Pages

Friday 11 October 2013

ධීවර ගීතය.......


බැලු බැලු අතේ මහා දියඹයි පෙනෙන්නේ
පොල් ගස් තරම් උස රළ ගෙඩි ගහන්නේ
සුළඟේ සැරට රුවලත් පණ අදින්නේ
දෙව් මෑණියනි අප පිහිටට වඩින්නේ
   
රළ පහරේ සැරට දිය ඔරුවේ පිරිලා
දැලි බැඳි ලන්තෑරුමේ එළියත් හීන වෙලා
මහා කරදියට අපෙ කඳුලත් එකතු වෙලා
පැදපං මස්සිනේ තව වීරිය යොදලා
   
මාළු අයින හමු වන තුරුපදින්නේ
ගසන හැම හඹල් පහරමවටින්නේ
විසිරෙන දියෙන් දරු පවුලයි පෙනෙන්නේ
වැඩියෙන් මාළු ඇම ගිල්ලොත් හොඳයිනේ
   
තෝරු මෝරු අපේ දැලටඅහුවෙනවා
පුංචි එවුන් අපේ දැලෙන් රිංගනවා
මුහුදෙදි ලොකු මාළු අපහට බියවෙනවා
වැල්ලෙදි ලොකු එවුන් අපහට ඔරවනවා
   
වැල්ලේ පැලේ නිදනා මගේ පෙම්බරියේ
හරියට දුටුවෙ නෑ එන විට කඩිමුඩියේ
ගොඩ බිම ළඟා වෙමි මම හෙට හිමිදිරියේ
ආ විට වැලඳ ගන්නෙමි ඔබ කිටි කිටියේ
   
   
Photo credit: abstravel.asia

No comments:

Post a Comment