Pages

Wednesday 23 December 2015

කවියෙකුට සවියක් වෙමු



ඊයේ රාත්රියේ මට ලැබුණු පණිවුඩයකි. පණිවුඩය වෙඩ්ඩාගෙනි. ( මංජුල වෙඩිවර්ධන) . ඔහු හඳුනාගෙන ගතවූ මේ වසර දෙකක පමණ කෙටි කාලයේදී මෙසේ ලැබුණු තුන්වන පණිවුඩ මෙයයි. මෙතෙක් ලද පණිවිඩ කිසිවක් ඔහු ගැන හෝ ඔහුගේ ප්රශ්නයක් ගැන නොවීය.

පළමු පණිවුඩය වූයේ ඔහුගේ විප්ලවකාරී සගයා " චූටි" ගේ රෝගී තත්වය පිළිබඳවයි. වෙඩ්ඩාගෙන් මම චූටි හඳුනා ගතිමි. ඔහු ඇමතීමි. සුළු උදව්වක් කළෙමි. 

එහෙත් අවාසනාවක මහත , ඒ තමන් ගැන නොව අනුන් ගැනම සිතූ චූටි නම්වූ ඒ අපූරු මිනිසාගේ අභාවය ගැන පුවත වෙඩ්ඩාගේ දෙවැනි පණිවුඩයෙන් ලදිමි. 

මේ හරහා වෙඩ්ඩාව දැන සිටි මම මෙයත් ඔහු ගැන නොව සමාජයේ තවත් මිනිසෙකු ගැනම විය යුතුය යන පූර්ව නිගමනයද ඇතිව ඔහුට ඇමතුමක් ගතිමි. මා සිතුවා හරිය. ඒ තවත් කවියෙකු ගැනය. තම දරුවාගේ රෝගී තත්වය නිසා අසරණවී සිටින කවිකාර තාත්තෙකු ගැනය. 

ඒ ඊයේ රාත්රියේය. අද උදෑසනම අවදිවී බැලු විට වෙඩ්ඩාගේ කවියකි. කවිය අර කවියා ගැනය. ඔහු ලියූ වචන ඊයේ දෙඩූ වචන පරයා ඊයම් බරු මෙන් මගේ හද තුළට ඇතුළු වුණි. 

වෙඩ්ඩා නිකරුණේ කා ගැනවත් හොඳ කියන්නේවත් කා ගැනවත් දොස් කියන්නේවත් නැති බව මේ කෙටි කලට මා ඔහු ගැන උගත් සත්යයයි. ඒ කවියා පියන්කාරගේ බන්දුල ජයවීරයි. ඔහු අපට තිළිණ කළ කාව්ය සංග්රහය නම් " උඩගෙදර යට කඩේ" නම් විය. මම මේ කවියාව පුද්ගලිකව දැන නොසිටියත් ඔහුගේ කවි සිත හැඳින සිටියෙමි. ඊයේ රාත්රීයේ වෙඩ්ඩාගෙන් පියන්කාරගේ බන්දුල ජයවීර නම්වූ ඒ කවි සිත අයත් සැබෑ මිනිසා ගැනත් උගත්තෙමි. හැඳින ගත්තෙමි. එහෙත් දැනගන්නට ලැබුණේ ඛේදයකි. 


පියන්කාරගේ අපූර්ව ජයවීර නම්වූ බන්දුලගේ දාහත් හැවිදිරි පුත්රයාගේ අසනීප තත්වයයි ඒ. තාත්තා කෙනෙකුට එහෙමත් නැතිනම් දෙමාපියනට තම දරුවකුගේ අසනීපයක් නිසා දැනෙන හැගීම තමන්ගේම දුකක් කරදරයක් මෙන් දැනීමට තමනුත් දෙමාපියෙකුම විය යුතු නැත. ඒ අවසනාවන්ත තත්වයට අද මේ කවියා පත්වී ඇත්තේය. යෞවනයේ දොරකඩ සිටින අපූර්ව , පැති කුදය( SCOLIOSIS ) නම්වූ පිට කොන්ද ආශ්රිත අස්ථි රෝගයෙන් පෙළෙන අතර ඒ සඳහා හැකි ඉක්මනින්ම කළයුතු ශල්යකර්ම සඳහා  මුදල රැපියල් ලක්ෂ 25 ක් පමණ වන බව දොස්තර වරුන් පවසා තිබේ. සාමාන්ය අප වැනි මිනිසෙකුට එතරම් මුදලක් කොයින්ද?

එහෙත් හිතවත හිතවතිය, අප සැම එකතු වුවහොත් මේ මුදල අපට පහසුවෙන්ම සොයා දී ඒ තාත්තාගේ ඇසේ නැගි කඳුළු පිසලන්නට පුළුවන. ඒ කවි සිත නැවත දල්වන්නට පුළුවන. 

මේ සුන්දර නත්තල් සමයේ ඔබ මිලදී ගන්නට සිතා සිටින එක තෑග්ගක මුදල මේ සඳහා කැප කළ හැක. එසේත් නැතිනම් මේස පිරෙන්නට ඉදෙන නත්තල් භෝජනයෙන් එක කෑමක් අඩුකොට ඒ මුඳල තාත්තෙකුගේ කඳුළ වෙනුවෙන් යෙදවිය හැක. ඔබ එසේ කළහොත් මේ නත්තලේ පමණක් නොව මුළු දිවියේම සිත සිතා සතුටු විය හැකි උතුම් ක්රියාවකට දායකවූයේ යැයි යන හැගීම ඔබ තුළ සදාකල්හිම පවතිනු ඇත. මම තව තවත් ලියා ඔබව වෙහෙස නෙකරමි. තීරණය ඔබට භාර කරමි. වෙඩ්ඩා ලියූ වැකියකින්ම මේ සටහන අවසන් කරමි. " මම ඔබගේ අත්තටු නොඉල්ලමි. ඉල්ලන්නේ ඉන් එක පිහාටුවක් පමණි. "

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

ඔබට පහත ගිණුමට ඔබගේ වටිනා ආධාරය යැවිය හැක. 

පී.බී. ජයවීර, 
උයන්වත්ත මහජන බැංකු ශාඛාව,
ගිණුම් අංකය 032-2-001-8-2498993
එතුමාගේ දුරකථන අංකය - 


එංගලන්ත වාසී මගේ සහෘදයනට ලංකාවේ ගිණුමට කෙළින්ම මුදල් දැමීම අපහසු නම් මගේ මෙහි ඇති ගිණුමට බැර කරන මෙන් ඉල්ලා සිටිමි. පවුම් 5 ක් වුවද කම් නැත. එකතු වූ පසු මට බන්දුල ජයවීරයන්ගේ ගිණුමට යැවිය හැක. සැමටම සුබම සුබ නත්තලක් වේවා!

Chandana Gunasekera
Santander bank 
EVERYDAY CURRENT ACCOUNT
09-01-28 

14 comments:

  1. චන්දන නිහතමානීව ඔබ ගැන සතුටු වෙනවා..

    ReplyDelete
  2. මචෝ මම මේක සින්ඩියේ එල්ලන්නම්..

    ReplyDelete
  3. ඕන් මාතලන් එකෙත් උඩින්ම දැම්මා පොඩි ට්‍රික් එකකුත් එක්ක

    ReplyDelete
    Replies
    1. මගේ ආචාරය! ජයම වේවා උඹට!

      Delete
  4. තරංගනී රෙසිකා සහ හෙන්රි වර්ණකුලසූරියත් මේ ගැන ලියා තිබුණා.

    මට මේ කවියා දෙවරක් මුණ ගැසී තියෙනවා දෙවරම පොත් එළිදැක්වීම්වල. මෑතදීම නිරාෂ ගුණසේකර ගේ උත්සවයේ දී.

    විශාල කාලයක් වියදම් කරගෙන මාතර සිට ඒ උත්සව සඳහා කොළඹ එන්නෙකු තමයි ඔහු. කවි පොත් හතරක් පමණ ලියා තියෙනවා.

    බැංකුවට යාමට ඉඩ ලද වහාම ආධාරයක් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. අපි ඔහුට උදව් කරමු. ස්තූතියි ඔබට!

      Delete
  5. හරි අපිත් උදව්වක් කරන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ඔබට මිත්‍රයා!

      Delete
  6. මම දැන් බන්දුලට ring කලා. ඔහු ගත්තේ නැහැ. මමත් මාතර, අපිට උදව් කරන්න පුළුවන් පිරිසකුත් එකතුකරගෙනම. මගේ යුතුකම මම හෙට කරනවා.

    ReplyDelete
    Replies
    1. මමත් අද කෝල් කළා. ගත්තෙ නෑ තමයි. ඔබට ගොඩක් ස්තූතියි!

      Delete
  7. Thanks mathe. Will deposit something to chandana's account as Tikka.

    ReplyDelete
    Replies
    1. Thanks Tikka! Once received I will let you know.

      Delete