Pages

Wednesday 30 October 2013

ශීත කළ එලැඹිලා....


Photo credit: aminddivided.com


ගස් කොළන් ඵල බරින්

පිරී ගිය වසන්තය...

සුවඳ දෙන නෙක මලින්

වැසී ගිය උයන් පෙත...

බිඟු නදින් මත් වෙලා

ගී  ගැයූ සැදෑ යම...

හිරැ රැසින් පන පෙවී

දිස්නේ දුන් සයුරැ තෙර...

ඇයිද අද ගොළු වෙලා

වෙන වෙනම ලෝක වල.....

අඳුර ඇත දැඩිවෙලා

සියළු එලි සැගැවිලා...

කාටනම් කියැනෙමුද?

තනි වෙලා අප සැවොම...

ඒත් මා ලබැඳියේ

එකක් නම් පැහැදිළිය...

ශීත කළ එලැඹිලා...

ශීත කළ එලැඹිලා........


4 comments:

  1. සුන්දර කවියක්. චිත්ත රුප මැවෙනවා

    ReplyDelete
  2. උබට ස්තූතියි තිලකේ!!!

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තූතියි. නැවත එන්න ආරාධනා.

      Delete