ඉපැඳුණුදා පටන් අප ළඟ සිටි | කන්ද |
හැම උදයකම මිහිඳුම් සළු ඇඳි | කන්ද |
මළ හිරු සමඟ අඳුරේ සැඟැවුණු | කන්ද |
අප සෝ සුසුම් හැමවිට ඉසිලුව | කන්ද |
ඇළ දොළ දිගේ නුඹෙ කඳලැලි එවු | කන්ද |
ගොවිතැන් බලා නිරතුරු තුටුවුණු | කන්ද |
අපි ඇදවැටෙද්දී නැඟිටං හිටි | කන්ද |
නින්දට ගියෙත් නුඹහට වැඳලයි | කන්ද |
කවුරුද නුඹට කේලම් කීවේ | කන්ද |
හොඳටම උරණවී ගම යට කළ | කන්ද |
නුඹහට හිතැති අපසැම වැලලූ | කන්ද |
නුඹ සතුටින්ද දැන්වත් කියපං | කන්ද |
සිත් පිත් ඇති මිනිස්සුන්ට නොදැනුනු, නොදැකපු දේ, කන්දට නොදැනුනු එකේ පුදුමෙකුත් නෑ එක අතකින්..
ReplyDeleteමනෝෂ් සඳරැවන් අපි හරිම අවාසනාවන්තයි. පරිසරය ගැන කවදාවත් හිතුවේ නෑ.
Deleteකන්ද නෙමෙයි වැස්ස...සතුටින්
ReplyDeleteඒකත් ඇත්ත දේශකයෝ....
Deleteඑළඹී ඇත්තේ...
ReplyDeleteමනුදම් දියවුණු අඩවියක
ගල් කඳුද දියවී
දුක දුකකින්ම යට කර දමන
අඳුරු හෝරාවකී.
චන්දන.. මා මේ අනිත්‍යය අත්විඳිමින් සිටින්නෙමි. මෙන්න මගේ කතාව..
ඔබේ පදපෙළ දුටුවිට මගේ මව මීට බොහෝ කලකට පෙර ලියූ පද්‍ය රචනාවක එක් කවියක් මතක් උනා..
මිහිදුම් සළු සේල ඉරමින් වත පාන
කඳුකර කොමලියේ ඔබෙ රුව අසමාන
නුඹ කුස සිප ගන්න නුබ බලනා මාන
සොඳුරියෙ නුබ මෙන්ම මම දකිනෙමි හීන..
කවි වියමනට කවියෙන් පිළිතුරක් ලීමට තරම් යහපත් මානසිකත්වයකින් නොවීම පිළිබඳව කණගාටුව.. ජය ශ්‍රී!
ගොඩක් ස්තූතියි මිත්‍රයා! සඳුන් සෙවණටත් ආදරයෙන් පිළිගන්නවා. මම ඔබගේ අඩවියටත් පිවිසුණා.ෆලෝ කරන්න ලින්ක් එක සොයා ගන්න බැරිවුණා.
Deleteදැක්ක ගමන් ඇහැ ගියෙ දැරිවිගෙ ටී ෂර්ට් එකේ ඉන්න ඒ වයසෙම ගෑණුළමයගෙ පින්තූරෙ තියන සැහැල්ලු හිනාවයි, ඊට පොඩ්ඩක් ඉහලින් තියෙන මේ දැරිවිගෙ මූණෙ පිරිලා තියන කම්පාවෙ බරයි අතර කන්ට්‍රාස්ට් එකට. කියාගන්න වචන නෑ පුලුවන්නම් අන්න ඒ ගැනත් වචන දෙකක් ලියන්න චන්දන අයියේ...
ReplyDeleteගොඩක් ස්තූතියි බස්සි නංගියේ! මම ලියන්න උත්සහා කරන්නම්... ඔයාට ජය!
Deleteහ්ම්ම්ම්
ReplyDeleteහරිම ශෝචනීයයි නේද?
Deleteහිටි අඩියේ ම ජීවිතය නැති වීම............... නිවැසියන් අහිමිවීම............... හිතාගන්නත් අමාරු දෙයක්.. මොනවා වුණත් ජීවිතය කියන්නේ අස්ථිර දෙයක් කියන එක තේරුම් ගන්න මේකම ඇති. හැබැයි මෙහෙම දෙයක් ආයෙ නොවෙන තැනට වැඩ නොකළොත් අපි තව තවත් මිනිසුන් මරා ගන්නවා නිසැකයි...
ReplyDeleteඔබ කියූදේ සහතික ඇත්ත. දියුණුව ඕන තමයි. ඒත් පරිසරය විනාෂ කරන්න ගියොත් මේ තමයි ප්‍රතිඵල.
Deleteමේ පින්තූරය ඇතුලේ මහා විශාල කතාවක් කියවෙනවා ගුණේ. සියල්ලක්ම සමාණ වියයුතු ළමා ලෝකයේ මේ දරුවන්ගේ ජීවිත. ඒ හැම දෙයක්ම ටීශර්ට් එකේ ඉන්න DORA ගේ ලෝකයේ දරුවන්ගෙයි, මේ දැරිවිගේ මුහුණෙනුයි පේනවා. හිත බරකර ගෙන වෙන දෙයක් හිතාගෙන අහක බලාගත්තා.
ReplyDeleteමචං අරෑ උඹ හරි බං. මහාම මහා අවාසනාවක්!
Deleteකන්දට දුක් කියලා වැඩක් නෑ දැන්. ලොකු ලොකු උදවිය කරන වැරදි අපි පසුපස හඹා එන හැඩ යි. පහත් තැනින් යයි ගලා ජලේ . . .
ReplyDeleteහුඟදිනකට පස්සේ ධාරා නගා! ඔව් නංගී. අහසටයි හැදූ මවටයි වගේ කන්දට තමයි මේකේ දොසත්...
Deleteමුහුණු පොතෙන් මේ කවිය කියෙව්වත්...බ්ලොගෙන් කියවන්න ආවේ අයි...ඔබට ජය චන්දන....
ReplyDeleteහැපීගේ ලෝකය ඔබට බොහොම ස්තූතියි! ආදරයෙන් පිළිගන්නවා!
Delete