Pages

Thursday 21 June 2018

" තාත්තා".....


 

 

මම " සිරස" රූපවාහිනී නාලිකාව නැරඹීම නතර කළේ මීට වසර කිහිපයකට පෙරය. එනම් එකල එහි විකාශිත " සිරස සුපර්ස්ටා" වැඩ සටහනේ දෙවැනි කොටසත් සමඟය. එම වැඩ සටහනට සමහරුන් දොස් කිව්වත්එයින් පසු අනෙක් නාලිකා වලටද වැඩසටහනම බෝ වූයේ එහි වූ ජනප්රියතාවයත් සහ එය මුදල් ඉපැයීමේ හොඳ ආකරයක්ද වූ බැවිනි. මුඳලාලිලාගේ පැත්තෙනි. එහෙත් මා වැනි කලාවට ළැඳි අයට වූ සෙත වූයේ හොඳ නවක ගායක ගායිකාවන් පිරිසක් අපට ලැබීමය. මේ තුළින් බිහිවූ අමිලා නදීෂාණී හා රූනි වැනි ශිල්පීන් මට මේ මොහොතේ සිහිපත්වේ.

 

මෙයත් සමඟම මෙම යථාරූපී වැඩසටහන්ද වසංගතයක් සේ අනෙක් චැනල වලටද බෝවී ගිය අතර එහි පළමු හෝ දෙවැනි අදියර වලදී ඒවා නැරඹීමට තිබූ ප්රේක්ෂක ආකර්ෂණය හා උනන්දුව මඳින් මඳ අඩු වී ගෙන යන ලකුණු පහළ විය. මගෙත් සඳහා වූ උනන්දුව සහ උවමනාව ගිලිහී ගිය අතර සිරස නාලිකාවේ මගේ හිතට ඇල්ලූ ටෙලි නාට්යක්ද නොතිබීම හේතුවෙන් එම නාලිකාවෙන් මම වසර කිහිපයක සිටම ඈත්වී සිටියෙමි. එහි විකාශිත බහුතරයක් නාට් මහා බඩවැල් මෙන් ඇදෙන මෙගා ගණයේ වට්ටෝරු නාටකම විය.

 

එකල 80 දශකයේ ටෙලි නාට්යවල තිබූ ප්රමිතිය සහ ඒහා සමානවම වාගේ ඒවා පිළිබඳව රසික ප්රසාදය දිනාගත් නාට් දෙකක් විකාශනය වී පසුගියදා අවසන් විය. දෙකම විකාශනය වූයේ ස්වාධීන රූපවාහිණියේය. " කූඹියෝ" සහ " සහෝදරයා" නම්වූ එම නාට් සමාජයේ කතාබහට බොහෝ සේ ලක්විය. රසිකයන් ඒවා වටා රොද බැඳ ගත්හ. එහෙත් එක ළඟ ළඟම වාගේ අවසන් වූ එම නිර්මාණ දෙකින් පසු උසස් ප්රමිතියක හා නිර්මාණාත්මක අගයකින් යුතු නාට් බැලීමේ පිපාසයෙන් පෙළුණු රසික කැල නැවතත් නන්නත්තාර වූයේ ටෙලි නාට්යවල මහා රික්තකයක් නැවතත් ඇතිවූ නිසාවෙනි. හාස්යජනක කතා සහ ප්රේම කතා නම් ඕනෑ පදම් තිබිණි. නමුත් ඒවා නිශ්ශබ්දව , ධ්යාන ගතවී, කැමරා කෝණ, සංගීතය හා රඟපෑම ගැන වශීවී ඇහි පිය නොහෙළා සහ සවන් වෙනතක යොමු නොකට නැරඹිය යුතු ආකාරයේ ඒවා නොවීය. ඇඳුම් මඳින ගමන් හෝ කෑම උයන ගමන් හෝ එසේත් නැතිනම් ව්යායාම කරන ගමන් ඒවා නැරඹිය හැකි විය.

 

එහෙත් පහු ගිය සතියේ මා මුහුණු පොතෙහි දුටු එක්තරා ටෙලි නාට්යක තේමා ගීතයක් මගේ හදවත කිති කැවීමට සමත් වූයේ එහි වූ අපූර්වත්වය නිසාය. එහි සංගීතය, පද රචනය සහ ගායනය මගේ සිතට තදින්ම කාවැදිණි. එහි රෑපරචනයද මට ඉතාමත්ම සංවේදී හා හදවතට සමීප විය. හේතුවෙන්ම මම ගැන තව සොයා බැලුවෙමි. මෙහි පද රචනය කර තිබුණේ අප කවුරුත් දන්නා ප්රවීණ ගේයපද රචක කුමාර ලියනගේ මහතා විසිනි. ඉතාමත්ම ජනප්රිය වූ දිවුල්ගනේ ගායකයාණන් ගයන " අන්දර යායේ" ගීතය ලියූවේද මෙතුමන්ය.

 

" තාත්තා" නම්වූ නවතම ටෙලි නාට්යක තේමා ගීතය වූ මෙහි සංගීතය හා ගායනය රෝහණ ධර්මකීර්ති නම්වූ ප්රතිභාපූර්ණ සංගීතවේදියාගෙනි. එක වරක් ඇසූ පමණින්ම එය මගේ හදපතුලේම තැන්පත් වූයේ බොහෝ මහන්සියෙන් කාලයක් තිස්සේ සොයමින් සිටි දෙයක් හදිසියේම සම්බ වූ විලාසෙනි. මෙම නාට්යයේ තිර රචනය ලියා අධ්යක්ෂණය කර තිබුණේ ලලිත් රත්නායකයන්ය. කැමරාව සජිත වීරප්පෙරුම විසින් මෙහෙයවා තිබිණි.

 

තේමා ගීතයෙන් ආතුර වූ මගේ හදවත " තාත්තා" ටෙලි නාට්යයේ පළමු කොටසින්ම තවත් කීරි ගැහිණි. මා සෙවූ වර්ණ සංයෝජනයයි. කැමරා කෝණයයි, සංගීතයයි සහ රංගනයයි. මා " සහෝදරයා" නරඹද්දී ගිලී ගිය රසභාවයේම නැවතත් ගිලුණෙමි. මෙහි කැමරාවෙන් කර තිබූ අනර්ඝ පෙළහර නිසාවෙනි. පුළුල් තිරයේ, ගමටම ආවේණික වන කර්කශ පරිසරයේ වර්ණය මට පෙනිණි. සුවඳ මට දැනිණි. පළමු දර්ශනයෙන්ම මගේ සිත හා කය හා බැඳිනි.

 

මෙහි තාත්තා ලෙස රඟන තරුණ රංගවේදියා දසුන් පතිරණගේ වැඩ මම මීට පෙර දැක තිබුණෙමි. අධ්යක්ෂකවරුන් හරියට ඔහුගෙන් වැඩ ගතහොත් ඔහුට බොහෝ දුර යාහැකි බව මට හැඟුණේ ඔහුගේ මා දුටු ප්රථම රංගනයේදීමය. තරමක් අකීකරු රැඩිකල් පුතකුගේ චරිතයයි. එම නාට්යයේ ඔහුගෙ පියා වූයේ හේමසිරි ලියනගේ බව මට මතකය.

 


මෙහිදී තවම මම දුටුවේ " තාත්තා" ටෙලි නාට්යයේ කොටස් 2 ක් පමණි. තවම ටෙලි නාට්යයේ ගුණ දොස් කීමට තරම් එය වයසින් මුහුකුරා නැත. පැසී නැත. එහෙත් මා දුටු කොටස් දෙකින්ම එහි ඉදිරිය සුබ බැව් මට හැඟිණි. එහි තිබූ සිනමාරූපී මගේ නෙත සිත වශී කිරීමට සමත් විය. තව මෙහි මා සිත් ගත් අංගයක් වූයේ පසුබිම් සැකසුමට ගෙන තිබූ සැලකිල්ලයි. පසුබිමින් දිස් වූ බිත්තියක වූ ලිත 1974 ලිතක් බැව් අපට පෙනිණි. කතාව කාලයේ බැව් කීමට එය කදිම නිදසුනකි.

 

නාට් සම්පූර්ණයෙන්ම නරඹා ගැන සවිස්තරාත්මක විග්රයක් කිරීමේ සිහිනය හදවතේ තබාගෙන , මෙම නාට් නරඹන ලෙස සහෘද ඔබ සැමටම ආරාධනා කරමින් මා මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් තව එක කාරණයක් ඔබ සැමට පැවසිය යුතුය. එනම් මෙහි " තාත්තා" නමින් සඳහන් වන අකුරු ත්රිත්වයේ රටාවද කුමාර ලියනගේගේ නිර්මාණයක් බවයි. තවද එම අක්ෂරයන්හි වර්ණය දෙස ඔබ සැලකිල්ලෙන් අවධානය යොමු කළහොත් එහි පළමු අකුර කළු පැහැයෙන්ද දෙවැන්න අළු පැහැයෙන්ද සහ තුන් වැන්න සුදු පැහැයෙන්ද වර්ණවත් කර ඇති බව ඔබට පෙනෙනු ඇත. මේවා ආවාට ගියාට කළ දේවල් නොවේ යැයි මට සිතේ. මෙම වර්ණයන්ගේත් තාත්තාගේ දිවියේත් යම් සම්බන්ධයක් තිබේද? අපි නාට් අවසානය දක්වා නරඹා ගැන තීරණය කරමු.
 
 

 

" තාත්තා " තේමා ගීතය


 

චන්දන ගුණසේකර ලංඩනයේ සිට

2 comments:

  1. ඔව්. තවමත් කොටස් දෙකක් පමනක් විකාශය වූ " තාත්තා " නිර්මාණය අපූරු එකක් බවට අපිට බලාපොරොත්තු තබා ගැනීමට හැකි බවක් කිව යුතුයි. එසේම සතියේ දිනවල 8.30 " මිනිගන් දෑල " ත් හොඳ නිර්මානයක් බව හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මම බලනවා. මම ආරාධනා කරනවා "මිණි ගං දෑල" රස විඳින්න කියලා..

    සිරසට ඔළුව පෑදිලා/ මම දන්න තරමින්, අවුරුදු විස්සකට පස්සේ යමක් තේරුම් ගනිමින් ඉන්නව ප්‍රේක්ශකයා පිලිබඳව. දේශපාලනය නම් අමු ගොන්. මැක්කෝ වගේ.

    ReplyDelete