Pages

Saturday, 10 May 2014

පුතුට කියන වඟ නම්......


සුදු පුතේ මට කියන්නට නම් බොහොම දේවල්තියෙනවා
ළඟදි පැළඳුව කළු කබායෙන් මාව හැඩටම පෙනෙනවා
තැනින් තැන කිසි පැලැස්තර නෑ එකම තලයට දිවෙනවා
ඔපෙන් යටවුණු ලේ කඳුළු ගැන හිතෙද්දී නෙතු තෙමෙනවා
   
මමත් උඹ වගෙ පැඟිරි කාලේ ගලුයි බොරළුයි පෙරෙව්වේ
ගොනුන්ගේ කුර වලට පෑගී තරහිනුයි මං එරෙව්වේ
ගැලේ රෝදය ඉලේ වැදිලා 'කිරිස්' හඬ කන් පිරෙව්වේ
සුද්දා මගෙ ඇඟ පුළුල් කරලා මාව නොමරා මැරෙව්වේ
   
සිනිඳු සියුමැලි පාද පහසක් විඳපු දවසක් ළඟ නැතේ
විදුලි වේගෙන් දුවන වාහන හඬට කන් බිහිරිව යතේ
ළඟදි දිනයක ගියපු වේගෙට රිදුම් එයි තවමත් ගතේ
පිටේ හම ගැලවිලා යාදෝ බියවුණා හොඳටම පුතේ
   
සුදු ඉරියි කහ ඉරියි ඇඳලා ගත මගේ සරසා ඇතේ
පදිකයින් යටවී මියෙද්දී කල එවුන් ඉගිලී යතේ
අනුන් වට්ටා තමන් රජ වෙයි චාරයක් කොහෙවත් නැතේ
කුමක් කරමිද අසරණයි මා දුක් කඳුළු සඟවමි නෙතේ
   

30 comments:

  1. මේකත් අර සදකඩපහනේ ගල් පුවරු වගේම අලුත් මානයකින් බැලීමක්.. ජය වේවා.. ගුණේ..

    ReplyDelete
    Replies
    1. මාව අගය කළාට උඹට ස්තූතියි මචං!

      Delete
  2. නුඹට සලු පිළි අන්දවන්නට ලක්ෂ ගණනින් මිල මුදල්
    මහඑවුන් රැළ ගසං කෑවා නොදැක්කා ද ඒ ගැන විසල්

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ඔබේ පිළිතුරැ කව. ස්තූතියි!

      Delete
  3. නිතර නොදකින නොහිතන දෙයක් හරි අපූරුවට කවියට නඟල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්!

      Delete
  4. කවි සිතුවිල්ල ලස්සනයි චන්දන. නමුත් පෞද්ගලිකව මම මේ වගේ මාර්ග ඉදිවෙනවට කැමතියි.

    නැතිනම් වෙන්නේ එක තැන පල්වීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි! මාර්ග ඉදිවෙන්න ඕනෙමයි රටක දියුණුවට. නමුත් ඒත් සමඟම රියදුරැ මහතුන්ගේ හැදියාවත් දියුණු නොවන එකයි අවුල.

      Delete
    2. හෙහ් හෙහ්, චන්දන, ඒකනං අනේ මන්දා බං. මම හිතන්නේ ඒක්කෝ රියැදුරෝ, නැතිනම් හැදියාව යන දෙකෙන් එකකුත් ඉම්පෝට් කරන්න වෙයි වගේ.

      Delete
  5. අද තමා මේ පැත්තට ගොඩ වුණේ,කවි ටික නියමයි

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර මාව අගය කළාට! ඔබව සඳුන් සෙවනටත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තූතියි නෙතින් එහා! ඔබව සඳුන් සෙවනටත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉඩක් ලද විට ඔබගේ බ්ලොගයට ගොඩ වෙන්නම්! ජය!!

      Delete
  7. අපූරු සංකල්පනාවක්...ඔයා අර ලියාගෙන ආව පැරණි මතකයන් ලගදි නැවත ලියවුනේ නෑ නේද...ආයෙම ලිව්වොත් නරකද...අපේ කාමරය පැත්තෙ ආවොත් පරණ පින්තූර 40 බලාගන්න පුලුවන් ඔන්න. දරුවන්ටත් පෙන්වන්න. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලී! නැවත ලියන්න ඕනේ. කාලය හරිම ප්‍රශ්නයක්... උඹගේ බ්ලොගය පැත්තේ එන්න ඕනේ. ජය!

      Delete
  8. මට මතක් වුනේ "ඉසුරුමුණියේ හී පැතලි ගලක හින්ද ආලය ලීලය පෑ " කියන ගීතය , අපේ සඳුන් අයියාත් ඒ ගල් වඩුවා වගේ , හිතිපිත් නැති කළු ගලකින් සෘන්ගාරය වෑහෙන නිර්මාණයක් බිහි කළා වගේ, මේ වගේ හිත්ට්පිත් නැති වස්තුවකට ජීවය දෙන මේ කවි පෙළ ඉතාම අගෙයි , කලින් ලිව්වා සඳකඩ පහනේ කවි පෙළ වගේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉවාන් මලේ මාව අගය කළාට! උඹගේ පෝස්ටුවක් ළඟදි දැක්කේ නෑ.ජය!

      Delete
  9. ගොඩක් දෙනෙක් නොදකින පැති කඩක්.....
    උඹ ලෙසටම...ලෙසටම......ලෙසටම කවි කොරල යකූ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජී!

      Delete
  10. නිර්මාණය අගෙයි චන්දන අයියේ. සංවේදියි.

    ReplyDelete
    Replies
    1. නංගිට ගොඩක් ස්තූතියි!

      Delete
  11. තවත් අළුත් ඇහැක් ඇරලා.....

    ReplyDelete
  12. අර කිව්වත් වගේ වෙනත් කෝණයකින් බලලා ලියපු කවි සංකල්පනාවක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ මල්ලී!

      Delete
  13. හරිම අපූරු කවි සිතුවිල්ලක්... හිතට තදින් දැනුනා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි නංගී!

      Delete
  14. මං මාවත් ඉදි වුනත් සිරිලක හතර වට
    නැහැ දු‍ටුවේ එහි යටවුනු ලේ , කඳුළු කැට
    සිය දහස් ගණන් යනෙනා - දිනකට
    මහ මඟට ඇත නව අරුතක් එක්කොට

    වෙනස් මානයකින් ලියැවුනු අපූරු නිර්මාණයක් ... !

    ReplyDelete
  15. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  16. ලස්සනයි මචන් . කවි දිගටම ලියපු නිසා දැන් ඉතින් ගද්‍ය සටහනක් ලියන්ට කල් හරි නේද?

    ReplyDelete