මගේ සියළුම මිතුරැ මිතුරියන් හා ලෝ වාසී සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
Happy 2014 to all of you!!!!
| ගස් වල කොළ හැලී අතු පමණක් | රැඳුනා |
| ඒ මත හිම ඇලී සුදු පැහැයෙන් | දිලුනා |
| සීතල පවන් වැල් සවනඟ කිති | කැවුනා |
| නත්තල් අසිරියෙන් සැම හද ඔප | වැටුනා |
| උත්සව සමය වෙනුවෙන් පාසල් | වැසුනා |
| තෑගි බෝග ගන්නට මිනිසුන් | පිරුනා |
| නත්තල් ගස් වලට කප්පාදුව | ලැබුනා |
| අසරණ කළුකුමා මස් වී ගෙට | ඇඳුනා |
| නත්තල් සීයා හැම නිවසෙම දිස් | වූවා |
| නත්තල් ගසින් සාලය හැඩ වැඩ | වූවා |
| පිනි මුව පැටව් රංචුව සබයට | ආවා |
| මුළු පරිසරය නෙක පැහැයෙන් ඔප | වූවා |
| පල්ලිය දිහාවට කවුරුත් නොම | ඇඳුනා |
| එහි ඇති කුරුසයේ දුහුවිලි මල | බැඳුනා |
| සාමයේ කුමරු ඇති බවවත් නොම | හැඟුනා |
| එතුමාටත් හොරෙන් සුභ නත්තල | ගෙවුනා |
| ආදරණීය අම්මේ මට | නොබනින්න |
| පෙම්බර පියාණනි සැර වැර | නොකරන්න |
| පංතිය ඇරී නිවසට මා | පියමැන්න |
| හේතුව ඔයාලට පහසුව | සලසන්න |
| පාරේ දකුණතින් මම ඇවිදං | ආවා |
| කහ ඉර මතින් යන්නට පා | එසැවූවා |
| එතනින් පසුව මුළු ලොව අඳුරින් | නහවා |
| මගෙ සියොළඟම සැහැල්ලු වී | පියඹෑවා |
| අම්මේ දන්නවද සීයා හමු | වූවා |
| ගඟේ ගිලුණු මල්ලිත් සිටිනවා | දුටුවා |
| තව සැර මාමෙකුත් ඉඳහිට මට | රැව්වා |
| මා යට කරන් ගිය මාමගෙ හැඩ | මැව්වා |
| තාත්තේ මෙතැන තියෙනවා නම් | ලැයිස්තුවක් |
| තිබුනා එතන අයියා කෙනෙකුගෙත් | නමක් |
| අද බලද්දි ඒ නම නෑ තිබුනේ | ඉරක් |
| ඔහු තුල තිබෙනවා මා දුන් | වකුගඩුවක් |
| මාමා කෙනෙකු සිටියා මෙහෙ එන්න | කියා |
| හොඳටම බීලා අක්මාවත් දියැවී | ගියා |
| ඔන්න අද උදේ කියනවා නොඑයි | කියා |
| මගේ අක්මාව ගෙන මාමා ගෙදර | ගියා |
| නංගී කෙනෙකු සිටියා ලොව පෙනෙන් | නැතී |
| මගේ ඇස් දෙකින් ඇය දැන් ලෝකය | දකිතී |
| දුක් නොවන්න මා ඔබෙ ලොව නම් | නොමැතී |
| ඒත් පස් දෙනකු මා වෙනුවට | හිඳිතී |
| වර්ණ භේද වාදය නම් | අසූචියේ |
| දුඟඳ නසන් පිපි කුසුමකි පිනට | දැයේ |
| සුදු කළු වෙනස මකනට ඔබ කරන් | ගියේ |
| නිදහස් සටන අප කාගෙත් මතකෙ | තියේ |
| අවුරුදු විසි හතක් ඔබ හිරබත් | කෑවා |
| දිවියේ යොවුන් කල අඳුරෙහි තනි | වූවා |
| ඔබේ දිවි පසෙක ලා සටනට පන | පෙව්වා |
| ජාතියේ නාමයෙන් හැම දුක | ඉවසූවා |
| දඟ ගෙදරින් විත් නිදහස දිනූ | දැයේ |
| කළු ජනපති විය හැත්තෑ සවෙනි | වියේ |
| සදහට නික්ම යන ඔබ මේ පාළු | රැයේ |
| එක්වී සිහිකරයි සුදු කළු වෙනස | නොයේ |
| සංගීත අම්බරේ පෑ සුපුන් සඳය | ඔබ |
| ලඹ සවන් පිනා ලූ අමා ගී දහර | ඔබ |
| ගතින් මහළුව ගියද සිතින් තිරිහංය | ඔබ |
| හැමදාම දිලෙනු මැන අපේ ආයුෂත් | ලැබ |
| කොළොම් තොට මහළු නැත අවන්හල | එලෙසමයි |
| හන්තානේ කඳු මතින් හැමු පවන් | සිසිලසයි |
| අඩවන්වු දෙනෙතකින් ගැලු කාන්තිය | සුවයි |
| අපට ඇති සරණ නම් ගී පොතයි මී | විතයි |
| දශක අටකටත් වැඩි ඔබෙ සොඳුරු දිවි | පෙවෙත |
| මියුරු කට හඬින් ඔබ සුවකලා බිඳුනු | සිත |
| හොඳින් අස්වැද්දුවා සත් සරින් පුරන් | කෙත |
| සඳා වාසනා ඔබ සනසන්න සියළු | සත |
Photo Credit: ravayanews.wordpress.com
සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!
|