Pages

Wednesday 17 December 2014

අපේ කාලයේ යෝධයන් දෙදෙනකුගේ සමුගැන්ම.....



අපේ පුංචි ශ්රී ලංකාව ලෝකයේ ප්රසිද්ධ වුණේ අද ඊයෙක ඉදලා නොවේ. එක් එක් වකවානුවල විදේශිකයින් අපේ රට ආක්රමණය කළේ අපේ රටේ පිහිටීමත් එහි ඇති ස්වභාවික සම්පතුත් හේතුවෙනුයි.

අපේ රට විදේශිකයින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා හැදින්වූයේ ඒ නිසයි. 

අවුරැදු සියයක් පමණ අපේ රට පාලනය කළ බ්රිතාන්ය ජාතිකයින් සිලෝන් නමින් අප රට හැදින්වූ අතර අපේ රටේ වැවූ තේ සහ කෝපි නිසා කා අතරත් අප රට ප්රචලිත වුණා."සිලෝන් ටී " කියූ විට අපේ රට නොදන්නා කෙනෙකු නැති තරම් වුනේ ඒ නිසයි.

ඒත් මෑත කාලයේ අපේ රට අන්තර්ජාතික ප්රජාවේ කතා බහට ලක්වූයේ මා ඉහත කී එකදු කරැණක් වත් නිසා නොවේ.

කරැනු දෙකක් නිසා විදේශිකයින් ලංකාව ගැන කතා කළා.

පළමු කරැන අපේ රටේ පැවති කොටි ප්රශ්නයයි. දෙවැන්න නම් ක්රිකට් ක්රීඩාවයි. 

මගේ මේ ලිපියේ අරමුණ ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ නිසා මා ඒ ගැන කතා කරන්නම්.

සුදු මහත්වරැන්ගෙන්ම ඉගෙන ගෙන ඔවුන්ගේම රටේදී දුලිප් මෙන්ඩිස්ලා , රෝයි ඩයස්ලා ඇතුළු අපේ කොල්ලන් ඉයන් බොතම්ලාට දුවන්න පිති හරඹය දියත් කළ දිනයේ ක්රිකට් ලෝකයේ ඇස් අපේ රට දෙසට හැරෙන්නට පටන් ගත්තා.ඒ තරගය වාර්තා කළ සුදු මහත්වරැම කීවේ මෙන්ඩිස්ව දවා ගන්නට බොතම්ට හතරේ සීමාවෙන් පිටත පන්දු රකින්නන් යෙදවිය යුතු බවයි.

මේ තරගාවලියෙන් පසු 1982 දී අපේ රටට ටෙස්ට් තත්වය පිරිනමනු ලැබුවා.

එහෙත් සැබැවින්ම ක්රිකට් නිසා අපේ රට ලෝකයේ ප්රසිද්ධ වුණේ 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුවයි. 

අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ අරවින්ද, මහානාම,ගුරැසිංහ,ජයසූරිය ඇතුළු අපේ කොල්ලෝ ලංකා නාමය ක්රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලිවූහ.

ලංකාවෙන් පිට විදේශයනිහී වාසය කරන ශ්රී ලාංකිකයින්ට නියම සිංහයින්සේ ඔළුව කෙළින් තියාගෙන ආඩම්බරයෙන් ක්රියාකිරීමට මේ නිසා අවස්ථාව උදාවිය. 

1996 ඒ දිනය මතක් වන විට අදත් අපට ඒ සතුට එන්නේ ඒ නිසාය.

මින් පසුව අපේ රට දෙස සැවොම බලන්නට පටන් ගත්හ. ක්රිකට් ක්රීඩාවේ අසීමිත දියණුවක් ඇතිවිය. 

මුරලි, ජයසූරිය වැනි සුපිරි ක්රීඩකයන් බිහිවිය.

කාලය මෙසේ ගතවෙද්දී 1997 දී කොළඹ ආනන්ද විද්යාලයෙන් නවතම සුපිරි ක්රීඩකයෙකු ලංකා පිළට එක්විය.

දෙනගමගේ ප්රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන ඔහුගේ සම්පූර්ණ නම විය. 

එනමුත් ඔහු කවුරැත් හැදින්වූයේ මහේල ජයවර්ධන නමිනි. ක්රිකට් ලෝලීන්ගේ හදවතේ ඔහු ආදරණීය මයියා විය.

මේ අතර වසර 2000 දී මහනුවර ත්රිත්ව විද්යලයෙන් ශ්රී ලංකා පිලට එක්වූ හුරැබුහුටි ක්රීඩකයෙකු කඩුලු රැකීමෙන් හා පන්දුවට පහර දීමෙන් කාගෙත් ඇස් අරවන්නට සමත් කම් දැක්වීය. 

කුමාර් චොක්ෂණාද සංගක්කාර ඔහුගේ සම්පූර්ණ නාමයයි. නමුදු ක්රිකට් ලෝකයේ ඔහු සැවොම දන්නා කුමාර් සංගක්කාරද ක්රිකට් ලෝලීන්ට සදාදරණීය සංගාද විය.

මේ සංගා හා මයියා අතර සුසංයෝගය සංගීත ලෝකයේ අමරදේව-සේකර ,වික්ටර්-ප්රේම් සුසංයෝගය මෙන්ම ශ්රී ලංකාවේ පමණක් නොව ක්රිකට් ක්රීඩා කරන සියලුම රටවල ප්රසිද්ධ විය.

දෙදෙනා එකතුව පිතිහරඹයේ යෙදී වාර්තා පිට වාර්තා තැබූහ. ඔවුන් පන්දුවට දින ගණන් පහර දුන්හ. පන්දු යවන්නෝ පන්දුවෙන් පන්දුවට පන්දු රකින්නන් වෙනස් කළ අතර ප්රතිවාදී නායකයාට තම පන්දු යවන්නා හා පන්දුවෙන් පන්දුවටම සාකච්ඡා පවත්වන්නට සිදුවිය.

සංගා පොතේ හැටියටම එල්ල කළ කවර් ඩ්රයිව් හා කට් පහරවල් කෙතරම් නම් නිවැරදිද? කෙතරම් නම් දැකුම්කළුද? විචාරකයෝ ඒ පහරවල් ගැන මහා ඉහළින් වර්ණනා කළහ. පුන පුනා විස්තර කලහ.

මයියා පන්දුව යන්නට ඉඩ හැර ගසනා ලද කට් පහරවල් හා ඇගටපතට නොදැනී එල්ල කළ හතරේ සහ හයේ පහරවල් නම් කොතෙක්ද? මේ කුසලතාවයන් නිසාම විචාරකයෝ චීකි ප්ලේයර්, ටච් ප්ලේයර් යන නම් වලින් මයියා හැදින්වීමට පුරැදු වූහ.

සංගා කඩුලු රකින විට පෑ පෙළහර කෙසේ නම් අමතක කරමුද? ඔහු කඩුල්ල පිටුපස නම් පිතිකරැ නිකමටවත් තම සීමාව පැන්නේ නැත. මක් නිසාද ස්ටම්ප් කිරීමේ කප්පිත්තෙකු කඩුලු රකිනා වූ බැවිනි. 

තමාගේ දකුණතට හෝ වමට පනිමින් සංගා කඩුල්ල පිටුපස සිට රැක ගත් උඩ පන්දුම නම් කොතෙක්ද?

එලෙසම මයියා ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් රැක ගත් උඩ පන්දු ගැනද කතා නොකරම බැරිය.

හිතා ගන්නටවත් කාලයක් නොදී තමා වෙත එන උඩ පන්දුවක් මයියා අත හැරියේම නැති තරම්ය.

මෙලෙස කාලය ගතවන විට මයියා ශ්රී ලංකා පිලේ නායකත්වයට පත්විය. ඒ සමයේදී අප ලෝක කුසලානය අබියසටම ආවද අවසාන තරගයේ කාලගුනයටද පැරදී කුසලානය අහිමි කරගන්නා ලදී.

ඉන් පසු සංගා නායකත්වයට පත්විය. එහිදීද ලෝක කුසලාන අවසාන තරගයට නැවතත් සුදුසුකම් ලැබූ අප ජයග්රහණය පෙනී පෙනී කවර හෝ හේතුවක් නිසා ඉංදියාවට පැරදුණි. එදා නායක සංගාගේ කඩා වැටී මැලැවුණු මුහුණ මට මේ මොහොතේත් මැවී පෙනෙයි.

මෙලෙසින් කාලය ගත වී දෙදහස් දාහතරෙහි දෙසැම්බර මස දහසය වෙනිදාටත් උදාවිය.

එදින කොළඹ ඛෙත්තාරාම ජාත්යයන්තර ක්රිකට් ක්රීඩාංගනයට ලක්ෂසංඛ්යාත ජනකායක් එක් රොක් වූයේ එංගලන්තය හා ලංකාව අතර සත් වැනි හා අවසාන එක්දින තරගය නැරඹීමටම පමණක් නොවේ.

එදින ලංකාව ඉතා විශිෂ්ට ජයග්රහණයක් අත් කරගත්තද ක්රීඩා ලෝලී නරඹන්නන්ගේ ප්රීති ඝෝෂා වෙනුවට ඔවුන්ගේ ඇස් පිරී තිබුණේ කඳුළිනි.

ඒ තම වීරයන් දෙපලකගේ සමු ගැනීම නිසා උපන් උණු කඳුළුයි.

සංගා හා මයියා ලංකාවේදී සෙල්ලම් කරන අවසාන එක්දින තරගය මෙය විය. ඉතිං කෙසේ නම් ක්රීඩා ලෝලීන් ඉවසන්නද?

ලොවෙහි සත්යය මෙයයි. අපට දිනෙක සමු ගන්නට වෙන්නේමය. කිසිම දෙයක් සදා කාලික නොවේ. 

අපට ඇති එකම සැනසීම නම් සංගා හා මයියා දෙදහස් පහළොවේ ලෝක කුසලානයට ක්රීඩා කිරීමයි. එම තරගාවලියෙන් පසු ක්රීඩා දිවියෙන්ම ඔවුන් සමු ගනු ඇත. 

සංගා හා මයියා සුසංයෝගය ඉතිහාසයට එක්වනු ඇත. ඒත් එක් දෙයක් නම් පැහැදිලිය. ඒනම් ඔවුන් සදාකල්හීම ජනතාවගේ හදවත් වල ජීවත් වන බවය.

සංගා , මයියා ඔබලා ලංකා මාතාව වෙනුවෙන් කළ සේවයට අප ඔබ දෙපළට සදා ණය ගැති 
වෙමු.

ඔබලා අපට ගෙන දුන් කීර්තියට බොහෝමත්ම ස්තූතියි.

අපට ලබන වසරේ ලෝක කුසලානය දිනා ගත හැකිවුවහොත් ඔබ දෙපොළට දෙත හැකි උපරිම සමු දීම එයම වන්නේය.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

9 comments:

  1. මහත්වරුන්ගේ ක්‍රීඩාවට එක්වුණු නියම මහත්වරුන් දෙපලක්.. ක්‍රිකට් වලින් ඔබ්බටද ඔවුන් ගැන කථා කලයුතු හා කතා කල හැකි දේ බොහෝයි.. ක්‍රීඩාවේ තානාපතිවරුන් දෙපලක් වූ ඔබට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය!

    ReplyDelete
  2. රටට වටිනාම අවශ්‍යතම ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඕස්ට්‍රේලියාව වගේ මෙහේ ඒ තැන ගන්න ඊට පිටිපස්සෙන් පෝලිමක් තියා හරි හමන් එකෙක්වත් නැති නිසා මේක අකල් සමුගැනීමක් විදියටයි මට දැනෙන්නේ. මේ ඔවුන්ගේ උපරිමය රටට ලැබෙන කාලේ. ඒ නිසා ඔවුන් තව වසර කිහිපයක් රැඳී සිටිය යුතුයි.

    ReplyDelete
  3. ස්තුතියි චන්දන ඔබටත් ඔවුන් දෙදෙනා ඇගයිම ගැන.

    ReplyDelete
  4. කුමාර් චොක්ෂණාද සංගක්කාර//

    අදයි අපිත් දැනගත්තේ....................

    ReplyDelete
  5. //සංගා , මයියා ඔබලා ලංකා මාතාව වෙනුවෙන් කළ සේවයට අප ඔබ දෙපළට සදා ණය ගැති
    වෙමු.// අනිවාර්යෙන්ම

    //එහිදීද ලෝක කුසලාන අවසාන තරගයට නැවතත් සුදුසුකම් ලැබූ අප ජයග්රහණය පෙනී පෙනී කවර හෝ හේතුවක් නිසා ඉංදියාවට පැරදුණි// මේක නම් උවමනාවෙන්ම් පැරදීමක් වගේ

    ReplyDelete
  6. සැබවින්ම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වගේම සොඳුරු මිනිසුන් දෙදෙනෙක්..

    ReplyDelete
  7. චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:)

    ReplyDelete
    Replies
    1. චන්දන මල්ලි..මහේල ඇවිල්ල නාලන්දෙ....:) x 2

      Delete
  8. පින්තූරේ ටිකක් පොඩි කරලා දාන්න. පෝස්ට් එකෙන් එලියට ඇවිදින්.
    අපේ ක්‍රිකට් වීරයන් දෙදෙනගේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් !

    ReplyDelete