Pages

Friday 26 December 2014

සුළං කුරැල්ලෝ නත්තලට නෑ ගම් ගියහ........




" සුළං කුරැල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ"

ආදරණීය හිතවතුනී ඔබ සැමගේම උදව්වෙන් අද අපට ඔවුන්ගේ පාළු ලොවට මල් සුවඳක් රැගෙන යාමට හැකිවූ බව පවසන්නේ අති මහත්වූ නමුත් ඉතාමත්ම නිරහංකාරවූ ප්රීතියක් හිත දරාගෙනය. එය මා කෙසේ නම් වචන වලට පෙරළම්ද?

නත්තලේ සැබෑ අරැත අද මට දැනුණි. එයට සම්මාදම් වූ ඔබ සැමත් මාගේ සිතිවිල්ල සැබෑවක් කර ගැනීමට නොබියව උරදුන් ඒ දිරිය කත කල්යාණි නිලන්තිකා ගොඩමුල්ල සොයුරියත් මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ හද පිරි බැතියෙනි.

කල්යාණියනී ඔබ සියලු බාධක පසෙක ලා මේ උදාර කර්තව්යයට ඉදිරිපත් නොවන්නට මෙය නම් සැබෑවක් නොවන්නේ මැයි.

මා ඒ දුෂ්කර වචන හරඹය මෙසේ අරඹන්නම්.

60-70 දශකයේ සුළං කුරැල්ලෝ,මගෙ නාමලී ආදී අමරණීය ගීත ගැයූ ඒ අසහාය ගායකයා ඔබ සැමට මතක ඇතැයි සිතමි. ඒ වෙන කිසිවෙකුත් නොව හරැන් කුමාර් ලන්ත්රා මහත්මායි.

මට එතුමාගේ වර්තමාන තත්වය අළලා නිපැයූ ඉතාමත්ම අනුවේදනීය වීඩියෝ පටයක් මුහුණු පොතින්ම දැකගන්නට ලැබුණේ මීට මාස දෙකකට පමණ පෙර දිනයකදීයි.

එහිදී මුහුණු පොතින්ම හඳුනාගත් සංවේදී සැබෑ මිනිසුන් කොටසක් මාගේ ඉල්ලීම කන්දී තම ශක්ති ප්රමාණයෙන් එතුමාට යම් උදව්වක් කිරීමට මුදල් එවූහ. සමහරැ තමන්ගේ අගහිඟ කම් මා හට නිහතමානීව පැවැසූහ. ඒ සියල්ලන්නටම මගේ ප්රණාමය.

ඒත් බොහෝ පින් කම් කරන සමහර මිතුරන් මුනිවත රකිමින් මගේ ඉල්ලීම ඉවත හෙළූහ.

එහෙත් අපට රැපියල් 160,000 පමණ එකතුකරගත හැකිවිය.

ඊළඟ ප්රශ්නය වූයේ මා ඇතුළු මුදලින් දායකවූ බොහෝ දෙනෙකු ලංකාවෙන් පිට වාසය කිරීම නිසා කාගේ ගිණුමකට මුදල් යවන්නේද යන්නයි.

එහිදී මගේ කල්පනාවට ආවේ මා මුහුණු පොතින්ම හඳුනාගත් කල්යාණි ගොඩමුල්ල සොයුරියයි. 

මා ඇයව ඒ කෙටි කලට හඳුනාගෙන සිටියෙමි. ඇය කිසිදු බාධකයක් තඹයකට ගණන් නොගෙන ඇයගේ ගිණුම් අංක මා වෙත එව්වාය.

මුදල් දස දෙසින් ගලා එන්නට විය. ඒත් ඒ සැප පුටුවල තපිමින් අනුන් තලා මරා සෙවූ මුදල් නොවනි.

ඒ දිවා රෑ නොඹලා සීතලේ හෝ ගිනි රශ්මියේ බොහෝ වෙහෙස මහන්සිවී උපයාගත් රන් කහවණුයි. එයින් හැමු දහඬිය සුවඳ එයට සාක්ෂි දරනු ඇත.

හරැන් මහතාගේ නිවසට හොරැ පැන මුදල් කොල්ල කෑවේ මේ කාලයේදීමය.

මේ ගැන බියවූ සමහරෙක් මේ ගැන කියා පස්ස ගහන්නට පටන් ගති. ඒත් කල්යාණිය නොසැලුනාය. ඈ කියූ වදන් මට අද මෙන් මතකය.
" මල්ලී බෙල්ල ගහලා ගියත් ඔයාට මම මේ පොරොන්දු වූ වැඩය කරනවා"

මෙවැනි මිනිසුන් සහයට සිටිනවානම් කල නොහැක්කේ කුමක්ද? අවාසනාවට අප අතර වැඩිපුර සිටින්නේ ඉදිරියට යන්න නොව පසුපසට අදින්නට වලි කන උදවිය වීම අපේම අවාසනාවය.

කෙසේ හෝ මේ එකතුවූ මුදල එකවර හරැන් පවුලට නොදී මාස්පතා වියළි ආහාර විලසින් ප්රදානය කිරීමට තීරණය කෙරැණි.

එම සිහිනය පසුගිය මාසයේ අපට සැබෑ කරගන්නට හැකිවුණි. නොවැම්බර් 25 වෙනිදා රැපියල් 10,000 වටිනා ආහාර ද්රව්ය ඔවුනට ගෙනගොස් දුනිමු.

කෑගල්ලේ සිට පැමිණි කල්යාණි සොයුරියට සහය වීමට කෙටි කලකට මව් බිමට ගිය මටද හැකිවීම මගේ දිවියෙහි මා ලද විශාලතම භාග්ය සේ සලකමි.

එදා ඒ නිවසට ගිය අපට ඔවුනට හැම අතින්ම ඇති අඩුපාඩු පෙනුණි. හැම මසකම 25 වෙනිදා ඔවුනට අවැසි දේ රැගෙන නෑ ගම් යාමට කල්යනි සොයුරිය පොරොන්දු වූවාය.

එහි ප්රතිඵලයක් ලෙස සැබෑ නත්තල් අසිරිය ඔවුනට අද දිනයේ ලබා දීමට අපට හැකි විය.

කල්යාණි සොයුරිය මේ දිනවල කඩා හැලෙන වර්ෂාවද නොතකා කෑගල්ලෙන් පාන්දරම පිටත්වී තිබිණි.

ඒ ගමනට එක්වූ ඇයගේ සහෝදරයාගේ ප්රත්ර රත්නය මනුජ විරාජ් තරැනයා මේ අවස්ථාවේ සිහිකළ යුතුමය. අපෙන් පසු මෙවැනි කටයුතු ඉදිරියට ගෙනයා යුත්තේ ඔවුන් නිසාවෙනි.

ඊයේ සිටම කල්යාණි සොයුරිය මුහුණු පොතින් මා අමතමින් ගමනට ලක ලැහැස්ති විය. අද කිරිබත්ගොඩින් බැස හරැන් යුවලට අවැසි ඇඳුම් ආයිත්තම් ගැනීමට ඇය මනුජ පුතුත් කැටිව පැය තුන හතරක් වැය කළාය.






අද මේ නත්තල් නිවාඩුවේ තමන්ගේම ළඟම නෑදෑයෙකුවත් වැඩකට යැවිය හැකිද යන වග මා මෙන්ම පිටරට වෙසෙන මිතුරෝ දනිති.

එහෙත් මනුසත්වයේ නාමයෙන් හඳුනාගත් ඇය මට දුරකථනයෙන් අමතමින් ඇඳුම් කැඩුම් තෝරාගෙන කැලණියෙන් හරැන් යුවලට අවශ්ය කෑම බීමද රැගෙන ඔවුනගේ නිවසට යන විට හවස පහටත් කිට්ටු වී තිබිණි.

ඇය මට එහි සිට දුරකථනයෙන් අමතා ඔවුන් අළුත් ඇඳුම් දැකීමෙන් ලද සතුට විස්තර කළාය. මෙහි ඇති පිංතූරවලින් ඔබට එය වැටහේවි.








මෙහිදී අසල්වාසී විපුල මහතා සහ නිලන්ති මහත්මියගේ අනුග්රහය මතක් නොකරම බැරිය. 

මා සමඟ දුරකථනයෙන් කතා කළ විපුල මහතා අපට පිං දෙමින් මේ ලෙසට හරැන් යුවලට යමෙකු සලකන අයුරැ ඔහු දුටුපළමු අවස්ථාව බැව් ප්රකාශ කළේය.

ඉතිං සහෝදර සහෝදරිය මීටත් වඩා තව නත්තලක් තිබේද? මීට වඩා තව පිනක් තිබේද? මීට වඩා තව නිරාමිස සතුටක් තිබේද?

ඒ සියල්ලම ලැබීමට අපට සහය දුන් ඔබ සැවොම පුණ්යවන්තයෝය.

හෙටම ඔවුනට වටිනා කියන කිසිවක් තබාගැනීමට කුඩා කැබිනෙට්ටුවක් සපයා දීමටත් ලබන මස 25 වෙනිදා අළුත් තීන්ත ආලේප කොට නිවස ශුද්ධ පවිත්ර කර දීමටත් අප ඔවුනට පොරොන්දු විමු.

මෙතරම් අධික වැඩ රාජකාරි මධ්යයේ මේ උදාර කර්තව්යයට තම කාලය හා ශ්රමය මිඩංගු කළ කල්යාණි ගොඩමුල්ල සොයුරියටත් ඇයගේ සොහොයුරාගේ පුත් මනුජ තරැණ මහතාටත් මගේ අවංක ප්රණාමය පුද කරමි. 

කල්යාණි අක්කේ, ඔබ නොවන්නට මෙය සිහිනයක්ම පමණක් බව මම නැවත කියමි.

එමෙන්ම මුදලින් උපකාර කළ මා මිත්ර ඔබ සැම නොවන්නටද මේ ව්යායාමය සිතිවිල්ලක්ම පමණි. ඔබ සැමටම මේ පින අයිතිය.

එමෙන්ම හරැන් මහතාගේ අසල්වාසී විපුල මහතා සහ නිලන්ති මහත්මියද
ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරමි.



සැබෑ නත්තලක අසිරිය විඳි අප සැබෑම පින්වන්තයෝය. ජේසුනී ඔබ වහන්සේ බලාපොරොත්තු වූයේද මෙයම බැව් මා දනිමි.

දූ දරැවන් නැති, කාත් කවුරැවත් බලන්නට එන්නෙ නැති එදා රටක් නැලවූ හැමවිටම පිරිසක් වටේ සිටි අද කතා කරගන්නටවත් නොහැකි හරැන් මහතාට මොනවා සිතෙනවා ඇතිද?

ඔවුන් කුඩා දරැවන් සේ අද තුටු වූයේ එබැවිනි.

මේ ලෙසම ලබන මසත් අප එනතුරැ ඔවුන් බලා සිටීවි. ඒ සඳහා ශක්තියක් වීමට ඔබ තවම පරක්කු නැත. විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්ය තත්වය බැලීමට අපේ හිතවත් වෛද්යවරැන්ගේ සේවය අත්යාවශ්යමය. 

සංවේදී වෛද්ය මිතුරණී ඔබටයි මේ කාරැණික ආයාචනය..

ඔබ සැමටම සුවබර සාමකාමී නත්තලක් පතමින් මා නවතිමි.ජය ශ්රී!!

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

11 comments:

  1. කියවද්දි ඇත්තටම ඇඬුනා...

    ස්තූතියි චන්දන...

    ReplyDelete
  2. සැබෑ නත්තල සැමරීමට ඔබට හැකිව අැති බව නම් සත්‍යයකි...............

    ReplyDelete
  3. ඔබ සියලු දෙනාටම පින්

    ReplyDelete
  4. රුපියලකින් හරි දායක වෙන්න ලැබීම සතුටක්!! හඬ නගනවාට වඩා වැඩ කරන උඹලාට ස්තූතිය.

    ReplyDelete
  5. කියවලා කදුළු පිහදාද්දි හිරුගේ කමෙන්ට් එක දැක්කේ...හරූන් ලන්ත්‍රා මහත්තයගේ හිනාව දැක්කම අපිට මේ තරම් සතුටක් දැනුනා නම් ඔබට කොයි තරම් දැනෙන්න ඇතිද

    ReplyDelete
  6. සදාදරණිය මිනිසුනි.. ඔබේ සිත් සතන් සදා මෙත් මලෙන් සැරසේවා.. බොහොම පිං..

    ReplyDelete
  7. මෙවැනි සත්පුරුෂයන් තවමත් මේ සමාජයේ සිටිනා බව අසන්න ලැබීම මහත් සතුටකි. දිනෙන් දින වලපල්ලට යන කුණු ඕජස් ගලනා සිදුවීම් පමණක් අසන්නට ලැබෙන කාලයක මේ ක්‍රියාව මහත් සතුටක් මා සිත්හි ඇති කලේය. මේ උතුම් කාර්යයට දායක වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. හරූන් ලන්ත්‍රා මහතාගේ මා ඉතාමත් ප්‍රිය කරනා හංසරාණී ආදරේ ගීතය මතක් විය. ඒ ප්‍රේමනීය හඬ කෙතරම් සුන්දරදැයි ම තවමත් කල්පනා කරමි.

    ReplyDelete
  8. මේ සද්කාර්යයට සහභාගි වෙච්ච හැමෝටම පින් !

    ReplyDelete
  9. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්

    චන්දන...උඹල නියම "මිනිස්සු"...!!!

    ReplyDelete
  10. ඔබ සියළු දෙනාටම ස්තූතියි! මගේ කාරැණික ආයචනය මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යාමට අපට සහය වෙන්න. සැමටම ජය!

    ReplyDelete