Pages

Thursday 3 October 2013

වීදියේ මල් වෙළෙන්දිය........


වාහන පෙරහැරේ එනවානංගියේ
නවතන හැඩක් නොපෙනේ මේ වංගියේ
මල් ටික විකුණුමට නොමදී හංදියේ
රතු එළියේ ඇයි නුඹ විගැහින් ගියේ
   
රතු පැහැ නිවී කොළ එළියක් මතුවෙනවා
නිමි රතු එළිය නුඹෙ මුහුණට රිංගනවා
දුහුවිලි වැදිවතේ ගෝමර ඇති වෙනවා
කළු දුම් වලාවෙන් හිසකේ රැලි වෙනවා
   
දවසම හිටන් සිට පා යුඟරිදෙනවද
දුහුවිලි වැදී නෙතු යුඟ කිතිකැවෙනවද
දුම් රොටු පිරී හුස්මත් හිරකරනවද
මලටත් කලින් නුඹ පරවී වැටෙනවද
   
යුඟලය පාවහන් හොඳටම ඉරී ගිය
මතු කරවයි රතු පැහැගත් සිහින් පය
වැරහැලි ඇඳුම් දුහුවිල්ලෙන් වැසී ගිය
පෙන්වා දෙවයි නුඹෙ අසරණ ජීවිතය
   
මල් වල නැවුම් බව රැකුමට පැන් ඉසිමින්
දුහුවිලි වදින්නට නොමදී රැක ගනිමින්
වාහනයක් නවතන තුරුඉවැසිල්ලෙන්
නුඹ ගෙන යන යුද්ධයෙ කෙලවරක් කොයින්
   
වෙළදම් උනත් නොවුනත් යලි හෙට එනවා
ඇවිදින් පුරුදු චරියාවෙම නියැලෙනවා
කොළ එළි දකින විට ඇස් දෙක රතු වෙනවා
මහ මඟ හංදියේ නුඹෙ හොඳ කල යනවා

No comments:

Post a Comment