දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් | කැළුම් |
මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් | බැළුම් |
තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ | රැඟුම් |
කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය | තරම් |
එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර | ඔයා |
හිරුත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර | පියා |
මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර | දයා |
එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා | තියා |
ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් | එලෙසමයි |
දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් | සුමිහිරියි |
පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි | දඟයි |
එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති | කමයි |
ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට | නඟේ |
ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට | නඟේ |
ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි | අගේ |
හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි | නඟේ |
ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි | වෙලා |
වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත | සලා |
හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් | කලා |
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් | වෙලා |
Photo credit: overdepressionwordpress.com |
Thursday, 28 November 2013
ප්‍රේමයේ වියෝගය........
Subscribe to:
Post Comments (Atom)
මේක කලින් දාපු එකක්ද? කොහොමද මේක නොවැම්බර් 28 ට පොස්ට් වුනේ ...අදනේ දැක්කේ
ReplyDeleteනෑ මචෝ පොඩි අවුලක් උනා. දැන් වැඩ දෙකක්නේ. එක දවසක අකුරැ කොටනවා. තව දවසක කෙලින් කරනවා. 28 වෙනිදා තුනක්ම කෙලින් කරා. ඒකයි උනේ මලේ. ඒක
Deleteනෙමේ කවියට උඹ කැමතිද කියහං. ඩ්‍රාරාෆ්ට් කලේ 28. පෝස්ට් කලේ අද. ඕකයි උනේ මචං.
ගැමි සුවඳ මුසු වෙච්ච ආදරයක්. මටත් මතක් වුනේ ගමේ හිටපු ඉස්කෝලේ කාලේ. ඇත්තටම ඒ කාලේ සිතුවිලි හරිම නිර්ව්‍යාජයි ....අපේ සිතුවිලි දූෂණය වෙන්න පටන් ගත්තේ කැම්පස් කාලේ ඉවරවෙන්වත් එක්කමද කියලා හිතෙනවා.
Deleteහිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා
හ්ම්ම් අපිත් ඔහොම කිව හැටි මතකයි ..
කාලෙකට කලින් මම ලිව්ව කවියක් මතක් වුණා. පුළුවන්කමක් තියේ නං ගිහින් බලන්න. ගැමි සුවඳ මුසු වුණ ආදර අන්දරයක්. දුක යි හැබැයි හැමදාමත් වගේ ලස්සණ යි!
ReplyDeletehttp://sondurumanpetha.blogspot.com/2013/08/blog-post_24.html
ගොඩක් ස්තූතියි නංඟි ඇඟැයීමට! ඔව් අනිවාර්‍යයෙන්ම ඔයාගේ කවියත් බලනවා. අද හරිම බිසී දවසක් වැඩ පොලේ. ඔයාගේ කථාවේ දෙවැනි කොටස කියවන්නත් තාම බැරිවුනා.
Deleteසති අන්තයේ තුන්වැනි කොටස දැකලා ගිහිං බැළුවම ඕපන් වෙන්නේ නෑ. මොකද උනේ?
ලියා ලියා ඉන්නකොට save වෙනුවට publish වුණා. ඒ නිසා ආයෙමත් draft කරන්න වුණා. ඒකෙන් වැඩ දැන් හුඟක් ඉවර යි! පින්තුර ටිකක් එහෙම ගළපලා ඉක්මනට දාන්නංකෝ.
Delete//හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා// කවියෙකුට විතරයි එහෙම හිතන්න පුළුවන් . උඹේ කවි දිනෙන් දින හැඩ වැඩ වෙමින් එන හැටි දුටුවාම සැතුටුයි .
ReplyDeleteහ්ම්ම්... ඒක ඇත්ත.
Deleteඋඹට ස්‍තූතියි තිලකේ! මගේ බ්ලොග් ජීවිතයේ ආරම්භය ඇතිවූයේ උඹ නිසයි....
Deleteඔයාගේ ඇඟැයීමට ස්තූතියි දිලිනි!!!
Deleteඋඹේ කවි රහයි. එච්චරයි කියන්න තියෙන්නේ
ReplyDeleteස්තූතියි මාතලන් මලේ! උඹේ වචන මට විශාල ශක්තියක්!!!
Deleteහිතේ කහටක් නෑ කියලා කියන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් තියෙනවද ඉතින්.. අවංක ප්‍රේමය එයමයි නේද?
ReplyDeleteඅපි ඇත්තටම ආදරේ නම් එහෙම කියන්න පුළුවන් දිනේෂ් මලේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් හැමවිටම...
Deleteලස්සන කවි සෙට් එක.. ඒ වගේම දුක හිතෙන සිදුවීමක්.. ප්‍රේමයේ වියෝගය... !
ReplyDeleteකවි රස වින්ඳට ස්තූතියි මධූ මලේ!!
Deleteබූට් එකක් නොකෑ ජීවිතය හරියටම මසාල වඩේ සාම්බාර් හොද්ද නැතුව කාපු තෝසෙ පාර වගෙයි
ReplyDeleteඅන්න උඹට තේරැනා සරත් මලේ! ප්‍රේමයේ විරහාවත් එක්තරා සතුටක්....
Delete