Photo credit: aminddivided.com
ගස් කොළන් ඵල බරින්
පිරී ගිය වසන්තය...
සුවඳ දෙන නෙක මලින්
වැසී ගිය උයන් පෙත...
බිඟු නදින් මත් වෙලා
ගී ගැයූ සැදෑ යම...
හිරැ රැසින් පන පෙවී
දිස්නේ දුන් සයුරැ තෙර...
ඇයිද අද ගොළු වෙලා
වෙන වෙනම ලෝක වල.....
අඳුර ඇත දැඩිවෙලා
සියළු එලි සැගැවිලා...
කාටනම් කියැනෙමුද?
තනි වෙලා අප සැවොම...
ඒත් මා ලබැඳියේ
එකක් නම් පැහැදිළිය...
ශීත කළ එලැඹිලා...
ශීත කළ එලැඹිලා........
සුන්දර කවියක්. චිත්ත රුප මැවෙනවා
ReplyDeleteඋබට ස්තූතියි තිලකේ!!!
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteමේ පැත්තේ ආවට ස්තූතියි. නැවත එන්න ආරාධනා.
Delete