Pages

Tuesday 15 July 2014

නිවන් දැකපං මගෙ පුතේ....


කුසට හරිහැටි අහර නොමැතිව දැඩි කළේ නුඹ පොඩි පුතේ
ඇඟට ඉනු ලේ කිරට හරවා උස් මහත් කෙරුවේ පුතේ
දුකට විවරවු දොරටු වසලා සැපට මඟ තැනුවේ පුතේ
සැමට දිනයෙක නිවන් යන්නයි සසුන වෙත පිදුවේ පුතේ
   
පුතේ නුඹ හට දනක් පුදනට සැම දිනේ මා සිතනවා
හිතේ හයියට ගතු කියාගෙන ගතේ සවි මට රවනවා
නෙතේ ඇඳිරිය නුඹව දුටු විට පහව ගොස් මඟ බලනවා
අතේ දුරකින් නොසිටියත් හැම සිහිනයෙම ළඟ රැඳෙනවා
   
තාත්තත් දැන් ලෙඩ ඇඳේ මතකයත් හොඳ හැටියට නැතේ
මේවා නුඹහට කියනු කෙලෙසද ගලයි උණු කඳුලැලි නෙතේ
පාන්දර හීලයත් අරගෙන එනව හෙට පන්සල වෙතේ
වීසිකර මේ සසරෙ දුක් පොදි නිවන් දැකපං මගෙ පුතේ
   

30 comments:

  1. සුපිරි.....
    මේ පින්තුරය කවි වලට සම්බන්ධ එකක්ද මචෝ......
    හුරු පුරුදු පරිසරයක් කියල හිතුන පින්තුරය දැක්කම......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි! යහළුවෙකු මේ පිංතූරෙ මට එව්වා කවියක් ලියන්න කියලා. ඉතිං මම මේක ලිව්වා.

      Delete
  2. උඹ කෝමත් බෝම බර සාර කවි කාරයා බං.. දැනුනා හොද එකෙන්ම..
    තව ඩිංගක් එළිසමය රැකගන්න බලන්නේ නම් මැනවි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක තුමා! උඹ ඉස්සර ඉදන්ම මාව අගය කරන බව දන්නවා. පුතේ පුතේ කියලා පද හතරෙම දාපු එක වෙන්ටෑ උඹ කිව්වේ. සමහර තැන්වල මම එහෙම දානවා දැකලා තියෙනවා. මං හිතන්නේ මේක ඒකාර්ථ දෝෂය කියලා. නමුත් පුතේ පුතේ කියලා දිගටම එනකොට තවත් ආදරය සංවේදය වැඩියි වගේ හිතලයි මම එහෙම දැම්මේ . උඹට ස්තූතියි මචෝ!

      Delete
  3. අපූරුයි චන්දන අය්යෙ...
    සංවේදි කවියක්..
    පුතාව සසුනට බාර දෙන හැම අම්මෙකුගෙම කතාව මේක වෙන්න ඇති...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් මල්ලී! ඇගැයීම මට හයියකි. ජය ඔබට!

      Delete
  4. අපූරු පැදි පෙළක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි නගේ!

      Delete
  5. මතකද එඩ්වඩ් ජයකොඩි කියන " බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා" ගීතය

    ReplyDelete
    Replies
    1. ඔව් පව්ලූෂා මලේ!
      මේවා මහා සංවේදි සිද්ධි.

      Delete
  6. කවියෙන් කොටන්නට කොමන්ටුව හිත ඇතිය
    මෙනවා කරන්නද කවි දැනුම මදිකම හරහටය
    මගේ මේ ආචාරය ඔබගේ කවි හැකියාවටය
    හිත රිදවනවා දුටුවම කවියට යටින් ඇති ඡිවිතය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව මලේ! ඔබේ කවි පිළිතුරට මගේ ආචාරය! බැහැකියලා නෑ මල්ලී. දිගටම ලියන්න. ඉබේම හුරැ වෙයි. ජය!

      Delete
  7. කමෙන්ටුව කවියෙන්ම ලීව නං හොඳයි කියල හිතුනත් අපි ලියන කවි මේ කවිවලට ලඟින් තියන්නවත් බෑනෙ.කවි ටිකත් ලස්සනයි පින්තුරෙත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතිය හැලප මචෝ!
      කොහොම ලිව්වත් උඹේ එක වදනක් වුවත් මට ශක්තියක්!

      Delete
  8. අම්මේ මටත් සිහිවෙයි ගෙදර කරදර
    වරෙකට එන්න සිත්දෙයි හැරදා සිවුර
    එනමුත් දැකිය යුතුමයි සසර කෙලවර
    හැකිනම් ඔබ හැමත් කරවන්නම් එතෙර

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි මචං උඹගේ මණරම් පිළිතුරැ කවියට! ජය!

      Delete
  9. පිංතුරයටම ගැලපෙන පැදි පෙළ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින්!

      Delete
  10. අපූරුයි චන්දන අයියේ කවි ටික..
    කවියටම ගැළපෙන කතා කරන පින්තූරයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිං උඹට සංචාරක මලේ!

      Delete
  11. පින්තුරයක් හා කවියක් එකතු වී මහා සංවේදනාවක් මවන අපුරුව !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ. උඹ මට හැමදාම ගල් කණුවක් වගේ හයියක්!

      Delete
  12. නිර්මාණය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හරිම අගෙයි...... දුක, වේදනාව කඳුළ එක්ක මුහුවුණ ගැමිකම වගේ ම මව් සෙනෙහස කවියෙන් මනාව ඉස්මතු කරනවා චන්දන..........

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ඔබගේ ඇගැයීමට! මගේ උත්සහය සාර්ථක වෙළා කියලා මේ කොමෙන්ටු දකිනකොට මට නිහතමාණිව සතුටු වෙන්න පුළුවන්... ජය!

      Delete
  13. අපේ ගෙවල් අහල පහල මල්ලි කෙනෙකුත් ඔහොම මහණ වුනා. මට ඒ සිද්දිය මතක් වුනේ විශේෂයෙන්ම පින්තූරේ දැක්ක ගමන්. හැබැයි දැන් අවුරුදු බර ගානක් සිවුරේ හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි බොහෝ හොඳ සිල්වත් මහනදම් පුරන හිමිවරැ ඉන්නවා. ඒත් මේ කීපදෙනෙකුගේ වැරදි නිසා ඒ අයටත් තියෙන ගෞරවය නැතිවෙනවා.

      Delete
  14. පින්තූරයෙන් දකින දේ අපූරුවට පද වලට පෙරළලා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි!

      Delete
  15. කවිනම් අනේ මංදා.......

    අම්මා පුතාට වඳින එක පවු නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මම හිතනවා උඹ දන්නවා කියලා. වඳින්නේ චීවරේටනේ බං.

      Delete