ ඒ අය අල්ල ගන්න අමාරුයි විස්තර අහ ගන්න. නැත්නම් ලස්සන කතා කියයි ඒ කාලෙ ගැන.
    "පරිස්සමින් රිවයින් කරන්න" ඒකට නම් මටත් හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. ඒවායින්ම පේනවනේ මලේ සිනමාව සාමාන්‍ය ජනතාව එක්ක කොච්චර බද්ධ වෙලා තිබුනද කියලා. දැං කොහේද?
      පරිස්සමින් රිවයින් කරන්නේ කොහොමද කියලා ඒ මලයාගෙන්ම තමයි අහන්න වෙන්නේ. හහ් හහ්..

      Delete
  7. පරණ චිත්‍රපට ගැන මතකයන් අහන එකත් සුන්දරයි. අපේ තාත්තත් විවේක වෙලාවට කියනව ඉස්සර ෆිල්ම් බලන්න යන හැටි රහ කරකර. අපූරු ලියැවිල්ල අයියේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් තාත්ත කියන ඒ කතා ලියමුකො :)

      Delete
    2. ඒවා තාත්තට එයාගෙ බ්ලොග් එකේ ලියන්න කියනවා. කෝ කිවුවට අහන එකක්යැ.

      තාත්තා ලියාපුවා මෙතනින් බලතහැකි.
      http://premaratnemidula.blogspot.com/

      Delete
    3. ඔන්න බලන්න ඒ ප්‍රශ්නෙ හින්ද තව් බ්ලොග් එකක් සෙට් වුනා.. ඒ මිදුලට මං පාරක් මතක තියා ගත්ත හෙමින් බලන්න ඕන. ස්තුති බස්.... ලින්ක් එකට. බලමු අපිත් කියල.

      Delete
    4. ස්තූතියි ඔයාට! දැන්නම් නංගි කියන්න බයයි! තාත්තාත් අපේ වයසෙද කොහේද? තාත්තගේ බ්ලොග් එකටත් යන්නම් වෙලාවක් ලැබුනාම. ජය!!

      Delete
  8. පොස්ට් එක කියවද්දී දැනුනේ චිත්‍රපටි බැලුවා වගේ ...කියවන ගමන් විසිල් එකක් ගහන්න හිතුනා ,බද්දේගම නම් පස්සේ ටී.වී. එකෙක් බැලුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවූලූෂා මලේ! උඹලගේ මේ ඇගැයීම් දැකලා එන සතුට මම අහිංසකව විඳිනවා. සියුම් ආඩම්බරයක් එනවා මේවා මතකයෙන් ලියන්න ලැබීම ගැන. ඒ සඳහා අපට වේදිකාවක් හා සිංහල අකුරැ ලබාදුන් තාක්ෂනයට ස්තූති වේවා! උඹට ජය!!

      Delete
  9. මටත් සියළු දේ මතක් උනා.. බොට බෝම ස්තුතියි ගුනේ.. ඩී ආර් දක්ෂයි ඒ වගේම කොස්තා නොසලකා හැරි නළුවෙක් විකටයාගේ ඉදල දුෂ්ඨයා දක්වා ඕනම චරිතයක් කරන්න පුළුවන්.. කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා! "ඔබෙ සැප මගේ සතුටයි!!"
      ඒ කෙතරම් නම් දක්ෂයෝද? ජෝ මහත්තයා ලැබුන ඕනෑම චරිතයක් කොච්චර නම් ලස්සනට කලාද...

      Delete
  10. උඹත් අරූ සහ රවී වගේම මතක ගබඩාවක්නේ බං. මම හුඟක් රස විඳපු සටහනක්. දැක්කද සයිකල් වර්ක්ස් කියලා ලියලා තියෙන හැටි? :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! මම නිහතමානීව ආඩම්බර වෙනවා මට මේ දේවල් මතකයෙන් ලිවීමට හැකිවීම ගැන.
      උඹ කිව්වට පස්සේ තමයි දැක්කේ. සයිකල් වර්ක්ස් ලියලා තියෙන හැටි. ජය!!

      Delete
  11. සඳුන්,

    අනුරාධපුරේ පොසොන් කඩ සංචාරය මගෙත් ජීවිතේ සොඳුරුතම අත්දැකීමක්. උඩමළුවට යන්ට ඔය දැන් සිංහ කණුව ලඟ ඉඳල තියන අළුත් පාර හදන්ට ඉස්සර බොහොම පටු පාරක් තිබ්බෙ. මල්වතුඔය හරහා පරණ පාලමෙන් එගොඩ වෙලා පරණ නගර සභාව ළඟින් ගිහිල්ල භික්ෂු විශ්ව විද්‍යාලය සහ ලෝවාමහාපාය ලඟින් උඩමළුවට යන්ටයි ඒ පාර තිබ්බෙ.

    පොසොන් දවසට කොච්චර සෙනඟද කියනවනම් මල්වතු ඔයේ පාලම පහුකරන්ට යනව පැයක් විතර. ඒත් අපිට කිසිගානක් නෑ. කොල්ලොනෙ. සෙනඟ අස්සෙ තෙරපෙන එක මාර ආතල්. පොසොන් කඩවල ඇවිදල ආපහු එන්නෙ පාන්දර පහට විතර. මිහින්තලේ බයිසිකල්වලින් යන එකත් ඒ වගේම අමතක නොවන තව මතක සටහනක්.

    ******************************

    අම්මා බුදු වේවා සහ මරුවා සමඟ වාසෙ පච්ච දෙකම එක පාර කොටව ගන්ට ගිය පොරක් ගැන තියනව මරු කතාවක්..චන්දන අහල ඇතිනෙ නේද?...:)

    බැද්දේගම චිත්‍රපටිය ලෙස්ටර්ගෙ අන්තිම සවුත්තු චිත්‍රපටිය කියලයි මගේ අදහස. හම්බන්තොට වගෙ කර්කෂ පළාතක දැඩි දුෂ්කර ජීවිතයක් ගෙවන මනුස්සයෙක් බබුන්..බබුන්ට හිටියෙ විජය. බද්දේ ගමේ විජය රඟපානව දැක්කම හිනායනව. රඟපෑමෙ වැරැද්දක් නෙවෙයි. විජයගෙ රත්තරන් පාට පිරිපුන් දේහය කොහොමවත් බබුන්ගෙ චරිතයට ගැලපෙන්නෙ නෑ.

    අරූ, ෆොටෝ එකේ ඩී.ආර්. එක්ක ඉන්නෙ බර්ටි නෙවෙයි මම හිතන්නෙ. හොඳ නළුවෙක් ඔය. මට නම මතක් වෙන්නෙ නෑ. විජය ධර්ම ශ්‍රීගෙ ආරාධනා චිත්‍රපටයෙ මාලිනීගෙ තාත්තට රඟපෑවෙ ඔය නළුවා...ආරාධනා මතකයි නේද?

    ජීවිතයේ තනි මංසළ අතරමං වෙලා..
    හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා..
    අතීතයේ ගිලිහීගිය සතුට රැගෙන යළි වඩින්න..
    ආරාධනා.....ආරාධනා...

    නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ..
    මැකී ගියාදෝ..කාලයේ වෙරළේ..
    ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා..
    සෙනෙහේ සත් පියුමන් යළිදු පිපේවා..

    එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ..
    ඔබේ උණුසුමේ..යළිදු උපන්නෙම්..
    බීඳුණු ජීවිතේ රජදහනින් සමුගෙන යනදා..
    ඔබේ දුක් පහනින් යළි එළිය ලැබේවා.

    අමරදේව මාස්ටර්ගෙ මේ ගීතය කවදාවත් මට අමතක වෙන එකක් නෑ... ඒ වගේමයි මිල්ටන්ගෙ සහ මාලිනී බුලත්සිංහලගෙ තවත් අපූරු ගීතයක් තිබ්බ මේ ෆිල්ම් එකේ.

    සීත අරණේ සුපුල් නාමල 
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිම ගිර සීත නොදැනේ 
    දැනේ උණුසුම ආදරේ...

    ලතාවක් සේ වෙලී සියොලඟ 
    පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ 
    වැළඳ ගන්නෙමි හදවතින්
    හදවතින්

    වළාවක් සේ අයාලේ ගිය 
    සිතට නිවහන ඔබ ළඟයි
    මහා කතරක ගෙවූ තනි මග 
    නිමා කල ඉම ඔබ නෙතයි
    ඔබ නෙතයි.

    ReplyDelete
    Replies
    1. රවී.........තවත් අමතක නොවෙන සින්දු දෙකක්.

      ආරාධනා එකේ මාලණිගේ තාත්තාට ඉන්නේ ඩේවිඩ් ධර්මකීර්ති නේද? මේ ඉන්නේ එයාමද?

      Delete
    2. ඔව් රවී අයියේ අනුරාධපුරේ පොසොන් ගැන තියෙන මතකය හා අත්දැකීම් අනන්තයි. ඒක අනුරාධපුර වැසියෙකුට හැර අනික් අයට ලැබෙන්නේ නෑ. පසුව ලියන්නම්.

      අම්මා සමඟ වාසේ, මරැවා බුදුවේවා පච්චෙනේ නේද?

      ඒ උනාට බැද්දේගමේ සිළිඳුට හා මුදළාලිට මම හරිම ආසයි. අයියා හරි පොත කියවන කොට චිත්‍ර පටයේ අසාර්තකභාවය පේනවා.

      පිංතූරේ ඩී ආර් එක්ක ඉන්නේ දොන් සිරිසේන. මං හිතන්නේ " බයිසිකල් හොරා" එකේ වෙන්න ඕනේ.

      ඔව් අයියේ ආරාධනා කොහොම අමතක වෙන්නද? මම හිතන්නේ මම ඒක බැලුවේ නිව් විජේන්ද්‍රා එකේ. දැන් උනත් අමරදේවයන්ගේ ඒ සිංදුව ඇහෙන කොට ඇස් වලට කඳුළු එනවා.
      ස්තූතියි ඔබට! ජයම වේවා!!

      Delete
    3. ස්තූතියි අරෑ ඩේවිඩ් ධර්මකීර්තිව මතක් කලාට. ඒ උනත් මට ගොඩක් විශ්වාසයි ඒ දොන් කියලා....

      Delete
    4. අරූ,

      ආන්න හරි මචං...ඩේවිඩ් ධර්මකීර්ති තමයි. මට හිතෙන්නෙම ඒ ඉන්නෙ එයයි කියල. ..ඒත් චන්දනයට ෂුවර් කියල කියනවනෙ ඒ ඉන්නෙ දොන් සිරිසේන කියල.

      Delete
    5. //ඒ උනාට බැද්දේගමේ සිළිඳුට හා මුදළාලිට මම හරිම ආසයි. අයියා හරි පොත කියවන කොට චිත්‍ර පටයේ අසාර්තකභාවය පේනවා//
      there are 3 golden rules,
      1. potha kiyawala thiyenawanam film eka balanta epa,
      2. film ela balala thiyenawanam potha kiyawanta epa, and
      3. rule no 1 and/or 2 kaduwa nam pasuthawila wedak neha

      Delete
  12. මචෝ මේ රස මතකයක්නේ. පරිස්සමින් රිවයින් කරපන්. මටත් ඉස්සර ලංකාවේ film hall ඔක්කොගෙම නම් කටපාඩං . ඇයි පත්තරේ ගත්තු ගමන් බලන්නේ දෙවැනි පිටුවේ තිබ්බ ච්ත්‍රපටි දැන්වීම් ටිකනේ.
    අර විජයගේ කටහඬ වෙළඳ දැන්වීම්වලින් අයින් කරා වගේ වැඩ අදටත් අපේ රටේ සිද්ද වෙනවා. මොන ආණ්ඩුවෙන් කළත් ඒවානම් එතාම තුච්ච නොදියුණු වැඩ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිලකයෝ... එදා ඒ මලයා පරිස්සමින් රිවයින් කරන්න කියනකොට ඇස්වල තිබුන අහිංසකපාට තාම මැවිලා පේනවා.
      උඹට මතකද ෆිල්ම් හෝල් වල නම් වගේ තමයි දුම්රිය ස්ථාන කටපාඩම් උන හැටි.
      උඹට ජය!!

      Delete
  13. ඉහළම ඡායාරූපයේ ඉන්න ඩී. ආර් නානායක්කාර මහතා තමයි මගේ ප්‍රියතම විකට නළුවා...ඔහුගේ රගපෑම් අතිවිශිෂ්ඨයි...අද ඉන්න විකට නළුවො වගේ කුණු හරුප කියලා නොවෙයි ඔවුන් මිනිස්සු හිනැස්සුවේ...

    අස්වැන්නේ දයානන්ද අයියත් විජය ගැන ලස්සන ලිපියක් ලියලා තියෙනවා....ඒ පැත්තට ගිහිල්ලා එයත් කියවලා බලන්න...ඔබට තවත් දේ මතක් වේවි. මෙන්න ලිංකුව http://aswanna.blogspot.com/2014/02/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලී! ඒ දවස්වල කුණුහරැප තිබුනත් ඒවා උසස් විදිහටයි පාවිච්චි කලේ.
      ස්තූතියි මලේ ලිංකුවට! ඒකට ගොඩ වැදිලා බලන්නම්. ජය!!

      Delete
  14. විජයගෙ කටහඬයි නමයි දෙකම වෙළඳ වැඩසටහන් වලින් අයින් කළා බං,ඒ වගේ ගොන්කම් කරපු අය ඒ කාලෙ හිටියෙ.අර චිත්‍රපටි හෝල් වල නම් ලිස්ට් එක නම් කට පාඩමෙන් කියවගෙන යනවා ඒ කාලෙ.හැබැයි ෆිල්ම් එක දාපු දවසෙම ෆස්ට් ෂෝ එක බැලුවේ නැත්නං හිතට හරි නෑ.
    නියම ලියවිල්ල බං,කියවල ඉවරවෙලා ඇස් පියාගෙන හිතින් අතීතයට ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! උඹලගේ මේ ඇගැයීම් දකින කොට හිතට එන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ. උඹලට ජයම වේවා!!

      Delete
  15. සමහරක් ෆිල්ම් නම් බලලා තියෙනවා.. සමහරක් ඒවා ගැන ඇහුවෙත් අදමයි.. හොද සටහනක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී! ඒක පුදුම සුන්දර කාලයක්... මල්ලිට ජයම වේවා!!

      Delete
  16. සමහර චිත්‍රපටි නම් බලලා නෑ.. ඒත් මේ ලිපිය කියෙව්වහම ඒ ටික බැලුවා හා සමානයි.
    ඉතුරු කොටසත් ඉක්මනින්ම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු මලේ. උඹලගේ ඇගැයීම් විශාල ශක්තියක් මට! ඉක්මනින්ම ඉතුරැ කොටස දාන්නම්... ජය!!

      Delete