Pages

Tuesday 1 October 2013

තිසා වැව් කොමළිය..........


Photo credit to srilankatoppicks.blogspot.com
තිසා වැව් තලය පිස එන මඳ පවන
ගත සිත පුබුදුවයි සිහි කරමින් නිවන
හිරු රැස් වැටී දිලිසෙන ජල කඳ රඟන
රැඟුමන් දෙවෙනි නැත මහා සයුරේ මැවෙන
   
දුටුවිට ඉපිද මිය යන ජල තරංග
සිහිකරනවා සිතුවම් මහා අනර්ඝ
සතුටින් ඉපිල දඟලන මාළුන් සමඟ
පිහිනා යන්න සිතෙනවා කරමින් තරඟ
   
විලියෙන් බරිත ළඳකගේ මුහුණේ පැහැය
වැටිලා රතුයි රඟදෙන මුළු ජල තලය
වැව් තාවුල උඩින් හිරු බසිනාවිඳිය
මන බඳිනා සිත්තමකට නම් හොඳය
   
දාගැබ් පෙළ පෙනේ මහා ජය ටැඹක් ලෙස
මාර ගස්ද ඇත රණ සෙබළුන්විලස
ඕළු නෙළුම් මල් ඇතිරුවා සේ පලස
සුලඟේ නටයි වැඩි කරමින් බිඟු පවස
   
පොරණේ රජවරුන් දිය කෙළියෙහි යෙඳුන
දහසක් ගොවි රජුන්ගේ කෙත් අස් වැදුන
ඉසුරැමුණිය අසබඩ රන් දිය පිරුන
තිසා වැව් කොමළි මුළු දැයටම අගන
   
රන් මසු උයණ දිස්වේ වැව පාමුළම
ඉසුරුමුණියේ පෙම් යුවලත් ඇත ළඟම
මහා පවුරක් සේ දිස්වන වැව් බැම්ම
දැක්මට යන්න හිතෙනවා මට මේ දැම්ම

No comments:

Post a Comment