කුසට හරිහැටි අහර නොමැතිව දැඩි කළේ නුඹ පොඩි | පුතේ |
ඇඟට ඉනු ලේ කිරට හරවා උස් මහත් කෙරුවේ | පුතේ |
දුකට විවරවු දොරටු වසලා සැපට මඟ තැනුවේ | පුතේ |
සැමට දිනයෙක නිවන් යන්නයි සසුන වෙත පිදුවේ | පුතේ |
පුතේ නුඹ හට දනක් පුදනට සැම දිනේ මා | සිතනවා |
හිතේ හයියට ගතු කියාගෙන ගතේ සවි මට | රවනවා |
නෙතේ ඇඳිරිය නුඹව දුටු විට පහව ගොස් මඟ | බලනවා |
අතේ දුරකින් නොසිටියත් හැම සිහිනයෙම ළඟ | රැඳෙනවා |
තාත්තත් දැන් ලෙඩ ඇඳේ මතකයත් හොඳ හැටියට | නැතේ |
මේවා නුඹහට කියනු කෙලෙසද ගලයි උණු කඳුලැලි | නෙතේ |
පාන්දර හීලයත් අරගෙන එනව හෙට පන්සල | වෙතේ |
වීසිකර මේ සසරෙ දුක් පොදි නිවන් දැකපං මගෙ | පුතේ |
Tuesday, 15 July 2014
නිවන් දැකපං මගෙ පුතේ....
Subscribe to:
Post Comments (Atom)
සුපිරි.....
ReplyDeleteමේ පින්තුරය කවි වලට සම්බන්ධ එකක්ද මචෝ......
හුරු පුරුදු පරිසරයක් කියල හිතුන පින්තුරය දැක්කම......
ස්තූතියි කෙන්ජි! යහළුවෙකු මේ පිංතූරෙ මට එව්වා කවියක් ලියන්න කියලා. ඉතිං මම මේක ලිව්වා.
Deleteඋඹ කෝමත් බෝම බර සාර කවි කාරයා බං.. දැනුනා හොද එකෙන්ම..
ReplyDeleteතව ඩිංගක් එළිසමය රැකගන්න බලන්නේ නම් මැනවි...
ස්තුතියි දේශක තුමා! උඹ ඉස්සර ඉදන්ම මාව අගය කරන බව දන්නවා. පුතේ පුතේ කියලා පද හතරෙම දාපු එක වෙන්ටෑ උඹ කිව්වේ. සමහර තැන්වල මම එහෙම දානවා දැකලා තියෙනවා. මං හිතන්නේ මේක ඒකාර්ථ දෝෂය කියලා. නමුත් පුතේ පුතේ කියලා දිගටම එනකොට තවත් ආදරය සංවේදය වැඩියි වගේ හිතලයි මම එහෙම දැම්මේ . උඹට ස්තූතියි මචෝ!
Deleteඅපූරුයි චන්දන අය්යෙ...
ReplyDeleteසංවේදි කවියක්..
පුතාව සසුනට බාර දෙන හැම අම්මෙකුගෙම කතාව මේක වෙන්න ඇති...
ජයවේවා
ගොඩක් ස්තූතියි මහේෂ් මල්ලී! ඇගැයීම මට හයියකි. ජය ඔබට!
Deleteඅපූරු පැදි පෙළක්!
ReplyDeleteස්තූතියි බස්සි නගේ!
Deleteමතකද එඩ්වඩ් ජයකොඩි කියන " බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා" ගීතය
ReplyDeleteඔව් පව්ලූෂා මලේ!
Deleteමේවා මහා සංවේදි සිද්ධි.
කවියෙන් කොටන්නට කොමන්ටුව හිත ඇතිය
ReplyDeleteමෙනවා කරන්නද කවි දැනුම මදිකම හරහටය
මගේ මේ ආචාරය ඔබගේ කවි හැකියාවටය
හිත රිදවනවා දුටුවම කවියට යටින් ඇති ඡිවිතය
ස්තූතියි සංජීව මලේ! ඔබේ කවි පිළිතුරට මගේ ආචාරය! බැහැකියලා නෑ මල්ලී. දිගටම ලියන්න. ඉබේම හුරැ වෙයි. ජය!
Deleteකමෙන්ටුව කවියෙන්ම ලීව නං හොඳයි කියල හිතුනත් අපි ලියන කවි මේ කවිවලට ලඟින් තියන්නවත් බෑනෙ.කවි ටිකත් ලස්සනයි පින්තුරෙත් ලස්සනයි.
ReplyDeleteගොඩක්ම ස්තූතිය හැලප මචෝ!
Deleteකොහොම ලිව්වත් උඹේ එක වදනක් වුවත් මට ශක්තියක්!
අම්මේ මටත් සිහිවෙයි ගෙදර කරදර
ReplyDeleteවරෙකට එන්න සිත්දෙයි හැරදා සිවුර
එනමුත් දැකිය යුතුමයි සසර කෙලවර
හැකිනම් ඔබ හැමත් කරවන්නම් එතෙර
ගොඩක්ම ස්තූතියි මචං උඹගේ මණරම් පිළිතුරැ කවියට! ජය!
Deleteපිංතුරයටම ගැලපෙන පැදි පෙළ..
ReplyDeleteගොඩක් ස්තූතියි නලින්!
Deleteඅපූරුයි චන්දන අයියේ කවි ටික..
ReplyDeleteකවියටම ගැළපෙන කතා කරන පින්තූරයක්..
ගොඩක් පිං උඹට සංචාරක මලේ!
Deleteපින්තුරයක් හා කවියක් එකතු වී මහා සංවේදනාවක් මවන අපුරුව !!
ReplyDeleteගොඩක් ස්තූතියි තිලකේ. උඹ මට හැමදාම ගල් කණුවක් වගේ හයියක්!
Deleteනිර්මාණය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හරිම අගෙයි...... දුක, වේදනාව කඳුළ එක්ක මුහුවුණ ගැමිකම වගේ ම මව් සෙනෙහස කවියෙන් මනාව ඉස්මතු කරනවා චන්දන..........
ReplyDeleteගොඩක්ම ස්තූතියි ඔබගේ ඇගැයීමට! මගේ උත්සහය සාර්ථක වෙළා කියලා මේ කොමෙන්ටු දකිනකොට මට නිහතමාණිව සතුටු වෙන්න පුළුවන්... ජය!
Deleteඅපේ ගෙවල් අහල පහල මල්ලි කෙනෙකුත් ඔහොම මහණ වුනා. මට ඒ සිද්දිය මතක් වුනේ විශේෂයෙන්ම පින්තූරේ දැක්ක ගමන්. හැබැයි දැන් අවුරුදු බර ගානක් සිවුරේ හිටියා.
ReplyDeleteඔව් හෙන්රි බොහෝ හොඳ සිල්වත් මහනදම් පුරන හිමිවරැ ඉන්නවා. ඒත් මේ කීපදෙනෙකුගේ වැරදි නිසා ඒ අයටත් තියෙන ගෞරවය නැතිවෙනවා.
Deleteපින්තූරයෙන් දකින දේ අපූරුවට පද වලට පෙරළලා...
ReplyDeleteගොඩක් ස්තූතියි තුෂානි!
Deleteකවිනම් අනේ මංදා.......
ReplyDeleteඅම්මා පුතාට වඳින එක පවු නැද්ද ?
සෙන්නා මම හිතනවා උඹ දන්නවා කියලා. වඳින්නේ චීවරේටනේ බං.
Delete