පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්රචලිත එළිමහන් රංගපීඨය මධ්යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරු දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.
වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්යයක් වනු ඇතැයි මට සිතිනි.........
හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......
වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......
මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......
නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......
මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන
ගමන් යන නුඹට මම
පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......
අනේ අපරාදේ...
ReplyDeleteලස්සන පද වැලක් අයියේ
ඔව් නංගී! හරිම ලස්සන ගහක්. ආයෙත් හොඳ පැලයක් හිටෙව්වොත් හොඳයි. මගේ පදවැල රස වින්ඳට ස්තූතියි!
Deleteකඞන් වැටිලද? කපලද?
ReplyDeleteකවිය එල ද බ්‍රා
ගොඩක් ස්තූතියි සංජීව! ගහේ කඳ ඇතුලින් දිරලා නිසා ආරක්ෂාකාරී පියවරක් විදිහට කපපු බව තමයි ආරංචිය. ඔය වගේ ගහක් ආයේ හැදෙන්න සෑහෙන කලක් යාවි. ඒත් හැමදේම නැසෙන සුළුයිනේ.....
Deleteගහ කඩං වැටෙන්න ඇති නැත්නං දිරල නිසා කපන්න ඇති. ඕවා ඕම තමා.. දුකයි තමයි.. මොනා කරන්නද ඒත්. මොන දේවත් සදාකාලික නැනේ බං ගුණේ..
ReplyDeleteඒක ඇත්ත බං දේශක තුමෝ. කඳ දිරෑ නිසා කැපූ බැව් සැලයි. උඹට ජය!!
Deleteෆොටෝ එක දැක්ක වෙලාවෙ කම්පා උනා. ඒත් ඔබ ඒ හැඟීම අපූරු කවියක් බවට පත්කරලා. මේක තමයි හැකියාව කියන්නෙ. :)
ReplyDeleteඔයාට ගොඩක් ස්තූතියි මාව අගය කළාට!
Deleteගහ කඩන් වැටුනු පින්තූරේ දැකලා මටත් දුක හිතුනා. ඒ දුම මේ කවි වලත් ලියැවිලා..
ReplyDeleteඒ කියන්නේ උඹ සිගරට් එකක් බිව්වා...
Deleteඒ දුම මේ කවි වලත් ලියැවිලා..
Deleteඋබ ඒ ටිකට ගහ ගිනිත් තිබ්බද බන්
හහ් හා පොඩි අකුරැ වැරදීමක්!කෙසේවෙතත් ස්තූතියි මධූ මලේ!
Deleteසිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.
ReplyDeleteකවද කොතන ඔය පිංතූරෙ දැක්කත් මගෙ හිත කීරී ගැස්සෙනවා.
අද ඒක තවත් වැඩිවුනා. ඒ කියන්නෙ වලේ ඒ ලස්සන ආයෙ නෑ?
ඒකනේ මනෝෂ්... ඔය වගේ ගහක් හැදෙන්න තව කාලයක් යයි...
Deleteඅපරාදේ...
ReplyDelete// මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන
ගමන් යන නුඹට මම
පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා....... //
දුකයි තමයි...
Deleteගොඩක් ස්තූතියි මගේ නිර්මාණය රස වින්ඳට!
හදවතට දැනෙන පද වැලක් මචෝ.... මේ ගැන අද දවසේ ගොඩක් දේ ලියැවිලා තිබුණා.
ReplyDeleteගොඩක් ස්තූතියි නලින් ඔබට!
Deleteම්ම්ම්... පොඩ්ඩක්......?????????????
ReplyDeleteඇයි කෙන්ජි හරි නෑ වගේද? වරදක් තියෙනවනම් කියපං බං හදාගන්න.
Deleteමොනා වුනත් සෑහෙන්න අපරාදයක්..
ReplyDeleteඒකනේ දිනේෂ් මල්ලී. ඒත් ලෝක ස්වභාවය.....
Deleteමේ ගැන දැක්ක ගමන් ඇතිවුණු හැගීම ඔබ කවියට නගයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා
ReplyDeleteස්තූතියි පව්ලූෂා මලේ මා ගැන තැබූ විශ්වාසයට!
Deleteකණගාටුයි............. ඇද වැටිලා ද කපලාද දන්නෑ... පොළොන්නරුවේ කහමල් ගහකුත් කපලාලු... අනේ පේරා නුඹේ සළු උනා දැමූ කළ කුමන හැඩක් දෝ ඔය වත////////////
ReplyDeleteදිරලා නිසා කපා දාලලු. මොනවා කරන්නද?
Deleteපට්ට කවිය
ReplyDeleteමේක බුකියෙත් දාල තිබ්බ නේ
ඔව් මහේෂ් ගොඩක් ස්තූතියි ඔබට!
DeleteThanks machan!
ReplyDeleteවලේ රොබරෝසියා ගහ ගැන පදවැල් මහා ගොඩක් ලියවිලා තිබ්බා . ඒවා අතරින් උඹේ කවිය වඩාත් මනරම් කියා හිතෙනවා .
ReplyDelete( හැබැයි මොන හේතුවකටද දන් නෑ අන්තිම පේලි දෙකට මම කැමති නෑ)
අන්තිම පේලි දෙක ගැන මටත් ඔහොම හිතුනා. ඒ කවි පන්තියේ හැඟුම්බර බවට අන්තිම පේලි දෙක අවාසියක් කලාදෝ කියලා හිතුනා.
Deleteගොඩක් ස්තූතියි තිලකේ සහා අරෑ. ඇයි ඒ අන්තිම පද දෙක ගැලපෙන්නේ නැද්ද බං?
Deleteකාවිත්‍යය තුල තිබු සියුමැලිත්වය ගිලිහුනාදෝ කියන හැඟීම තමයි මට තියෙන්නේ....සියුමැලි කවියෙක් , කවිය කාගෙවත් ප්‍රාර්තනාවලට පටු කල හැකිද කියන අදහසයි මා තුල තියෙන්නේ.
Deleteඅපි පේරදෙනියට තව රොබෝරෝසියාවක් හදමු කියන සංකල්පය, මා දුටු කිසිම නිර්මාණයක දුටුවේ නැහැ. මැරුණු රොබෝරෝසියාට හඬා පලක් නැහැ. හැඬිය යුතු තව රොබෝරොසියාවක් හැදෙන්නේ නැති නිසයි. මම විවි සිසුවෙක් නොවේ.
කවියා රාමුවකට කොටු නොවුණු තරමට ඒ නිර්මාණ සාර්ථක වෙනවා තමයි මචං. ඒත් අපිට ගහකට උවත් නිවන් දකින්න කියන්න බැරිද?
Deleteඅළුත් පැලයක් රෝපන කිරීම ගැනනම් සදහන් වුනේ නෑ තමයි. කවි බසින් එය අපූරැවට කළ හැකිව තිබුණා. උඹට බොහොම ස්තූතියි අරෑ!
මාත් දන්න ගහක්. නමුත් මම පේරාදෙණියේ කැම්පස් එකට ගියේ නෑ. ඒත් පැණිදෙණියේ ටීචර්ස් කොලේජ් එකේ ඉන්නකොට ඕකෙ කරක් ගහනවා. කැන්ටින් වලින් කනවා. ඉතින් ගහ දන්නවා.
ReplyDeleteතිලක සිතේ දාපු කමෙන්ට් එකමයි
ස්තූතියි හෙන්රි ඔබට!
Deleteකොයි කාලෙද උඹ ටීචර්ස් කොලෙජ් එකේ හිටියේ?