උදා ළා හිරු කිරණ
තැවරිලා තණ මත......
දිඳුළුවයි පිනි බිංදු
කුඩා මිණි කැට විලස.....
ඔප දමා තැනිතලාවම
එයින් නගිනා රශ්මියෙන්.....
තවත් සුළු මොහොතකින්
චන්ඩවන ඒ හිරුගේ කිරණම.....
තණ පතේ රැඳි මැණික් කැඳළිති
මුසු කර හරියි වා තලයට.....
වළාකුළු පොලොවෙන් සොරාගත්
දිය කඳන් සැඟැවූ නිසා.....
උඩඟු වූ රුඳුරු හිරු
අළු කර දැමුවා අහිංසක තණ පත්ද....
සිදුවෙන මේ අවනඬුව දුටු
නුබ ගැඹේ හද පළුදු වී.....
ගැලුවා කඳුළු ගංඟා
පරයවා හිරුගේ කදම්භය.....
පිපාසය සංසිඳුන තණ පත්
ඉපිළිලා හරිත පැහැයෙන්......
දවාලූ ඒ හිරුම හෙට දින
වඩින තුරු ඇත මඟ බලා ගෙන......
ඉරඅව්ව මාව පිස්සු වට්ටනවා බං දවල්ට..
ReplyDeleteදේශක තුමා කුකුලත් අතේ අරං! ඒක තමා ඇතුවත් බැරි නැතුවත් බැරි හිරැ!!
Deleteනොදන්නා කමට නුඹ
ReplyDeleteවිටෙක දොස් කීවාට
සිසිරයද සරතයද
දෙකම ගෙනවිත් නුඹට
මල් තුහින පිනි බින්දු
සැඩ කිරණ හා වැස්ස
මවා දී රාත්‍රියද
නුඹ නිදන විට පවා
මේරුවට මුවා වී
උණු වෙවී වැගිරෙනා
දැවෙන හද ඉවසනා
මමය පිය රජු
මමය සැඩ හිරු
ලස්සන පද පෙලක් තිලකේ! උඹට ස්තූතියි!!
Deleteහැක හැක බචාලකේ කවි මඩුවක් නිසා අපි මුකුත් නොකියමු
Deleteඇයි ඉතිං outstanding , come and understanding කිව්වලු.
Deleteඋඹේ කවියෙන් ලස්සන අදහස් ටිකක් මතුවෙන හින්දා තමයි මටත් මේක ලියන්න හිතුනේ. කට්ටිය කිව්වා වගේ කතන්දර හා ගද්‍ය රචනා ටිකක් ලියපන්. ජය !!
Delete@ඉවාන් කවි මඩුව උඹලා ඔක්කොටොම විවුර්තයි
ස්තූතියි තිලකේ! ලබන සතියේ පුංචි කථාවකින් පටන් ගන්නවා.
Deleteවෙනසකට කතාවක් ලිව්වොත් හොඳයි තමා..මම සුභ පතනවා!!
Deleteඅදහස නං හරිම ලස්සණ යි! මේකේ වැස්ස ගැන ලියවෙච්ච කොටසට තමයි මම වැඩිපුර කැමති :) කොහොම වුණත් මේ ස්වභාව ධර්මයේ අපි හැමෝම යැපෙන්නෝ. එහෙම නැතු ව පැවැත්මක් නැහැ.
ReplyDeleteඇත්ත ඇත්ත ධාරා කෙල්ලේ. ස්තූතියි රස වින්ඳට! මම දැක්කා ඔයාගේ කථාව ලෝඩ් වෙලා. තාම කියවන්න බැරිවුනා..
Deleteකෝ මගේ කමෙන්ට් එක ?
ReplyDeleteමධු මලේ මේක විතරයි තිබුනේ. උඹට වෙලා ඇත්නම් තරහා නොවී ආයිත් කොටහං. ආසයි බලන්න.
Deleteහැමදාමත් කවි ලියන එකේ නරකද වෙනසකටත් එක්ක පුංචි පහේ කථාවක් ලිව්වොත්..මම හොදටම දන්නවා ඔබට රහට ලියන්නට හැකි බව...උත්සාහයක් දරලා බලමුද ?
ReplyDeleteඅන්න ඒකනම් සෑහෙන්න වටින අදහසක්.. චන්දන අයියේ කෙටි කතාවක් ලියමු..
Deleteස්තූතියි සිරා මලයාට හා දිනේෂ් මලයාට! උත්සහා කරන්නම්. ළබන සතියේ මම මාස දෙකකට විතර උඩදි ලියපු ඒත් ඔයාලා මෙහාට එන්න මාව දැනගෙන නොහිටපු සමයේ පළකල කථාවක් කාළයේ වැලිතලාවෙන් ගොඩ අරං ධූවිලි එහෙම ගසලා දාලා පලකරන්නම්කෝ..
Deleteඅන්න එහෙම එන්නකෝ සුදෝ...
Deleteවැස්සට පෙම් බැද වලාකුලට මුවා වෙලා වගේ..
ReplyDeleteඅපි හැමෝව වගේ ගොඩක් වෙලාවට රිඳවන දේ නැවත නැවත ලබන්න ආසයිනේ....
Deleteසොභාදහම හරි ලස්සනට ලියවුන හොද කවි පෙලක් අයියේ.. කාලෙකට කලින් අතහැරුන කවි කමට ආයෙම යන්න හිතෙනවා මේවා කියවද්දී..
ReplyDeleteස්තූතියි මලේ ඇඟැයීමට! ඇයි ඉතිං කවි කමට වල් බිහිවෙන්න ඉඩ දෙන්නේ. පොඩි කැති පාරක් ගහලා සුද්ධ කරලා ගමු. අපිට කවි වපුරන්න හොඳ තෝතැන්නක් අත ලඟම තියෙනවා....
Deleteඅපි සමහර අය නිසා කොච්චර හිත රිදවගත්තත් ,එයාලාව දකින්න, කතාකරන්න අපේ හිත මාහ බලාපොරොත්තුවකින් ඉන්නවා, මුලදී සුවයක් දැනුනත් අන්තිමේදී දුක විතරයි ඉතිරිවෙන්නේ කියලා හොඳටම දැන දැනත් අපේ හිත එයාලවම ඉල්ලන්නේ ඇයි?
ReplyDeleteමටත් කියන්න ඕන උනේ ඒකමයි මලේ! මොකක්දෝ බල වේගයකින් අපි ඒ දෙසටම ඇදී යනවා. හරියට ගෙම්බෙක් එලියට වීසි කරනකොට ඌ ඇතුල බලාගෙනම වැටිලා ඇතුලටම එනවා වගේ.... උඹට ජය සහෝදරයා!!!!
Deleteචන්න අයියගේ කවි එක්ක නම් අපිට හැරෙන්න බැහැ .
ReplyDeleteචන්දන අයියගේ කවි එක්ක නම් හැරෙන්න බැහැ අපිට ...... අනිත් සින්ඩි වලටත් මේක ඇතුලත් කරන්න .......
ReplyDeleteස්තූතියි සහන් මලේ උඹේ ඇඟැයීමට! හැමෝම කථාත් ලියන්න කියලා ආරාධනා කරනවා. ඉතිං ලබන සතියේ පුංචි සිද්ධියක් දාන්නයි කල්පනාව.
Delete///පිපාසය සංසිඳුන තණ පත්
ReplyDeleteඉපිළිලා හරිත පැහැයෙන්......
දවාලූ ඒ හිරුම හෙට දින
වඩින තුරු ඇත මඟ බලා ගෙන......//////
මේ තමයි අපි ඔක්කොමගේ කතාව.