Pages

Monday 8 June 2015

මිය ගියාට පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත - ප්‍රවේශය



වර්තමානයේ අන්තර්ජාලය, විශේෂයෙන්ම මුහුණු පොත ආදී මාධ්ය තරම් ප්රබල ජනසංනිවේදන මාධ්යයක් තවත් නැතිතරම්ය. පොත් , පත්තර, ගුවන්විදුලිය හෝ රෑපවාහිනිය හා සම්බන්ධ නොවූවත් දිනකට වරක් හෝ මුහුණු පොතට ගොඩනගින්නේ නැති අයෙකු සොයාගැනීම අවාරයට කජු පුහුලමක් සොයාගන්නවා වැනි අසීරැ කාරියකි. 

එහෙයින් මෙහෙව් ප්රබල මේ මාධ්යයේ කල නොහැකි දෙයක් නැත. 

යම්, සමාජයේ හොඳට හෝ නරකට නමක් දිනා සිටි පුද්ගලයෙකුගේ වියෝව මුලින්ම දැනෙන්නේ මුහුණු පොතටය. මමද ඇතුළු බොහෝ රචකයන්ගේ පන්හිඳ ඔවුන් ගැන ගුනගැයුම් හා ඇගැයීම් වලින් පිටු පුරවන්නේ එවිටය. 

මාත් මේ කාරියම කළ අතර ඒ ගැන බොහෝ සේ පසුතැවුණෙමි. ඒ නිසා මට හැකි පමණින් කලාවට විශේෂයෙන්ම මා කැමතිම විෂයන් වූ සිනමාව, සංගීතය, පුවත්පත් කලාව සහ සාහිත්යයට අනුපමේය සේවයක් කළ එහෙත් දැන් යම් යම් හේතූන් නිසා නිහඬ එමෙන්ම ජනතාව අමතක කොට ඇති පුද්ගලයින් ගැන පුංචි සටහන් තැබීමට තීරණය කළෙමි. 

මන්ද අප ඔවුන් කළාවූ මෙහෙවරට ණයගැතිවන අතරම ජාතියේ සම්පත්වූ ඔවුන්, ඔවුනගේ මුළු දිවියම කැපකළේ කලාවේ උන්නතිය නිසාම වන බැවිනි. මේ යන චාරිකාවේදී මා සමඟ සහෘද ඔබත් රැදී සිටිනු ඇතැයි මම හුදෙක්ම විශ්වාස කරමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

3 comments:

  1. මෙවැන්නක් ආරම්භ කිරීම ඉතාම අගය කරනවා. ඇත්තෙන්ම කල යුත්තේ මෙයයි. ජීවත්ව සිටිද්දී නොවැ අගය කල යුතු. ජයම වේවා!

    ReplyDelete
  2. ජීවත්ව ඉද්දී උන්නද මලාද කියලා නොබලන අයම තමයි මරණෙන් පස්සේ ඒ අය ගැන වැඩියෙන් තැවෙන්නේ ගුණ ගයන්නේ.. ඒක කොතනත් එහෙමයි..

    ReplyDelete
  3. ඉතාම වටිනවා. ඔබ කලාකරුවන් වෙනුවෙන් බෝම දේ කරන්න උත්සාහ කරන අයෙක්..

    ReplyDelete