| ගිරා රෑණ වැඩ අරඹන | හෝරාවේ |
| ගමේ සිටින කුකුළන් හඬළන | රාවේ |
| ඇසෙන්නටත් පළමුව අවදිව | ආවේ |
| දුක මිස සතුට කොයින්ද මේ | රස්සාවේ |
| පැඳුරටත් හොරෙන් නිවසින් පිට | වෙනවා |
| ගොනුන් ගෙජ්ජි නාදෙන් ගම නැල | වෙනවා |
| රෝද දෙකේ චිරි බිරි හඬ වැඩි | වෙනවා |
| පොල් අතු වල බරින් ගොනු කුර මොට | වෙනවා |
| තාර පරේ ගැල හෙමිහිට | දක්කනවා |
| බෝන් ලීය උඩ හොඳ කල ගත | වෙනවා |
| ගොනුන් හති වැටෙන තුරු හැල්මේ | යනවා |
| ඊළඟ නැවතුමේ නැවතී හති | ලනවා |
| මගෙ කරත්තෙ වේඟය ගොනුනගේ | සවියයි |
| ලොරි හා ට්රැක්ටරත් මා පසු කර | ඉඟිලෙයි |
| යන්නට කලින් උන්ගේ අතු හැම | විකුණයි |
| හැම විට වෙන්නේ මගෙ අතු ලාබෙට | දෙන්නයි |
| හැමගේ දියුණුවෙන් අසරණ උනේ | මමයි |
| පොල් අතු විකුණලා ජීවත් වී | ඉවරයි |
| වෙන මොනවා කරන්නද මෙය මට පුරුදු | දෙයයි |
| මම හිස් අතින් ගම එමි වෙන අත | නොපෙනෙයි |
| ගොනුන් සමඟ මා අද වයසට | යනවා |
| ගැලේ ආයුෂත් ටික ටික කෙටි | වෙනවා |
| මගෙ දරු පවුල හාමතයෙන් | මිරිකෙනවා |
| හැමටම මගේ සේවය අමතක | වෙනවා |
Sunday, 29 September 2013
ගැල් කරුගේ ඉරනම........
Friday, 27 September 2013
කැළෑ මල්.........
සේයා රුව මා හිත මිත්ර සිවානන්දන් ඉලන්දීරන් ගෙනි.......
| එකම ඉරක උණුසුම | විඳිමින්නේ |
| හැමටම පොඳු සඳෙන් සිසිල | ගන්නේ |
| අන් හැම මෙන් පොලොවෙනි මතු | වන්නේ |
| එහෙත් කිමද වෙනසක් | පවතින්නේ |
| සුවඳෙහි කිසිම අඩුවක් හෙම | දැනුණාද |
| පැහැයෙහි වෙනස්කම් වත් ඇස | ගැටුණාද |
| පෙති ටික සිනිඳු නැති බව වත් | හැඟුණාද |
| ඉපැඳුණු දේසේ නුඟුණක් වත් | ඇසුණාද |
| සිදාධියේ මල් ගැන මැත | දොඩවන්නා |
| මහා ඉහලින් නැති ගුණ කඳ | වපුරන්නා |
| ගම්මානය වල පල්ලට | දක්කන්නා |
| කැළෑ මලව උපන් ගෙයිම | වනසන්නා |
| කැළෑ මල් සුවඳ විඳිණට කෙනෙකු | නැත |
| පෙති වල පැහැය දැක්මට කවුරුවත් | නැත |
| සිනිඳු සුමුඳු බව කවුරුත් වින්ඳෙ | නැත |
| කාටත් හොරෙන් කැළයෙම පරවෙලා | යත |
| රට කරවන මහතුනි මෙය දැන | ගන්න |
| හැකිකම් සඟව මිලිණට ඉඩ | නොතබන්න |
| කැළයේ මල් සොයා වන්නිය වෙත | එන්න |
| නිසි තැන ලබාදී ඒ මල් රැක | ගන්න |
Wednesday, 25 September 2013
බුදුන් දුටිමි........
සිහින් සුලඟින් බෝධියේ පත් තාලයට සෙලවේ
දසත පැතිරෙණ සියුම් සිලි සිලි නද සවන් නැලැවේ
දෙනෙත පියැවී රසය විඳිනට මුළු ගතම හැඩවේ
සුමුදු වැල්ලේ බවුන් වැඬුමට මගේ සිත නතුවේ
ගාථා නාදය මිහිරි ගීයක් විලස පැතිරී යයි
සුවඳ දුම් හා පිඳු මල් වල සුවඳ ලැම පුරවයි
සිහින් ඝන්ඨා හඬක් ඈතින් ලඹ සවන් සනසයි
මගේ ගත සිත සමඟ යාවී කොහේදෝ පියඹයි
දෙනෙත පිසඳා හැර බැලූයෙමි ඒ ඔබේ රැවමයි
කුළුණු ගුණයෙන් පිරැණු නෙතු යුඟ මා දෙසට යොමුවෙයි
සිනා බර ඔබ වත කමල දුටු හදේ ගිනි නිමවෙයි
සියළු දුක් මිඳ නිවන් යන්නට ඔබ සරණ පමණයි
විඳින සැප හා දුකද හැමවිට තාවකාලික වේ
සියළු බන්දන හා බැඳුණ හැම දමා යායුතු වේ
ලොවෙහි සිඳුවන එකම නියතය අපේ මරණය වේ
සියළු අකුසල් ඉවත ලා වහා සත්ය සොය යුතු වේ
Tuesday, 24 September 2013
මකුළුවා........
උදෑසන මීඳුමෙන්
මකුළුවනි, උඹේ දැල
මුතු ඇල්ලුවා මෙන්
දිස්නෙ දෙනවා පෙනේ
තවත් සුළු මොහොතකින්
දැඩි හිරැගෙ කිරණයෙන්
මුතු පලස වේලිලා
සඳහටම සමු දේවි
ඒත් මකුළුවාණනි,
මේ කිසිම දෙයක් ගැන
උඹට වගකුඳු නැතී
කොනෙක උඹෙ රජ දහනේ
සැඟවිලා ඉන්න උඹ
ගොඳුරක්ම ලැබෙන තුරැ
දෑස් දල්වනු ඇතී
ගෙඳුරක් ලැබේ නම්
මුතු පලස් කුමකටද
උදෑසන මීඳුමෙන්
තාවකාලිකව ලද.........
ජීවිතයට පාඩමක්.........
වෙළ ළඟ දෙණිය පාමුල ඇති මඩ වඟුර
මහා වැසි වැටුන විට දිස් වෙයි සේ සයුර
එහි රැස් කකා දඟලන තඩි ගෙඹි අහුර
නංවන ශබ්ද පූජාවේ රස මධුර
එක ගෙම්ඹෙකු ගසයි හරි තාලෙට බෙරය
අනෙකා වයයි වීනාවෙන් එම ස්වරය
ගායක කැලද වාදනයෙන් ලැබ දිරිය
මියුරැ ගී ගයති යොදමින් හැම විරිය
වැසි දින රාත්රිය උන්ගේ ජය මඟුලයි
ගීත ගයා ප්රීතිය ඉහලින් සමරයි
මැදියම් රැයේ උන්ගේ රමණය අරඹයි
පසු දින උදේ හා හූවක් නැති තරමයි
මේ අයුරින් ජීවිත ගෙන යන මිනිසුන්
පඩි පත ලැබුණු දින ගෙඹි රැල සේ සතුටින්
ගයමින් නටති අහවර කර හැම සතයන්
ඉන් පසු වසති වැසි නැතිදා සේ ගෙඹියන්
කඬුපුල් මලේ වත.....
සේයාරැව: මා හිතාදර සරත් වීරසේකරයන්ගෙනි.........
කඬුපුල් මලේ මහ රෑ මැදියම පිපෙන
සුවද විහිදමින් සුළු මොහොතක් රැදෙන
අරැණළු නැගෙන්නට පෙර මැලවී වැටෙන
හිරැ හා හිනැහෙන්න කරගෙන නැතිද පින......
Monday, 23 September 2013
මඳකට සිතන්න.........
මණරම් සිනිඳු තටු ඇති සමනල දසුන
නෙත සිත සනසවයි කාගෙත් ලොව වසන
එනමුඳු සමනලා මෙම තත්වෙට මවන
පිළිකුල් දළඹුවකු බැව් සිහියට ගන්න
ගෑවුනොතින් පලු ලන දළඹුවො රෑන
ඉන්නා අහලකින් වත් පිය මැන යන්න
අකමැති අයම මල් ගොමුවේ සැරි සරන
සමනළුන්ට ළොල් මන්දැයි පවසන්න
පියකරැ නෙලුම් මල් ගෙන යති මුණිඳු පුදන්න
බඹරැන් කර කැවෙයි එ'මලින් රොන් අරගන්න
මලෙහි උපත සිදුවූයේ කොහිද සිතන්න
විල පතුලේ මඩෙන්ම බව සිහියට ගන්න
සමනලාගේ ජන්ම අවධි නොසොයන ජනයා
නෙලුම් මලේ උපත කොහිද නොසිතා සිටියා
එහෙත් අනේ තම සඟයගෙ ජන්මයම සොයා
ඇයිද මෙලෙස වෙහෙසෙන්නේ මිනිස් වර්ගයා
බමුණකු වන්නේ නැත කිසිවකු උපතින්ම
එලෙසින් උපන් ගෙයි ඇතිවෙද වසලකම
ජීවත් වන'යුරින් පෙනෙනවා මේ දෙකම
අප බුදු රජුන් වදාලෙ ධර්මය එහෙම........
Subscribe to:
Posts (Atom)



