අද දින අප හැර ගිය සිය පෙම්බර බිරිඳ, අමරාවන්ගේ වියෝව, දයාරත්න රණතුංගයන්ට මෙලෙසින් දැනෙන්නට ඇතැයි මට සිතිණි.
පෙම්බර අමරාවනි, ඔබට කියන වග නම්....
හද වෙණ වැයූ පෙම්බර ඔබගේ සුරත
මැවු පෙම් හැඟුම් සවනට නෑසෙයි නැවත
කෙතරම් සෙවූවද පීරා මුළු දියත
වත දිලි මන්දහාසය දකිනට නොමැත
දුක් ගඟ ගලාලා මගෙ හද ගැබ සෙල්ලී
නෙත් බොඳ කළා සීතල කඳුළක එල්ලී
සැලුණද පහන් සිල හිස අද්දර දැල්ලී
මුළු ලොව හිඳියි අඳුරෙහි සදහට ගිල්ලී
ඉසිඹුව තබා ගමනට එක් වී පැමිණී
ඔබ අද නිදනු දුටු මගෙ දෙනයන දැවුණී
වෙණ තත පවා වැලපෙන යාමයෙ දුකිණී
යුඟ ගී ගයනු කෙලෙසද තනි වී ලඳුනී
සවනඟ රැඳෙයි ගැයු පෙම් ගී වැල් කොඳුරා
හදවත ඉකි ගසයි මතකය එහි තවරා
පහනක් තැබූවද ඔබ ගුණ කඳ සමරා
අඳුරෙහි කෙලෙස තනි මඟ යන්නද අමරා
චන්දන ගුණසේකර
+++++++++++++++
ReplyDeleteඅමරා අමරණීයයි