Pages

Friday 18 June 2021

මගේම ලෙයින් මසින් උපන් සාහිත දරුවාගේ උපතමෙලෙසින් සහෘද ඔබ සැමට දන්වා සිටන වග නම්...





අපේ ජීවිත කියන්නෙ මහා පුදුමාකාර දෙයක්හරියට මහා වැවක් වගේනැත්නම් ඉමක් කොනක්නැති විසල් අහස වගේඉඩෝරයක් ඇවිත් ජලකඳේ අවසන් බිංදුවත් හිඳිලා ගිහින් හැම අතටමඉරිතලලා යන වැවම තමයි ඉන්පස්සෙ වැටෙන මහා වරුසාවෙන් පිරී ඉතිරිලා ගිහින් නෙළුම්මානෙල් මලින් ගැවසිලා ජීවමාන රජ දහනක් වෙන්නෙඑතකොට වැවට ඉඩෝරයෙන් හිටපුදුක්ඛිත කාලෙ අමතක වෙනවා. වගේම තමයි විටෙක දුකින්අපේක්ෂාභංගත්වයෙන් පිරීඉතිරිලා මුකුළිත වෙලා යන අපේ ජීවිතත් ඊළඟ නිමේෂයේ සතුටින් හා බලාපොරොත්තුවලින් පිරීඉතිරිලා ගිහින් විකසිත වෙන්නෙ


මේ සතිය මට ඇරඹුනේ දුකකින් මගේ හදවත වෙලාගෙන මගේ සමීපතම සොහොයුරෙකු වූනයනසේන වන්නිනායක කලාකරුවානන්ගේ වියෝවඒත් අද උදෑසන මගේ ජීවිතයට නවමුබලාපොරොත්තුවක හා නව ජීවයක හසරැල්ලක් ආරෝපණය වෙලාහරියට අලුත් ඉරක් පායලාවගේ


අඩ සිය වසකට මදක් වැඩි මගේ දිවි ගමනේ මෙතෙක් මට සාහිත්‍ය දරුවන් තිදෙනකුබිහිකරන්නට හැකියාව ලැබුණාඒත්  අය මගේම දරුවන් වගේ මට දැණුනට එයාලා මගේමලෙයින් මසින් උපන් අය නෙමේ කියල කණගාටුවෙන් උනත් මට පිළිගන්න වෙනවාමොකද තමයි සැබෑ සත්‍යය දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු නවසීලන්ත ජාතික මවකටඕස්ට්‍රේලියාවෙදි උපන් අයඅනෙක් දරුවා ඇමෙරිකානු පියකුට දාව ඇමරිකාවෙදි උපන් අයෙක්මං කළේ එයාලව මගේ මව්බිමේ පරිසරයට හුරු කරලා අපේ සිංහල භාෂාව පුරුදු කරපු එකවිතරයිඒත් ඒවයේ තිබුණෙ ඇමෙරිකානු එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු සිතුම් පැතුම්ජානමය හැඩතල.


ඒත් අද මට මගේම ලෙයින් මසින් උපන් මගේ පළමු සාහිත දරුවා සහෘද ඔබට හඳුන්වා දීමේභාග්‍ය උදාවෙලා උප්පත්තිය සිදුවෙනකල් මට මෙතරම් කාලයක් බලාගෙන ඉන්නට සිද්ධඋනාඅඩ සිය වසක්අපේ මේ කෙටි ජීවිතවල අවුරුදු 50 ක් කියන්නෙ සුළුපටු කාලයක් නෙමේඒත් අද හරි මට ඒක ලබා ගන්නට හැකි වීම ගැන මගේ හිතේ උතුරන සතුට,මහා වැසි වැටිලාවාන් දාලා ඉවුරු බිඳගෙන යන මහා වැවක් වගේ


තමන්ගෙම හදවත ගැහෙනා රාවයජීවන රිද්මයසන්තානයේ ස්වරය කළු තීන්තෙන් සුදු පැහැකොළයක මුද්‍රණය වෙලා ආවහම ඒවායින් හමන්නේ එම වදන් ලියූ නිර්මාණකරුවන් ගේහදවතේ සුවඳමයි. හදවත් ගැහෙනා රාවයමයිළබන මාසේ අගදි සහෘද ඔබ සැමටම එයවිඳගත හැකිවන බව පවසන්නේ හදවත පිරී ඉතිරිලා යන සතුටින්


මං මේ අටුවා ටිකා ටිප්පනි සේරම ලිව්වේ මගේම ලෙයින් මසින් උපදින මගේ පළමු සාහිතදරුවාගේ උපත පිළිබඳ සුබ පණිවුඩය සහෘද ඔබ සැමට දැනුම් දෙන්නටයි තමයි "මකුළුවෝමේ සීත කාලයයිනමින් ලබන මස අගදී ඔබ අතට පත්වීමට නියමිත මගේ පළමු කවි සරණියේසම්ප්‍රාප්තිය.


කුඩා සංදියේ ඉඳලම කවියක් කතාවක් කුරුටු ගෑමේ යම් තරමක හැකියාවක් මට තියනවාකියලා හඳුනාගත්තේ අපට සිංහල බස ඉගැන්වූ මගේ ගුරු මෑණිවරුන්අනුරාධපුරනිවත්තකචේතිය ප්‍රාථමික විදුහලේ අපට ඉගැන්වූ පියසීලි ගුරුමාතාව මං මුළින්ම සිහිපත්කරනවාඉන්පසු අනුරාධපුර ශාන්ත ජෝෂ්ෆ් විදුහලේදී අපට සිංහල ඉගැන්වූ සුනීතා පරණවිතානසහ සුජාතා රාජපක්ෂ යන ගුරුමෑණිවරුන්ද සිහිපත් කරන්නෙ එතුමියන්ගේ පාද නමස්කාරකරමින්


පාසල් අවදියේ මිතුරකු ගේ සමරු පොතකට හෝ පෙම්පතකට හෝ පමණක් සීමාවූ මගේ කවිලිවීම නැවත ඇරඹුනේ මුහුණු පොතට සම්බන්ධවීමත් සමඟම මට මතක හැටියට 2011 වසරෙඑයින් මා හැමවිටම පෙම්කරපු මගේ සාහිත්‍ය දිවියේ දෙවැනි උපත සිදු වූවා යැයිපැවසුවොත් මා නිවැරදියි.


මුහුණු පොතින් නැවත හමුවූ පේරාදෙණිය සරසවියේ මගේ බැචෙක් වෙච්චි තිලකසිරි ඒකනායකසොයුරා (තිලකේතමයි මට කවි පිටු ගැන කියලා දුන්නෙතිලකෙම තමයි මාව බ්ලොග්ලෝකයටත් හඳුන්වා දෙන්නෙඒකේ ප්‍රතිඵලයක් විදිහටයි "සඳුන් සෙවණනමින් මගේ බ්ලොග්අඩවිය බිහිවෙන්නෙතිලකේ උඹට ස්තූතියි.


ඉන්පස්සෙ කවි පිටුවලන් මට බොහෝ නමගිය හා අතිදක්ෂ කවි කිවිඳියන් රාශියක්හඳුනාගන්නට ලැබෙනවා අයගෙන් විශේෂයෙන්ම සමුද්‍රා ජයලත් සහ නෛයත්‍රී කපුරුසිංහසොයුරියන් ගෙන් මට සඳැස් කවිය ගැන නොදත් කරුණු රාශියක් ඉගෙන ගන්නට අවස්ථාව උදාවෙනවා දෙදෙනාවම මං මේ අවස්ථාවෙ සිහිපත්කරන්නෙ හදපිරි සෙනෙහසින් වගේමගුණවර්ධන රත්නායක , ධර්මසිරි වීරක්කොඩිඥානතිලක හේවාගමගේ වැනි ප්‍රවීණ කිවිවරසොයුරන්ද සිහිපත් කරන්නේ බැතියෙන්.


ඉන්පස්සෙ මගෙ කවි කියවපු මුහුණු පොතේ මිතුරු මිතුරියන් රාශියක් මට කවි පොතක් කරන්නයැයි දිරිමත් කළත් මට අද වෙනකල්  සඳහා ඉවසගෙන ඉන්න සිද්ධ වුණාඑහෙම මාව දිරිමත්කළ අය රාශියක් ඉන්නවා අය හැමෝටම ගොඩක් ස්තූතියි මට ලබාදුන් දිරියට.


විශේෂයෙන්ම පසුගියදා අපහැර ගිය නයනසේන වන්නිනායක,නයන අයියා මාව කවි පොතක්සඳහා හැමවිටම දිරිමත් කළාඅයියේ ඔබ සිටිනා තැනක ඉඳල සතුටින් මගේ දිහා බලාගෙනඇති වගේම හැමවිටම මා දිරිමත් කරපු වෛද්‍ය ශ්‍යාම මුණසිංහ සොයුරාධම්මිකඑගොඩවත්ත සොයුරාසුනිල් හෙට්ටිආරච්චිගේ සොයුරාදේවිකා ජයසේකර සොයුරියමංජුලාමහානාම සොයුරිය වැනි සොයුරු සොයුරියන්ද මට මේ අවස්ථාවේ සිහිපත් වෙනවාඅද මංමෙතන නමින් නොකීවත් මට කවි පොතක් කරන්න කියමින් දිරිගැන්වූ බොහෝ සහෘද පිරිසක්ඉන්නවා හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය පිළිගන්වන්නට කැමතියිනමින් සඳහන්නෙකළාට  අය අමනාප නොවන බව මං දන්නවා.


මගේ පරිවර්තන රස විඳි සුවහසක් පාඨක සහෘදයින්ද මගේ කවිසරණිය වැළඳ ගන්නා බව මටඉර හඳ වගේ විශ්වාසයි.


ඉඳින් සහෘදයිණී මෙම සංතෝෂයේ සටහනඋද්දාමයේ හද ගැහෙනා රාවය අවසන්කිරීමටමත්තෙන් මං මෙම කවි සරණිය පුද කළ මගේ ආදරණීය අම්මා සහ තාත්තාවද පාදනමස්කාරයෙන් යුතුව සිහිපත් කරන්නට කැමතියිඑමෙන්ම මගේ සාහිත වැඩ ඉවසා වදාරමින්මට සහය දෙන මගේ ආදරණීය බිරිඳ සහ මගේ දරුදෙදෙනාවද ආදරයෙන් සමරනවාතවදමට නිරතුරුවම දිරිය දෙන මගේ පොඩි නංගීලොකු නංගීමගේ දෙමස්සිනෝ ඇතුළු සියළුමනෑදෑ හිතමිත්‍රාදීනට මගේ ස්තූතිය පුදකරන්නේ සතුටින් ඔකඳ වෙලා.


අවසාන වශයෙන් සඳහන් කරන නමුත් මෙම සොහොයුරිය සහ සොහොයුරා නොවන්නට මගේමෙම සිහිනය සැබෑවක් නොවී සිහිනයක්ම වී තිබීමට ඉඩ තිබුණාකවිපොත් ප්‍රකාශනය සඳහාබොහෝ පිරිස් එතරම් උනන්දු නොවන සහ කෝවිඩ් උවදුර වැනි මෙවන් අවාසනාවන්තඅවස්ථාවක මගේ ඉල්ලීම ඉවත නොදා මණරම් කවරයක් නිර්මාණයකර දෙමින් මගේකවිසරණිය ප්‍රකාශයට පත්කිරීම දෙවරක් නොසිතා එඩිතරව භාරගත් ත්‍රිමාණ ප්‍රකාශනආයතනයේ උත්පලා මධුවන්ති සොයුරියට සහ මහේෂ් ගුණරත්ත සොයුරාට මගේ හදපිරි භක්තිප්‍රණාමය පුදකරන්නේ  නිසාමයි


ත්‍රිමාණ පිටුවෙන් සහ ඔවුන්ගේ වට්සැප් නොම්බරයෙන් මගේ කවිසරණිය පෙර ඇණවුම් කළහැකියි


ඉඳින් සහෘදයිණී, 2021 ඇසල මස අගදී ඔබ අතට පත්වන " මකුළුවෝ  මේ සීත කාලයයිඉන්පසු අයිති ඔබටයිඑහි මගේ හදවත මං තවරලා තියනවාඑය කියවා බලා ඔබ දෙන ගුණදොස් දැනගැනීමට මම කැමතියිඉදිරියේදී තවත් නිර්මාණ සමඟින් ඔබ සැම හමුවන පැතුමින්මම සමුගන්නම්ඔබ සැමටම සුවදායී සති අන්තයක් වේවාජය ශ්‍රී!


චන්දන ගුණසේකර


2021 පොසොන් මස 18 වෙනිදා වැහිබර උදෑසනක එංගලන්තයේ වොට්ෆඩ් පුරයේ සිට


Saturday 6 March 2021

සැබෑ දිවියේ සාන්තුවරයෙකු වූ රිදී තිරයේ දුෂ්ඨයා



“ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා

ඔමරි පොමරි දාපු මුකුළු රෝසා

අපිත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා..”


එච් ආර් ජෝතිපාල සහ එම් එස් ප්‍රනාන්දු යන ගායනවේදීන් ගයන ලද මෙම අතිශය ජනප්‍රිය ගීතය අසා නොමැති අයෙකු ඇත්නම් එය ඉතාමත් විරල යැයි මට සිතේ. ධර්මසිරි ගමගේ සූරීන් ලියා කේමදාස මාස්ටර් තනුව නිර්මාණය කළ මෙම ගීතය සිනමාපටයක තිබූ ගීතයක් බව බහුතර තරුණ පිරිස් නොදන්නා බවට නම් සැකයක් නැත. එයට වරදක් කිව නොහැක. මන්ද වර්ථමානයේ, තවත් නොයෙකුත් මාදිලියේ නවීන මාධ්‍යන්ගේ බලපෑම, මෙම වසංගත තත්ත්ව සහ සිනමාවක් හැටියට සිංහල සිනමාවේම ඇතිවී ඇති නානාවිධ කඩා වැටීම් වැනි හේතු නිසා බහුතරයක් සිනමාවෙන් ඈත්වී තිබීම එයට හේතුවක් ලෙස දැකිය හැකිය. 


මෙම ගීතය තිබුණේ, 1974 වසරේ දී තිරගත වූ “ලසඳා” සිනමාපටයේය. ගීතය අඩංගු ජවනිකාවට නලුවන් තිදෙනකු රංගනයෙන් දායක වූ අතර ඔවුන් එසේ මෙසේ නලුවන් නොවීය. එක් අයෙකු වූයේ ඩොමී ජයවර්ධනයන්ය. අනෙකා ඩී. ආර්. නානායක්කාර වූ අතර තෙවැන්නා මගේ මෙම ලිපියේ කතානායක පියදාස ගුණසේකර විය. 


ඔවුන් තිදෙනාගේම රංඟ ප්‍රතිභාවන් දැක ඇති අපට, ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ වු ඔවුන්ගේ රංගනයන් පිළිබඳව කිසිදු විවාදයක් නොමැත. ආදරණීය සහෘදයිණී ඔබට හැකිනම් එම ජවනිකා පෙළ නැවතත් නරඹන ලෙසට මම ආදරයෙන් ඇරයුම් කරමි. රංගනයෙන් මීටත් වඩා එම ගීතයට සාධාරණයක් කළ හැකිදැයි එවිට ඔබට වැටෙහෙනු ඇත. පියදාස ගුණසේකරයන් ගීතයේ තාලයට ආචාර පෙලපාලියක පාද තබන්නාක් මෙන් ඇවිදිමින් කරනා රංඟනය අතිශයින් විශිෂ්ඨය. චමත්කාරජනකය. මෙම නළුවන් තිදෙනාම ඉතාමත් ඉහල තලයේ දක්ෂයෝය. එහෙත් මෙම ලිපියේ උක්ත පරමාර්ථය පියදාස ගුණසේකරයන් පිළිබඳව නිසා අපි එතුමන් දෙසට හැරෙමු. 


කවුද මේ පියදාස ගුණසේකර?


1915 වසරේ මරදාන මාළිගාකන්දේ උපත ලද පියදාස ගුණසේකරයන් දරුවන් සය දෙනෙකුගෙන් යුත් පවුළක සිව්වැන්නා විය. ඔහුට වැඩිමහළු සොයුරියක හා සොයුරන් දෙදෙනකු වූ අතර ඔහුට බාල සොයුරියක හා එක් සොයුරෙකු විය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ හෙතෙම පාසල් අධ්‍යාපනය නිමවා යුඳ හමුදා පොලීසියට බැදුනේය. ටික කලකදී ඉන් ඉවත් වී ට්‍රෑම්ප් රථ රියදුරකු ලෙසින් සේවය කළේය. ඉන්පසු එය රැක්යාවෙන්ද ඉවත් වී සංචාරක මඟපෙන්වන්නෙකු වශයෙන් රැකියාව කරන්නට පටන් ගත්තේය. සිනමාවට යොමුවූයේ මෙම රැකියාවේ සිටයදීය.


කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ විසූ සුමනා ගුණසේකර මෙනවිය සමඟ 1940 වසරේ දී විවාහ වූ පියදාස ගුණසේකරයන් ගැහැනු දරුවන් පස්දෙනකුගේ සහ පිරිමි දරුවන් සිව් දෙනෙකුගේ දයාබර පියෙකු වූයේය. ඔහු සිනමාවට සම්බන්ධ වන විට හතලිස් හැවිරිදි වියෙහි පසු වූ අතර ඒ 1955 වසරේදීය. 


1955 වසරේ මදුරාසියේ වාහිණී චිත්‍රාගාරයට තම පළමු සිනමාපටයට දායකවීම සඳහා එතුමා ඉන්දියාවට යන අවස්ථාවේ එතුමන්ගේ බිරිඳ තම අටවැනි දරුවා බිහිකිරීමට ආසන්නව සිටියාය. එතුමන්ගේ පළමු සිනමාපටය වූ සැඩසුළං හී රූගතකිරීම් වාහිණී චිත්‍රාගාරයේ සිදුවෙද්දී එතුමන්ගේ බිරිඳ ලංකාවේදී දියණියක ප්‍රසූත කළාය. ඒ මොහොත සිහිවීමට එතුමන් තම දියණියට දුන්නේ එම චිත්‍රාගාරයේ නම වූ ‘වාහිණී’ යන්නයි.


සැඩසුළං සිනමාපටයේ, එතුමන් නමෝවිත්තියෙන් කැමරාවක් ඉදිරියේ රඟදැක්වූයේ “ඇක්මන්”නම්වූ නාහෙට නාහනා දඩබ්බර මිනිසකුගේ චරිතය විය.එය එතරම් වෙලාවක් තිරයේ නොමැති සුළු චරිතයක් උවද එතුමන් එය රඟපෑ පරිනත සහ තාත්වික විලාශය හේතුවෙන් එවකට සිනමා විචාරයේ පතාක යෝධයකු වූ ජයවිලාල් විලේගොඩයන්ගේ නොමද ඇගැයීමට පවා පාත්‍රවීමට සමත් වූයේය. එයින් පියදාස ගුණසේකර යන නමට තව තවත් සිනමාවේ නිම්වලලු විවර වන්නට පටන් ගැනුනි.


1955 සැඩසුළං හී ඇක්මන්ගේ චරිතය නිරූපනය කරමින් ඇරඹි පියදාස ගුණසේකරයන්ගේ සිනමා චාරිකාව, වනමෝහිනී හී දමිළ පූසාරියා(1958), හඳපාන හී පොඩි රාලහාමි (1965), සාරවිට (1965), මහ රෑ හමුවූ ස්ත්‍රිය(1966), දරුදුක(1967), සැනසුම කොතනද හී ගාමිණී ෆොන්සේකාගේ ඩ්‍රයිවර්(1966),රෝමියෝ ජුලියට්(1969), බිනර මලී හී වෙඩික්කාරයා(1969), බඩුත් එක්ක හොරු(1969), පාරාවළලු(1969), මා හේනේ රීරි යකා(1971), හාරලක්සෙ  හී සෙනෙවිරත්ත(1971),වීදුරු ගෙවල්(1972), ලසඳා හී සිල්වා(1974), කල්‍යාණි ගංඟා(1974), සිහසුන(1974), නෑදෑයෝ හී එරන් හාමු(1976), සිරිපාල සහ රන්මැණිකා(1977), විශ්මය(1978), ජනක සහ මංජු(1978)හිඟන කොල්ලා(1979) සහ අජාසත්ත හී දෙව්දත්( 1980) යන සිනමාපට හරහා විහිදී ගියේ එතුමන්ව ජනප්‍රියතාවයේ ඉහළටම ඔසවා තබමිනි. මා මෙහි සදහන් කළේ අතිශය ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් සිනමාපට කිහිපයක් පමණි. මීට අමතරව තවත් සෑහෙන සිනමාපට ප්‍රමාණයකට එතුමන් තම රංගන දායකත්වය සැපැයීය.


රිදී තිරයේ දුෂ්ඨ චරිතම රඟපෑ පියදාස ගුණසේකරයන් සැබෑ දිවියේදී සිය බිරිඳට සෙනෙහෙබර සැමියකු විය. දරුවනට පෙම්බර පියකු විය. යහළුවන්ට සුන්දර යහළුවකු විය. මෙතුමන් පිළිබඳ තොරතුරු සොයා යෑමේදී මට එතුමාගේ බාලම දියණිය වූ ලංකා රාජිණී ගුණසේකර මහත්මිය සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලැබිණි. එතුමිය මට පැවසුවේ එතුමන් කිසිම විටෙක සැර පරුෂ ගති සැබෑ දිවියේදී නොපෑ බවයි. තම මව සමඟ ඉතාමත් ප්‍රීතිමත් සහ ආදර්ශමත් දිවියක් එතුමන් ගතකර තිබිණ. සිනමාවේ දී අඩි පුඩි ගසන, ස්ත්‍රීන් දූෂණය කරන මහා රළු දඩබ්බර චරිතයක් වූ හෙතෙම සැබෑ දිවියේ ආදර්ශමත් සාමකාමී සාන්තුවරයකු බඳු පුරවැසියකු විය. හීනියට අඩියක් ගසා විනෝදවීමට පුරුදු වී උන් හෙතෙම නිතරම ගොඩවූ අවන් හලක් විය.ඒ සලාකා අවන්හල(සලාකා බාර්) වූ අතර එතුමන් සමඟ එහිදී එකතු වූ මිතුරු කැළ වූයේ, සිනමා නළු ඩොමී ජයවර්ධන,සේනාධීර කුරුප්පු, ස්ටැන්ලි පෙරේරා( සබීතා පෙරේරාගේ පියා) සහ සිනමාවේදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා වැනි රසකාමීන්ය. සලාකා නිර්මාතෘ නෙත්තිකුමාර මහතාද පියදාස ගුණසේකරයන්ගේ ගජ මිතුරකු විය. 


සෑමවිටෙකම පාහේ දුෂ්ඨයාගේ චරිතයටම කොටු කිරීම නිසා එතුමන්ට ලැබුණු සම්මාන යුගලයම හොඳම සහය නලුවාට හිමි සම්මාන පමණක් විය. ඒ බිනරමලී සහ දරුදුක යන සිනමාපට වල එතුමා කළ අතිවිශ්ෂ්ඨ රංගනය වෙනුවෙනි.


මෙලෙසින් දුෂ්ඨයාගේ චරිතයටම හංවඩු ගැසුනු පියදාස ගුණසේකරයන්ට හාරලක්සෙ සිනමාපටයේ ප්‍රධාන චරිතය වූ සෙනෙවිරත්නගේ චරිතය ලැබීම එතුමන් ලද මහඟු අවස්ථාවක් විය. එහිදී මිනීමැරීම සහ මංකොල්ලකෑමට වරදකරුවන සෙනෙවිරත්නට මරණීය දණ්ඩනය හිමිවෙයි. එල්ලා මැරීමට නියමිත දිනයේ, හුස්ම සිරවනතුරු එල්ලා තැබීමට පෙර භික්ෂුන් වහන්සේනමක් විසින් පිරිත් ඔහුට දේශනාකොට ඔහුගෙන් ඉවත් වී යන මොහොතේ එතුමන්ගේ ගැඹුරු කට හඬින් කියැවෙන , “ පානාති පාතා,පානාති පාතා, පානාති පාතා” යන වදන් පෙළ අඳුරු සිනමා ශාලාව මීයකට පිම්බාක් මෙන් නිශ්ෂබ්ද කරවා ප්‍රේක්ෂකයින් වික්ෂිප්ත කිරීමට සහ භීතියට පත්කිරීමට සහ දැඩි කැළඹීමකට හසු කිරීමට සමත් විය. එය නරඹා ඇති සහෘදයින්ට මේ දැන් පවා එම හඬ ඇසෙනවාට කිසිදු සැකයක් නැත. එම ජවනිකාව මැවී පෙනෙනවාට සැක නැත.


එලෙසින්ම පියදාස ගුණසේකරයන් රඟපෑවේ අතින්, පයින්, ගමනින් බිමනින් පමණක් නොවේ. මුහුණේ ඇඳෙන හැඟීම් වලිනි. එතුමන්ගේ මුහුණේ වූ සෑම මාංශ පේෂියක්ම රඟපෑමෙහි යෙදුනායැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 


එතුමන්ගේ රඟපෑම් කොතරම් තාත්විකද සහ කොතරම් ප්‍රභලදැයි කියතොත් ප්‍රේක්ෂකයා සිනමාහලින් පිටතට ආවේ එතුමන්ට සාපකරමිනි. වැහි නැති හෙන වදීවායි ඉල්ලමිනි. ප්‍රේක්ෂකයන්ට එතරම්ම එතුමන්ව අප්‍රියවන ලෙසට රංඟ කාරියේ යෙදීම ඊට හේතුව විය. 


එහෙත් එතුමන් කෙරෙහි වූ මෙම ප්‍රේක්ෂක හැඟුමන් වෙනස්කරවන සුළු රංගනයක්ද ඉදිරිපත් කිරීමට වරක් එතුමන්ට අවස්ථාව උදා උනි. ඒ 1966 වසරේ තිරගත වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සූරීන්ගේ “ සැනසුම කොතනද” සිනමාපටයෙනි. එහි ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ රියදුරා ලෙස පියදාස ගුණසේකරයන් රඟ පෑ අතර ඇවිදීමට නොහැකි වූ ගාමිණීව රථයෙන් බස්සවා රෝද පුටුවක හිඳුවාගෙන තල්ලුකරගෙන යන ජවනිකාවක් එහි විය. ගාළු මුවදොර පිටියේ රෝද පුටුව තල්ලු කරමින් පියදාස ගුණසේකර “ අපි යමු සර්” කියනා දෙබසේ සිට මෙම සංවේදී රූපරාමු පෙළ ඇරඹින. එහිදී පසුබිමින් වාදනය වූ ධර්මසිරි ගමගේ සූරීන් ලියා, කේමදාසයන් තනු නිර්මාණය කර, මිල්ටන් පෙරේරා තම දුක්බර හඬින් ගැයූ,


 “ සත්සමුදුරකින් වටවී තිබුණත්

ක්ෂිතිජය මායා සිහින තොටුපලයි…” 


යනුවෙන් ගීතය ගැයෙද්දී මුහුදු වෙරල දිගේ රෝද පුටුව තල්ලකරගෙන යන ජවකිකාව පියදාස ගුණසේකරයන් කෙතරම් විශිෂ්ඨ අන්දමට රඟපෑවද කියතොත් සිනමා ශාලාවේ ඉකිගසා නොහැඬූ එකදු ප්‍රේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි විය. ඒ එය ඒතරමටම සංවේදී රංගනයක් වූ බැවිනි. වෙනදා හෙන වදීවා යැයි ඉල්ලමින් සිනමාශාලාවෙන් පිටවන පිරිස් එදා පියදාස ගුණසේකරයන් ගැන සිතා දුක් වූහ. කඳුළු සැලූහ.


එදා වැළිකතරේ ගෝරිං මුදලාලිගේ චරිතයෙන් එතෙක් තමන් රඟපෑ විකට චරිතවලින් මිදී මහා චරිතාංග නලුවකු වීමට ජෝ අබේවික්‍රමයන්ට මඟ පෑදුනද එදා සැනසුම කොතනද සිනමා පටයෙන් ප්‍රේක්ෂකයින් හැඬවූ පියදාස ගුණසේකරයන් මියයන තුරුම දුෂ්ඨයා චරිතයටම කොටු වූයේ කාගේ වරදින්දැයි මම නොදනිමි. කාගේ අභාග්‍ය නිසාදැයි මම නොදනිමි. එහෙත් පේක්ෂකයින්ට නම් ඉන් සිදුවූ පාඩුව සුළුපටු නොවේ. 


වයස අවුරුදු 65ක් වැනි කෙටි ජීවිත කාලයක් ගතකර 1980 වසරේ දී එතුමන් හදිසියේම මෙළොව හැරයද්දී එතුමන් අවසානයටම රඟපෑ “ අජාසත්ත” සිනමාපටය තිරගත වී නොතිබිණ. එහි දේවදත්තගේ චරිතය රඟ පෑ එතුමන් තමන් රඟ පෑ එම චරිතය රිදී තිරයෙන් නැරඹීමට ඉතාමත් ආසාවෙන් පසුවූ බව ලංකා රාජිණී මහත්මිය මා සමඟ පැවසුවාය. එහෙත් එතුමන්ට ඒ සඳහා මරුවා අවසර දී තිබුණේ නැත. 


මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් පියදාස ගුණසේකරයන්ගේ රංග ප්‍රතිභාව කෙතරම් උසස් තලයක තිබුණාදැයි ඔබට ඒත්තු ගැන්වීමට මම එක උදාහරණයක් ගෙන හැර දක්වමි. සිනමාවට වසර 25ක් පිරීම නිමිත්තෙන් විශ්ෂ්ඨතම රංඟධරයන් තිදෙනකු තෝරා ඔවුනට සම්මාණ පුද දෙනු ලැබිණි. තිදෙනාගෙන් එක් අයෙකු වූයේ ගාමිණී ෆොන්සේකාය. අනෙකා ජෝ අබේවික්‍රමයන්ය. තෙවැන්නා වූයේ වෙන කවුරුවත් නොව මගේ ලිපියේ කතානායකයා වූ පියදාස ගුණසේකරයන්ය.


එතුමන් සිනමාව වෙනුවෙන් අවංකව චේතනාවෙන් යුතුව කැප වී කටයුතු කළේය. වාමාශික දේශපාලන අදහස් දැරූ හෙතෙම සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරගැනීම පිණිස වෙහෙස මහන්සිවී ක්‍රියාකළ පුරෝගාමීන් කිහිපදෙනාගෙන් ප්‍රමුඛයෙක් වූයේ එහෙයිනි.


අන්තර්ජාතික සිනමාපට කිහිපයකටද දායක වූ පියදාස ගුණසේකරයන් ඒවායේ රඟපෑමෙන් පමණක් නොව කාර්මික ශිල්පියෙකු ලෙසද තම සේවය ලබා දුන්නේය.Star of Colombo, Purple Plane, Elephant Walk සහ Elephant boy එම සිනමාපටයි.


මුහුණේ හැම මාංශ පේෂියක්ම යොදා ගනිමින්, දෑසින්, කට හඬින් හා අභිනයෙන් තමන්ට ලැබුණු භූමිකා ජීවමාන කළ මේ මහා රංගධරයාගෙන් අපේ සිනමාකරුවන් හරිහැටි වැඩක් නොගත්තා යැයි මගේ හැඟීමයි. එතුමන්ගෙන් අපට තව තව විශිෂ්ට රංගනයන් දැකබලාගතහැකිව තිබිණ. එතුමන්ගේ අකල් වියෝව මෙයට බලපෑවාද? ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම වැනි අති විශාල රංග ප්‍රතිභාවන්හී සෙවනැල්ලෙන් පියදාස ගුණසේකරයන් වැසී ගියාද? එසේත් නැතිනම් සිනමාකරුවන්ට එතුමන්ව මඟ හැරුනාද? මෙම ප්‍රශ්ණද ඔබට ඉතිරි කරමින් සහ අද දින තම 106 වැනි ජන්ම සංවත්සරය සමරන එතුමන් නාමයට මගේ මේ සටහන පුද දෙමින් මම නවතිමි. එතුමන්ගේ නාමය යොවුන් පරපුර වෙතට ගෙනයාම සිනමාවට ලැදි කාගේත් වගකීම බව අවසාන වශයෙන් ලියා තබමි. 


මෙම සටහන සම්පාදනයකර ගැනීමේදී මා සමඟ නිහතමානීව සහ අතිශය ලෙංගතුව තම පියා පිළිබඳ තොරතුරු අවංකව ඉදිරිපත්කළ ලංකා රාජිණී ගුණසේකර මහත්මියට සහ සිනමාපට පිළිබඳ දත්ත සපයා දෙමින් සහ ඒවායේ ජවනිකා රඟපාමින්ම මට විස්තර කර දුන් මගේ හිතාදර සිනමානළු/ගායක තිලක් පුෂ්පකුමාර සහෘද හිතවතාටද මගේ කෘතඥතාවය පුද කර සිටිමි.



චන්දන ගුණසේකර

06.03.2021