Pages

Saturday 6 June 2015

රැවන් වීරසේකරයන්ට ඔබගේ සහය අවශ්‍යයි.....



සුරතේ රැඳි වයලීනයේ මනරම් ස්වර මැවෙද්දී ඔහුගේ මධුර ශ්රාස්තීය හඬින් අප විසල් සතුටක් වින්ඳෙමු. 

රෑපවාහිනියේ විකාශනය වූ ඩෙල් ස්ටුඩියෝ ඇතුළු මෑතකාලයේ නිර්මාණය කෙරෑ සෑම සංගීත වැඩසටහනකම පාහේ ඔහුගේ දායකත්වය දක්නට ලැබිණි. 

ඉතාම දක්ෂ හා හුරැබුහුටු ලෙස වයලීනයේ තත් හැසිරවූ ඔහු ඒ අතරම හිසටම සවිකරගත් මයික්රෆෝනයෙන් සුන්දර හඬ රටා මැවීය. 

ජයන්ත චන්ද්රසිරියන්ගේ සමනලසංධ්වනියේ සංගීත ගුරැවරයා ලෙස රඟ පාමින් සිනමාවටද එක් වූයේය. 

එහෙත් මීට මාස දෙකකට පෙර එක්තරා අඳුරැ රැයක මේ සියල්ල වෙනස් විය. 

දෛවය ඉතාමත්ම කුරිරැ ලෙස මේ රැවන් වීරසේකර නම්වූ සොඳුරැ ගාන්දර්වයාට සලකා තිබිණි. 

රැදිරයේ සීනි ඌනතාවය නිසා ඇතිවූ රෝගි තත්වය යටතේ සිහි නැති දිඟු නින්දකට (Coma) වැටුණු ඔහු අදටත් එසේමය. 

කොළඹ ජාතික රෝහලේ පසුගිය සතියවනතුරැ නේවාසිකව සිටියත් ලැබුණු ගුණයක් නැත. රෝහලේ වූ අඩු පහසුකම් යටතේ ඔහු තව දුරටත් එහි රඳවා සිටීම ඔහුටද අපහසුවක් බව සැමටම තේරැණි. ඒ නිසා රැවන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ උදවිය ඔහු නිවසට රැගෙන ගියේ ආයූර්වේද වැනි දේශීය වෛද්ය ක්රමයක පිහිට පැතීමට හෝ වෙන රටකට ඉංදියාවට හෝ සිංගප්පූරැවට හෝ ගෙන ගොස් ඔහුව රැක ගැනීමේ අරමුණෙනි. 

මම අද උදයේ රැවන් වීරසේකරයන්ගේ මවට දුරකථනයෙන් කතා කළෙමි. එතුමිය හැඬූ කඳුළින් පැවසූ ඒ අනුවේදනීය විස්තරය මා අසා සිටියේ ඉතා අසීරැවෙනි. 

වයස අවුරැදු 49 ක් වන මෙවන් දක්ෂතාපිරි තමන්ගේ පුතා කතාබහක් නැතිව නිසොල්මනේ ඇඳක උඩුබැලිව වැතිරසිටිනවා බලා සිටිය හැක්කේ මොන මෑණියන්ටද? අපට ඒ ගැන මෙතරම් දුකනම් ඔහු සමඟ මෙතුවක් කාලයක් දුක සතුට බෙදා ගත් ඔහුගේ දෙමාපියන් ඇතුළු පවුලේ උදවියගේ හදවත්වල ඇති වේඳනාව කෙසේ නම් වන්නට ඇතිද?

මම කඳුළු සඟවාගෙන එතුමියට ඇහුම්කන් දුනිමි. 

රැවන් ඇස් ඇර වටපිට බලන බවත්, ඈනුම් අරින බවත් හා ඔහුගේ මුලු ඇඟටම දැනීම තිබෙන බවත් වැඩිදුරටත් ඈ පැවසුවාය. දොස්තරවරැ ඔහුගේ කන් ඇසීමත් හොඳ බව පවසා තිබිණි. එහෙත් ඔහු නිසොල්මන්ය. වයලීනය වැයූ ඇඟිලි අඩපනය. ගී ගැයූ මුව ගොළුය. 

ඔහු දැනට ජීවත්වන දියර ආහාර සිරැරට ලැබෙන්නේ නාසයෙන් ඇතුළු කළ භටයකිනි. එය වැඩි කලක් තැබීම පෙනහලු වලට අනතුරැදායක බව වෛද්යවරැ පවසා ඇත. 

ඒ හෙයින් ඔහුට වැඩිදුර ප්රතිකාර සඳහා යොමුකිරීමට පෙර ශල්යකර්මයක් මගින් මෙම බටයක් උදරයටම සවිකිරීම ඉතාමත්ම ඉක්මනින් කළ යුතු බව අපගෙන් දැනට සිදුවිය යුත්තේ කුමක්දැයි මා ඇසූ පැනයට පිළිතුරැ දෙමින් එතුමිය පැවසුවාය. 

මේ සඳහා නවලෝක රෝහල වැනි පුද්ගලික රෝහලක නවත්වා මුලින්ම ඔහුගේ ලේ වල ඇති ප්රශ්නයකට( රැදිරය තුනීවී ඇත) පිළියම් කොට ඉන්පසු මෙම බටය සවි කිරීමට වෛද්යවරැ කටයුතු කරන්නට බලාපොරොත්තුවන බව එතුමිය වැඩිදුරටත් පැවසුවාය . 

දියර ආහාරම පමණක් නිසා රැවන් ඉතා දුර්වල තත්වයේ සිටින බවත් මෙම නව බටය උදරයටම සවිකළ පසු මදක් ඝන ආහාර පවා දෙන්නට හැකිබවත් ඈ පැවසුවේ ඉතාමත්ම බලාපොරොත්තු සහිතවය. 

මේ සඳහා සතියක් පමණ රෝහලේ සිටිය යුතු බවත් රැපියල් ලක්ෂ හතරක පමණ මුදලක් වැයවන බවත් දැනගන්නට ලැබුණේ රැවන්ගේ පියාණන්ගෙනි. කඳලු සඟවා හැගීම් හදවතේ සිරකරගෙන කතා කළත් එතුමාගේ කට හඬේ ඒ සියල්ලම ගැබ්වී තිබිණි. 

අප කුමක් කරමුද? දිනෙක අප ඔහුගේ වාදනයෙන් හා ගායනයෙන් සැනසුනෙමු. මෙම දක්ෂතා රැසකින් පිරිපුන් සුන්දර මිනිසා අපේ රටේ සම්පතකි. ඔහු රැක ගැනීමට උදව්වීම හදවත් ඇති මිනිසුන් වශයෙන් ඔබ අප සැමගේම යුතුකමක්ම නොවන්නේද?

අප සැමටම කරදර ඇතිබව මම දනිමි. කරදර එන්නෙද මිනිසුන්ටමය. ඒවාට එකතුවී උදව් කළ හැක්කේ සහ පිළියම් යෙදිය හැක්කේද මිනිසුන්ම වන අපටම පමණි. 

අපට මහා කාලයක් නැත. ඉක්මනින්ම යම් උදව්වක් කල යුතුවේ. අප සැම තම ශක්ති ප්රමාණයෙන් දායක වුවහොත් ඔවුනට මේ උපකාරය කළ හැකිවනු ඇත. තීරණය ඔබේය. 

සහෘද ඔබ යම් උදව්වක් කරන්නට මනාප නම් මට පණිවුඩයක් තබන ලෙස කලාවේ සහ මනුෂ්යත්වයේ නාමයෙන් අවසාන වශයෙන් ඔබ සැමගෙන්ම ඉල්ලා සිටින අතර අප සැවොම එකතු වී රැවන් වීරසේකරයන්ට ඉක්මන් සුවයද ප්රාර්ථනා කරමු!



චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

3 comments:

  1. එක දිගට මැසේජ් එන එක කරදරයක් නිසා මම කලා කෙතට දිය දෝතක් ගෘප් එකෙන් අයින් උනා. නමුත් හැකි ආකාරයෙන් උදව්වක් කරන්නට බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  2. එක දිගට මැසේජ් එන එක කරදරයක් නිසා මම කලා කෙතට දිය දෝතක් ගෘප් එකෙන් අයින් උනා. නමුත් හැකි ආකාරයෙන් උදව්වක් කරන්නට බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  3. කොහොම හරිම උදව්වක් කරන්නම්. මා ඊයේ මුහුනු පොතෙන් ගිණුම් අංකය ලියා ගත්තා. මල්ලි , ස්තූතියි! සටහනට. ඔහු ලංකාවේ සිටින අග්‍රගන්‍ය කලා කරුවෙක්. පහුගිය සාක් උළෙලේ දී ඔහුගේ වාදනය ලොවම මවිතකලා. ඔහුට තෙරුවන් බලෙන් ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete