Pages

Saturday, 6 March 2021

සැබෑ දිවියේ සාන්තුවරයෙකු වූ රිදී තිරයේ දුෂ්ඨයා



“ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා

ඔමරි පොමරි දාපු මුකුළු රෝසා

අපිත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා..”


එච් ආර් ජෝතිපාල සහ එම් එස් ප්‍රනාන්දු යන ගායනවේදීන් ගයන ලද මෙම අතිශය ජනප්‍රිය ගීතය අසා නොමැති අයෙකු ඇත්නම් එය ඉතාමත් විරල යැයි මට සිතේ. ධර්මසිරි ගමගේ සූරීන් ලියා කේමදාස මාස්ටර් තනුව නිර්මාණය කළ මෙම ගීතය සිනමාපටයක තිබූ ගීතයක් බව බහුතර තරුණ පිරිස් නොදන්නා බවට නම් සැකයක් නැත. එයට වරදක් කිව නොහැක. මන්ද වර්ථමානයේ, තවත් නොයෙකුත් මාදිලියේ නවීන මාධ්‍යන්ගේ බලපෑම, මෙම වසංගත තත්ත්ව සහ සිනමාවක් හැටියට සිංහල සිනමාවේම ඇතිවී ඇති නානාවිධ කඩා වැටීම් වැනි හේතු නිසා බහුතරයක් සිනමාවෙන් ඈත්වී තිබීම එයට හේතුවක් ලෙස දැකිය හැකිය. 


මෙම ගීතය තිබුණේ, 1974 වසරේ දී තිරගත වූ “ලසඳා” සිනමාපටයේය. ගීතය අඩංගු ජවනිකාවට නලුවන් තිදෙනකු රංගනයෙන් දායක වූ අතර ඔවුන් එසේ මෙසේ නලුවන් නොවීය. එක් අයෙකු වූයේ ඩොමී ජයවර්ධනයන්ය. අනෙකා ඩී. ආර්. නානායක්කාර වූ අතර තෙවැන්නා මගේ මෙම ලිපියේ කතානායක පියදාස ගුණසේකර විය. 


ඔවුන් තිදෙනාගේම රංඟ ප්‍රතිභාවන් දැක ඇති අපට, ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ වු ඔවුන්ගේ රංගනයන් පිළිබඳව කිසිදු විවාදයක් නොමැත. ආදරණීය සහෘදයිණී ඔබට හැකිනම් එම ජවනිකා පෙළ නැවතත් නරඹන ලෙසට මම ආදරයෙන් ඇරයුම් කරමි. රංගනයෙන් මීටත් වඩා එම ගීතයට සාධාරණයක් කළ හැකිදැයි එවිට ඔබට වැටෙහෙනු ඇත. පියදාස ගුණසේකරයන් ගීතයේ තාලයට ආචාර පෙලපාලියක පාද තබන්නාක් මෙන් ඇවිදිමින් කරනා රංඟනය අතිශයින් විශිෂ්ඨය. චමත්කාරජනකය. මෙම නළුවන් තිදෙනාම ඉතාමත් ඉහල තලයේ දක්ෂයෝය. එහෙත් මෙම ලිපියේ උක්ත පරමාර්ථය පියදාස ගුණසේකරයන් පිළිබඳව නිසා අපි එතුමන් දෙසට හැරෙමු. 


කවුද මේ පියදාස ගුණසේකර?


1915 වසරේ මරදාන මාළිගාකන්දේ උපත ලද පියදාස ගුණසේකරයන් දරුවන් සය දෙනෙකුගෙන් යුත් පවුළක සිව්වැන්නා විය. ඔහුට වැඩිමහළු සොයුරියක හා සොයුරන් දෙදෙනකු වූ අතර ඔහුට බාල සොයුරියක හා එක් සොයුරෙකු විය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ හෙතෙම පාසල් අධ්‍යාපනය නිමවා යුඳ හමුදා පොලීසියට බැදුනේය. ටික කලකදී ඉන් ඉවත් වී ට්‍රෑම්ප් රථ රියදුරකු ලෙසින් සේවය කළේය. ඉන්පසු එය රැක්යාවෙන්ද ඉවත් වී සංචාරක මඟපෙන්වන්නෙකු වශයෙන් රැකියාව කරන්නට පටන් ගත්තේය. සිනමාවට යොමුවූයේ මෙම රැකියාවේ සිටයදීය.


කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ විසූ සුමනා ගුණසේකර මෙනවිය සමඟ 1940 වසරේ දී විවාහ වූ පියදාස ගුණසේකරයන් ගැහැනු දරුවන් පස්දෙනකුගේ සහ පිරිමි දරුවන් සිව් දෙනෙකුගේ දයාබර පියෙකු වූයේය. ඔහු සිනමාවට සම්බන්ධ වන විට හතලිස් හැවිරිදි වියෙහි පසු වූ අතර ඒ 1955 වසරේදීය. 


1955 වසරේ මදුරාසියේ වාහිණී චිත්‍රාගාරයට තම පළමු සිනමාපටයට දායකවීම සඳහා එතුමා ඉන්දියාවට යන අවස්ථාවේ එතුමන්ගේ බිරිඳ තම අටවැනි දරුවා බිහිකිරීමට ආසන්නව සිටියාය. එතුමන්ගේ පළමු සිනමාපටය වූ සැඩසුළං හී රූගතකිරීම් වාහිණී චිත්‍රාගාරයේ සිදුවෙද්දී එතුමන්ගේ බිරිඳ ලංකාවේදී දියණියක ප්‍රසූත කළාය. ඒ මොහොත සිහිවීමට එතුමන් තම දියණියට දුන්නේ එම චිත්‍රාගාරයේ නම වූ ‘වාහිණී’ යන්නයි.


සැඩසුළං සිනමාපටයේ, එතුමන් නමෝවිත්තියෙන් කැමරාවක් ඉදිරියේ රඟදැක්වූයේ “ඇක්මන්”නම්වූ නාහෙට නාහනා දඩබ්බර මිනිසකුගේ චරිතය විය.එය එතරම් වෙලාවක් තිරයේ නොමැති සුළු චරිතයක් උවද එතුමන් එය රඟපෑ පරිනත සහ තාත්වික විලාශය හේතුවෙන් එවකට සිනමා විචාරයේ පතාක යෝධයකු වූ ජයවිලාල් විලේගොඩයන්ගේ නොමද ඇගැයීමට පවා පාත්‍රවීමට සමත් වූයේය. එයින් පියදාස ගුණසේකර යන නමට තව තවත් සිනමාවේ නිම්වලලු විවර වන්නට පටන් ගැනුනි.


1955 සැඩසුළං හී ඇක්මන්ගේ චරිතය නිරූපනය කරමින් ඇරඹි පියදාස ගුණසේකරයන්ගේ සිනමා චාරිකාව, වනමෝහිනී හී දමිළ පූසාරියා(1958), හඳපාන හී පොඩි රාලහාමි (1965), සාරවිට (1965), මහ රෑ හමුවූ ස්ත්‍රිය(1966), දරුදුක(1967), සැනසුම කොතනද හී ගාමිණී ෆොන්සේකාගේ ඩ්‍රයිවර්(1966),රෝමියෝ ජුලියට්(1969), බිනර මලී හී වෙඩික්කාරයා(1969), බඩුත් එක්ක හොරු(1969), පාරාවළලු(1969), මා හේනේ රීරි යකා(1971), හාරලක්සෙ  හී සෙනෙවිරත්ත(1971),වීදුරු ගෙවල්(1972), ලසඳා හී සිල්වා(1974), කල්‍යාණි ගංඟා(1974), සිහසුන(1974), නෑදෑයෝ හී එරන් හාමු(1976), සිරිපාල සහ රන්මැණිකා(1977), විශ්මය(1978), ජනක සහ මංජු(1978)හිඟන කොල්ලා(1979) සහ අජාසත්ත හී දෙව්දත්( 1980) යන සිනමාපට හරහා විහිදී ගියේ එතුමන්ව ජනප්‍රියතාවයේ ඉහළටම ඔසවා තබමිනි. මා මෙහි සදහන් කළේ අතිශය ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් සිනමාපට කිහිපයක් පමණි. මීට අමතරව තවත් සෑහෙන සිනමාපට ප්‍රමාණයකට එතුමන් තම රංගන දායකත්වය සැපැයීය.


රිදී තිරයේ දුෂ්ඨ චරිතම රඟපෑ පියදාස ගුණසේකරයන් සැබෑ දිවියේදී සිය බිරිඳට සෙනෙහෙබර සැමියකු විය. දරුවනට පෙම්බර පියකු විය. යහළුවන්ට සුන්දර යහළුවකු විය. මෙතුමන් පිළිබඳ තොරතුරු සොයා යෑමේදී මට එතුමාගේ බාලම දියණිය වූ ලංකා රාජිණී ගුණසේකර මහත්මිය සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලැබිණි. එතුමිය මට පැවසුවේ එතුමන් කිසිම විටෙක සැර පරුෂ ගති සැබෑ දිවියේදී නොපෑ බවයි. තම මව සමඟ ඉතාමත් ප්‍රීතිමත් සහ ආදර්ශමත් දිවියක් එතුමන් ගතකර තිබිණ. සිනමාවේ දී අඩි පුඩි ගසන, ස්ත්‍රීන් දූෂණය කරන මහා රළු දඩබ්බර චරිතයක් වූ හෙතෙම සැබෑ දිවියේ ආදර්ශමත් සාමකාමී සාන්තුවරයකු බඳු පුරවැසියකු විය. හීනියට අඩියක් ගසා විනෝදවීමට පුරුදු වී උන් හෙතෙම නිතරම ගොඩවූ අවන් හලක් විය.ඒ සලාකා අවන්හල(සලාකා බාර්) වූ අතර එතුමන් සමඟ එහිදී එකතු වූ මිතුරු කැළ වූයේ, සිනමා නළු ඩොමී ජයවර්ධන,සේනාධීර කුරුප්පු, ස්ටැන්ලි පෙරේරා( සබීතා පෙරේරාගේ පියා) සහ සිනමාවේදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා වැනි රසකාමීන්ය. සලාකා නිර්මාතෘ නෙත්තිකුමාර මහතාද පියදාස ගුණසේකරයන්ගේ ගජ මිතුරකු විය. 


සෑමවිටෙකම පාහේ දුෂ්ඨයාගේ චරිතයටම කොටු කිරීම නිසා එතුමන්ට ලැබුණු සම්මාන යුගලයම හොඳම සහය නලුවාට හිමි සම්මාන පමණක් විය. ඒ බිනරමලී සහ දරුදුක යන සිනමාපට වල එතුමා කළ අතිවිශ්ෂ්ඨ රංගනය වෙනුවෙනි.


මෙලෙසින් දුෂ්ඨයාගේ චරිතයටම හංවඩු ගැසුනු පියදාස ගුණසේකරයන්ට හාරලක්සෙ සිනමාපටයේ ප්‍රධාන චරිතය වූ සෙනෙවිරත්නගේ චරිතය ලැබීම එතුමන් ලද මහඟු අවස්ථාවක් විය. එහිදී මිනීමැරීම සහ මංකොල්ලකෑමට වරදකරුවන සෙනෙවිරත්නට මරණීය දණ්ඩනය හිමිවෙයි. එල්ලා මැරීමට නියමිත දිනයේ, හුස්ම සිරවනතුරු එල්ලා තැබීමට පෙර භික්ෂුන් වහන්සේනමක් විසින් පිරිත් ඔහුට දේශනාකොට ඔහුගෙන් ඉවත් වී යන මොහොතේ එතුමන්ගේ ගැඹුරු කට හඬින් කියැවෙන , “ පානාති පාතා,පානාති පාතා, පානාති පාතා” යන වදන් පෙළ අඳුරු සිනමා ශාලාව මීයකට පිම්බාක් මෙන් නිශ්ෂබ්ද කරවා ප්‍රේක්ෂකයින් වික්ෂිප්ත කිරීමට සහ භීතියට පත්කිරීමට සහ දැඩි කැළඹීමකට හසු කිරීමට සමත් විය. එය නරඹා ඇති සහෘදයින්ට මේ දැන් පවා එම හඬ ඇසෙනවාට කිසිදු සැකයක් නැත. එම ජවනිකාව මැවී පෙනෙනවාට සැක නැත.


එලෙසින්ම පියදාස ගුණසේකරයන් රඟපෑවේ අතින්, පයින්, ගමනින් බිමනින් පමණක් නොවේ. මුහුණේ ඇඳෙන හැඟීම් වලිනි. එතුමන්ගේ මුහුණේ වූ සෑම මාංශ පේෂියක්ම රඟපෑමෙහි යෙදුනායැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 


එතුමන්ගේ රඟපෑම් කොතරම් තාත්විකද සහ කොතරම් ප්‍රභලදැයි කියතොත් ප්‍රේක්ෂකයා සිනමාහලින් පිටතට ආවේ එතුමන්ට සාපකරමිනි. වැහි නැති හෙන වදීවායි ඉල්ලමිනි. ප්‍රේක්ෂකයන්ට එතරම්ම එතුමන්ව අප්‍රියවන ලෙසට රංඟ කාරියේ යෙදීම ඊට හේතුව විය. 


එහෙත් එතුමන් කෙරෙහි වූ මෙම ප්‍රේක්ෂක හැඟුමන් වෙනස්කරවන සුළු රංගනයක්ද ඉදිරිපත් කිරීමට වරක් එතුමන්ට අවස්ථාව උදා උනි. ඒ 1966 වසරේ තිරගත වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සූරීන්ගේ “ සැනසුම කොතනද” සිනමාපටයෙනි. එහි ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ රියදුරා ලෙස පියදාස ගුණසේකරයන් රඟ පෑ අතර ඇවිදීමට නොහැකි වූ ගාමිණීව රථයෙන් බස්සවා රෝද පුටුවක හිඳුවාගෙන තල්ලුකරගෙන යන ජවනිකාවක් එහි විය. ගාළු මුවදොර පිටියේ රෝද පුටුව තල්ලු කරමින් පියදාස ගුණසේකර “ අපි යමු සර්” කියනා දෙබසේ සිට මෙම සංවේදී රූපරාමු පෙළ ඇරඹින. එහිදී පසුබිමින් වාදනය වූ ධර්මසිරි ගමගේ සූරීන් ලියා, කේමදාසයන් තනු නිර්මාණය කර, මිල්ටන් පෙරේරා තම දුක්බර හඬින් ගැයූ,


 “ සත්සමුදුරකින් වටවී තිබුණත්

ක්ෂිතිජය මායා සිහින තොටුපලයි…” 


යනුවෙන් ගීතය ගැයෙද්දී මුහුදු වෙරල දිගේ රෝද පුටුව තල්ලකරගෙන යන ජවකිකාව පියදාස ගුණසේකරයන් කෙතරම් විශිෂ්ඨ අන්දමට රඟපෑවද කියතොත් සිනමා ශාලාවේ ඉකිගසා නොහැඬූ එකදු ප්‍රේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි විය. ඒ එය ඒතරමටම සංවේදී රංගනයක් වූ බැවිනි. වෙනදා හෙන වදීවා යැයි ඉල්ලමින් සිනමාශාලාවෙන් පිටවන පිරිස් එදා පියදාස ගුණසේකරයන් ගැන සිතා දුක් වූහ. කඳුළු සැලූහ.


එදා වැළිකතරේ ගෝරිං මුදලාලිගේ චරිතයෙන් එතෙක් තමන් රඟපෑ විකට චරිතවලින් මිදී මහා චරිතාංග නලුවකු වීමට ජෝ අබේවික්‍රමයන්ට මඟ පෑදුනද එදා සැනසුම කොතනද සිනමා පටයෙන් ප්‍රේක්ෂකයින් හැඬවූ පියදාස ගුණසේකරයන් මියයන තුරුම දුෂ්ඨයා චරිතයටම කොටු වූයේ කාගේ වරදින්දැයි මම නොදනිමි. කාගේ අභාග්‍ය නිසාදැයි මම නොදනිමි. එහෙත් පේක්ෂකයින්ට නම් ඉන් සිදුවූ පාඩුව සුළුපටු නොවේ. 


වයස අවුරුදු 65ක් වැනි කෙටි ජීවිත කාලයක් ගතකර 1980 වසරේ දී එතුමන් හදිසියේම මෙළොව හැරයද්දී එතුමන් අවසානයටම රඟපෑ “ අජාසත්ත” සිනමාපටය තිරගත වී නොතිබිණ. එහි දේවදත්තගේ චරිතය රඟ පෑ එතුමන් තමන් රඟ පෑ එම චරිතය රිදී තිරයෙන් නැරඹීමට ඉතාමත් ආසාවෙන් පසුවූ බව ලංකා රාජිණී මහත්මිය මා සමඟ පැවසුවාය. එහෙත් එතුමන්ට ඒ සඳහා මරුවා අවසර දී තිබුණේ නැත. 


මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් පියදාස ගුණසේකරයන්ගේ රංග ප්‍රතිභාව කෙතරම් උසස් තලයක තිබුණාදැයි ඔබට ඒත්තු ගැන්වීමට මම එක උදාහරණයක් ගෙන හැර දක්වමි. සිනමාවට වසර 25ක් පිරීම නිමිත්තෙන් විශ්ෂ්ඨතම රංඟධරයන් තිදෙනකු තෝරා ඔවුනට සම්මාණ පුද දෙනු ලැබිණි. තිදෙනාගෙන් එක් අයෙකු වූයේ ගාමිණී ෆොන්සේකාය. අනෙකා ජෝ අබේවික්‍රමයන්ය. තෙවැන්නා වූයේ වෙන කවුරුවත් නොව මගේ ලිපියේ කතානායකයා වූ පියදාස ගුණසේකරයන්ය.


එතුමන් සිනමාව වෙනුවෙන් අවංකව චේතනාවෙන් යුතුව කැප වී කටයුතු කළේය. වාමාශික දේශපාලන අදහස් දැරූ හෙතෙම සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරගැනීම පිණිස වෙහෙස මහන්සිවී ක්‍රියාකළ පුරෝගාමීන් කිහිපදෙනාගෙන් ප්‍රමුඛයෙක් වූයේ එහෙයිනි.


අන්තර්ජාතික සිනමාපට කිහිපයකටද දායක වූ පියදාස ගුණසේකරයන් ඒවායේ රඟපෑමෙන් පමණක් නොව කාර්මික ශිල්පියෙකු ලෙසද තම සේවය ලබා දුන්නේය.Star of Colombo, Purple Plane, Elephant Walk සහ Elephant boy එම සිනමාපටයි.


මුහුණේ හැම මාංශ පේෂියක්ම යොදා ගනිමින්, දෑසින්, කට හඬින් හා අභිනයෙන් තමන්ට ලැබුණු භූමිකා ජීවමාන කළ මේ මහා රංගධරයාගෙන් අපේ සිනමාකරුවන් හරිහැටි වැඩක් නොගත්තා යැයි මගේ හැඟීමයි. එතුමන්ගෙන් අපට තව තව විශිෂ්ට රංගනයන් දැකබලාගතහැකිව තිබිණ. එතුමන්ගේ අකල් වියෝව මෙයට බලපෑවාද? ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම වැනි අති විශාල රංග ප්‍රතිභාවන්හී සෙවනැල්ලෙන් පියදාස ගුණසේකරයන් වැසී ගියාද? එසේත් නැතිනම් සිනමාකරුවන්ට එතුමන්ව මඟ හැරුනාද? මෙම ප්‍රශ්ණද ඔබට ඉතිරි කරමින් සහ අද දින තම 106 වැනි ජන්ම සංවත්සරය සමරන එතුමන් නාමයට මගේ මේ සටහන පුද දෙමින් මම නවතිමි. එතුමන්ගේ නාමය යොවුන් පරපුර වෙතට ගෙනයාම සිනමාවට ලැදි කාගේත් වගකීම බව අවසාන වශයෙන් ලියා තබමි. 


මෙම සටහන සම්පාදනයකර ගැනීමේදී මා සමඟ නිහතමානීව සහ අතිශය ලෙංගතුව තම පියා පිළිබඳ තොරතුරු අවංකව ඉදිරිපත්කළ ලංකා රාජිණී ගුණසේකර මහත්මියට සහ සිනමාපට පිළිබඳ දත්ත සපයා දෙමින් සහ ඒවායේ ජවනිකා රඟපාමින්ම මට විස්තර කර දුන් මගේ හිතාදර සිනමානළු/ගායක තිලක් පුෂ්පකුමාර සහෘද හිතවතාටද මගේ කෘතඥතාවය පුද කර සිටිමි.



චන්දන ගුණසේකර

06.03.2021


Wednesday, 29 April 2020

අපෙන් සමුගත් "සරදියෙල්ගෙ පුතා"





මට හරියටම දිනය මතක නැතත්  හැත්තෑවේ දශකයේ මැඳභාගයෙ දිනෙක සැන්ඳෑයාමයවියබොහෝදුරට 1976 වසර වන්නට ඇත.එදා අපගේ ඥාති සොයුරකු වූ ' උක්කුං අයියාචිත්‍රපටයක් බලන්න යමුදැයි මගෙන් විමසුවේ මා නොසිතූ නිමේෂයකයඑකල මා වයස අවුරුදු8 පමණ කුඩා කොළු ගැටයකු වූවද චිත්‍රපට බැලීමේ පිස්සුව නම් මදි නොකියන්නට මගේඉහමොළ තුළටම කාවැදී තිබිණිඑහෙයින් යෝජනාවට එකපයින් කැමති වූ මම අම්මාටපිංසේන්ඩු වී ඇගේ කැමැත්ත ගන්නට සමත් වීමිඊළඟ ප්‍රශ්ණය වූයේ ප්‍රවේශපත්‍ර ගැනීමට මුදල්සොයා ගැනීමය.එකල රැකියාවක් නොකල උක්කුං අයියා ළඟ මුදල් තිබුණේ නැතමේ ගැනදසඅතේ කල්පනාකරමින් ලතවෙවී සිටිනාවිට මගේ වාසනාවට අපේ තාත්තා ටිකක් වේලපහින්නිවසට ගොඩ වූයේයඔහු හීනියට මධුවිතකින් සප්පායම් වී ඇති හැඩක් මට දුරටම පෙනුනිමුදල් ඉල්ලීමට මීට වඩා තවත් හොඳ අවස්ථාවක් නොමැතිබව මට සිහිවූයේ එවිටයචිත්‍රපටිනැරඹීමට කිසි විටෙක තහංචි නොදැම්ම අපේ තාත්තාගෙන් මුදළක් කොටා ගැනීම ඔහු මධුවිතටිකක් තොළගා සිටින මොහොතක තවත් පහසුබව මා අත්දැකීමෙන්ම දැන සිටීම එයට හේතුවවිය.

චිත්‍රපටය කුමක්දැයි අසා ඔහු අප දෙදෙනාට ප්‍රවේශපත්‍රවලට පමණක් නොව අයිස් චොක්‍ස්දෙකක රස බැලීමට පවා ඇතිවෙන තරමේ මුදලක් මා අත තැබුවේඉතා ලෙංගතුව මගේපිටටත් තට්ටුවක් දමමිනි

වහා ඇඳ පැළඳගත් අප දෙදෙන උක්කුං අයියාගේ බයිසිකලයෙන් අනුරාධපුරයේ නිව් විජේන්ද්‍රාශාලාව බලා ඉගිළුනෙමුඑවිට වෙලාව සවස 6 ආසන්නව තිබිණිසැදෑ අන්ධකාරය මදින්මදඅනුරාධපුර නඟරය ගිල ගනිද්දී අප පොලීසිය පසුකර පිම්මේ මාර්කට් ටවුමට බයිසිකල පැද්දෙමුපොලීසිය අවට පොල් ගස්වල අතු වැහෙන්නම පිරී උන් ගිරවුන් නැඟූ සවන් විනිවිදයන හඬ මටඇසුනේ කණ්කලු ගීතයක් මෙනි

නිව් විජේන්ද්‍රා සිනමාහලේ තිබූ දිඟු පෝලිම අපට දුරටම පෙනුනිවහා බයිසිකලය සයිකල් ගාලේනවත්වා පෝලිමට එක්වූයේ ටිකට් ඉවරවේවිදෝ යන බියෙනිඑහෙත් වාසනාව අප අත වියනොවිසිලිමත් විනාඩි කිහිපයකින් පසු අප සිටියේ සිනමා ශාලාව තුළය.

හින්දී ගීත අවසන් වී ආලෝකය නිවී ගොස් සිනමාපටය තිරයේ දිඟහැරෙන්නට වියයමෙකුඑල්ලා මරන්නට සූදානම්වන අන්දම සහ එම වරදකරුවාගේ බිරිඳ සහ කුඩා පුතණුවන්වැළපෙන අන්දම තිරයේ දිස් වුණිඉන්පසු තිරය මත පතිත වූයේ සිනමාපටයේ නමයිඑය " සරදියෙල්ගෙ පුතාවිය

මා මේ වැල්වටාරම් ලියමින් ඔබ වෙහෙසට පත්කළානම් මට සමාවෙන්නමේ සටහන ලිවීමටපාදක වූයේ අද උදෑසන මගේ ඇස ගැටුණු හද කකියවන පුවතයිඑනම් සිංහල රිදී තිරයබැබලවූ දක්ෂ සටන් නලුවකුගේ නික්මයාමයිඔහුට තිබුණේ එසේ මෙසේ නමක් නොවීයමහාඅධිරාජ්‍යයකුගේ නමකිඔහුගේ උප්පරන්නයේ තිබූ නම වූයේ ජෝෂෆ් මැනුවෙල් ඇලෙක්සැන්ඩර්ප්‍රණාන්දු යන්නයිඒත් ඔබ අපි කවුරුත් එතුමන්ම හඳුනාගෙන සිටියේ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දුනමිනිසිංහල සිනමාවේ අතිදක්ෂ සටන් නලුවකු හා දුෂ්ඨයාගේ චරිතය පණපෙවූ ඔහු සිංහලසිනමාපට 120 කට වඩා අධික සංඛාවකට තම රංඟනදායකත්ව සපයා තිබිණිඔහු රඟපෑදමිළ සිනමාපට හයක් වූ අතර එක් ඉංග්‍රීසි චිත්‍රපටයකද  රඟපෑවේය.

මා ඔහු මුළින්ම දුටුවේ එදා උක්කුං අයියා සමඟ නිව් විජේන්ද්‍රා සිනමා ශාලාවේ නැරඹූ"සරදියල්ගේ පුතාසිනමාපටයෙනිඑහි වීරයා වූ ඔහු වළක් තුළ වළහකු සමඟ සටන් කොටජයගන්නා ජවනිකාව ශාලාව දෙවනත් කරමින් කොල්ලන් ගැසූ විසිල් හඬ මධ්‍යයේ නැරඹූ අන්දමමට අද මෙන් මතකයඑහි වූ " අයියාට අපී ආදරේගීතය ළමුන් කණ්ඩායමක් ඔහු සමඟ ගයනඅන්දම මේ දැන්ද ඇසෙන්නාක් සේයඑකල නාඹර කොල්ලකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දු නම්නලුවාට මං පෙම් බඳින්නට පටන්ගත්තේ එදාය

මා එතුමන් පළමුවරට දුටුවේ එදින උවද එතුමන්ගේ සිනමා දිවිය ඇරඹී තිබුණේ 1963 වසරේදීය " වෙන ස්වර්ගයක් කුමටදසිනමාපටයේ රඟපාමිනිඉන්පසු බොහෝ චිත්‍රපටවලරඟපෑ එතුමන් සූරයන්ගෙත් සූරයාදැන් මතකදආත්ම පූජාඔහොම හොඳදහාර ලක්ෂයහතරදෙනාම සූරයෝආදරේ හිතෙනව දැක්කම,එදත් සූරයා අදත් සූරයා,සිංගපූර් චාලිමාතරආච්චිතුෂාරාහොඳම වෙලාවඅහස් ගව්වසහයට ඩැනීහිත හොඳ මිනිහෙක්,රජගෙදරපරවියෝසිකුරුලියාකවුද රජාහරිම බඩු තුනක්ශ්‍රීමධාරා,හරියනකොට ඔහොම තමයිහිතුවොත් හිතුවාමයියකඩයා,සෙලිනගෙ වලව්ව,සවුදං ජෙමාරක්තාමැණික් මාළිඟාබට්ටීචන්නයි කෙල්ලො දෙන්නයිමල්දෙණියෙ සිමියොංබදුළු කෝච්චිය ආදී ඉතාමත් ජනප්‍රිය වූසිනමාපට ඇතුළු තවත් සිනමාපට රාශියක 1963 සිට 2011 දක්වාම රඟ පෑවේය

රිදී තිරයේ පතාක යෝධයින් වූ ගාමිණී ෆොන්සේකාවිජයජෝ මහත්තයාරවීන්ද්‍රකලංසූරිය , රොබින්රෙක්ස් කොඩිප්පිලි ආදී මෙකී නොකී නලුවන් සමඟ සහ මාලනීස්වරණා ආදී සෑමනිළියකම සමඟම  මෙතුමන්ට රඟපෑමට අවස්ථාව උදා විය.

තිරයේ බොහෝවිට දුෂ්ඨයාගේ ජවනිකාව නිරූපනය කළ ඇලෙක්සැන්ඩර් ප්‍රේක්ෂකයින්අප්‍රියකරන , ඔවුන්ගේ වෛරයට බඳුන්වන චරිතයක් විය.ඔහුට බොහෝවිට සිදුවූයේ වීරයාපොරක් කොට ගුටිකා බලුවීමටයඑහෙත් ඔහු ප්‍රගුණ කර තිබූ සටන්ක්‍රම සහ ඔහුගේ හැකියාවඅණුව සිනමාපටයේ නොව සැබෑවට ගුස්තියක් ඇලුවානම් රිදී තිරයේ වීරයන්ට දුවනතුරු පහරදීමට ඔහුට අපහසුවක් නොවනු ඇතඑහෙත් අධ්‍යක්ෂකවරුන්ගේ උවමනාවට ඔහු හැමදාමගුටි කෑවේයඑහෙත්  බහුතරයක් ගුටි කෑ චරිත අතුරින් මගේ හදවතේ ලැඟුම් ගත්සරදියෙල්ගේ පුතාහී වීරයා වශයෙන් ඔහුව මම සැමදාම සිතේ තියා ගනිමි

එදා එකම චරිතයකට කොටු වී දුෂ්ඨයකුම ලෙස තම රංඟ දිවිය ගෙවූවද ඔහුගේ තිබූ අනෙක්රංඟන හැකියාවන් පිටතට ගැනීමට කවරෙකුත් උත්සහ කළේද යන්න සැක සහිතයඑමහැකියාවන් ඔහුත් සමඟම අද සැඟැවීයන්නට ඇත

අද ඔහු මෙලොව නැතඒත් එදා නිව් විජේන්ද්‍රා සිනමා හළේමකුණන් ගහන පුටුවකට බරවීඋන්ගේ කුරිරු හිංසනයෙන් බේරීමට කලිසම් කොටය ඉදිරියට අදිමින් එතුමන් වීරයෙකු ලෙසවළහා සමඟ සටන්කොට ජයගත් මොහොත නැරඹු අන්දම  මම හදවතේ අදද එලෙසින්මරඳවා ගනිමි.එදා ඇසූ " අයියාට අපී ආදරේ ගීතයදස දහස්වාරයක් හදවතින් මුමුණමින් ඔබදුෂ්ඨයකු ලෙස නොව සරදියල්ගේ පුතා නම්වු මගේ හදවතේ වීරයා ලෙසින් සිහිකොට ඔබටනික්ම යාමට සමුදෙමිනැවත දිනෙක මේ සසරේ අපි හමුවෙනතෙක් ඔබට සුබ රාත්‍රියක්!

මා සඳහන් කළ ගීතයට මෙතැනින්‍ සවන් දෙන්න. https://youtu.be/rject6C7Mxw


චන්දන ගුණසේකර

Saturday, 28 March 2020

අපට "අපේ කම" සිහිපත් කරදුන් කොරෝනා වයිරසය.....



මේ දිනවල ජාතියක්,ජම්මයක්සමේ වර්ණයක් හෝ උස් පහත් භේදයකින් තොරව සෑමමිනිසකුගේම මුවඟ රැඳී ඇති පොදු මාතෘකාව නම් කොරෝනා වයිරසයයිමේ තරමටම මුළුලෝකයම කැළඹු තවත් දෙයක් සිතා ගැනුමටවත් නොහැක පිළිබඳව කතා නොකරන්නේ සතාසිව්පාවා සහ සොබා දහම පමණිවෙනදා මෙන්ම හිරු පායා එයිමදනල හමා යයිමල් පිපෙයිකුරුලු කූජන ඇසෙයිරාත්‍රිය උදා වෙයිසඳු සහ තරු අහස වසා ගනීහුස්මක් කටක් නොගෙනහැල්මේ දිවූ මිනිසුන් සහ යාන වාහන පමණක් ඉසිඹුලමින් සිටියි

මංමාවත් මළ සොහොන් මෙන් පාළුවට ගොසිනික්‍රීඩා තරඟ නැතසංගීත සංදර්ශන නැතඅවන්හල් නැතසොබා දහම සහ සතා සිව්පාවා තඹේකට මායිම් නොකළ මිනිසුන් පමණක්මරබියේ හැකිලී සැඟවී ගොසිනි

විද්‍යාව හා තාක්ෂණයෙන් පරතෙරටම ගිය ලෝකයේ බලවත් රටවල් මේ මොහොතේ අන්තඅසරණ තත්ත්වයට පත් වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව මරු විකලෙන් දඟලන බවදිනපතා වාර්ථාවන තොරතුරු කියාපායි

එම බලවත් රටවලට කෙසේ වෙතත් මගේ මව්බිමමේ පුංචි ශ්‍රී ලංකාවට නම් මෙවැනි උවදුරුඅරුමයක් නොවේඅපි විදේශීය ආක්‍රමණ වලින් බැට කෑ ජාතියක් වීමුමැලේරියාවවසූරියමහාමාරිය හා කොලරාව වැනි වසංගත රෝගයන්ගෙන් පීඩා විඳි ජනතාවක් වීමුජාතිවාදීකෝලහළත්‍රස්තවාදී උවදුරු සහ රටේ උද්ගත වූ තරුණ නැඟිටීම් වලින් හෙම්බත් වූ පිරිසක්වීමු. 2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් අපේ කොඳු නාරටිය කඩා බිඳ දැමිනිඑපමණක්දබෝමබ බියගංවතුරනායායෑම් සහ නියඟයද අපට එරෙහි වූ තවත් සතුරන් විය

එහෙත්‍ මේ හැම උදදුරක්ම පරදා අපි ජාතියක් වශයෙන් නැඟී සිටියෙමුඅද දවසේ යොවුන් වියේපසුවන අසූව දශකයේ මැඳ භාගයේඅනූව දශකයේ හා නව සහශ්‍රකයේ උපන් බොහෝ පිරිසටඑදා අප විඳි ගැහැට පිළිබඳව එතරම්ම අවබෝධයක් නොමැතඅද ඔවුන් නිවෙස් තුළටම වීපරිස්සම් වුවහොත් මේ රෝග මාරයාගෙන් ගැලවීමේ සම්භාවිතාව ඉතා ඉහලයඑමෙන්ම අදඇති නවීන අන්තර්ජාල පහසුකම්මුහුණු පොත වැනි සමාජ ජාලා හේතුවෙන් නිවසේ සිටියදඔවුනට මුළු ලෝකය සමඟම සැනෙකින් සම්බන්ධ වීමේ හැකියාවද ඇතඑදා අප නිවෙස් වලරැඳී සිටියේ මර බියෙනිතනි තනියෙනි.අපට අන්තර්ජාල හෝ මුහුණු පොත් නොතිබිණිකොටින්ම විදුලි බලය පවා තිබුණේ නැතමරණය කොයි මොහොතේ හෝ පැමිණ අපකුදලාගෙන යාවිදෝයි නොදැනතමන්ට හැකි උපරිමයෙන් අම්මලා තම්බා දුන් යමක් ගිලදමාඅප නිවෙස් තුළ තනිවූයේ පසුදාට නැගෙන හිරු දකින්නට පවා නොලැබේදෝයි යන සැකයෙන්හැම මොහොතේම මැරී මැරී උපදිමිනිරාත්‍රියේ මැදියම ඇසෙන බල්ලකුගේ බිරීමක් හෝ සරසර හඬින් නැඟුනු ආගන්තුක අඩි ශබ්ධයක් අපේ ගත දිවූ රුධිරය සැනෙකින් ජලය බවට පත්කිරීමට සමත් වියඑහෙත් අප ජීවත් වුණෙමුඑහෙයින් මේ මොහොතේ මෙවැනි මරණ බියකින්තොරව නිවසට වී අන්තර්ජාලයෙන් ලොවම සමඟ සම්බන්ධ වෙමින් සමාජයෙන් භෞතිකවපමණක් වෙන් වී මෙලෙසින් සිටීම වෙස්වලා ගත් ආශීර්වාදයක් යැයි මට හැඟේ මෙලෙසිනි

දවසේ පැය 24 පුරාම මුදල් ඉපැයීම සඳහා හැල්මේ දිවූ අපට මේ වයිරසය හේතුවෙන් හුස්මක්කටක් ගැනීමට මඟ පෑදී ඇතනිවසේ උපන්තේකට වාඩි නොවූ මහා ධනස්කන්ධයක් වැයකොටමිළඳී ගත් සුව පහසු ආසන වල වාඩිවී රාත්‍රියේදී පමණක් යාන්තමට දුටු තම සැමියා හෝ බිරිඳසමඟ දොඩමළු වීමට අවස්ථාවක් උදා වී ඇතඉඳ හිටි දුටු දරුවන් සමඟ සතුටු සාමීචියේයෙදීමට හැකියාවක් ලැබී ඇතතම ගෙවත්තේ ඇතිමෙතුවක් කල් නොදුටු ගහ කොළ හඳුනාගැනීමටද හැකි වී ඇතඑහෙයින් මෙය නම් සුන්දර දඬුවමක් නොවේද?

එසේම කොරෝනා වයිරසය , අප දැයේ අභාවයට යමින් තිබූ සිරිත් විරිත්චාරිත්‍ර වාරිත හාහෙළ ඔසු පිළිබඳවද අපට සිහි කැඳවීමට සමත් වී ඇත්තේය

මුව පුරා ආයුබෝවන් යැයි පවසමින් දෑත් එක්කොට ආචාර කිරීමට පුරුදුව සිටි අප බටහිරටගැති වෙමින් අතට අත දී සිප වැළඳ ගැනීමට හුරු වූයේ අපේ එම පිරිසිදු හෙළ සිරිත අවඥාවටලක් කරමිනිඑලෙස ආචාර කරන්නා ගොඩේ බයියෙකු ලෙස බැහැර කරමිනිඑහෙත් අදඑංගලන්තයේ චාර්ල්ස් කුමාරයා පවා අපේ එම සිරිතට ගරු කළ බව රූපවාහිනීයේ දුටිමි.( ඔහුටකොරෝනා වැළඳීම වෙනම කතාවකි. ) 

අද මහා බරසාර ලෙසින් ඇසෙනා ' ස්වයං නීරෝධායනයයන වචනය අපේ හෙළයන් නොදැනසිටින්නට ඇතඑහෙත් අප දෙයියන්ගේ ලෙඩ යැයි හැඳින් වූසරම්ප,පැපොළ හෝ කම්මුල්ගායවැනි බෝවන රෝගයක් යම් නිවසක අයෙකුට වැළඳුනු විට එදා අපේ මව්වරුන් කළේ කුමක්දගොක් කොළ අත්තක් හෝ කොහොඹ අත්තක් කඩුල්ල ළඟින් එල්ලා මේ නිවසේ බෝවනරෝගියකු ඇති බවත් එහෙයින් පිටස්තර කිසිවෙකු ඇතුල්වීමෙන් වැලකී සිටීම යහපත් බවත් ඉතාඅහිංසක හා සුන්දර ආකාරයට සංඥාවකින් දැනුම් දීමයිඅද අපි පුන පුනා පවසන ස්වයංනීරෝධානය මෙයම නොවේද?

එදා අප විෂබීජ නැසුමට යොදාගත් කහකොහොඹ වැනි හෙළ ඔසු අද බටහිර වෛද්‍යවරුන්පවා අනුමත කරනවා නොවේදඑපමණක්ද කොත්තමල්ලී හා වෙනිවැල්ගැට වැනි හෙළ ඔසුතම්බා බීම ප්‍රතිශක්තිකරණ වැඩි කරවන දිව්‍ය ඔසු බව එදා ගම්මුන් දැන සිටියහශීතකරණවල බහා සිසිල් කොටඅද ඇඟට දමා ගන්නා විස උඟුරට සිසිලක් ගෙන දුන්නද ගතටපොවන්නේ වසයඑහෙත් එදා තම්බා බිවු පොල්පළානීරමුල්ලියරණවරා හා බෙලි මල් වැනි දෑඋණුසුමට බිවූ පසු ගත සිසිල් කරන්නට සමත් වියඅප අමතක කළ මේ හෙළ ඔසු අද කරළියටගෙනාවේ කොරෝනා වයිරසයයි

එපමණක්දසිසිල් පරිසරයක හිඳ වැඩෙන්නට ප්‍රිය මෙම වයිරසය උගුර හා නාසය අවට දිනකිහිපයක් රැඳී සිටින්නේ අප සිරුරේ එම පෙදෙස් අනෙක් ස්ථානවලට වැඩියෙන් සිසිල් නිසා බැව්විශේෂඥ වෛද්‍යවරයකු පවසනු මම අසා සිටියෙමිඑහෙයින් බටහිර රටවල මිනිසුන් හිසකෙස්වියළීමට යොදා ගන්නා යන්ත්‍ර( Hair dryers) වලින් උගුර හා නාසය ප්‍රදේශ රත් කරගන්නේලුඑදා අපේ අම්මලා දෙහි කොළ දමා අපට දුම් ඇල්ලුවේ මේ බව දැනගෙන නොවේදඅප අමතකකොට අවඥාවෙන් බැලූ දුම් ඇල්ලීම නැවත අපට සිහිපත්‍ කර දුන්නේ කොරෝනා වයිරසයයි.

එමෙන්ම අත සේදීම අපට අරුමයක් නොවේඅප හොඳ පිරිසිදු ජාතියක්‍ වීමු බටහිර මිනිසුන්මෙන් නොව කෑම හොඳින් අතින් අනා රසවත්ව භුක්ති විඳි අප කෑම කෑමට දකුණු අතත්වැසිකිළි ගොස්‍ පිරිසිදු වීමට වම් අතත් පාවිච්චි කරන්නෙමුඑහෙයින් අත සේදීම අපේ සිරිතකි. ( එංගලන්තයේ අප සමඟ ගොඩනැඟිලි ඉඳිකිරීමේ යෙදෙන බහුතරයක් අයර්ලන්ත ජාතිකයින් තමදෑත් පිරිසිදු කරගන්නා අමන ක්‍රමය මට මේ මොහොතේ සිහිවේඑය ලියද්දී පවා මට ඕක්කාරයගෙන දෙයිඔවුන් අත් පිරිසිදු කරගන්නේතුහ් තුහ් ගා තම දෑතට කෙළ ගසා අත් දෙක එකටඅතුල්ලා ගැනීමෙනිඉන්පසු යමෙකු හමු වූ විට අතට අත දෙන්නේද එම අතින්මයඅද දවසේමෙහි ඇති බැරෑරුම්කම ඔබට සිතා ගත හැක.)

ප්‍රතිශක්තිකරණය වැඩිකරන බොහෝ දෑ අපි පිසින ආහාරයේම අඩංගුයඅපේ අම්මලා ඒවායෙදුවේ මේ බැව් දැනගෙනයඑනම් ඉඟුරු , කහසුදු ලූණුරතු ලූණුදෙහි,තුණපහ සහකුළුබඩු වර්ගයසුදු ලූණු ගඳ යැයි පවසමින් නොවළඳන සුද්දන්ගේ සිරුරට මේ හෙළ ඔසුඇතුල් වන්නෙ නැතඒවා අපට ලැබුණේ 'අපේ කමිනි.'

කොරෝනා වයිරසය නිසා අපට දැන් දැන් උදාවෙමින් පවතින තවත් යහපත් ප්‍රතිලාභ කිහිපයක්සඳහන් කොට මම මෙම ලිපිය අවසන් කරමිඉන් පළමු වැන්න තම ගෙවත්තේම යම්බවභෝගයක් වවා ගැනීමේ සිරිතයිපුරාණයේ සිටම අපේ මව්වරු නිවසේ කහ පැළයක්ඉඟුරුපැළයක්මිරිස් ගහක් දෙකක්බතල වැළක්මඤ්ඤොක්කා ගස් කිහිපයක් වවා ගැනීමටපුරුදුව සිටියහගෙවත්තේ වටයක් ගිය විට කුල්ලක් පිරෙන්නට පළා කොළ කඩා ගත හැකිවියපොල් ගසින් පොල් ලැබුණු අතර කෙසෙල්,අඹපේර හා ගස්ලබු ගස්වලින් අතුරුපස සැපයිනි.අතර බිලිං හා නමිනම් ගස්ද එමෙන්ම කොස් හා දෙල් ගස්ද තිබිණි. 1977 න් පසු පැමිණි විවෘතආර්ථිකයත් සමඟ අභාවයට ගිය මෙම ගෙවතු වගාව පිළිබඳව අද මිනිසුන්ට නැවත සිහිපත් වීඇත

මෙම ව්‍යවසනය මැඩලීමේදී උවමනා අත්‍යවශ්‍යම වෛද්‍ය ආම්පන්නයක් වන සංවාතකයන්( Ventilators) පිටරටින් ගෙන්වීම මෙතවක් කල් පැවති ක්‍රමයයි.එම එක යන්ත්‍රයක් සඳහා රුපියල්ලක්ෂ හතළිහක් පමණ වැයවන බව සහ ඒවා අප රටේම සාදා ගතහොත් එය ලක්ෂ 4 කින්පමණ නිමකරගත හැකිවන බව විශේෂඥ වෛද්‍යවරයකු පවසනු මම අසා සිටියෙමිඅප අදඒවා නිෂ්පාදනය කිරීම අරඹා ඇති බව දැන ගතිමි.මෙතරම් කලක් අප කළේ කුමක්දඑමෙන්මඉංදියාවෙන් මෙතරම් කලක් විශාල මුදල් කන්දරාවක් නාස්ති කොට ගෙන්වූ බෙහෙත් අද අපමනිෂ්පාදන කිරීම අරඹා ඇතඅප  ගැන නොසිතුවේ කුමන බලවේගයක් නිසාදමේවා අපගෙන්උදුරා ගත්තේ මේ මජර දේශපාලන ක්‍රමය නොවේදතමන්ගේ පොකට්ටුවට වැටෙනා කොමිස්මුඳළට අපේ රට නොරටට උගස් නොතිබුවා නම්අද අප මේ වයිරසය හේතුවෙන් ඇරඹි නවනිෂ්පාදන අරඹන්නේ මීට බොහෝ කලකට පෙරය. 1977 දී අප පයින් ගැසුවේ මෙවැනික්‍රමවේදයකටයඅද අපි එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටිමු

අපි මහා දාගැබ් , විසල් බුද්ධ ප්‍රතිමා හා මහා වැව් නිමවූ උදාර ජාතියකිඑදා සුද්දන් අපේ අභීත හෙළ උරුව ඉතා වංචනික ලෙස මොට කළහඅපේ බත් හා බවභෝග වෙනුවට පාං සහපරිප්පු අපට හුරු කළහමත්පැන් මිනිසුන්ට පොවා ඉහ මොළ කා දැමූහඅපේ නිෂ්පාදනහැකියාව,නිර්මාණ හැකියාව මොට කොට වහල්නිහීන ජාතියක් බවට පෙරලූහසුද්දන් ගිය පසුබලයට පැමිණි ඔවුනට ගැති කළු සුද්දන් කළේද එයමය

දැන් අපි ජාතියක් වශයෙන් මහා විශාල සංධිස්ථානයකට එමෙන්ම හැරවුම් ලක්ෂයකට පැමිණසිටිමුඅප මීට පෙර පැමිණි විදේශ ආක්‍රමණ පරදා හිස එසෙව්වෙමුත්‍රස්තවාදය පරාජයකළෙමුස්වාභාවික විපත් හා ලෙඩ රෝග හමුවේ එකා මෙන් එකමුතුව අභීතව නැඟී සිටියෙමුඑදා අපට  විපත් පැමිණෙද්දී අප සිටියේ තනිවමය.ලෝකයෙන් කොන්‍වීය එහෙත් අපි ඉන්ගොඩ ආවෙමුඅද මේ ව්‍යවසනය අපට පමණක් නොව මුළු ලොවටමය.ලෝකය හා සැසැඳීමේදීඅපේ පුංචි ලංකාව මෙයට එරෙහිව ගෙන යන සංග්‍රාමයේ ගව් ගණනක් ඉදිරියෙනිඅපි නැවතත්'අපිවී සිටිමුඅමතක වී තිබූ හෙළ සිරිතට විරිතටහෙළ උරුවට හුස්ම පිඹිමින් සිටිමුඅපි උතුම්බුද්ධ වචනය පිළිපදිනඅන් ආගම් හා ජාතීන්ට ගරුකරන , අනෙකාගේ දුකට පිහිටවන උදාරජාතියක් බව දැන් දැන් සැමටම සිහිවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන්නේ එහෙයිනිඅපිඑකට එක් වී මේ උවදුර පරාජය කරමුහෙළ සිරිත් විරිත් නඟා සිටවමුඑකමුතු වෙමුමේවයිරසය අපට ගෙනා වෙස්වලාගත් ආශීර්වාදය නම් එයයි

ඔබ සැමටම තෙරුවන් සරණයිදෙවි පිහිටයි.

චන්දන ගුණසේකර( 28/03/2020 ලංඩනයේ සිට)