බ්රිගේඩියර් වරයාගේ රිය බිළිගත් සිසුවිය ගයනී මොළය මියගොස් තිබියදී පස් දෙනෙකුට අවයව දන් දෙයි- සත්ය සිදුවීමක්.
( කවියේ අවයව දන්දුන් ආකාරය මනඃකල්පිත බැව් සලකන්න.)
ආදරණීය අම්මා හා තාත්තාට,
ආදරණීය අම්මේ මට | නොබනින්න |
පෙම්බර පියාණනි සැර වැර | නොකරන්න |
පංතිය ඇරී නිවසට මා | පියමැන්න |
හේතුව ඔයාලට පහසුව | සලසන්න |
පාරේ දකුණතින් මම ඇවිදං | ආවා |
කහ ඉර මතින් යන්නට පා | එසැවූවා |
එතනින් පසුව මුළු ලොව අඳුරින් | නහවා |
මගෙ සියොළඟම සැහැල්ලු වී | පියඹෑවා |
අම්මේ දන්නවද සීයා හමු | වූවා |
ගඟේ ගිලුණු මල්ලිත් සිටිනවා | දුටුවා |
තව සැර මාමෙකුත් ඉඳහිට මට | රැව්වා |
මා යට කරන් ගිය මාමගෙ හැඩ | මැව්වා |
තාත්තේ මෙතැන තියෙනවා නම් | ලැයිස්තුවක් |
තිබුනා එතන අයියා කෙනෙකුගෙත් | නමක් |
අද බලද්දි ඒ නම නෑ තිබුනේ | ඉරක් |
ඔහු තුල තිබෙනවා මා දුන් | වකුගඩුවක් |
මාමා කෙනෙකු සිටියා මෙහෙ එන්න | කියා |
හොඳටම බීලා අක්මාවත් දියැවී | ගියා |
ඔන්න අද උදේ කියනවා නොඑයි | කියා |
මගේ අක්මාව ගෙන මාමා ගෙදර | ගියා |
නංගී කෙනෙකු සිටියා ලොව පෙනෙන් | නැතී |
මගේ ඇස් දෙකින් ඇය දැන් ලෝකය | දකිතී |
දුක් නොවන්න මා ඔබෙ ලොව නම් | නොමැතී |
ඒත් පස් දෙනකු මා වෙනුවට | හිඳිතී |
අනිවා. ඒක මහා පං සම්භාරයක් බං... මීට කලිනුත් මම ඔය වගේ සිද්ධියක් ඇහුවා.. ජය වේවා.
ReplyDeleteමට හිතා ගන්න බෑ බං ඒ අම්මලා කොහොම ඉවසං ඉන්නවද කියලා. අපේ කාළයේ බෝධිසත්ව වරැ. මම මේ කවිය මුහුණු පොතේ දැම්මාම ඒ දුව ඉගෙන ගත්තු පාසලේ ගුරැ මාතාවක් හා ඒ නඩුවේ ගයනී වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්මියත් මේ කවිය පැසසුම් කරමින් කොමෙන්ටු එවා තිබුනා.
Deleteවිය යුත්තේ මේ ගැන කථා කිරීම නොව ඉදිරියේදි මෙවන් අකල් මරණ නොවෙන්නට නීති හා වැඩ පිළිවෙලක් සකස් කිරීමයි! උඹට ජය හා සතුට!!
මේ වගේ දේවල් කියවනකොට මටනම් ජීවිතේ ගැන පුදුමාකාර දේවල් හිතෙනවා.ඒ අම්මල තාත්තලට මොනව හිතෙනවා ඇත්ද?ඒ හැමදෙයක්ම තමන්ගේ දුව නිසා දැන් හොදින් ජීවත් වෙන මිනිස්සු දිහා බැලුවම අමතක වෙනව ඇති..
ReplyDeleteඒක නම් ඇත්ත රජ වීදිය. මට නම් හිතා ගන්න බෑ. එයාලා සහතිකවම අධ්‍යාත්මිකව ඉතාම ඉහල තැනක සිටින බැව් පැහැදිලියි!!
Deleteමේ සිද්ධිය ගොසිප් අඩවියකින් කියවන්න ලැබුනා.. හිත කීරි ගැහෙන සිදුවීමක්... !
ReplyDeleteකෙනෙක්ගේ නොසැලකිලිමත් කමින් මේ වගේ ජීවිත කීයක් නැති වෙන්න ඇද්ද.. ඒ වගේම තමා මේ කවි ටික කියවනකොට මතක් උනේ දොස්තරවරුන්ගේ නොසැලකිලිමත්කමින් අතක් අහිමි උන අචලා ව !
කවි ටික නං ලස්සනයි කියන්නේ නෑ... කෙනෙක්ගේ දුකක් ලස්සනයි කියන්නේ කොහොමද මං... කවි ටික කියෙව්වා !
ස්තුතියි මධූ මලේ! දැංවත් මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන සැලකිල්ලෙන් රිය පැදෙව්වොත් හොඳයි. ඒ අතින් මේ දියුණු රටවල් කොච්චර නම් ඉදිරියෙන්ද ඉන්නේ. පදිකයෙක් කහ ඉර ළඟ ඉන්නවා දැක්ක ගමන් වාහන පෝලිමේ නවත්තන්නේ. ඉතිං ඒ පුරැද්දට මමත් ලංකාවේ ආව වෙලාවේ කහ ඉරක් ළඟ කෙනෙකුට මාරැ වෙන්න නැවැත්තුවාම පිටිපස්සේ හිටපු මී හරකා තප්පුලන්න ගත්තා. ඕකයි තත්වය. හරිම ලැජ්ජයි ඛේදනීයයි!!!
Deleteමමනම් ඒ තැප්පිලි ගනන් ගන්නෙ නෑ.. එහෙම වෙලාවට තව ටිකක් වෙලා උවමනාවෙන්ම නවත්තන් ඉන්නවා..
Deleteමැරිලා කාටවත් වැඩක් නැතිව දිරලා යන සිරුරෙන් මේ ව්දියට පිනක් කරගන්නවා කියන්නේ ගොඩාක් වටින වැඩක්
ReplyDeleteමේක නම් හොඳ ආදර්ශමත් සත් ක්‍රියාවක්. නමුත් ඔවැනි සිද්ධි නම් ආයෙත් කණට නොවැටේවා කියලා පතනවා!!!
Deleteමේ සිද්ධිය මමත් දන්නවා ,මාර විදිහට හිත අවුල් වෙන සිදුවීමක්. අන්න නාමල් කුමාරයා දෙන්නෙක්ව යටකරලා ගිහින් දිවුලපිටියේදී. එක්කෙනෙක්ගේ කකුල් දෙක කපලා ,අනික් කෙනා මැරිලා . සංවේදී නායකයාගේ පුතානේ
ReplyDeleteඇත්තද පව්ලූෂා මලේ. ඌට එළාර රජතුමා එයගේ පුතාට දුන්න දඬුවම දෙන්න තියෙන්නේ.
Deleteදුටුගැමුණු පරම්පරාවේ අය එහෙම කරනවද මෙයා. පුතාට දඩුවම් දෙන්න.. පිස්සුද
Deleteඔය සෙට් එක බුදුහාමුදුරුවන්ටත් ඥාති වෙනවා කිව්වා නේද අර වැලපුකා?
Deleteඅපි වගේ හිස් මිනිස්සු ඉන්න ලෝකේ ඔය වගේ අයත් ඉන්න එක ලොකු දෙයක්..
ReplyDeleteඒක නම් සහතික ඇත්ත. ඉන්නෙම අමන පොලොංගු!!
Deleteඋතුම් මිනිස්සු...
ReplyDeleteඔව් සෙන්නා අපේ උත්තමාචාරය ඒ අසරණවූ බෝධි සත්ව දෙමාපියන්ට හිමි විය යුතුමයි!!
Deleteඅයවය දන් දෙන එක මාත් හුඟක් කැමති දෙයක්. මේ ඇඟ නිකම් ම පොළවට පස් කරනවට වඩා වෙන කෙනෙක්ට ජීවත් වෙන්න උදව් කරනවා නං ඒක ලොකු පින්කමක්. ඒත් දැන් මිනිස්සු මෙඩිකල් ෆැකල්ටියකටවත් තමන්ගේ සිරුර දෙන්න කැමති නෑ :( පුදුම යි මේ කාලේ.
ReplyDeleteඒක නම් ඇත්ත ධාරා නංගී! බලන්න ඒ අම්මලාට කොච්චර දුකක් දැනෙන්න ඇතිද? එහෙව් ආවේගයක් තියාගෙන මෙවැනි පරිත්‍යාගයකුත් කිරීම මට නම් හිතා ගන්න වත් බෑ.
Deleteනංගිට සුභ දවසක්!!
මාත් මේ පුවත කියෙව්වා. කවි පෙළ ඒ දෙමාපියනටත් දැරියටත් උපහාරයක් ම වේවා!
ReplyDeleteමාත් එහෙම පතනවා දිලිනි! කවි රස වින්ඳට ස්තූතියි!!!
Deleteමමත් මේ ප්‍රවෘත්තිය දැක්කා...බොහොම සංවේගජනක කථාවක්...මේ ගෑණු ළමයගෙ අවයව බද්ධ කරලා තියෙන්නෙත් තවත් තරුණ ජීවිත දෙකක් ගොඩ ගන්න....ඒ පිනම ඇති ගයනිට නිවන් දකින්න....රියදුරු අසුනෙ ඉදගන්න හැමෝම මේ සිදුවීම් මතකයේ තබාගත යුතුයි...
ReplyDeleteඒක නම් ඇත්ත සිරා මල්ලී! අපේ අයට පුදුම තදියමක්නේ තියෙන්නේ. හැම වැඩක්ම අත ගානවා. ඒත් වාහනයට නැංඟාම ඊයේ යන්න තිබුන ගමනක් වගේ තමයි යන්නේ. උඹට ජය!!
Deleteබොහොම සංවේදී පුවතක් . ආයේ ආයේ හිතට නැගෙන්නේ ඒ දෙමාපියන් දුන් උතුම් ආදර්ශය ගැනයි. මේ කවිය ඔවුන්ට උපහාරයක් වේවා !!
ReplyDeleteඇත්තටම ඒ දැරිවිය ගැන කණගාටුවක් හිතට ආවත් එපා දෙමාපිය යුවල ගත තීරණය ඇති ඉහලයි. ලොකු පිනක් කරන තියෙන්නේ. මෙවන් විපත් කිසම කෙනෙකුට නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete