Pages

Tuesday 31 December 2013

සුභ නව වසරක් වේවා!!!

මගේ සියළුම මිතුරැ මිතුරියන් හා ලෝ වාසී සැමට සුභම සුභ නව වසරක් වේවා!!! 

Happy 2014 to all of you!!!!

Tuesday 24 December 2013

නත්තල් අසිරිය......


මම දන්නවා අපේ ලංකාවේ බොහෝම ස්රද්ධාවත් කිතුනු බැතිමතුන් ඉන්නවා. ලෝකයෙත් සිටිනවා. මේ ඔවුන් ගැන නොව මට එංගලන්තයේදී නත්තල පිළිබඳ දැණුන අදහසක් පමණයි. 

ඔබ සැමට සුභ නත්තලක් වේවා! ලොවෙහි සාමය රජ වේවා!!!


ගස් වල කොළ හැලී අතු පමණක්රැඳුනා
ඒ මත හිම ඇලී සුදු පැහැයෙන්දිලුනා
සීතල පවන් වැල් සවනඟ කිතිකැවුනා
නත්තල් අසිරියෙන් සැම හද ඔපවැටුනා
   
උත්සව සමය වෙනුවෙන් පාසල්වැසුනා
තෑගි බෝග ගන්නට මිනිසුන්පිරුනා
නත්තල් ගස් වලට කප්පාදුවලැබුනා
අසරණ කළුකුමා මස් වී ගෙටඇඳුනා
   
නත්තල් සීයා හැම නිවසෙම දිස්වූවා
නත්තල් ගසින් සාලය හැඩ වැඩවූවා
පිනි මුව පැටව් රංචුව සබයටආවා
මුළු පරිසරය නෙක පැහැයෙන් ඔපවූවා
   
පල්ලිය දිහාවට කවුරුත් නොමඇඳුනා
එහි ඇති කුරුසයේ දුහුවිලි මලබැඳුනා
සාමයේ කුමරු ඇති බවවත් නොමහැඟුනා
එතුමාටත් හොරෙන් සුභ නත්තලගෙවුනා
   

Monday 23 December 2013

පනං අටා..........



කුඩා අවධියේ මගේ ළපටි සිත තුල ලැඟුම් ගත් චරිත අතර විශේෂ ස්ථානයක් මා මේ කියන්නට යන කථාවේ කථා නායක මහළු දර පලන්නාට හිමිවීම වැලැක් විය නොහැකි කරුණකි. 

ඔහුටද සන්තකටම තිබු එකම ඇඳුම වුයේ කාකි කබායකි. මෙම කබායෙන් හා හම්පඩ ගැසුණු සරං කොටයකින් සැරසී පොරෝ කෙටියකින් සන්නද්ධ වන ඔහු උදෑසනම පාරක් පාරක් ගානේ දර පලන රැකියාව සොයා මෙහෙයුම ඇරඹුවේය. දර පලා ලැබෙන මුදලකින් දිවි ගැට ගසා ගත් ඔහුට හරියට ඉන්න හිටින්න තැනක් හෝ නෑයෙක් මල්ලෙකු සිටින වගක් කවුරුන් හෝ දැන සිටියේ නැත.

ඒ කාලයේ ගොන්නු දෙන්නා බැඳි දර කරත්ත ඉතා ඈත පිටිසර ගම්මාන වල සිට සිදාධියට වෙළදාම සඳහා ඒම ඉතාම සුලභ දර්ශනයක් විය. අපේ නිවස ඉදිරි පිට බොරළු පාරේද උදෑසන කාලයේ කරත්ත කීපයක්ම කිරි කිරි හඬ නගමින් ගාටනු අපට හොඳින් හුරු පුරුදු දසුණකි.

අපට දර අවශ්ය වූ විට උදෑසනම තාත්තා දර කරත්තයක් අප නිවස පිටුපස මිඳුල් කෑල්ලට බා ගනු ලැබුවේය. බොහෝ විට මෙම දර ගොඩ පලා ගැනීමේ කාරිය අප පැවරුවේ මා මේ කියන දර පලන්නාටය.

ඔහුගේ නමක් හෝ ගමක් අප කිසිවකු දැන සිටියේ නැත. එහෙත් එක් දෙයක් නම් මුළු නගරයේම වැසියෝ දැන සිටයෝය. එය නම් "පනම් අටා" නම් වූ ඔහුගේ අනවර්ත නාමයයි. 
 
එහෙත් එම නමින් හැඳින්වීම ඔහු කෙතරම් පිළිකුල් කලාද යත් එම නම ඇසුණ විගස ඕනෑම කෙනෙකුට අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වැදීමට ඔහු කිසි විටෙකවත් පසුබට නොවූයේය. සෑම දිනෙකම පාහේ නොසන්ඩාල කොල්ලෙකු ඔහුට "පනම් අටා" යැයි කියා කෑ ගැසූ විට අම්මා මුත්තා මතක් කර බැණ වැදීමට ඔහු පෙලැබුනේය.මෙයින් තුටුවූ කොල්ලන් දිගින් දිගටම ඒ නම කියා කෑ ගැසීමට පුරුදුව සිටියෝය. 

ඔහුට "පනම් අටා" කියූවේ මන්ද හා එයට ඔහු කිපුනේ මන්ද යන වග අප කිසිවෙකුත් දැන සිටියේ නැත.

දර ගොඩ පැලීම බාර ගත් පසු කාකි කබාය ගලවා අසල ගසක එල්ලන ඔහු සරමද කැහැපොට ගසා ගෙන දර පැලීම පටන් ගන්නේ ඇඟිලි තුඩින් පොරවේ මුවහත පිරිස්සා බැලීමෙන් අනතුරුවය. ගසන හැම පොරෝ පහරකටම පසුව "හහ්"යැයි හඩක් නිකුත් කිරීම ඔහුටම ආවේනික වූ අන්යයතාවයක් විය. 

ඔහුගේ වැහැරී,හෙම්බත් වූ කැහැටු කකුල් දර ගොඩෙහිම වූ දර ඉපල් සේ දිස් විනි. පයින්ම ගාටා පාදයටම ඇලී ගිය අංඩදැමූ පාවහන් යුවලය සෑම විටකම ඔහුගේ දෙපා වල විය.

මද වේලාවක් දර කොටයක් සමඟ ඔට්ටුවන ඔහු මදකට විඩා නිවා ගැනුමට ඇනබා ගත් කල කහට කෝප්පයකින් සංග්රහ කිරීමට අපේ අම්මා වග බලා ගත්තාය. කහට කෝප්පයෙන් සප්පායන් වන ඔහු කණේ ගසා ගෙන ආ බීඩියක්ද දල්වා ගෙන නැවත වැඩ ඇරඹුවේ මුළදීට වඩා බොහෝම හිමිනි.

හිරු මුදුන් වී මද්දහන උදාවන තුරු දර පලන ඔහු දහවල් බත සඳහා වැඩ නතර කොට අපේ වත්ත පහල ළිඳෙන් මුණ කට සෝදා ගෙන දනට වඩින හිමි නමක් සේ අපේ කුස්සියට සේන්දු වී ඇනබා ගන්නේය. ඉන් පසු අම්මා බෙදා දෙන බත් පත දෑතින්ම පිළිගෙන හිරවී හිරවී කෑමට පටන් ගන්නා ඔහු හිමිහිට බත අහවර කලේ මහත් භක්තියකිනි. 

ඔහු කෑම බුදින ආකාරයේද අපූරු සුන්දරත්වයක් විනි.  අතින්  බත් පිඟානේ පැත්තෙන් පැත්තට තල්ලු කරමින් කෑම කනු මා දැක තිබුනේ ඔහුගෙන්ම පමණි.

අම්මා දෙන වතුර වීදුරුවද උඟුරට දෙකට අහවර කොට කරාමයෙන් අත කට සෝදා ගෙන පිඟානද හෝදා කුස්සියෙන් තබන ඔහු බුලත් විටකයකින්ද සප්පායන් වීමට අමතක නොකලේය.

මින් පසු හිරු අවරට යන තෙක්ම දර පලා වෙනම ගොඩකට ගසන ඔහු දවසේ වැඩ නිම කොට පහල ලිදෙන් දිය නා නැවත පුරුදු සරමට හා කාකි කබායට බසින්නේ දවසේ ගතමනාව ලැබෙන තුරුය.

පැලූ දර ගොඩ විශාල කර පෙන්වීමට  ඔහු අනුගමනය කරන උපක්රමයක් පසුව අපගේ අතටම හසු විය.ඒනම් පැලීමට දුෂ්කර කොට කැබලි පැලූ දර යටින් ඔබා ගොඩ වැඩි කර පෙන්නීමයි.

ඒ කෙසේ වෙතත් අම්මා හෝ තාත්තා ඔහුට කිසිත් නොකීවෝය. දවසේ ගතමනාව අම්මාගෙන් ලබාගත් ඔහු කොහේ හෝ රාත්රිය ගත කරන ස්ථානය බලා පිටව ගියේය.

මේ ආකාරයෙන් කාලය ගත වු අතර මගේ උසස් අධ්යාපනය සඳහා ගමින් පිටව වාසය කිරීමට මට සිදුවිය. මේ කාලයේ ඉගැනුම සඳහාම මාගේ අවධානය යොමු වු අතර දර පලන්නා පිළිබද මතකය මුළුමණින්ම පාහේ මසිතින් බැහැර විය.

අවුරුදු කීපයකට පසු ගම ආ මට හදිසියේම මෙන් අප දර පලන්නාව සිහි විය. අම්මාගෙන් ඔහු ගැන විමසූ මට සතුටුදායක ආරංචියක් නොලැබුනි. ඇගේ පිලිතුර වුයේ මාස කීපයකින් ඔහුව නොදුටූ බවයි. 

කුතුහලය නිසාම මා නගරයේ දන්නා හදුනන කිහිප දෙනෙකු ගෙන්ද ඔහු ගැන විමසීමි. දින කීපයකට පසුව නගර සභාවේ සේවය කල මගේ මිතුරෙකුගෙන් ඒ දුක්බර පුවත මා හට දැන ගන්නට ලැබුනි.

එය නම් දින කීපයකට ඉහත දී ඔහුගේ දේහය පාළු ගොඩ නැගිල්ලක තිබී හමු වූ බවත් නගර සභාවේ වියදමින් එය මිහිදන් කල බවත්ය. ඔහුගේ මිනිය බාර ගැනීමට කිසිවකු නොසිටියත් ඔහුගේ පොරව ඒ වන විටත් අතුරුදහන්ව තිබු බව මගේ මිතුරා පැවසුවේ මුළු සමජය ගැනම කල කිරීමෙන් යුක්තවය. 


අවසාන මොහොතේ හෝ ඔහුට කිසියම් උදව්වක් කල නොහැකි වීම ගැන මට මා ගැනම කලකිරීමක් ඇතිවිය. 

ඔහුත් මාත් අතර කිසිම සම්බන්ධයක් නොතිබුනත් කාලයක් තිස්සේ ඔහු කල කී දෑ සහ කැහැටු වී ගිය ඔහුගේ මුහුණ සිහි වීමෙන් මාගේ දෑස් තෙත් වන බවක් මට හැඟුණි. 

සමාජයට බරක් වී සැමටම කරදරයක් වන මිනිසුන් බහුල සමාජයක කාහටවත් වදයක් නොවී අවිහංසකව ජීවත් වූ ඔහු වන් මිනිසුන් නිතර දකින්නට නොමැති බව මට සිහි විනි.

ඔහුට මිනිසුන් "පනම් අටා" කියූවේ සහ එයින් ඔහු අධික ලෙස කෝප වී බැන අඬගැහුවේ ඇයිද යන්න අදටත් මට ගැටළුවකි.....

Thursday 19 December 2013

අකලට මිලින කල මල් කැකුළියගෙන්.......


බ්රිගේඩියර් වරයාගේ රිය බිළිගත් සිසුවිය ගයනී මොළය මියගොස් තිබියදී පස් දෙනෙකුට අවයව දන් දෙයි- සත්ය සිදුවීමක්.
( කවියේ අවයව දන්දුන් ආකාරය මනඃකල්පිත බැව් සලකන්න.)

ආදරණීය අම්මා හා තාත්තාට,

ආදරණීය අම්මේ මටනොබනින්න
පෙම්බර පියාණනි සැර වැරනොකරන්න
පංතිය ඇරී නිවසට මාපියමැන්න
හේතුව ඔයාලට පහසුවසලසන්න
   
පාරේ දකුණතින් මම ඇවිදංආවා
කහ ඉර මතින් යන්නට පාඑසැවූවා
එතනින් පසුව මුළු ලොව අඳුරින්නහවා
මගෙ සියොළඟම සැහැල්ලු වීපියඹෑවා
   
අම්මේ දන්නවද සීයා හමුවූවා
ගඟේ ගිලුණු මල්ලිත් සිටිනවාදුටුවා
තව සැර මාමෙකුත් ඉඳහිට මටරැව්වා
මා යට කරන් ගිය මාමගෙ හැඩමැව්වා
   
තාත්තේ මෙතැන තියෙනවා නම්ලැයිස්තුවක්
තිබුනා එතන අයියා කෙනෙකුගෙත්නමක්
අද බලද්දි ඒ නම නෑ තිබුනේඉරක්
ඔහු තුල තිබෙනවා මා දුන්වකුගඩුවක්
   
මාමා කෙනෙකු සිටියා මෙහෙ එන්නකියා
හොඳටම බීලා අක්මාවත් දියැවීගියා
ඔන්න අද උදේ කියනවා නොඑයිකියා
මගේ අක්මාව ගෙන මාමා ගෙදරගියා
   
නංගී කෙනෙකු සිටියා ලොව පෙනෙන්නැතී
මගේ ඇස් දෙකින් ඇය දැන් ලෝකයදකිතී
දුක් නොවන්න මා ඔබෙ ලොව නම්නොමැතී
ඒත් පස් දෙනකු මා වෙනුවටහිඳිතී
   

Monday 16 December 2013

සපත්තු මහන්නා........



Photo Credit: flicker.com

මගේ මතකය නිවැරදිනම් මා මේ කියන්නට සැරසෙන කථාව සිදුවූයේ 70 දශකයේ අඟ භාගයේදී පමනය. එකල අප කෙලිදොලින් කල් ගෙවූ කුඩා දරුවන් වීමු.

මේ කාලයේ මගේ සිත ගත් එකිනෙකට හාත්පසින් වෙනස්වූ චරිත කිහිපයක් විය. ඔව්හූ මහා විශාල දේශය පාලනය කලවුන්වත් රිදී තිරයේ ජනප්රිය නළු නිළියෝවත් නොවූහ. සමාජයේ අපත් සමඟම විසූ ඔව්හූ අන්ත අසරණ එහෙත් අනුනට කරදරයක් නොවී තම හැකි පමණින් කීයක් හෝ උපයාගෙන එදා වේල ගැට ගසා ගත් අහිංසක මිනිසුන් කිහිප දෙනෙකි.
ඉන් මාගේ ප්රියතම චරිතය වූයේ ගෙයින් ගෙට පයින්ම ඇවිද යමින් කැඩුණු කුඩ හා සපත්තු අඵත්වැඩියා කොට එදා වේල උපයා ගත් දමිල සපත්තු මහන්නාය.

බුලත් කහටින් දුර්වර්නවු දත් දෙපෙල විරිත්තා පෑ ඔහුගේ සිනහව කෙතරම් අවිහින්සකද? ඒ අවංක සිනහාව පුරාම කෘතවේදී බව හා ලෙන්ගතු කම ගැබ්වී තිබුනි.

දූවිල්ලේ හා ගිනි කාශ්ඨකයේ පයින්ම ගාටා හෙම්බත් වූ, දින කීපයකින් රැවුල නොබෑ ඔහුගේ මුහුණ මට කියා පෑවේ ජීවත් වීමට ඔහු කරන අරගලයේ සාක්ෂිය.

දහඩියෙන් නැහැවී පෙගී තිබුණු කාකි පැහැති අත් කොට කමිසය හා කොට කලිසම ඇඟටම ඇලී තිබුනි.

දහස් ගනනකගේ කුඩ සෑදූ ඔහුට අව්වෙන් හෝ වැස්සෙන් ආරක්ෂා වීමට කුඩයක් නොතිබුනි.
සැමගේ සපත්තු සෙරෙප්පු සෑදු ඔහුට තිබුනේ අණ්ඩ දැමූ වර්ග දෙකක පාවහන් යුගලකි.
එයද පාදයටම ඇලී කඵ පැහැ ගැසී තිබුණි.
වැඩක් තිබුනත් නැතත් ඔහුට කෑමට හා බීමට යමක් දී අතේ කීයක් හෝ මිට මෙලවීමට එකල අපේ අම්මා පුරුදුව සිටියාය.

වැඩක් නිමකල පසු ඔහු කිසිවිටෙක ගානක් කියූවේ නැත. "කැමති ගානක් දෙන්න මාතියා" යැයි කියා කැඩුණු සිංහලෙන් පැවසූයේ ඒ සුපුරුදු අව්යාජ සිනහාවෙන්ම මුව සරසාගෙනය.
අපගේ ඇරයුම ඇත හෝ නැතා කඩුල්ලෙන් ඇතුලුවන ඔහු හිමින් සීරුවේ නිවසේ ඉදිරි පසට ගාටයි. ඉන් පසු නිවසේ ඉස්තෝප්පුවේ ඇනබා ගන්නා ඔහු කරන කියන හැම ක්රියාවක්ම නැරබීම එකල මාගේ ප්රියතම විනෝදාංශය වලින් එකක් විය. අනෙකුත් විනෝදාංශ වූයේ චිත්ර කථා හා පත පොත කියැවීමත්, චිත්ර පට බැලීමත්ය. ඒ පිළිබඳ තොරතුරු ඉදිරි කථාවකදී ඔබට හෙළිකරන්නම්.

ඉතිං ඔහුගේ ක්රියාවන් අතුරින් මා නැරබීමට ප්රියම කලේ වැඩක් අවසන් කල පසු ඔහු බුලත් විට කෑමට සැරසුනු  ආකාරයයි.

හරිබැරි ගැසී ඉදගන්නා ඔහු බඩතුරේ ගසා ඇති කුඩා මඩිස්සලය එලියට ගන්නේ මහා අනර්ඝ මැනික් පසුම්බියක ගන්නා ආකාරයෙනි.
එය හෙමින් ලිහන ඔහු අතපත ගා පුවක් කැබැල්ලක් ගෙන මුව රුවා ගනී. ඉනිකබිතිව බුලත් කොලයක් ගෙන හොදින් පිරිමැද නැට්ට හා අග කඩා මුවට ගෙන පරිස්සමින් හපන්නට පටන් ගන්නේ බොහොම වැදගත් අයුරිනි.
ඇඟිලි දෙක මුවට තබා සිහින් කෙළ පහරක් ගසන ඔහු බොහොම ප්රවේශමට දුම්කොළ කැබැල්ලක් හා හුනු ස්වල්පයක්ද හපයට එක්කරයි.

ඉතිරි හුනු වැකුනු ඇඟිලි කලිසම් කොටේ උලා ගන්නා ඔහු මෙවලම් පෙට්ටිය හිස මතට ගෙන නිමක් නොමැති දිවි ගමන අරබන්නේ හිස නමා අපෙන් සමුගනිමිනි.

මේ ආකාරයට අවුරුදු ගනනාවක් ගතවු අතර 1983 වසරේ ඇසළ පෝය ගෙවීයාමටත් මත්තෙන් ඒ ඊනියා දමිළ සිංහල කෝලාහළ ඇතිවිය. කොළඹින් ආරම්භ වූ කළබැගෑනිය මුළු රටම දවා අළුකර දැමූයේ කලකණ්ණි ලැව් ගින්නක් පරිද්දෙනි. නිවාස,කඩ හා සිනමා හල් ගිනිබත් විය. බොහෝ අහිංසක හා සිංහල ජන කොටස් හා මනාව බද්ධව ඔවුනොවුන් අතර සහජීවනයෙන් ජීවත් වූ දමිළ ජනයාට ජීවිතයෙන් පවා වන්දි ගෙවුමට සිදුවිය. බොහෝ සිංහලයන් තම ජීවිත පවා නොතකා තම මිත්ර දමිළ පවුල් තම නිවෙස් තුල සඟවාගෙන ජීවිත රැකුමට උත්සහා කලෝය. මහා අනර්ඝ සිනමා කෘති ශබ්දාගාරත් සමඟම පොළොවට පස් විය. ඉතා දක්ෂ දමිළ දොස්තරවරු, ගුරුවරු හා කළා කරුවන් ජාතියට අහිමි විය. ලංකාවේ ශ්රී නාමයට ලෝකය හමුවේ විශාල කළු පැල්ලමක් පමණක් ඉතිරි විය.

දින කීපයක් ඇදිරි නීතිය පනවා තිබුනි. සතියකට පමන පසුව විනාශ කල සුන්බුන් අතරින් පරිසරය සන්සුන් විය. 

එහෙත් එදායින් පසුව මට කිසිම දිනෙක ඔහු හමුවුයේ නැත. ඔහු ජීවත්වූ ස්ථානයක් වත් කිසිවකු දැන නොසිටියහ.

මේ ඊනියා ජාති ආලයෙන්, අවලං දේශපාලනයෙන් හා කුරිරු ත්රස්තවාදයෙන් මෙවන් අහිංසකයන් (දමිළ හෝ සිංහල වේවා ) දස දහසකගේ ජීවිත හා දේපල නැතිවුනිද? මෙය එක් කථාවක් පමණකි.

ඔහුගේ බුලතින් රතු වූ ඝන තොල් අතරවූ කහ පැහැති දත් විලිස්සා පෑ ඒ අව්යයාජ සිනහාව පමනක් කදුළු පිරි දෙනෙත් තුලින් තවමත් මට බොදවී පෙනෙයි. 

එම සිනහාව අප සමාජයේ නිරුවත දැක ඔහුගේ මුහුනෙහි ඇඳුණු සංකේතාත්මක සමච්චලයක්දෝ කියාත් දැන් නම් මට සිතෙයි.

ළබන සතියේ මා සිත් ගත් තවත් චරිතයක් වූ "පනං අටා"ගේ අන්දරයෙන් හමු වෙමු.

ඔබට හිතෙන ගුණ හෝ අගුණ මෙහි කොටා දමන මෙන් ඉතාමත් සෙනෙහසින් ඉල්ලමි. ඔබගේ එක වඳනක් නිර්මාණ කරුවකුගේ ඉදිරි ගමනට කෙතරම් වැඳගත්ද යන වග නිර්මාණ කාර්යයේ නියැලෙන ඔබ සැමට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවන බවද මම දනිමි........

Wednesday 11 December 2013

පරපෝෂිතභාවය........


උදා ළා හිරු කිරණ
තැවරිලා තණ මත......
දිඳුළුවයි පිනි බිංදු
කුඩා මිණි කැට විලස.....
ඔප දමා තැනිතලාවම
එයින් නගිනා රශ්මියෙන්.....

තවත් සුළු මොහොතකින් 
චන්ඩවන ඒ හිරුගේ කිරණම.....
තණ පතේ රැඳි මැණික් කැඳළිති
මුසු කර හරියි වා තලයට.....

වළාකුළු පොලොවෙන් සොරාගත්
දිය කඳන් සැඟැවූ නිසා.....
උඩඟු වූ රුඳුරු හිරු 
අළු කර දැමුවා අහිංසක තණ පත්ද....

සිදුවෙන මේ අවනඬුව දුටු
නුබ ගැඹේ හද පළුදු වී.....
ගැලුවා කඳුළු ගංඟා
පරයවා හිරුගේ කදම්භය.....

පිපාසය සංසිඳුන තණ පත්
ඉපිළිලා හරිත පැහැයෙන්......
දවාලූ ඒ හිරුම හෙට දින
වඩින තුරු ඇත මඟ බලා ගෙන......

Sunday 8 December 2013

සැබෑ මිනිසකුගේ නික්ම යෑම......


ලොවෙන් සදහටම සමුගත් නෙල්සන් මැන්ඩෙලා  නම් සැබෑ මිනිසාට උපහාර පිණිස......

 
Photo Credit: consortiumnews.com

වර්ණ භේද වාදය නම්අසූචියේ
දුඟඳ නසන් පිපි කුසුමකි පිනටදැයේ
සුදු කළු වෙනස මකනට ඔබ කරන්ගියේ
නිදහස් සටන අප කාගෙත් මතකෙතියේ
   
අවුරුදු විසි හතක් ඔබ හිරබත්කෑවා
දිවියේ යොවුන් කල අඳුරෙහි තනිවූවා
ඔබේ දිවි පසෙක ලා සටනට පනපෙව්වා
ජාතියේ නාමයෙන් හැම දුකඉවසූවා
   
දඟ ගෙදරින් විත් නිදහස දිනූදැයේ
කළු ජනපති විය හැත්තෑ සවෙනිවියේ
සදහට නික්ම යන ඔබ මේ පාළුරැයේ
එක්වී සිහිකරයි සුදු කළු වෙනසනොයේ
   

Thursday 5 December 2013

සොඳුරු ගාන්ධර්වයාණෙනි........

 
Photo Credit: selfdignity.blogspot.com

අද උපන්දිනය සමරණ අප සදාදරණීය අමරදේවයනට උපහාරයක් පිණිස.....

සංගීත අම්බරේ පෑ සුපුන් සඳය ඔබ
ලඹ සවන් පිනා ලූ අමා ගී දහරඔබ
ගතින් මහළුව ගියද සිතින් තිරිහංය ඔබ
හැමදාම දිලෙනු මැන අපේ ආයුෂත්ලැබ
   
කොළොම් තොට මහළු නැත අවන්හලඑලෙසමයි
හන්තානේ කඳු මතින් හැමු පවන් සිසිලසයි
අඩවන්වු දෙනෙතකින් ගැලු කාන්තිය සුවයි
අපට ඇති සරණ නම් ගී පොතයි මී විතයි
   
දශක අටකටත් වැඩි ඔබෙ සොඳුරු දිවි පෙවෙත
මියුරු කට හඬින් ඔබ සුවකලා බිඳුනු සිත
හොඳින් අස්වැද්දුවා සත් සරින් පුරන් කෙත
සඳා වාසනා ඔබ සනසන්න සියළු සත


Photo Credit: ravayanews.wordpress.com

සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!
  

Thursday 28 November 2013

ගතින් දුබලමුත් හිත හයියයි අම්මේ.....

   ස්වාධීන රූපවාහිණියේ වෙනස වැඩ සටහනෙහි පසුගියදා විකාශණය කෙරුණු හද කම්පා කරවන අම්මා කෙනෙකුගේ කථාවක් දැකීමෙන් මෙම කවිය නිර්මාණය කිරීමට මට සිත් විය. ඔබට හැකිනම් එම වැඩ සටහන සොයා ගෙන නරඹන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. 
කථාව සැකෙවින් මෙසේයි. 
මෙම මෑණියෝ දරුවන් එකොලොස් දෙනෙකුගේ මවකි. දෛවයේ සරදමකින් ඉන් සත් දෙනෙකු මන්ද මානසික හා ඉතා දරුණු අන්දමින් ශාරීරක දෝෂ වලින්ද පෙලී ඇති අතර දරුවන් පස් දෙනෙකුම අඩු වයස්වලදීම ජීවිත වලින් සමු ගෙන ඇත. ඉන් පසුව නීරෝගිව සිටි දරුවන් සතර දෙනා දෙමව්පියන් අතහැර ගොස් ඇති අතර පියාද ජීවිතයෙන් සමු ගෙන ඇත. 
දැන් මේ මව අවුරුදු 31 ක්වු මන්ද මානසික දියණිය හා අවුරුදු 28 ක්වූ මගේ කවියේ කථා නායක ශාරීරික ආබාදැති පුත්රයා සමඟ දිවියට උර දෙයි. ඔවුනට ඉන්න හිටින්නට ගෙයක් දොරක් නැත. ඇයට ඇගේ නෑදැයින් මෙම දරු දෙදෙනා මඩමකට බාරදී ඔවුන් ළඟට එන ලෙස ඇරයුම් කලත් මේ ආදරණීය අම්මා ඔවුන් දෙදෙනාත් සමඟ විසුමට තීරනය කොට ඇත. ඉතිං මේ පුතා තම අම්මා හා අක්කාට විසුමට නිවසක් තනා දීම සඳහා රෝද පුටුවේ සිටම ගෙන යන අරගලය දෑසට කඳුළක් නොගෙනාවොත් ඔබ මනුස්සයෙකු දැයි මට සැකයක් උපදී. ඔහු දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. එයනම් අම්මාට කළින් තමන් මිය යන ලෙසයි. නමුත් ඊට පෙර ඔහුගේ සිහිනය අම්මාට ගෙයක් සාදා දීමයි. අඩි එකහාමාරක්වත් උස නැති මෙම තරුණයාගේ  කකුල් දෙකක් ඇත්තේම නැත. මුළු වැඩසටහන පුරාවටම එම ප්රදේශය සරමින් ආවරනය කර ගෙන සිටි ඔහු කිසි විටෙක කඳුළු සැලුවේත් උදව්වක් ඉල්ලුවේත් නැත. අම්මා ඔහුව ඇයගේ පියා යනුවෙන් හඳුන්වද්දී එතරම් වේලාවක් මා ඇස්වල තදකරන් සිටි කඳුළක් එලියට පැනීම මට කෙලෙසකවත් නතර කර ගැනීමට නොහැකි විය.
එතරම් ආබාධ ඇතිවත් ඔහු හඳුන් කූරු වෙළදාමේ හා ඩ්රම්ස් වාදනයේ යෙදෙමින් මුදල් සෙවීමට ගන්නා වෙහෙස හොඳින් අත පය ඇති කාහටත් මහඟු ආදර්ශයකි.
මෙය කියවා බලා ඔවුනට අපගේ යම්කිසි උදව්වක් කල හැකි වුවොත් මගේ උත්සහය සාර්ථක විනි යැයි සිතා මට ආඩම්බර විය හැක. ස්වාධීන රූපවාහිණියෙන් ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරක් ලබා ගතහොත් අප සැමගේ දැනගැනීම පිණිස පළකරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අපට තනිවම ලොකු උදව්වක් කලනොහැකි නමුත් අප සැවොම පොඩි උදව් සමඟින් එකතුවූ කළ ලොකු උදව්වක් කලහැකි බව ඔබට මතක් කරමින් අදට නවතින්නම්...

පහත ලින්කයෙන් එම වෙනස වැඩ සටහන ඔබට නැරඹිය හැකිය..




දෙපයට පොලොවේ පහසක් කිසිදා දැණිලා
නැත බුදු අම්මේ මම නෑ ඒ ගැන සිතලා
රෝද පුටුවේ මා ඉපැඳුණ දා ඉඳලා
විඳිනා දුකට නැත මා කඳුළැලි සලලා
   
අයියලා පස් දෙනෙකු මියැදුණි බාලවියේ
ඇති හැකි සොයුරු සිව් දෙන අප අතැරගියේ
දුක උහුලනු බැරි තැන අප්පච්චිලයේ
අප තනිකර දෙව් ලෝකෙට ඉඟිලගියේ
   
මඳ බුද්ධියෙන් යුතු සොයුරිය හාමවට
විසුමට හිසට සෙවනක් ඉඳිකරදෙන්ට
හඳුන් කූරු විකුණා එනසොච්චමට
කොයි කල්පයක් ගතවෙද නොදැනේසිතට
   
කඩේ ඉදිරි පිට ගිනි අව්වේ තැපලා
හඳුන් කූරු විකුණමි පුටුවේ ඉඳලා
රාත්රියට සංදර්ශන වල නැඟලා
බෙර පද මෙහෙයවමි යයි අතැඟිළිපැළිලා
   
මට ලොකු පැතුම් නැත දෙවියන්ගෙන්ගන්න
ඇති එක සිහිනේ නම් අම්මටසලකන්න
ගෙයකුත් තනා දුන් පසු ඔවුනටඉන්න
අප්පච්චී හමුවට මාඇරලන්න

Image: livingfithealthyandhappy.com
  

ප්‍රේමයේ වියෝගය........


Photo credit: thefourhourworkday.com
දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් කැළුම්
මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් බැළුම්
තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ රැඟුම්
කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය තරම්
   
එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර ඔයා
හිරුත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර පියා
මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර දයා
එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා තියා
   
ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් එලෙසමයි
දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් සුමිහිරියි
පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි දඟයි
එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති කමයි
   
ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට නඟේ
ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට නඟේ
ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි අගේ
හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි නඟේ
   
ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි වෙලා
වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත සලා
හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා
 

Photo credit: overdepressionwordpress.com
  

යථාර්තය........


පුහු ආටෝපයෙන් වැසුණු
නුබේ ඔය වත කමල
බහුරූ කෝළමක දුටු
කවටයෙකු සිහි කරයි.....

ඇහි දෙබැම රැහැ දමා
ඉරි දෙකක් ගසා ඇත.....
වතේ සම නොපෙනෙන්න
පුයර තලි උලා ඇත....

ඇහි පියළි කඩෙන් ගත්
ලාබ බෝනික්කි මෙනි.....
තොල් සඟල ඔප දැමූ
අකීකරු සිත්තමකි......

කොට කෙරූ වරලසද
සුනඛ නැට්ටක වැනිය.....
ඇගෙහි ලූ වස්ත්රයෙද
කිසිදු හැඩ තල නැතිය.....

කැඩපතක් ළඟට ගොස් 
බලනු මැන හිතවතිය.....
බලා පවසනු මැනව
ඉන්නේ ඔබමද කියා???



Sunday 24 November 2013

සිර කරුවාගේ විලාපය........


ළන්දේ වණ පෙතේ දුව පැන නැටු කාළේ
ගම් මැද එළියමේ චක්ගුඩු ගැහු තාලේ
කොල්ලන් එක්ක තරඟෙට කවි කියු ලීලේ
පෙර භවයෙදී කල දේ මෙන් දැන් සිහිවේ
  
කුරුලන් මියුරු ලෙස කව් ගී කියපු හැටි
මහා කඳු මුඳුන් තලයෙන් හිරු බැහැපු හැටි
මලින් මලට සමනල් කැල පියැබු හැටි
පෙණ පිඩු බබලමින් ගඟ දිය ගලපු හැටි
  
බලමින් සිටියා මතකයි ගම ගොඩදි මම
පුරවා සැණසුනා නිදහස් සුලඟ ලැම
පැසසුම් කලා හැමවිට ගුරු දෙගුරු සැම
ඒ මටදැයි දැන්නම් සිතනුවේ කොහොම
  
නිදහස කියන වචනයේ වටිනා අගය
මේ කඳවුරේ කොතැනත් දක්නට නැතිය
පාළු කුටිය තුල මතුවන සීතලය
මකලා දමන්නට හිරු දහසක් මදිය
  
මේ සිර මැදිරියේ සීතල පිරි පොලොව
බොහොම රළුයි සිරුරම මොර දෙයි බැරුව
අම්මේ නුබේ උණුහුම පිරි හද මළුව
සිහිනෙන් විඳින්නට එමි මා හැම වරුව
  
කුඩා කවුළුවෙන් සඳ කැන් ගලපු වම
පසලොස්වක අහස මනසින් මවමි මම
මල්වල සුවඳ'විත් මැදිරියේ පිරුන හම
පෙති වල මෙලෙක සිහිනෙන් අත්විඳිමි මම
  
මා වරදක් නොකෙරුව බව නම් අම්මේ
ඔබ හැර කවුරුවත් සිතනුවේ නෑ අම්මේ
මා ඒ පුතුම බැව් ඔබ දන්නවා අම්මේ
දැන්නම් දුක් නොවෙමි මං මෙය පුරුවේ කරුමේ
  
මා හදවතින් මියගොස් දැන් අවසන්ය
වරඳට නියම වූ දින ඒ මළගමය
මගේ දිවි ගමනේ කෙළවර දැන් අතළඟය
පෝරකයට යමි හෙට මා නිවැරදිය
  
මළ බැව් අසා අම්මේ ඔබ නොහඬන්න
ආයුෂ මෙපමණයි එය සිහියට ගන්න
ඔබ පෙව් කිරි වලට කළ ගුණ සලකන්න
මතු භවයෙවත් එමි අම්මේ මා ඔන්න


Tuesday 19 November 2013

අභිසරුළියණි........



මේ පාළු වීදියේ
මූසල වූ ඇඳිරියේ
දැකගතිමි නුබේ රුව
අහම්බෙන් යුවතියේ......

සැඳෑ අහසේ අඳුර
දුටිමි නුබෙ නෙත් තුලින්.......
සුළං රොදෙ ඉකිබිඳුම
ඇසිනි නුබෙ සුසුමකින්.......

හද නඟන අඳෝනා
පෙනුනි නුබෙ වත මලින්......
කෙසේ මම් සැනසෙම්ද
දැවෙන මේ සිරුරකින්......

ඔබෙ නග්න සිරුර මට
කිසිඳු හැඟුමක් නොදෙයි......
මොහොතකට පෙර ඇසුණු
නුබෙ වදන් හද පෙළයි.......

නුබේ කය උරා බිව්
කිසිවෙකුට නුබේ හඬ.....
මට ඇසුණ අයුරින්ම
ඇසුණෙදැයි නොම දනිම්.......

එහෙත් මා සබැඳියේ
මේ මුදල අත තබමි.....
එය රැගෙන නුබෙ පැතුම්
වෙත හනික දිව යන්න.....

එයට පෙරලා නුබේ
කයේ සුව නොම පතමි......
රාග සිතිවිලි වලා
පෙමින් පලවා හරිමි.....

Sunday 17 November 2013

අම්මා.......

අද උපන් දිනය සමරණ මගේ ආදරණී අම්මාට ඉතාමත් ආදරයෙන් හා කෘතගුණ පූර්වකව පිළිගන්වමි. මේ කවි ටිකින් සාගරයක් බඳු වූ ඔබ ගුණ කඳත් අහස් තලය සේ අනේක දුක් උසුළමින් අප හදා වඩා මේ තත්වයට අප පත්කළ ආකාරයත් එළිදැක්වීම කිසිසේත් ප්රායෝගික කටයුක්තක් නොවන බව මම දනිමි. එහෙත් එයින් අල්ප මාත්රයක් හෝ පිළිඹිබු වේනම් මාගේ උත්සහය යම්තරමකට සාර්ථකවී යැයි මා විශ්වාස කරමි.
ඔබ අපෙත් ආයුෂ ලැබ යහතින් හා සංතෝෂයෙන් ජීවත්ව සසර කෙළවර
මෛත්රී බුදුන් දැක නිවන් දකිත්වායි මා එක සිතින් ප්රාර්ථනා කරමි!!!

අම්මා......

සඳ එළිය සමඟ ඔබෙ සිසිල මටදැනෙනවා
හමන මඳ පවනේ ඔබෙ හඬ නිතරඇහෙනවා
මල් සුවඳ පරයමින් ඔබෙ සුවඳහමනවා
යොඳුන් දහසක් දුරින් ඔබේ ගුණවැයෙනවා
   
මරු කතරෙ පිපාසෙට අමා දිය දහරඔබ
ඉඩෝරය නිමකරන් වැටුණු මල් වැස්සඔබ
ගිලන් වූ දිවි මඟට සදාතන ඔසුවඔබ
මම කියා කෙනෙකු අද ඉන්නේ සිටි නිසයිඔබ
   
දස මසක් කුස හොවා මා හැදූඅම්මේ
ඇඟේ ලේ කිරි පොවා මා වැඩූඅම්මේ
ඔබ නොකා මගේ කුස පිරෙව්වාඅම්මේ
ඔබේ ගුණ ගයන්නට වචන මදිඅම්මේ
   
ඔබ මට පෙන්වා දුන් පාරේඅම්මේ
පිය මැන ගියා අදටත් යනවාඅම්මේ
ඔබෙන් උගත දේ දරුවන්ටත්අම්මේ
කියලා දෙනවා හැම පින ඔබටයි අම්මේ
   
ඔබේ හිස සුදු වෙලා ගතේ සම රැලිවෙලා
කුළුණු බර දෙනෙත් ඔබෙ කාලයෙන්මැලවිලා
ගතින් මහළුව ගියත් සිතින් තිරිහංවෙලා
සොම්නසින් හිඳිනු මැන දරු පැටව් සිහිවෙලා
   
හැම දේ අනියතයි බියකරු ලෝතලයේ
ඔබගේ සෙනෙහේ පමණයි නොවෙනස්වූයේ
කරුණා ගුණ කඳත් එක්වූ විටආයේ
මහා ගුණ සයුරකිය දරුවන් වෙතපෑයේ
   
අම්මේ අද දිනේ ඔබගේ ජන්මදිනයි
ඔබ පෙව් කිරි සුවඳ මටනම් තවමදැනෙයි
නිදුක් නිරෝගිව ඔබෙ දිවි ගතවෙන්නයි
පැතුමන් පතමි අම්මේ ඉටුවනු නියතයි
   

Sunday 10 November 2013

බලාපොරොත්තුව..........



Art by A. Lloyd

වැහි බරින් ගැබිනි වූ
ආකහේ ඉරාගෙන
චන්ඩ හිරු කිරණයක්
පොලෝ තල සිඹිනවා.........

කොහේදෝ සැඟව සිටි
මඳ පවන් වැල් පොදක්
අතු පතර පිසැලමින්
මියුරු තනු මවනවා...........

කුඩා වැහි බිංදුවක්
හිරු කිරණ හා වෙලී
ආකහේ පළාතක්
වර්ණවත් කරනවා..........

ඉඩෝරෙන් ඉරි තැලී
නග්න වූ මිහි තලය
වැහි බිඳක් උරලන්න
පෙර බලන් හිඳිනවා........

Monday 4 November 2013

මිනී මරුවාගේ විඳිල්ල......


Photo: freegeorge.us

මකා දැමූයෙමි
නුබේ සිනා රැලි...
උදුරා ගත්තෙමි
සුසුම් පවන් වැල්....
වැනසූයෙමි මා
සුපිපුණ කුසුමන්
නැවතුම තැබුවෙමි
නුබේ ජීවිතයට........

අන්ධකාරයේ
දෑස වැසූ සද
නුබේ කඳුළු පිරි
දෑස දකින්නෙමි..
ජීවය ඉල්ලා
හඬා වැටුන හඬ
දෙසවන පුපුරා
ශ්රවණය කරනෙමි...

පාළු මැදිරියේ
නුබ දිවි සොරකම
හැමදා විඳිමින්
මා වැනසෙන්නෙමි......
සැම දිනයෙම මා
අවමන් ලබමින්
ඉපැදී මැරෙමින්
වන්දි ගෙවන්නෙමි.......

Thursday 31 October 2013

හේනේ පැලේ තනි වී.......



Photo credit: agridept.gov.lk

 Photo credit: ironkettlefarm.com



පසලොස්වක ගෙවී දෙදොහයි ගත වූයේ
කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ ආයේ
එනමුත් මගේ හද තුල ඇති සිත් යායේ
අමාවකයි නිතරම හොල්මන්පෑයේ
   
කුරහං පීදිලා සුලඟේ ළෙලදෙනවා
වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩිඑනවා
වැටකොළු පතෝලත් මැහි වල වැජඹෙනවා
මෙදා කන්නේ මගෙ අටු කොටුඉතිරෙනවා
   
දහවල භෝග පක්ෂින්ගෙන් රැකගන්න
රෑ තුන් යමේ වණ සතුනවපන්නන්න
සීතල හිමේ මගේ මේ දුක දුරුවෙන්න
මේ තනි හිතට කවි සිතිවිලි පූදින්න
   
ඔබ කැන්දන් ඇවිදිල්ලාසුන්දරියේ
මේ පෝයට එක සතියයි ගතවුයේ
ගෙදර ඇඳේ ඉන්නා විට ඔබතනියේ
හේනේ පැලේ කෙලෙසක සැනසෙම්දරැයේ
   
කිසි දින නොදැණුනා මෙතරම්සීතලයක්
ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ අඩුවක්
ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නටපිරියක්
ඇතිවී හිත හඬයි වෙන මා කරනු කුමක්
   
හේනට නොආවොත් අටු කොටු හිස් වෙනවා
ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි වෙනවා
ආදර සිනා වා තලයට මුහුවෙනවා
රැවුලයි කැඳයි රැකුමට පැල වෙතඑනවා
   
කුරහං කපන තුරු මැණිකේඉවසන්න
එලවළු ටිකත් ළඟදිම හැක ගෙට ගන්න
ඒ හැම විකුණලා මසුරංඋපයන්න
වණ සතුරනේ මෙහාට නෑවිත් ඉන්න
   
ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුනවිටදී
ඔබ මුව කමල සිහිනෙන් හද තුල උපදී
දෙණියේ ලිඳෙන් නා ගෙන හෙටදහවලදී
මා එමි පතිනියේ ඉනු හොඳැහින්කන්දී
   
   
Photo credit: flixya.com

Wednesday 30 October 2013

ශීත කළ එලැඹිලා....


Photo credit: aminddivided.com


ගස් කොළන් ඵල බරින්

පිරී ගිය වසන්තය...

සුවඳ දෙන නෙක මලින්

වැසී ගිය උයන් පෙත...

බිඟු නදින් මත් වෙලා

ගී  ගැයූ සැදෑ යම...

හිරැ රැසින් පන පෙවී

දිස්නේ දුන් සයුරැ තෙර...

ඇයිද අද ගොළු වෙලා

වෙන වෙනම ලෝක වල.....

අඳුර ඇත දැඩිවෙලා

සියළු එලි සැගැවිලා...

කාටනම් කියැනෙමුද?

තනි වෙලා අප සැවොම...

ඒත් මා ලබැඳියේ

එකක් නම් පැහැදිළිය...

ශීත කළ එලැඹිලා...

ශීත කළ එලැඹිලා........


හෙට......


සේයාරැව දෙව්නි ඒකනායකගෙනි.


බලා පොරොත්තුව දෑස පුරෝගෙන
හෙට දෙස බලනා පුතණුවනේ
ඔබේ දෙනෙත් තුල ප්රාර්ථනා මල් දස දහසින් පීදිලා තියේ
හැඟුමට නතුනොව බුද්ධිය ගුරැ කොට කටයුතු කෙරැවොත් අනාගතේ
ඔබත් දියුණු වී දැයට වැඩක් කොට බැබලිය හැක ඔය දෙනෙත් වගේ....

කවදද හිරු අපේ ලොවට වඩින්නේ....


සේයා රුව මුහුණු පොතෙන් උපුටා ගැනුනි.

මහ මඟ කවුරුවත් ළඟ නැහැපෙනෙන්නේ
වෙළදම් උනොත් පමණයි කුසපිරෙන්නේ
අඳුරට කළිනි පොත් පාඩම්කරන්නේ
කවදද හිරු අපේ ලොවටවඩින්නේ

මවකගේ පැතුම....


සේයාරැව මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.


නුඹේ නිවහන මෙය තමයි දුව

එපා ඒ ගැන නුඹ සිතන්නට

ගවුමේ රැලි ටික හොඳින් නැතුවට

පහළ ගඟුලින් සේදුවෙමි එය...

යන්න දියණිය අකුරැ කෙරැමට

පමා නොම වී තක්සලාවට

හෙට දිනේදී නුඹට හැකිවෙයි

මේ වලෙන් ගොඩවී දිලෙන්නට.....

Sunday 20 October 2013

කඳුළු...........






Photo credit: rapgenius.com

ඉපැඳුණ දා පටන් හැම හෙලනා කඳුළු
හද පිරි සෝ සුසුම් ලෝකෙට දෙන කඳුළු
කරුන කිම උවත් සංවේදියිකඳුළු
සමහරු බොරුවටත් වඟුරනවා කඳුළු
   
බිළිඳා කඳුළු වඟුරයි කුස ගිනි විටදී
මවගේ තුටු කඳුළු ඔහු කුස පිරි විටදී
දරුවකු හෙලන කඳුළැල් කොයිමොහොතකදී
උවඳ දෙමව්පියෝ වෙනවා සංවේදී
   
පියාගේ කඳුළු මවගේ මෙන් පෙනුනේනැත
හදවත හඬයි එකසේ පිට පනින් නැත
මව්පිය කඳුළේ අවංක කම පිරී ඇත
කඳුළු වලින් බැඳීම් තර වෙලා යත
   
සතුන්ගේ කඳුළු නොපෙනේ හැමටම එකසේ
හැගීම් බරිත ඔවුනුත් දුක් වෙයි සැමසේ
වාසිය පතා මිනිසුන් වඟුරන රහසේ
කඳුළු අඟය නැත පෙන්වූවත් දුකසේ
   
ළූණු කපන විට වුව ඇස් තෙත්වෙනවා
දූලි වැටුනමත් කඳුළැලිබේරෙනවා
වෙනකකු කඳුළු දුටුවත් නෙතු රතු වෙනවා
නමුත් සැබෑ කඳුළු හදින් නික් මෙනවා
   
ජීවත්වන විටදි පැත්තක් නොබැලුඅය
මිය ගිය දිනේ වඟුරති පියැවුමට ණය
ලෝකයාට පෙන්වන්නට කරනමෙය
විඟඩමක්ම පමනකි හැම දනිති එය
   
කඳුළු එක වගේ පෙනුනත් හැම විටම
පරිස්සමින් හැඳිනිය යුතු වෙයිඅපම
කඳුළෙහි අඟය නැතිවෙන්නට නොම හැරම
වැඟිරිය යුතුයි මොලයට තැන දී සැවොම

Friday 18 October 2013

දියණියනි මගේ..........


Photo credit: /weheartit.com

සුදු දියණියනි නුබ අප දිවියට ලැබිලා
පහලොස් වසක් ගොස් ඇත නොදැනිම ගෙවිලා
නුබ ලද දිනේ මගෙ හදවත තුල පිරිලා
ඉතිරුන පිය සෙනේ හැමවිට යයි වැඩිලා
   
නුබ කල දෑ සිහිවෙනවා සිඟිති වියේ
සුරතල් කිරි සිනාවෙන් ගේ පිරිලා ගියේ
මහන්සි වී ගෙට ගොඩ වන විටදි රැයේ
නුබ මුව කමල දැක්මෙන් හැම පහව ගියේ
   
මගෙ ලැම මත දිගාවී උණුසුමට නුබ
නිදනා විටදි බිම තැබුමට සිතෙයි ලොබ
පෙන්නා දෙමින් හැමවිට පැත්තක්ම සුභ
ටික ටික වැඩුණි කාගෙත් සුභ පැතුම් ලැබ
   
නුබ ගීතයක් ලියලා එය ගයද්දී
ගිටාරය වයා තව හැඩ දමද්දී
අම්මා එක්ක මා එය රස විඳිද්දී
උපන් කඳුළු සගවමි ඇස පෙලෙද්දී
   
මගෙ සුදු දුවේ මේ ඔවදන් අහගන්න
චරිතය නුබේ ජීවය මෙන් රැකගන්න
කිසිවිට දොසක් නැගුමට ඉඩනොතබන්න
සිහි බුද්ධියෙන් යුක්තව දිවි ගෙනයන්න
   
නුබ දැන් යුවතියකි හැම නෙත් සිත්බඳින
මට නම් සිඟිති දුවමයි මගෙ හද රැඳුන
ලෝකය හරිම දරුණුයි දුදනන්වසන
දිවි මගෙ කැප කරමි ඉන් නුබ රැක ගන්න

Thursday 17 October 2013

ඇයගේ නික්මීම............


Photo credit: stevegoode.blogspot.com

පොහෝ දා සඳ කිරණ කිරි මුහුද ගැලුවාසේ
පලාතම නහවලා සොඳුරු සිතුවමක්සේ
පිච්ච මල් සුවඳ මුසු මඳ පවනනිදහසේ
හමා යයි මුළු ලොවම නලවලාමදහසේ
  
සඳ එළිය සමඟ මුසු සඳ සිසිලපැතිරිලා
සොහොන් කොත් කිරි ගරැඬ මුවා සේදිලිසිලා
නිශාචර පක්ෂි කැල අතු පතර සැඟවිලා
සඳ සමඟ මා දෙසට නෙතු හෙලයි දුක්වෙලා
  
පෙර දිනේ ඔබ සමඟ දුටුවේ මේසඳමදෝ
අද හමන මඳ පවන ඒ දිනෙත්හැමුවදෝ
එදා මා අද්දරම ඔබෙ සුසුම්රැඳුනිදෝ
හැම ඇතත් මා අවට ඔබ කොහේගියාදෝ
  
කී දිනක් අප එකට සඳ එළිය දැකඇතිද
හමන මඳ පවන් සුව කොපමනක් විඳඇතිද
එහෙත් සඳ ඇගේ අඩුව ඔබට දැනිලානැතිද
මඳ පවන වියෝ ගී ගයනුවේකවදාද
  
සිඟිති පුතු මා අතේ සීතලටගුලිවෙලා
මගෙත් මුළු සියොලඟම වියෝවෙන්මිරිකිලා
කිසිත් මට හිතාගැනුමටත් තවබැරිවෙලා
පුතුව මා අතට දී ඔබ ගියාසැඟවිලා
  
කිසි දිනෙක පුතු උපත සමරම්ද මාකෙසේ
අපි තැනූ මාළිගා සුණු වෙලා ගොස්මෙසේ
පුතුව මම රැක ගනිමි ඔබේ නමත්දිලෙණසේ
ඉන් පසුව මමත් එමි ඔබේ ළඟටනිදහසේ

Wednesday 16 October 2013

බාල නඟා හා පොඩි මස්සිනා වෙත.....


Photo credit: salon.com

බාල නඟේ මහා ගෙදරට තනි රකින
අප මවු පියන්ගේ දුක සැප නිතිබලන
ඔබ මස්සිනා සමඟින් සැමදාකරන
අඟනා මෙහෙය වැනුමට මට නැතවචන
  
ඉන්න නිසා ඔබ මට ඇති බරඅඩුය
දුරු රට වසමි වෙන විකල්පයක් නැතිය
ළඟ සිට මව් පියන් බැලුමට ඇති පිරිය
සිහිනයක්ම පමණකි හැබැහින් බැරිය
  
දෙපා නොමැති පියාගේ වැඩ ඉටු කරමින්
මෑණියන්ගේ දුක සැප හැමවිට බලමින්
දරුවන් දෙදෙනාවත් හරි මඟ යොමු කරමින්
ඔබ දිවි ගෙවයි පින් කන්දක් කරමින්
  
පොඩි මස්සිනේ ඔබවන් අය සුලභ නැත
ඔබ කරනා කාරිය සුළු පටුද නැත
මා ළඟ නැති අඩුව ඔබ පුරවලා ඇත
මම ණය ගැතියි මල්ලියේ වෙන වදන් නැත
  
නුබ තනි වෙලා යැයි කිසිවිට නොසිතන්න
ගතින් ළඟ නැතත් හිත ඔහේ දැනගන්න
දෙමාපියන් හා ඔබ සැම දැක ගන්න
ළඟදිම ගෙදර එමි නංගියේ මා ඔන්න

Tuesday 15 October 2013

සුනඛයාණනි.........


වැඩ නැති සුනඛයා හට හෙමිහිට ගමනක්
නැත පැවසුවේ තතු හරියට නොදුටු කෙනෙක්
එනමුඳු සුනඛ වරිගය සලසන මෙහෙයක්
පෙන්වා දෙමින් හැදුවේ නම් නෑ පදයක්
   
අන්ධ අයට කන වැල අල්ලා දෙමිනේ
යුධ බිම බෝම්බත් සෙව්වේ ඉවෙන්මනේ
මත් කුඩු පැතිර යාමට වැට බඳිමින්නේ
කරණා සේවේ වටිනාකම නිම නෑනේ
   
සෙබළුන් බේරලා තම දිවි කැප කෙරුවා
පිට සක්වල ගමනටත් එදිනේ මුල පිරුවා
උන් හැම නමින් ස්මාරක ගොඩ නැඟුවා
උතුම් මිනිස් කැළ උන් නම සිහි කෙරුවා
   
එනමුඳු මේ ලොවේ ගුණවත් අය අඩුය
දුදනන් කරණ වැඩනම් හරි "බලු" වැඩය
හැම උන් ඇමතුවේ "බල්ලන්" කියමින්ය
අපේ සුනඛයට ඒ නම හරි නැතිය
   
මෑතක සිට අප නිවසේ වසන්නා
සුනඛ රජා "බෙන්ජී" නම් දරන්නා
එකටම අවදි වී එකටම සිටින්නා
වැඩ නිමවා එනවිට විත් පිළි ගන්නා
   
මා උදයේ රැකියාවට යන එසදේ
මගේ දරු පවුල පසු වෙනවා සුව නින්දේ
බෙන්ජී එනවා පසු පස හැමදාම උදේ
උගේ ඇස් වලින් පවසයි හද තුල ඇතිදේ
   
තිරිසන් ආත්මය ලැබුවත් නුඹ මෙලොව
නුඹ සතු ගුණ ඇතිද බොහෝ මිනිසුන්සතුව
හොඳ වැඩිවෙයි නුඹ විසුමට මේ පොලොව
මතු භවයේ ඉපැදේවා දෙව් ලොවම