Pages

Thursday, 9 January 2014

චිත්‍ර කථාව සහ මම ( දෙවැනි කොටස).....

පලමු කොටස  මෙතනින් යන්න



සතුට පත්තරයේ මා ප්රිය කෙරූ කථා රාශියක්ම විය. 

ජනක රත්නායකයන්ගේ " පාට පාට හීනයක්" ඉන් එකකි. එහි වූ චරිත මට අද මෙන් මතකය. සුමේද ඉනෝකා හා නිමාලි අතර වූ ත්රිකෝණාකාර ප්රේම පුරානයක් එහි ප්රධාන කථා තේමාව විය. "මෙය ඔබ අප සැමදා දකින කළු සුදු හීනයක් නොව පාට පාට හීනයකි" යන්න කථාවේ තේමා පාඨය විය. මෙම සටහනේ පළමු කොටසේ මා පළකල සතුට පත්තරයේ මුල පිටුවේ වූයේ පාට පාට හීනයක්හී ජවනිකාවකි. "අත්තික්කා මල් " හා "සුසීමා" ජනක රත්නායකයන්ගේ මා සිත් ගත් තවත් කථා දෙකකි. ඔහු ඇඳි ගැහැණු සහ මිනිසුන් ඉතාමත් ලස්සන අය වූහ.

වික්රමගේ බට්ටී , අනුර විජේවර්ධනයන්ගේ මේඝ, කැළෑ කෙල්ල, දයා රාජපක්ෂයන්ගේ රක්තා, සිව් මංසල, බංදුල හරිශ්චන්ද්රයන්ගේ ක්ලියෝපැට්රා වැනි කථාත් කැමිලස්ගේ ගජමෑන් කාටුනයත් මගේ ළපටි සිත වසඟ කෙරූ කථාවන්ගෙන් කිහිපයක් පමනි.



ඉන්පසු " සිත්තර" පත්රය බිහිවිය. ඒත් සමඟ චිත්ර කථා ලෝකයට බලංගොඩ සරත්මධු නාමයද එක් විය. එතුමා විසින් නිර්මාණය කල ඉතිං ඊට පස්සේ හා යුනිකෝ යන කථා ජන හද කුල්මත් කරන්නට සමත් විය. එම පත්රයේම ටෝරස් නමින් කථාවක් තිබූ අතර මට එය ඇඳි චිත්ර ශිල්පියාගේ නාමය හරියට මතක නැත.

1975 වසර වන විට මා පාසල් යාම ඇරබූ අතර පාසලේදී පවා මා වැනිම චිත්ර කථා පිස්සන්ගේ සමාගමය මා ප්රිය කලෙමි.  ඒ අතර වූ රවී ගලගොඩ නම්වූ මාගේ මිත්රයා පිළිබඳ සඳහන් නොකරම බැරිය. 

ඔහුත් මාත් සතුට පත්රය බැලීමේ පිස්සුවෙන් පෙළුනෙමු. එකෙකුට කලින් අනෙකා පත්රය බලා තිබුනහොත් දෙදෙනාම එය බලන තෙක් ඒ ගැන කිසිදු කතිකාවක් බැරි බැව් අප දෙදෙනා අතර වූ සම්මුතියකි. ඔහුත් මාත් බොහෝ චිත්ර කථා නිර්මාණය කලෙමු. " ප්රෝටස්" නමින් කල අප මුල්ම කථාවේ අප ලියූවේ " රචනය සහ චිත්ර ගලගොඩ සහ චන්දන" කියාය. ඒවායේ පිටපත් ලඟතබා ගෙන ආරක්ෂා කරගැනුමට අප දෙදෙනාටම නොහැකි වීම ගැන මම අදටත් දුක් වෙමි.

මේ චිත්ර කථා කියැවීම නිසා අපගේ නිර්මාණාත්මක රචනා කලාව හා චිත්ර කලාව පංතියේ අනෙකුත් ළමයින් හා සසඳන කල ඉහලින් තිබූ බැව් පවසන්නේ අවිහිංසක ආඩම්බරයක් සිත තබාගෙනය. හයේ පංතියේ  ඉගෙන ගන්නා සංදියේදි සිංහල ගුරුතුමිය විසින් ඇරඹි පුවත් සඟරාවට මා ඉදිරිපත් කල රහස් පරික්ෂක චිත්ර කථාව ඇයගේ මවිතයට හේතු විය. එහි වූ උසාවියක නඬු අසන අවස්ථාවක මා යෙඳු දෙබස් පංතියේ අනෙකුත් ළමුනට මහා ප්රෙහෙලිකාවක් විය. 

මෙය කියවන ඔබ මා ගැන වැරදියට නොසිතාවි යැයි මා හුදෙක්ම විශ්වාස කරමි. මා මේ සිද්ධීන් පුන පුනා කීවේ මගේ මං පොර ජාතකය ප්රදර්ශනයට නොව චිත්ර කථා පිස්සුවෙන් මට අවැඩක් නොව වැඩක්ම වූ බැව් ඔබට ඒත්තු ගැන්වීමට පමනි.

මේ කාලයේ මා බැලූ තවත් චිත්ර කථා පොත් පෙළක් වූයේ මා යටඳොළ වත්තේ ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුවට ගොස් සිටින අතර ඒ ගමේ වූ කුඩා පුස්තකාලයේදී අහම්බෙන් ඇස ගැටුනු "ලංදේසි හටන" නම්වූ පොත් පෙළයි. මා මෙයට කෙතරම් ඇල්ම කලාද යත් එක් දිනක උදේම පුස්තකාලයට ගොස් කෑමක් හෝ බීමක් නොමැතිව මුළු දවසම ලංදේසි හටන කියැවූයෙමි. තවත් දිනෙක මගේ පයේ ඇඟිලි දෙකක් අතර එල්ලී ලේ බිව් කූඩැල්ලෙකු මගේ පාදයේ කුඩා ඇඟිල්ල තරම් විශාල වන තුරුත් මට නිනව්වක් නොවූයේ මා කථාවට ඒ තරමටම වශී වී සිටි හෙයිනි. මට මතක හැටියට එය සුසිල් ප්රේමරත්නයන්ගේ හෝ බංදුල හරිශ්චන්ද්රයන්ගේ නිර්මාණයකි.

මේ කාළයේ වූ තවත් ජනප්රිය සඟරාවක් වූයේ "ශ්රී " සඟරාවයි.  එහි අගට වන්නට වූ චිත්ර කථාව
මට කිසි දිනෙක අතපසු වූයේ නැත. 

එහි මා සිත් ගත් චිත්ර කථා කිහිපයක්ම විය. ඒ අතරින් රහස් පරික්ෂක කථාවක මිනීමරුවා අල්ලා ගැනීමට උදව් වූයේ කුඩා ළමුන් පිරිසක් හඳ එළියට බිත්තියක් මත පතිත වූ සෙවනැලි අඟුරු කැබැල්ලකින් සිතුවම් කරද්දී කළුවරේ ගස් අතර සැඟව සිටි මිනීමරුවාද චිත්රයට නැඟී තිබීමයි.

තවත් කථාවක මරණාසන්නව ඇඳක වැතිරී සිටිනා ලඳක් ඇය සිටින කුටියේ කවුළුවෙන් පිටත වූ රෝස ගසක වූ මලක පෙති හැලි හැලී යන ආකාරයට තම ජීවිතයද අවසානයට යන බව සිතන්නීය. අවසානයේ එම මලෙහි එක් පෙත්තක් පමණක් ඉතුරු විය. එය දුටු ඇය පහුවෙනිදා එම පෙත්තද ගිලිහුනු පසු තමාගේද අවසානය බැව් පැවසුවාය. ඇයට පනමෙන් ආදරය කලේ චිත්ර ශිල්පියෙකි. ඇය ඔහුව එතරම් ගනනකට නොගත් අතර එදින රැයේ ඔහු හොර රහසේම ඇද වැටුනු මහා වැස්සේ තෙමෙමින් අර රෝස මලේ අවසන් පෙත්ත ගිලිහී නොයන පරිද්දෙන් කෘතීමව නිර්මාණය කොට මලට බද්ධ කරන ලදී.

පහුවදා උදෑසන අවදි වූ ඇය කවුළුවෙන් පිටත බලන්නී තවමත් නොවැටී පවතින මල් පෙත්ත දැක තමන්ට තවත් කල් ජීවත් විය හැකි බව පසක් කර ගත්තද වැස්සේ තෙමී එම නිර්මාණය කල චිත්ර ශිල්පියා අධික ලෙස වැස්සට තෙමීම හා ශීතල හේතුවෙන් නිව්මෝනියාව වැළදී ජීවිතෙන් එම උදයේම සමුගත් පුවත ඇසීමෙන් මහත් කම්පාවට පත්වූ අයුරු මට අද ඊයේ මෙන් මතකයේ ඇත.

මේ කාලයේ ජනප්රිය වූ තවත් චිත්ර කථා පත්රයක් වූයේ " සුහද" පත්රයයි. එහි වූ කථා අතර අන්ටන් බී පෙරේරා චිත්රයට නැඟූ "රන් කුරැමිණියෝ" මාගේ ප්රියතම කථාව වූ අතර එය කපා පොතක අලවා එකතු කිරීමටද මම පසුබට නොවීමි. එය තුන් දෙනෙකුගේ සහයෝගයෙන් නිර්මාණය වූවකි. එහි වූයේ රචනය සහ චිත්ර ඇන්ටන් බී පෙරේරා, දෙබස් රෝඩා පෙරේරා හා කථාව ගුණතිලක මාඳොළුව කියාය.

එක දහස් නමසිය අසූවේ මුල භාගයේ රූපවාහිණියේ සංක්රමනයත් සමඟම චිත්ර කථාවට තිබූ මිනිසුන්ගේ නැඹුරුව ටික ටික හීන වූ අතර කථාවලද ක්රමයෙන් ඇතිවූ ප්රමිතියෙන් අඩු භාවය එය මිනිසුන්ගෙන් දුරස් කරලීමට තවත් පිටුවහලක් විය. මේ කාලයේ මා ඇබ්බැහි වී සිටි "  සතුට" යම් නීතිමය හේතුවක් නිසා "මධුර" නමින් නම මාරු කල අතර "සතුට" නමින් තවත් පත්රයක් බිහි විය.

චිත්ර කථා බොහොමයක් චිත්ර පටවලටද නැඟුන අතර දයා රාජපක්ෂයන්ගේ සක්විතිසුවය,හුලවාලී, රක්තා වැනි කථා ගෙන හැර දැක්විය හැක. ජනන රත්නායකයන්ගේ සුසීමා, සරත් මධුගේ ඉතිං ඊට පස්සේ, දයා රාජපක්ෂගේ "පස් "වැනි කථා ටෙලි නාට්ය විලසින් පුංචි තිරයද දිග් විජය කරන ලදී.

එහෙත් චිත්ර කථාවේ අභාවය එන්න එන්නම වැඩි වූයේ මිනිසුන්ට වෙන වෙන මාධ්ය වලට පාර කපමිනි.

මීට වසර කීපයකට ඉහත අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා පළ කල " චිත්ර කථාවේ වංශ කථාව" කියැවීමෙන් මගේ මතකය දශක තුනකට ඉහත චිත්ර කථාවේ ගැලී සිටි මගේ සොඳුරු ළමා අවධියට පියාඹෑවේ නිරායාසයෙනි.

මේ කාළයේම වාගේ රටේ ඇතිවුන ත්රස්තවාදී වාතාවරණය හා අරඟල නිසා මිනිසුන්ට චිත්ර කථා බලනවාට වඩා ජීවිත රැක ගැනීමේ සටනෙහි නිරත වීමට සිඳුවිය. මේ හේතුවද ජනතාව චිත්ර කථාවෙන් දුරස් වීමට පාදක වූ විශාලම කරුණක් විය.

මෙයින් චිත්ර ශිල්පීන්ද ජනතාවගෙන් ඈත් වූ අතර එයට පිළියම් යෙදීමටද කාටවත් උවමනාවක් නැති බව විද්යාමාන විය.

දුසින් ගනනින් බිහිවූ පත්තර මුදළාලිලාද  චිත්ර ශිල්පීන්ගේ ආත්මයම විනාශ කර දමන ලද්දේ කිසිම හිත් පිත් නැති විලාශයෙනි.

ඒ කාළයේ විවෘත ආර්ථිකයත් සමඟ ඇරඹි බල්ලෝ මරා හෝ සල්ලි සෙවීමේ ප්රතිපත්තිය සියළුම කළාවන් පවා කණපිට පෙරලන ලදී.

ඒ කෙසේ වෙතත් අගාධයටම වැටුනු චිත්ර කථා කළාව නැවත පෙර තත්වයට කිසිවිට පැමිනුනේ නැත. එය 70 දශකයේ ළමා අවධිය ගත කළ අප වැන්නවුන්ගේ සිතෙහි රජකල සිහිනයක්ම පමනක් විය.



ඔබට ස්තූතියි!! තව සති කිහිපයකින් ළමා අවධියේ මා හා බැඳුනු සිංහල සිනමාවේ විස්තරයකින් අප හමුවෙමු.
ඔබ සැමට ජයම වේවා!!!

45 comments:

  1. චන්දන ගොඩක් කතා මතක් කරලා තියෙනවා. ආසාවේ බෑ නේද මතක් වෙනකොට. අර රෝගී තරුණියගෙ කතාව ප්‍රසිද්ධ විදෙස් ලේඛකයෙක්ගෙ කෙටි කතාවක්.

    පියල් උදය සමරවීරගෙ කරාටේ සහ හුළං මතකද. මරු කා‍ටුන් එක ඒක. පස්සෙ ආපු සතුට පත්තරේ තමා ඒක ගියෙ.

    ඇන්ටන් බී පෙරේරා ඉන්නෙ අපේ ගමේ. රෝඩා පෙරේරා කියන්නෙ අපේ ඉස්කොලේ උගන්වපු කෘෂිකර්ම ගුරුතුමිය. ඇන්ටන් බී පෙරේරාගේ බිරිඳ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා! 1982 න් විතර පස්සේ ඇත්තම කියනවා නම් මාත් ටික ටික චිත්‍ර කථාවෙන් ඈත්වුනා. හේතුව උනේ රටේ තත්වය, අධ්‍යාපන කටයුතු හා හොඳ කථා නැතිවීම. ඒ වෙනුවට මම කසුරි, චන්ද්‍රසිරි දොඬංගොඩ හා සුනිල් මාධව වැනි රචකයන්ගේ ලිපි පැල් බැඟගෙන කියෙව්වා.
      හරිම සතුටුයි ඇන්ටන් බී පෙරේරා හා එතුමාගේ බිරිඳ ඔබලගේ ගමේ බව දැනගැනීම. මම ඒ චිත්‍ර ශිල්පීන්ව දේවත්වයෙන් සැලකුවේ. හැකිනම් එතුමාට කථා කරන්න ආසයි. උඹට පුළුවන් නම් විස්තර හොයලා දුන්නොත් ගොඩක් පිං!
      උඹට ජය!!

      Delete
    2. Chandana,

      pls send me a mail to ssdsenna@gmail.com

      Delete
    3. චන්දනට අමතක වූ දෙදෙනක් ඉන්නවා ඒ සුමතිපලා-ජෝතිපාල නමින් චිත්‍රකතා කරපු දෙන්නා.

      Delete
  2. නියම විස්තරක් නේ.. මතක් කරගන්න බැරි තරං මතකයක් අවදි උනා.. ස්තුතියි ගුනේ..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ උඹේ ඇඟැයීමට ස්තූතියි මචං! මම ආසයි උඹ මට ගුණේ කියනවට. ඒකේ ලොකු හෘදයාංගම බවක් මට දැනෙනවා.
      ජයෙන් ජය!!!

      Delete
  3. ලංකාවේ තත්ත්වය මේ විදියට උණාට තවමත් කොමික් සාහිත්‍ය වෙනත් රටවල සෑහෙන්න ජනප්‍රිය විදියට තියනවා

    ReplyDelete
    Replies
    1. ඒත් මේ ගේම්ස් හා කාටූන් නිසා පොත් පත්තර කියැවීම අඩුවෙලා යනවා කියලයි මට හිතෙන්නේ.
      ස්තූතියි උඹේ කොමෙන්ටුවට!! ජය!!

      Delete
    2. එංගලන්තයේ ඇති Beano නම් චිත්‍රකතා කොමික් ප්‍රකාශනය අවුරුදු 75යි. එහි වයස්ගතම පාඨකයා අවුරුදු 91යි මේ කුඩා ලිපිය කියවන්න.
      http://www.bbc.co.uk/news/magazine-23425446

      Delete
    3. ස්තූතියි අයියේ! ඒත් අපේ ලංකාවේ අය ඉක්මනට අඟ ආපුවම කණ අමතක කරනවනේ. උඹට ජය!!

      Delete
  4. අපේ තාත්තා නං ඔය චිත්‍ර කතා බලපු කෙනෙක්. යුනිකෝ, ඉතිං ඊට පස්සේ වගේ කතා ගැන තාමත් කියනවා. ටෝගා කියලත් චිත්‍ර කතාවක් තිබ්බා නේද ? ආහ් ස්පාටකස්. !

    ශා... ලස්සන අතීතයක්.
    ඒ කාලේ ඉන්න තිබුනා. දුක තමා.

    ReplyDelete
    Replies
    1. මධු මලයාගේ තාත්තා එහෙනම් මගේ සම කාළීනයෙක් වගේ.
      ඔව් ටෝගා ස්පාටකස් කොතරම් නම් ලස්සන කථාද? ඒ අතීතයේ කිමිදෙමින් ඉන්නකොට දැනෙන සතුට කෙසේ වනම්ද?
      ජයෙන් ජය පුතේ!!!

      Delete
    2. ට්‍රෝගා මාත් ආසා චරිතයක් කතාවක් විදියට කියෙවුවට එකේ චරිත කතා කරන විදිය එහෙම සජීවීව දැනෙනවා අපේ ළමයින්ට කවදාහරි ෆ්ලොපි ඩිස්ක් ගැන වගේ , ටලිග්‍රාම් සේවේ ගැන වගේ මේවා ගැනත් අහන්න වෙන්නේ මේ වගේ ලිපියකින් විතරයි ඒත් ඉතින් මේවා කියවන්නෙත් කින් කි දෙනාද

      Delete
    3. ඒක නම් ඇත්ත අපූර්වි නංගි! කියවීම දැන් එන්න එන්නම අඩුවෙනවා. තාක්ෂනයත් එක්ක සේරම වෙනස් වෙලා. ඒත් හැම එකම නවතින දවසක් ඒවි. එදාට ආයිත් මුල ඉඳලා පටං ගන්න වෙයි. එහෙමවත් හිතලා සැනසෙමු. ඔබට සුභ දවසක් නඟේ!!!

      Delete
    4. සමකාලීනයෙක් නෙමේ.. ඊට වඩා වැඩිමල් වෙන්ඩ ඕන මං හිතන විදිහට.

      Delete
    5. අපේ පන්තියේ හිටියා මධුරංග කියලා යාලුවෙක්. මිනිහට යුනිකෝව ඒ විදියට අඳින්න පුළුවන්. උදේට පන්ති පටන් ගන්න කලින් අපේ වැඩේ මේවා ගැන සාකච්ඡා කරන එක.

      Delete
  5. නියම විස්තරයක්, ඔබට ස්තුතියි සියලුම කරුණු නොදන්නා ඒවා.

    ජනක රත්නායකය දැනුත් පත්තර වල චිත්‍ර අඳිනවා නේද? දිවයින පත්තරේ මට මතක විදියට ඔහුගේ චිත්‍ර තියෙනවා. මිනිස් රුප අඳින්න අති දක්ෂයෙක්.

    චිත්‍ර කථා බ්ලොග් එකක් කලොත් කොහොම වේද? නැගලා යාවිද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළු මලේ උඹේ ඇඟැයීමට.
      ඔව් ජනක රත්නායකයන් තාම අඳිනවා ඒත් ඉස්සර වගේ සීරැ මාරැවට නෙමේ නිකං හදිස්සියේ වගේ. ඉස්සර තිබුන ලස්සන දැන් නෑ වගේ.
      මොනවද කියන්නේ කළු නැඟලා යනවා. මම ඔය ගැන මගේ යාළු චිත්‍ර අඳින්න දක්ෂ මල්ලී කෙනෙකුටත් කථා කරලා තියෙනනේ.
      උඹට අඳින්න පුළුවන්නම් පටං ගනින්. අපි උපරිම සහයෝගය දෙනවා. ජයෙන් ජය!!

      Delete
  6. එල සඳුන් අයියේ.....අරූගේ අඩවියේ රටාව දැනුනා කියවනකොට. කොහොමත් ඒ අතීත කතා දැන් හීනයක් වගේ...ලෝකේ සංකරවෙලා දැන්

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමනයි
      එහෙට යන්නට බෑ
      ඒත් කිමිදී සිටින විටදී
      දැනෙන සැප නිම නෑ....
      උඹට ජය සහෝදරයා!!

      Delete
  7. චන්දන,

    සතුටෙ සරත්මධු කලින් ඇන්ද නිව්රෝ කියල කතාවක් මතකද? මිනිහ හිටියෙ කොටිහමක් ඇඳගෙන. අත්වල මස්පිඬු එහෙම බෝල බෝල වගෙ. ඒ කාලෙ මම බුදුහාමුදුරුවො ඇන්දෙත් අත්වල ඒ වගෙ බෝල මස්පිඬු දාල ..හෙහ්, හෙහ්,

    ඔමේගා සහ තන්ඩර් හිටියෙ යුනිකෝ කතාවෙද? නිව්රෝ කතාවෙද?....අනුර විජේ වර්ධනගෙ මතකද මිස්ටර් ෂොක් 909?....එතකොට දයා රාජපක්ෂගෙ ආදර කොමා....ජනකගෙ අත්තික්කා මල් කතාව එකතු කලා මම. තාම ඇති මහ ගෙදර..බ්‍රයන් සහ මොරීන්......බන්ධුල හරිශ්චන්ද්‍රගෙ සින්බෑඩ්, බෙලරෝපන්, හෙලන්, පෙනිලෝපා..ඔව්වත් මම පත්තරෙන් කපල පොත් වල අලවල තිබ්බ.

    ලන්දේසි හටන ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න..තව එයාම ඇන්ද ශ්‍රී වික්‍රම කියල කතාවකුයි දිය රකුසා කියල කතාවකුයි. ලන්දේසි හටන මම හිතන්නෙ කොටස් 7ක් නැත්නම් 8ක් වගෙ තිබුන.

    සතුට නම මාරුකරන්ට උනේ ඒක රංජිත් විජේවර්ධනගෙ පෞද්ගලිකව ලියාපදිංචි කරගෙන තිබුණු නිසා. ඒ නිසා ලේක් හවුස් එකට පත්තරේ නම වෙනස් කරන්න උනා මධුර කියල. රංජිත් විජේවර්ධන ඊට පස් සෙ සතුට කියල පත්තරයක් පටන් ගත්ත.

    චන්දන ..මල්ලි මේ..සඳුන් සෙවණ ඊ මේල් වලින් ගන්න පහසුකම් සලස්සවපංකො...මට උඹේ පෝස්ට් නිතරම මිස් වෙනව....

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි රවී අයියේ!
      මට හරියටම මතක නෑ ඒත් යුනිකෝගේ අශ්වයා නීරෝ කියලා මතකයි. අපි ප්‍රෝටස්ව ඇන්ඳේ යුනිකෝ වගේ ඇස් වහගෙන ඉන්නවා.
      ස්තූතියි අයියේ සතුට මධුර වුන හැටි මතක් කරාට.
      අනුරාධපුර නවනඟරය ස්ටේසමයි අළුත් බස් නැවතුම් පොලයි එකට විවෘත කලේ. ඒ කාලේ අපේ තාත්තා පවර් ලූම් එකේ කැන්ටිම කලා. අපි ඒ පාර දිගේ පයින් යනවා මතකයි. මාන පන් පඳුරැ පාරටම නැමිලා තිබුනේ.
      දැන් ඒ හරිය මහරගම හයි ලෙවල් පාර වගේ.
      හිතට එන සතුට නිම කරන්න බෑ ඒවා දන්න අය හමු වුනාම කථා කරන්න.
      උඹ දන්නවානම් අයියේ තරහ නැතිව මට පොඩ්ඩක් කියලා දීපං ඊ මේල් වලින් එන විඳිහ. මම කරන හැටි දන්නේ නෑ. අරෑගේ අඩවිය නම් මට එන්නේ ඊ මේල් මාර්ගයෙන්.

      ඒක නෙමේ අයියේ උඹ අනුරාධපුරේ කොයි හරියෙද හිටියේ?

      Delete
    2. මට කෝල් එකක් ගන්න චන්දන අයියේ ... මන් කියන්නම් ක්‍රමේ...

      Delete
    3. චන්දන,

      අනේ බං මමත් ඔය ඩෑෂ්බෝඩ් වැඩකිඩ මොකවත් දන්නෙ නෑ...යාන්තමට පෝස්ට් එකක් පබිලිස් කරගත්තෑකි එච්චරයි...නිදහස් සිතුවිලි වල ගැජට් බැජට් එල්ලන එව්ව ඔක්කොම කරන්නෙ ඒකෙ මුල් හිමිකාරිය මැඩම් රන්දිල්....මම කියන්නද? සඳුදා මම උන්දැගෙන් අහල උඹට කියන්නං...

      අපි අනුරාධපුරේ හිටියෙ මල්ලි බැංකු ටවුමෙ කච්චේරි නිල නිවාසවල...මුස්ලිම් පල්ලිය පිටිපස්සෙ..අප්පච්චි කච්චේරියෙ වැඩ කලේ. පස්සෙ මම වැඩකලා එයාපෝට් පාරෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ සහ ඊටත් පස්සෙ සංස්කෘතික ත්‍රිකෝණෙ අභයගිරි ව්‍යාපෘතියෙ.

      Delete
    4. ස්තූතියි රවී අයියේ. කරදර වෙන්න එපා සහන් මල්ලී කියලා දෙන්නම් කිව්වා. මගේ ඊමේල් ලිපිනය chandanagunasekera@yahoo.co.uk
      අයියට හැකි වෙලාවක මේල් එකක් එවන්න.

      Delete

    5. අනේ රවී අයියේ ඔයාට මතකද DIG ඔපීසිය ගාවින් පටන් අරගෙන පොල්ගොල්ල ගැරිජ් එක පැත්තෙන් මතු වෙන වරිමර්ගෙට අයිති පුද්ගලික පාර ...? මට එදා ඉඳන් ඔය පාරේ යන්න පුදුම ආසාවක් තිබ්බේ ... කොටින්ම දැනට මාස 8 කට විතර උඩදී හීනෙනුත් දැක්කා තාප්පේ පැනලා ඒ පාරේ යනවා... හෙහ්හ් හෙහ්හ්හ් ... :D

      Delete
    6. මොකක්ද ඒ පාරේ සම්බන්දේ සහන් මල්ලී?

      Delete
  8. චිත්‍ර කතා කියන්නේ වෙනමම සම්ප්‍රදායක්.. ලංකාවේ කාටුන් බලන්න පොඩි එවුන් ආස වුනාට ඒ කාටුන් චරිත වලම චිත්‍ර කතා පොත් කියවන්න මෙහේ නම් පොඩි එවුන් මාර රුසියෝ.. මිකී මවුස් කතා මාලාව යනවා මෙහේ ටොපෝලීනෝ කියන නමින්.. ඒකේ මගේ හිතේ දැන් පොත් 2000ත් පැනලා.. ඒ අතින් ලංකාවේ චිත්‍ර කතා කාලය රූපවාහිණි එක්ක අහිමි වෙලාම ගිහින්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ චිත්‍ර ශිල්පීනූත් මිනිසුන්ගෙන් ඈත් වුනා. ඒ වගේම හැමෝම රෑපවාහිණිය වැළඳ ගත්තා. ඕක අපේ හැටියක්මනේ. පස්සේ එන අඟ කණට වඩා ලොකු වෙනවා.

      Delete
  9. මචං,
    බොහෝම ස්තුතියි හැත්තෑ ගනන් වල ඒ සුන්දර අතීතයෙන් බිදක් මතක් කරලා දුන්නට.

    උබට මතකද මන්දා, ඒ දවස් වල - කාලයක්; සතුට පත්තරේ මුල් (අර චිත්‍රය විතරක් තියෙන) පිටුව විතරක් ඉරිදට එනවා. හරියට නිකන් පූර්ව ප්‍රචාරක පෝස්ටරයක් වගේ.

    අපේ ගමේ තිබුණු පත්තර කඩේටත් ඔය කොපි තුනක් විතර ආවා. බස් එකෙන් පත්තර මිටි බාපු වෙලාවේ ඉදලා ඒ මිටි කඩනකල් ලියන මහත්තයා ලඟටම වෙලා ඉන්නවා, ඕකෙන් එකක් ඉල්ලා ගන්න.

    ReplyDelete
    Replies
    1. චින්තක මචං මුලින්ම උඹව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඇඟැයීමටත් ස්තූතිය. ඒ අතීතය කොච්චර සුන්දරද මචං.
      මට ඒ ප්‍රචාරක පෝස්ටරය එතරම් මතක නෑ. ඒත් පත්තර එක්ක තිබ්බ සම්බන්ධය නම් උඹ වගේම තමයි. ආයිත් මේ පැත්තේ වරෙං.

      Delete
  10. චන්දන උඹ මේ ප්‍රකාශ කරන්නේ උඹේ ජීවිතයයි. මට දැන් ඒය සහසුදක් සේ පැහැදිලිය. ඒ මන්ද යත් උඹ ලියන්නේ ඒ ජීවිතයට ආදරයද එකතු කරමින්ය. එය එසේ විය යුතුය. මම උඹට සුබ පතමි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙරංජන් අයියේ! මම උඹේ කථාවටත් ආදරය කරමි. එය අපි හැමෝගෙම සුන්දර අතීතයයි.

      Delete
  11. මිහිර පත්තරේ අලිබබා, පඬිතුමා, බටකොළ ආච්චී මැවු එස් ඒ. දිසානායක මහතාව කලාභූෂණ සම්මානයෙන් පිදුවා ඊයේ පෙරේදා.

    ReplyDelete
    Replies
    1. මම ඒක දුටුවා FB එකේ. එය තමයි විය යුත්තේ. කෙනෙකු මිය යාමට කලින් ඇඟැයීම.
      සෙන්නාට පිං සිද්ධ වෙන්න ඇන්ටන් බී පෙරේරා මහත්තයගේ දුරකථන අංකය මට ලැබුනා. අද මම
      එතුමාට කථා කලා. හරිම නිවිච්ච, ලෙංගතු විඳිහට එතුමා මා සමඟ කථා කලා. මම එතුමාගේ ටෝරස් හා රන් කුරැමිණියෝ පිස්සෙක් කිව්වාම එතුමා ගොඩක් සතුටු වුනා. දැනුත් ගොඩක් වැඩ කරගෙන යනවා කිව්වා.
      ලංකාවට ආවිට එතුමා බැහැදකින්න කියලා සුහඳ ආරාධනයකුත් කලා . හරිම සතුටු දවසක් අරෑ අයියේ. ගිය සතියේ මංජුල වෙඩිවර්ධන මට කථා කලා. හරිම සුන්දරයි.
      ඒක නෙමේ අරෑ අයියේ මට ඊ මේල් එකක් එවනවද ? මගේ ලිපිනය
      chandanagunasekera@yahoo.co.uk

      Delete
  12. මේක කියවන්න මග බලා ගෙන හිටියට අද තමයි වෙලාවක් හම්බ උනේ. හිතුවාටත් වඩා සරුසාර ලිපියක් .එළයි . රහයි. උඹ කියද්දී තමයි ගොඩක් දේවල් මතකෙට එන්නේ. දිගටම ලියපන්. කවියි කතායි මාරුවෙන් මාරුවට. ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ! කාළයෙන් හා දේශයෙන් යටවී යහළුවකු සමඟ මධුවිතින් සැනහෙන මොහොතක
      කථාවට පමණක් සීමා වූ මගේ ලිවීමට බිත්තිය පෙන්වූයේ උඹයි.. එයට උඹට නැවතත් ස්තූතියි. අපි ලියමු.
      අද මම ඇන්ටන් බී පෙරේරා මහත්මයට දුරකථනයෙන් කථා කලා. මචං විස්තර FB එකේ
      දැම්මා. උඹට ජය!!!

      Delete
  13. මට මේ සටහන දැකලා ඇති වුණ සතුට කොහොම පිට කරන්නද කියලා හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ හිතට එන සේරම ලියන්න යන වෙලාව ගැන හිතිලා දුක හිතෙනවා. වැඩට යන්න සුදානම් වෙන්නත් තියෙනවා. මම සතුටු වෙනවා මිහිර පත්තරේට චිත්‍රකතා ඇන්ද එස්.ඒ. දිසානයකා මහතාගෙන් චිත්‍ර හදාරන්න, ඒ වගේම පන්ති භාර ගුරුවරයා වශයෙන් ගුරුහරුකම් ගන්න ලැබීම ගැන. මමත් පන්තියේ තීන්ත පෑනෙන් චිත්‍ර කතා ඇන්දා. අපේ පන්තියේ එක වගේ දක්ෂ කිහිප දෙනෙක්ම හිටියා. ප්‍රසාද් සහ හරිතප්‍රිය ඒ අතරින් ඉදිරියෙන්ම හිටියා. පොඩි කාලේ අපි ඒවාගෙන් සටන් පවා ඉගෙන ගත්තා. චන්දන මට සමකාලීනයෙක් වෙච්ච එක ලොකු සතුටක්. දිගට්මා මේ බ්ලොග් එක බලනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදීක! ගොඩක් සතුටුයි උඹත් මම වගේම චිත්‍ර කථා පිස්සකු බැව් දැනගැනීම. කෙතරම් නම් සුන්දර කාලයක්ද? එවැනි චිත්‍ර ශිල්පියෙකු උඹේ ගුරැවරයෙකු වීම කොච්චර නම් භාග්‍යක්ද? ලියන්න ගොඩක් තියෙනවා. ඒත් කාලයේ අවුල. උඹට ජය!!

      Delete
  14. මම 60 දශකයේ මුල් උපන් අයෙක්. අපේ ළමා කාලය ගත වුණේ චිත්‍ර කතා එක්කමයි. පත්තරේ මොකක් උනත් චිත්‍ර කතාව විතරමයි බලන්නේ. ලන්දේසි හටන, ශ්‍රී වික්‍රම, සද කුමරිය වගේ චිත්‍ර කතා පොත්...... පසු කාලයේදි බලංගොඩ සරත් මධු ගේ සම්ප්‍රාත්තිය. ඔබේ ලිපි පෙළ තරමක් ප්‍රමාද වෙලා තමයි ඇස ගැටුනේ.........ස්තූතියි!

    ReplyDelete
  15. හිතවත් චන්දන අය්යේ,ඔයාගේ සදුන් සෙවන ට ආපු අය හරීම සංවේදී අය ,මම නම් මාතර මටත් චිත්‍රකතා අතීතයක් තියනවා ,ඉස්සර අපේ පන්සලේ ඔය පත්තර දෙකම ගත්තා(මධුර,සතුට ) කැළැ කෙල්ල,බට්ටී මට මතකයි,මට යන්තම් අකුරු කියවන්න පුවන් වුන ගමන් මම පන්සලට ගිහින් ඔය පත්තර කියවනවා,සිත්තර ,සත්සිරි මාලිම්බඩ හන්දියේ නන්දෙ අයාගේ බයිසිකල් කඩෙට ගිහින් කියෙව්වා,හරිම සුන්දර කතා මෙවා දැන් අය දන්නේ නැහැ.අපිට ඒ පරන පත්තර් ටික ඉන්ටර්නෙට් එකට දා ගන්න පුලුව වුනොත් කොච්චර හොදද?,එවා තිබෙන් තැනක් නැත්ද මෙවා ගැන ලිව්ව ඒට ස්තුතියි,ඔයා ඔය කියන අනුරාධපුර නව නගර ස්ටෙශන් එක තියෙන්නෙ දහියාගම හන්දිය කිට්ටුව නේද,මට මෙක කියවාල එතනින් යන කොට ඔය මතක් වුනා මොකද මගේ බිරිදගේ ගෙදර තියෙන්නෙ පුබුදු මාවත පැත්තෙ නිසා,



    ReplyDelete
  16. සතුට හෝ මධුර ලේක්හවුස් එකෙන් කරපු එකේ සංවත්සර උත්සවයකට වික්ටර් රත්නායකට කියලා හැදුවා සින්දු ටිකක් මතකද?
    ඉතිං ඊට පස්සේ......
    හත්වළල්ල කන්ද කපා....
    තනිතරුවේ......

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      ඉතිං ඊට පස්සේ ගීතයනම් එහෙම ලියවුනු එකක්. ඒත් මම දන්න විදිහට අනික් ගීත දෙක එහෙම නෙවෙයි.

      ඔය තනි තරුවේ ගීතය ලියවුණු අන්දම ගැන නිධාන කථාව මෙහෙමයි මම අහල තියෙන්නෙ. වික්ටර් ප්‍රේමකීර්ති සහ තවත් කට්ටියක් එක පාරක් නිලාවෙලි වෙරළේ රැයක් ගත කලාලු. ඒ වෙලාවෙ අහසෙ එකම තරුවක් විතරක් පායල තිබ්බලු. වැල්ලෙ දිගවෙලා ඒ දිහා බලා හිටපු ප්‍රේමකීර්ති එක පාරටම " තනි තරුවේ ..." කියල කෑගැහැව්වලු. " මචං අන්න එතනින් පටන්ගෙන ලියපං සින්දුවක් ..." කියල වික්ටර් කිව්වලු. තනිතරුවේ ගීතයේ උපත එහෙමයි. ඒ නිසා හර්ෂ ඔබ කිවූ විදිහට සතුට පත්‍රයේ සංවත්සරය හා එහි සම්බන්ධයක් නැතිබව ස්ථිරවම කිව්වැහැකි.

      හත්වළල්ල කන්ද කපා ගීතයේ උපත ගැන නම් එහෙමට තොරතුරක් දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන මොකවත් හරියකට කියන්න බෑ.

      Delete
  17. රවි ...
    සතුට පත්තරේ තිබුණු බන්ධුල හරිශ්චන්ද්‍ර ගෙ තනි තරුව කථාව වෙනුවෙන් තනි තරුව ගීතය.
    හත්වළල්ල කන්ද කපා ගීතය වික්‍රම සතුටට ඇඳපු කථාවක් වෙනුවෙන් ..මට නම මතක නැහැනෙ.. ගඟ දිගේ ඔරුවක් පැදගෙන යන තරුණයෙක් සහ ඈත ගමක තරුණියක් වටා ගෙතුණු කථාවක්..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. / සතුට පත්තරේ තිබුණු බන්ධුල හරිශ්චන්ද්‍ර ගෙ තනි තරුව කථාව වෙනුවෙන් තනි තරුව ගීතය. /

      සමාවෙන්න හර්ෂ, ඔබේ කතාව පිළිගන්න අමාරුයි...තනිතරුවේ ගීතයේ උපත ගැන වික්ටර්ම කියන්නෙ මෙහෙමයි.

      Quote / තනිතරුවේ ගීතය පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන් තවත් අපූරු ගීතයකි. මේ ගීතය පේ‍්‍රමකීර්තිට ලියැවුණේ අහම්බෙන් බව මා කොහේදී හෝ අසා තිබිණි. ඒ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ කදිම මොහොත නොවේදැයි මට සිතිණි. මම මේ ප‍්‍රශ්නය වික්ටර් රත්නායකයන් හමුවේ තබමි.

      ‘‘මගේ ‘ස’ ප‍්‍රසංගයක් තිබුණා ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක. ප‍්‍රසංගය ඉවරවෙලා මදුවිතකින් එහෙම සන්තර්පනය වෙලා මමත් ජෙනරාල් සුනිල් තෙන්නකෝනුත් කතාබහ කර කරා හිටියා. ඔය වෙලාවෙ ඇහුණ කවුරු හරි මහ හයියෙන් තනි තරුවේ කියල කෑ ගහනවා. මං කිව්වා කව්රු හරි කෑගහනව කියලා.

      මෙතන විජිත කියලා මගෙ මිතුරෙක් හිටියා. මම කිව්වා විජිතට ගිහින් බලන්න කියලා. බලන්න ගිය මිනිහා මෙන්න ගිය ගමන්ම ආපහු ආවා. පෑනකුයි කඩදාසියකුයි දෙන්න විජිත කිව්වේ කලබලෙන්. කව්ද කෑ ගහන්නෙ කියලා මං ඇහුවා.

      පේ‍්‍රමකීර්ති. එයා ගල් තලාවක නිදාගෙන අහස බලාගෙන කෑ ගහනවා. මට කොලේකුයි පෑනකුයි අරගෙන එන්නලූ.

      ජෙනරාල්ගෙ අතින් කඩදාසියකුයි පෑනකුයි අරගෙන ගිය විජිතට, පේ‍්‍රම් කියලා තනි තරුවේ ඔබත් ඔතන ඔහොම ඉන්න. මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා. එච්චරයි. සිංදුවෙ ඉතිරි ටික ලියවුනේ කොළඹ ආවට පස්සෙ මම මේ සිංදුව පටන්ගත්තෙත් තනිතරුවේ කියලා කෑගහලා. මං ඒ ටික ගත්තෙ එදා පේ‍්‍රමකීර්ති කෑ ගහපු තාලෙටමයි.’’ / Unquote

      මේ වික්ටර්ගෙ තනිතරුව ගැන තව මතකයක්..........

      Quote / ‘තනිතරුවේ’ ගීතය බිහි වුණේ එක්දහස් නවසිය හැත්තෑපහ අවුරුද්දේ. අපි ‘ස’ ප්‍රසංගය සඳහා ත්‍රිකුණාමලේ ගියා. අපිට ජෙනරල් සුනිල් තෙන්නකෝන් මහතා ත්‍රිකුණාමල යුද හමුදා කඳවුරේ රෑ කෑම දුන්නා. කෑමට පෙර අපි සතුටු සාමිචියේ හිටියේ. ප්‍රේම් පේන්න හිටියේ නැහැ. එකපාරටම ප්‍රේමකීර්ති මුහුදු වෙරළේ ඉඳගෙන ‘තනි තරුවේ’ කියලා මහ හයියෙන් කෑගැහුවා. ඔහු කිව්වා ලියන්න පුළුවන් කොලේකුයි පෑනකුයි අරගෙන එන්න කියලා. විජිත කොළයකුයි පෑනකුයි අරගෙන ගියා.

      ’ඔබත් ඔහොම ඔතැන ඉන්න
      මමත් මෙහෙම මෙතැන ඉන්නවා.’

      ඒ වෙලාවේ ලිව්වේ එච්චරයි. පහුව දා උදේ තමයි ගීතය සම්පූර්ණ කරලා දුන්නේ. / Unquote

      වික්ටර් පැහැදිලිව කියනව තනිතරුවේ ගීතය ලියවුනේ 1975 අවුරුද්දෙ කියල. සිත්තර පත්තරේ ආරම්භ වුනෙත් ඒ අවුරුද්දෙමයි.

      තනිතරුවේ ගීතය ලියවුනේ බන්ධුල හරිශ්චන්ද්‍රගෙ චිත්‍රකථාව වෙනුවෙන්ය කියල කියන්න ඔබට මොනවහරි මූලාශ්‍ර තියනවද?

      අනික ඔය සංවත්සරේ තිබ්බෙ සිත්තර පත්තරේට අවුරුදු පහක්ද කොහෙද ගෙවිච්ච එකට. ඉතිං ඊට පස්සෙ කතාව ගියෙ සිත්තරේ. ඒත් තනිතරුව කතාව පළවුනේ සිත්තරේ නෙවෙයි. සතුට හෝ මධුර පත්‍රයෙ.

      Delete