මම
මුලින්ම " සුද්දිව " දැන හඳුනා ගත්තේ සයිමන් නවගත්තේගමයන් ගෙනි. ඒ " සුද්දිලාගේ කථාවෙනි. කොට්ටෙ යට , මෙට්ටෙ යට ' සුද්දිලාගේ කතාව' පොත සඟවමින් එදා අම්මලාගේ ඇසට වැලි ගසා සුද්දිව ඇසුරු කරද්දී, මම යන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආ ගැටවරයෙකි.
ඒ
කාලයේ කොලුකමට, පොතේ සයිමන් නවගත්තේගමයන් විස්තර කළ සුද්දිගේ රුවට
සහ ඇය මුදලාලි සමඟ ගස් යට , මුල් යට, පඳුරු අස්සේ රඟ දැක්වූ ලිංගික ආලිංගන කියවා පහත් රාගික ආස්වාදයක් ලැබුවා විනා මම එතුමා පෙන්වා දෙන සමාජ අසාධාරණයෙන් හා දරිද්රතාවයෙන් බැට කන ලාංකික කාන්තාවගේ , එසේත් නැතිනම් සුද්දිට වහන්වී සිටින ලිංගික සූරාකෑමට ලක්වන දහසකුත් අසරණ ස්ත්රී වර්ගයාගේ අවනඩුව නම් තේරුම් නොගත්තෙමි.
ඉන්
වසර 35කට පමණ පසු නැවත මට තවත් ' සුද්දියක' හඳුනා ගැනීමට අවස්ථාව උදා විය. ඒ ප්රසන්න ජයකොඩි නම්වූ සිනමාකරුවා මඟිනි.
වසර
පනස් ගණනකටත් වැඩියෙන් වයස ඇති අපේ ලාංකීය සිංහල සිනමාව තුළ වරින් වර එක් එක් අධ්යක්ෂකවරු විවිධ විෂයන් ගැන කතා කළහ. අසූව දශකයේ නිර්මාණයවූ ' මලට නොඑන බඹරු' සිනමාපටයේ තේමාව වූයේ සමලිංගිකත්වයයි. එහෙත් එතරම් එළිපිට නොවේ. නමුත් පසුගිය වසරේ නිර්මාණය වූ " සයපෙති කුසුම" සිනමා කෘතියෙන් ඒ තේමාවම අමු අමුවේම කතා කර තිබිණි. එසේම ' තුන්වැනි යාමය' චිත්රපටයෙන් දරුවකුට ළමා කාලයේ වූ අමිහිරි අත්දැකීමක් නිසා සිය විවාහ දිවිය දෙදරා ගිය අන්දම සාකච්ඡා කෙරිණි. ' තනි තටුවෙන් පියාඹන්න' සිනමා පටයේ සමලිංගිකත්වය නැවතත් සහ ' අක්ෂරය' සිනමා පටයේ සිග්මන් ප්රොයිඩ් පවා පෙන්වා දුන් මවකගේ සහ පුතකුගේ ඇති ලිංගික බැඳීම ගැන කතා කරනු ලැබිණි. අපේ රටේ ඇති සංසකෘතිකමය පසුබිම නිසා මෙම කරුණු සමාජයට එතරම් ගෝචර නොවූවත් මෙතරම් අමුවෙන් නැතත් සිරි ගුණසිංහයන් තම ' හෙවනැල්ල' කෘතියෙනුත් ගුණදාස අමරසේකරයන් තම ' යළි උපන්නෙමි' කෘතියෙනුත් පෙන්වාදීමට උත්සහ කළේ මේ මව සහ පුතා අතර ඇති මානසිකමය ලිංගික බැඳීම ගැනය.
ඒ
සඳහා ඔහු චරිත කිහිපයක් මවා ඇත. අපේ කතා නායිකාව සුද්දී( සේමිණී ඉද්දමල්ගොඩ) මෙහි ප්රධාන චරිතයයි. ඇයගේ සැමියා අබසිරි( මහේන්ද්‍ර පෙරේරා) , අයිස් ක්රීම් වෑනයේ රියදුරා ලෙනින්( සරත් කොතලාවල) සහ අබසිරිගේ ඥාති පුත්රයා මනී(රුක්මාල් නිරෝෂ්) මෙහි රංගනයෙන් එක්වන සෙසු චරිතයි.
හදිසියේ
අබසිරි සොයා දිව එන යමෙකුගේ කට හඬ ඉහළින් ඇසේ. ඒ අබසිරිගේ පියාය. ඔහු රැගෙන එන්නේ අසුභ පුවතකි. එනම් සුද්දී මිය ගොස් ඇති බවත් මිනිය හඳුනා ගැනීමට කොළඹ මහ රෝහලේ මෝචරියට යායුතු බවත්ය. ඒ වෙද්දී සුද්දී කවුදැයි ප්රේක්ෂකයා නොදනිති. ඒ පුවතත් සමඟ ඥාති පුත්රයා සමඟ කෙලිකවටකමින් ගත කළ අබසිරිගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්වේ. මුහුණේ හැඟීම් ඉතාමත්ම සාර්ථකව ඉදිරිපත් කිරීමට අබසිරිට ආරූඬවී සිටින ප්රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා අති සාර්ථකව සමත්වේ. ජෝ අබේවික්රම හා අමරසිරි කලංසූරියගෙන් පසු මෙතරම් සංකීර්ණව හා තාත්විකව මුහුණේ හැඟීම් ( Facial
expressions) පතල කළ නළුවා මහේන්ද්‍ර පෙරේරා බව මගේ විශ්වාසයයි.
ඉන්පසු
බඩු පැටවූ ලොරියක බඩු පෙට්ටි මත වාඩිවී ගමන් කරන අබසිරි හා මණිගේ දර්ශනයය. සුද්දී තමන් සරම අඳිනවාට අකමැතියැයි පවසන අබසිරි තමනට නුහුරු කලිසම අඳින්නේ ඔහුගේ සිතේ සුද්දිට ඇති ආදරයේ තරම ප්රේක්ෂකයාට ඒත්තු ගන්වමිනි.
කඳු හෙල් හා වංගු සහිත දුෂ්කර මාර්ගයේ ගමන් ගන්නා ලොරිය, බොහෝ දුරක සිට හසුකරගන්නා කැමරා කෝණය විනාඩියක් පමණ ඒ දර්ශනයේම නැවතී සිටී. අපට පෙනෙන්නේ සුදු වැලි තැන තැන ඇතිරී ඇති සර්පයෙකු මෙන් කඳු අතරින් දිව යන මහා මාර්ගයයි. එයින් අපේ මේ දුෂ්කර දිවි ගමන පෙන්වන්නට ප්රසන්න ජයකොඩි ගත් උත්සහයක් යැයි මට සිතේ. එමෙන්ම තාර පාර වසා ගත් තැන තැන ඉසිරුණු සුදු වැලි අවමඟුල් පෙරහැරක් ඉඳිරියෙන් සුදු වැලි අතුරමින් ගිය පසු දිස්වන මහපාර මගේ සිහියට නඟයි.
ඉන්පසු රෝහලේ මෝචරියේ දර්ශනද අවමංගල්‍ය මල් ශාලාවේ මිනිසුන් හා තැරැව්කරුවන්ගේ සාම්ප්රදායික මිනී කාක්කන්ගේ විලාසයද තිරය මත දිඟහැරේ.
එතනදී
නැවතත් සුද්දී තමාගේ මිනියට ඇන්ඳවූ බාග හැට්ටය හා ඔසරිය පිටින්ම ස්වයං විවේචනයේ යෙදෙයි. තමන් පාසල් යන අවධියේ, නමයෙ පංතියේදී විද්යාව පොතේ ප්රජනනය පාඩම ඉතාම කුතුහලයෙන් කියවූ හැටි ඇය විස්තර කරයි. එය අපට අපගේ පාසල් විය සිහිගන්වයි. මෙවැනි කරුණු ගැන උනන්දුවන ඒ වයසේදී අප ලිංගික අවයවයක පිංතූරයක් මුලින්ම දැක්කේ ඒ පොතිනි. ඉන්පසු 10 පංතියේදී පමණ මිතුරකු ගෙනා නිල් පිංතූර පොතකිනුත් ඊටත් පසුව මිතුරකුගේ කඩ කාමරයකට යහළුවන් පිරිසක් සමඟ රිංගා නැරඹූ නිල් වීඩියෝ පටයකින්ද මම ඒ ක්රියාවලියන් දැක ගතිමි. ඉන්පසුව වසංගතයක් සේ පිටවූ වැඩිහිටියන්ට පමණක්වූ අසැබි චිත්‍ර කතා සහ කාම රැල්ලේ චිත්රපට යොවුන් පරපුරට දැනුමක් දෙනවා වෙනුවට පහත් ලිංගික රසයක් ලබා දී තම මඩිය තර කර ගත්හ. මෙයින් නිර්මාණය වූයේ අසහනයෙන් පිරි සමාජයකි. අපේ පරපුරේ සැමගේම කතාව මෙය බව මට විශ්වාසය.
අබසිරිලාගේ හා සුද්දිලාගේ ඛේදවාචකය මෙයයි. එය එදාත් එසේ සිදුවිය. අද සමාජය මෙතරම් දියුණු වූවත් වෙනත් මුහුණඅවරකින් අද සිදුවන්නේද මෙයමයි.
චන්දන
ගුණසේකර
බලන්න ආසාවෙන් ඉන්න එකක් ... ස්තුතියි
ReplyDeleteඛේදජනකම තත්ත්වය ඇවිල්ලා, ගෑණුන්ට වැඩියෙන්ම අපහාස කරන්නේ, නින්දා කරන්නේ, හිරිහැර කරන්නේ ගෑණුම වීමයි....
ReplyDelete