Pages

Tuesday, 8 October 2013

අනුරාධපුරය........

අනුරුධ ඇමතිගේ නාමෙන් පිඳුම් ලද
වීර විකුම් පෑ නරනිඳු පහස විඳ
සිංහල පොරණෙ තුන්වැණි අග නුවර සොඳ
අනුර පුරය නමැඳිමි ඔබෙ දෙපා වැඳ
   
නගරය මැදින් මල්වතු ඔය ගලා බසී
හමනා මඳ පවන් වැව් හා පොකුණු පිසී
ඉසුරුමුණියෙ පෙම් යුවලත් දකිනු රිසී
යන්නට අ'පුර අකමැති නම් කවුරුකිසී


  
එක් පසෙකින් නුවරවැවේදසුණපෙනේ
අනෙක් පසින් තිසා වැවේ සිසිල දැනේ
මහා කනදරා නාච්චාදූ වැව් පොරණේ
මහා රජවරු කල විස්කම් වල ඵලනේ


  
ජය සිරි මහා බෝධිය මහා මෙවුණා වේ
ලෝවා මහා පායත් පසෙකින් දිස් වේ
රත්නමාලි සෑ රජුනගෙ වට මළුවේ
පිය මැන යන්න ආසාවක් හිත ඇතිවේ


  
සමාධි බුද්ධ ප්රතිමාවේ ඉදිරි පිට
වාඩි වෙලා දැහැනට සම වැදුණ විට
ශුද්ධ නගරෙ පිස හමනා සුළඟ මට
ළඟා කරයි මනසින් තව් තිසාවට
   
ශුද්ධ නගරෙ යන විට නටබුන් අතර
මගේ සිතත් අතීතයට යයි නිතර
පොරණේ රජුන් කල කී දෑ වී නතර
බලා සිටිමි ඇති නම් නොම වෙයි මිතුර
   
වැවකින් හොඳින් දිය නා පිරිසිදු වීලා
අටමස්ථානේ සිත් සතොසින් වැඳ පුදලා
මිහින්තලේ කන්දත් තරණයකරලා
කර ගමු පිනක් යන තැනකට සෙත සදලා


All the photos have been taken from the web.
  

1 comment:

  1. අනර්ගයි අයියා

    ReplyDelete