Pages

Sunday 22 September 2013

වන බඹරා.....


මේ ලෝකයේ මල් නම් කෙතරම්          ඇතිද
මලක විපත ඵලයක ඇරඹුම          නොවෙද
බඹරකු නොදුටු මල් කිසි කල ඵල         දේද
එනමුඳු බඹරැ කිසි දින හොඳ        ඇසුවේද

බඹරැන් නිසා සැඳි ඵල වැලඳුවෙ         කවුද
උන් හදනා පැණි ටික නිම වුනෙ       කොහෙද
එනමුඳු කවුරැ කවුරැත් පැවසුවෙ         සබද
උන්ගේ තු'ඩඟ විස ගැන පමණක්     නොවෙද

හිරැටත් කලින් අවදිව මේ වන            බඹරා
පැණි ටික හදන්නට වෙහෙසෙයි නිදි   නොකිරා
උන්ගේ රැජිණ නසනට ආවොත්            සතුරා
තම දිවි කැප කරයි රැජිණගෙ දිවි         බේරා

මලින් මලට බඹරැන් පියඹා                 යනවා
රොන් ටික අරන් මලටත් ඵල බර         දෙනවා
උපන් ඵලින් හැම අටු කොටු           ඉතිරෙනවා
බඹරඟෙ සහය හැම හට අමතක        වෙනවා...........



17/09/13

ලන්ඩන් නුවරදී.....

No comments:

Post a Comment